Friday, October 19, 2012

තවත් සුපිරි දැවී යාමක් 6 - දැවී යාම



ඔන්න ඊලඟ සඳුද දවස එලඹුනා. අනේ එදා නං අලිය කොහෙවත් ගියෙ නෑ ගෙදර තමා හිටියෙ!

ඉතිං ඉන්න ගමං උං හිටි ගමං පොතක් බලනව, ඒ දවස් වල මොකුත් exam තිබ්බෙත් නෑ, මකුලු දැල පැත්තෙ ඇවිල්ල යනව. හන්දියට ගිහිං එලෝලු රොටියක් කාල එනව ect ect....

ඉතිං එදත් උදේ වරුවෙ මකුලු දැල පැත්තෙ ඇවිල්ල ගියාම ඉතිං විවිධ ලිස්ට් වල එයාගෙ නම තියනව. සාමානයයෙං එයාගෙ නමේ හැටියට ඕන ලිස්ට් එකක වගේ එයා හොඳට පේන තැනක ඉන්නව.

ඔහොම ඉඳල ඉඳල දවල් දෙකට විතර බුකිය පැත්තෙං ආව!

කවුද එක්ක මලක් කඩ කඩ ඉන්න ගමං චැට් ලිස්ට් එක පැත්තට ඇහැ ගියා!

මළා!

අරය එතන නෑ.

අලිය friend list එකෙත් හෙව්ව එතනත් නෑ!

ඊලඟට profile එකේ address එක අතිං ටයිප් කරල බැලුව................

The page you requested was not found.
You may have clicked an expired link or mistyped the address. Some web addresses are case sensitive.

    Return home
    Go back to the previous page

අලිය ආදි කාලෙ පාවිච්චි කරපු බුකි එකවුන්ට් එකක් තිබ්බ. වෙන බ්‍රවුසරේකිං ඒකට ලොග් උනා. ලොග් වෙලා අර විදියටම අඩ්ඩ්‍රෙස්ස් එක අතිං ටයිප් කරල බැලුව.

මළා! මේ තියෙන්නෙ !

බ්ලොක් කරල තමා!

අලිය වටපිට බලනකොට අලියගෙ මොබයිල් රාජය මේසෙ උඩ වැඩඉන්නව. අලිය ගත්ත ඒක අතට! යැව්ව මසාජ් එක.

"Did u block me or something similar?"

මේක යවල අලිය ටිකක් නිදාගත්ත. නිදාගෙන ඉන්නකං කිසිම අයුරක උත්තරයක් ආවෙ නෑ.

හැබැයි අලිය පහට විතර බුකිය පැත්තෙ යද්දි...................

ලිස්ට් එකේ නෑ, හැබැයි අන්බ්ලොක් වෙලා.

ටිකක් හවස් වෙච්ච වෙලාවෙ අලිය එයාට කෝල් එකක් ගන්න හැදුව. එහෙම කරේ අලිය බැනුං අහන්නත් අවධානමක් තියන බව දැනගෙනමයි. සමහර විට අලියට බැන්නෙ මොනා කියලද කියල අලිය කවදාවත් දැන නොගන්නත් ඉඩ තියනව!

හැබැයි දෙපාරක්ම කෝල් කරත් ෆෝන් එක ඉස්සුවෙ නෑ.

*******************************

කෝම හරි අලිය පහුවදා (අඟහරුවාද) ප්‍රැක්ටිකල් එකට රසායනායතනයට ගියා. ගිහිල්ල අලියගෙ වෙලාව එනකං මිදුලෙ බංකුවක වාඩිවෙලා මැසේජ් එකක් කෙටුව. කොටපු මසේජ් එක මොකද්ද කියල මතක නැති උනත් ඒක මෙන්න මේ විදියෙ එකක්!

Good morning!

I don't know why you blocked me, but i assume what i think is correct and proceed!. I wanted to be a friend of you, i needed nothing more than it. But i loved you unconsiously. And I am sorry about it.

And if you think that communicating with me is inappropriate or dangerous you have rights to avoid me. Therefore i am not angry with you.

Bye! God Bless you!

කොහොම හරි සතියක් පුරාවටම මේ මැසේජ් එකට කිසිම උත්තරයක් ආවෙ නෑ.

හැබැයි ඊලඟ සෙනසුරාද අලිය දේශණ වලට ගියා. කොහොමහරි එයා ඇවිල්ල හිටියෙ නෑ. දේශණේ ඉන්නැද්දි අලියට මැසේජ් එකක් ආව. අලියට ඉන්ටවල් ලැබුන වෙලාවෙ අලිය මේක බැලුව.

එවල තිබුනෙ Google account එකකිං, අදාල ඊමේල් එයාගෙ address එක අඳුරගන්න පුලුවන් උනා.  මේකෙ සඳහන් උනේ අලියව බ්ලොක් කරල තිබ්බෙ අලියගෙ චැට් හිස්ට්‍රිය දැකල මයිල් කෙලිං වෙච්ච එයාගෙ කොල්ල බවයි.

දවස් දෙකකට පස්සෙ, ඒ කියන්නෙ මේ කතාවෙ පලවෙනි පෝස්ට් එක ලියපු දා ලියන්න පැය තුනකට කලිං, අලිය එයාට කෝල් කරා.

අලියා: "හෙලෝ is this <X>"

X: "yes!"

අලියා: " I am <අලිය>"

X:  "hmmmm"

අලිය මුලිං බලාපොරොත්තු උනේ මේක කිව්ව ගමං කෝල් එක කට් වෙයි කියල.
 
අලිය: "I am <අලිය> of IChemC level 1."

X: "yeah I know!"

අලිය: "are you angry with me?"

X:  "no! i am not,
 I have explained you what was happend! someone had told something to my guy. මට හිතාගන්නවත් බෑ ඇයි එයා එහෙම කලේ කියල."

ඊලඟට එයා රසායනායතනයේ වැඩ ගැන අරව මේව අහල කතාව වෙන පැත්තකට ඇදං ගියා. කොහොම හරි අන්තිමට මේ කතාව අවසාන උනේ මෙහෙමයි.

X: "මෙහෙමයි. don't contact me again!"

අලිය: "even at the auditorium?"

X: " yeah! I don't know who told him these things. someone can be from oir batch."

අලිය: "හ්ම්!"

X: "anyway you were a good friend to me. you helped me a lot. thank you!"

ටික වෙලාවක නිහඬතාවයක් පැවතුනා. එහා පැත්තෙං Beep ගාල සද්දයක් ආව.!

................................................................................

අලියාගේ සමීපතමයන් මේ ගැන අක්වන අදහස් මෙහි සටහන් කරමි!

කොලඹ විශ්වවිද්‍යාලයේ D මහත්මිය අදහස් දක්වමින්.................................

"මමනං හිතන්නෙ <අලිය> එයා කියන්නෙ බොරුවක්. බෝයි ඇවිල්ල එකවුන්ට් එක බලනව කියල දන්නවනං කවදාවත් හිස්ට්‍රිය ක්ලියර් නොකර යන්නෙ නෑනෙ. ඔය කතාව කිව්වම එයත් ශේප්, ඔයත් ශේප්."

වැඩිදුර අදහස් දක්වමින්: "මම හිතන්නෙ <අලිය> එයයි ඔයයි ගැලපෙන්නෙ නෑ! අඩුගානෙ ඇඟේ තරමෙන් වත්."

රසායනායතනයේ ශිෂ්‍ය ඇටම් ඈන්ට් මහතා කියා සිටියේ..................................

"අයියෙ ඕක ඔයාමනෙ චොර කරගන්නෙ!  අයිය තමා පොඩ්ඩක් කූල් වෙච්ච ගමං අදාල සින්දු අහල ආයෙ රත් වෙන්නෙ."

යුරේනි මහත්මිය අදහස් දක්වමින්.........................

"අයියෝ අලිය මං ඕක කිව්වනෙ! හැබැයි ඔයා වැටෙන්නැතුව හිටිය එක ගැනනං ගොඩක් සතුටුයි."

මේ සිදුවීම් මාලාවෙන් පසු අලියා ඇයව දැක්කේ එකම එක දවසක් පමණි. ඇය අලියාව දැක අත වනාගෙන ගියාය. අලියා ගෙදර විත් අදාල සින්දු අසමින් සිටියේය.

පහුවදා අලිය රසායනායතනයට යද්දි අරයට අනපේක්ශිත සිදුවීමක් වෙලාලු.

මේ ගැන හිත හිත ශ්‍රවණාගාරයට යද්දි අලිය ඉන්න පේලියේ හෙණ සෙනගක්. ඉතිං අලිය පේලියේ මැද්දට යන්න බංකුව යටිං රිංගුව.

"ක්‍රා.....................ස්!!!!"
අලියාට කලිසමද අහිමිවිය.

.................................................................................................

කොහොමටත් ඇය මේ වන විට සුවෙන් පසුවෙතැයි සිතමි!

කැමතිනං මේ තුනත් අහලම යන්න. සමහර ඒව 100%ක් ගැලපෙන එකක් නෑ............. ඒත් කමක් නෑ.

බලාපොරොත්තුවන්න. අලියාගේ කුලුඳුල් විද්‍යා ප්‍රබන්ධය.

ක්ලෝනය - The Clone!

ගිහිං එන්නං!











Monday, October 8, 2012

තවත් සුපිරි දැවීයාමක් - අවසානයට පෙර


ඉතිං මෙහෙමයි.

තවත් සතියක් ගෙවුන කියමු.

ඊලඟ අදාල දවසෙත් ගියා කියමු.
මේ ගියෙ අති විශේෂ කාරණයකට.

Carbon Dioxide- Effects and Opportunities

public lecture by dr, Piyal Ariyananda

on #@#$ at #$@$

All are welcome!

සතියක් තිස්සෙ ඉස්සරහ ජනේලෙ වීදුරුවෙ අලවල තිබ්බ ඔන්න ඔය දැන්වීමට ප්‍රතිචාර වශයෙනුයි.

ඒ ඇරුණුවිට අලියගෙ ප්‍රැක්ටිකල් පොත ලැබ් එකට භාරදෙන්න.

ඉතිං අලිය රාජ්‍ය භාෂා කමිෂන් සභාව ඉස්සරහ තිබ්බ අපේ ගොඩනැගිල්ල නොහොත් ග්ලාස් හවුස් එකට වෙලා ප්‍රැක්ටිකල් පොත බල බල හිටිය.

අන්න එහෙම ඉන්නකොට ඈතින් මතුවෙනව දැක්ක.

ඉතිං අලියත් හිතට කීකරු වෙලා ග්ලාස් හවුස් එකෙං එලියට ආව. ඇවිල්ල වැට ලඟ හිටගත්ත.

"ආ නංගී!!!"

- "hi good morning! "

"< how are you?>"

- "Fine"

කියාගෙන එයා යන්න ගත්ත. දෙයක් මතක් වෙන්න තප්පර ගානක් ගත උනා. විද්‍යාගාර බඩු ටික!

"හලෝ මේ!"

-"ම්!"

"ඔයාට අද මේව එපාද?"

-"මම හිතන්නෙ ඕන වෙන එකක් නෑ!"

"sure ද?"

-"හ්ම්!"

"ඔයාට නිකමටවත් ඔන උනොත්."

අලිය අමාරුවෙන් අත දික්කරල දුන්න පාර්සලේ එයත් අමාරුවෙන් භාරගත්ත. අරං අතේ තියාගෙන ටිකක් කල්පනා කරා!

"ඉතිං මං කොහොමද මේක දෙන්නෙ?"

-"ඔයා lectures වලට ආවම දෙන්න"

"මට lectures එන්න වෙන එකක් නෑ ඔයා මේක ගන්න!"

අලිය මේකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ!

ඊලඟට එයා පුලුවන් තරං අත දික් කරල, ඒත් බැරිම තැන කාණුවට නොවැටෙන උපරිම දුර දක්වා වැට ලඟට ඇවිත් පාර්සලේ වැට උඩිං තියල යන්න ගියා.............................

ඉතිං අලිය ග්ලාස්හවුසිය අස්සට ගිහිං කර කර හිටිය එක ඉවර කරා. කරල පොත අරං ගිහිං ලැබ් එකට බාරදුන්න. ඊට පස්සෙ ශ්‍රවණාගාරගත උනා.

ප්‍රථමයෙන් ලෑස්ති කරල තිබ්බ භෝජන සංග්‍රහය භුක්ති වින්ද.

ඊලඟ පැය දෙකක විතර කාලය

කාබන් ඩයොක්සයිඩ්
බලශක්තිය
බලශක්ති අර්බුධය
න්‍යශ්ඨික ශක්තිය
කාබන්ඩයොක්සයිඩ් වෙනත් ප්‍රයෝජනවත් රසායනික බවට පත් කිරීමේ හැකියාව





වගේ කරුණු එක්ක ගත වෙලා ගියා! (එ් දේවල් ගැන යථා කාලයේ ලියන්නං)

දේශණය ඉවර වෙලා ටිකක් වෙලා යනකං අලිය ශ්‍රවණාගාරයේ රැඳිල හිටිය.  dr.පියල් මහතා ඈත යනව අලිය ශ්‍රවණාගාරයෙදිම දැක්ක. අලිය ඉතිං එක එක්කෙනා එක්ක කතාකරකර පැය බාගයක් විතර එතනම හිටිය.

අන්තිමට අලිය පහලට ආව.

එද්දි එයා ඉඳගෙන ඔලුව නවාගෙන මොනාද ලියනව..............

"මොකද කට්ටිය එලියෙ?"

-"අපට ඉන්ටවල් දුන්න."

"අරක ඕන උනාද?"

- "නෑ!"

"එහෙනං කමක් නෑ! මේ මං අහන්න හිටියෙ! අර ඔයා FB දාල තියන පොඩි ළමය කවුද?"

-(ඉතා හුරතල් ලෙස) "එයා මගෙ පුතා!"

අලිය උඩගිය පාර ඔලුව සීලිමේ වැදුන.

"නෑ නෑ අනේ එයා මගෙ අක්කගෙ පුතා"

-"ආ ආ ආ"

ඉතා වැදගත් දෙයක් කියන්න හිතුන. ඉතිං අලිය ඒක කිව්ව. හැබැයි අලියගෙ කකුල් ගිටාර් ගහපු සද්දෙට එයාට ඒක ඇහුණෙ නෑ!

"ඔයා අද හරි ලස්සනයි!"

-"මොකද්ද?"

"ආ! නෑ නෑ මොකුත් නෑ!"

කෙටි නිහඬතාවක් පැවතුනා.

"මම ඔයාට හිරිහැරයක්ද?" අලිය ඇහුව.

-"එහෙම නෑ! ඒ උනාට ඔයාගෙ සිංහල හරි බරයි."

ආයෙත් කෙටි නිහඬතාවක් පැවතුනා.

"මම දැං යන්න ඕන. පස්සෙ හමුවෙමු! <God Bless U>"

පස්සෙ හමුවෙමුකො!!