Thursday, May 17, 2012

අලියාගමනය 2

සෑහෙන්න කාලෙකට පස්සෙ, අපේ කට්ටිය එහෙම සනීපෙං ඉන්නවනෙ!

පහුගිය දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි උනා. බ්ලොග් රාජයගෙ තාක්ෂනික ප්‍රශ්ණෙකුත් ආව. ඒ පාඩුව මගහරවගන්න කරන්න පුලුවන් හැමදරම කරත් අන්තිමට කලිං ලිව්ව දේවල් හැමදෙයක්ම වතුරෙ ගියා,

ගිය හකුරට නාඬන්නේ තියන හකුර රැක ගන්නේ කියනවනෙ. ඉතිං එ්ව ගැන කනගාටු වෙන්නැතුව වැඩේ අලුතිංම පටං ගත්ත.

මම එච්චර සිරා දේවල් ලියන කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් කියවන අයගෙ ලේ සුද්ද වේවා කියල හිතාන තමයි ලියන්නෙ. මම දන්නෙ නෑ එහෙම වෙනවද කියල.

ඉතිං අදත් කට්ටියගෙ ලේ සුද්ද වෙන එකක් ලියන්න ගියාට .... මුලු ලාංකීය බ්ලොග් ගෝළයම වගේ ශෝක වෙන වෙලාවක ඒක සුදුසු නෑ කියල මට හැඟෙනව.

මම කවදාවත් Observer මහත්මය එක්ක ගනුදෙනු කරල නෑ. ඒ ගැනත් ගොඩක් දුකයි. ගොඩක් දෙනා ලියල තියන දේවල් කියවනකොට මට හිතුන එතුමා යහපත් කෙනෙක් කියල. කොහොම උනත් එතුමාගේ සමුගෙන යාම ගන අලියත් කණගාටු වෙනවා.එ් වගේම එතුමාට නිවන් සුව පතනවා!

**********

වෙන දවසක එන්නංකො!