Sunday, March 20, 2016

අලිසීන්- Chem Ex ආතල්



අලියා රසායනායතනයේ තෙවන වසරට පා තබත්ම අලියාගේ ජීවිතයේ පෙර නොවූ විරූ නවතම ෆන් එකක් සෙට් විය. රසායනායතනය විසින් මින් පෙර අවස්ථා දෙකකදි Chem Ex ප්‍රදර්ශණය සංවිධානය කර තිබුනි. ඒ වනවිට අලියා රසායනායතනයේ කිසිවකු නොවීය.


ප්‍රථමයෙන් අනිත් සියලුම ළමුන්ට මෙන් අලියාටද වැඩ කිරීම සඳහා ඒකකයක් තෝරා ගත යුතු විය. අණුක ජීව විද්‍යාව පිලිබඳ යමක් ඒ වනවිට යෝජනා වී නොතිබුණු බැවින් අලියා මීලඟ තේරීම වූ ස්වාභාවික නිපැයුම් (natural products) ඒකකයට නම දුන්නේය. මෙහි ස්වාභාවික නිපැයුම් යන්න ස්වාභාවික දේවල් වලින් හදපු මොනාහරි ලෙස වරදවා වටහා නොගත යුතුය. මෙම විශයයේදී හදාරන්නේ ජීවී සෛල සඳහා අත්‍යාවශ්‍ය නොවන නමුත් ජීවියාට අවශ්‍ය විය හැකි සෛල තුල නිපදවන රසායනිකයන්/පරිවෘතීය ද්‍රව්‍ය පිලිබඳවය. මෙයටම ද්විතීක පරිවෘතිය ද්‍රව්‍ය කියා ද කියනු ලැබේ. (Secondary metabolites). උදාහරණයක් ලෙස නිකොටීන් නැති නිසා දුම්කොල ගහ මැරෙන්නේ නැතත්, නිකොටීත් එම ගස තුල නිපදවීම නිසා එයට කෘමි සතුන්ගෙන් බේරී සිටීමට හැකි වේ. මෙවන් රසායනික වලින් මිනිසා මහත් සේ ප්‍රයෝජන ලබයි. තේ කෝපි වල කැෆේන්, වේදනා නාශක, මැලේරියා නාශක හා වෙනත් ඖෂධ මේවායින් කීපයක් පමණි. ඔය තනමල්විල පැත්තෙ තව ජාතිත් ඇත.



මින් දින තුනකට පසු ඉතා අවාසනාවන්ත පුවතක් වාර්ථා විය. එනම් අණුක ජීව විද්‍යා ඒකකයක් ද ආරම්භ කර ඇති බවයි. අලියා විවිධ නිලධාරීන් හමුවී නොවඳිනා වැඳුම් වැන්දද එතරම් වැඩක් නොමැති බව පෙනුනි. කෙසේ වෙතත් අලියා එතරම් ම අවාසනාවන්ත ද නොවීය. මන්ද යත් එම ඒකකයට අනුයුක්ත කර තිබූ අක්කි, එසේ වනු ලැබීමට අවාසනාවන්ත වූ නිසාය. ඒ මහත්මිය මේ විෂයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එබැවින් ඒ මහත්මිය බලෙන්ම අලියාව එම ඒකකයට ඇතුලත් කරගත්තාය. කාරුණික පුද්ගලයෙකු වූ ඒ අක්කිට අලියා මහත්සේ කෘතඥ වන්නේ වෙයි.

අලියාට පැවරුණු රාජකාරිය වූයේ සාම්පල් වලින් DNA නිස්සාරණය කිරීම පැහැදිලි කිරීමයි. මේ සඳහා අලියා කුඩා පරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට අදහස් කලේය. ජංජාලයෙන් සොයාගත් පරිදි හුදෙක්ම විනෝදය සඳහා මෙය නිවසේ භාවිතා වන විවිධ රසායනික වලින් කරගත හැකි විය. මේ සඳහා අලියා ට උදව් කල ඩිලංක සර්,ගවුස් සර්,සජීවනී මිස්, අසන්ති, ඔවිනි නංගි හා විදුමිනි නංගිටත් අලියා සිය ස්තූතිය පුද කරයි.

මේ කටයුත්ත මෙලෙස ගලා යන අතර දැන්වීම් පුවරුවේ දමා තිබූ දැන්වීමක් දුටු අලියා උද්දාමයට පත් විය.


Students who are interested in presenting dramas for ChemEx 3, please contact <නමක් මතක නෑ>, and Sageeth.

අලියා මාස කීපයකම සිට නාට්‍යයක් සඳහා අදහසක් වර්ධනය කරමින් සිටියේය. මෙය අලියා විසින් කරන ලද්දේ සුපිරි දැවීයාමෙන් වූ පීඩාව දුරු කරගැනීම සඳහාය. ඉල ඇදෙන සටන් ජවනිකා, ඇඟ කිලිපොලා යන විහිලු (අවංකවම!) අඩංගු වූ මෙයට නලු නිලියන්, විශේෂයෙන් නිලියන් සෙවීම මහත් අභියෝගයක් විය. අලියාගේ අවශ්‍යතාවය වූයේ එම සිදුවීමට අදාල තැනැත්තියගේ කථාවිලාශය උපරිමයෙන් අනුකරණය කල හැකි යමෙකු සොයා ගැනීමයි.

එවකට චන්ද්‍රකින්නරාවි යනුවෙන් ද දැන් ඇන්ජයිනා යනුවෙන් ද හඳුන්වන මහත්මිය අලියාගේ නෙත ගැටෙන්නේ මේ අතරේය. යම් යම් කරුණු වලින් ඒ මහත්මිය අලියා ඉලක්ක කල චරිතයට සමාන විය. ඒ නිසා ම අලියාගේ සිත තුල.............. නෑ ඕන නෑ!

ප්‍රදර්ශණය පිලිබඳ වූ රැස්වීමක් අතරතුර ඒ මහත්මියට කතා කරන්නට අලියා සිතාගත්තේය.
.මින් පෙර අලියා ඒ මහත්මිය දැක, නම හා මූනුපොත් ගිනුම දැනගෙන තිබුනද කතා කර නොතිබුණි.

ඒ මහත්මිය ශාලාවට පැමිණි කල්හි අලියා එතැනට ලඟා විය.

අලියා: "නංගි excuse me, I am organizing a drama, can u please come for acting?"

ඇන්ජයිනා: "sorry අයියෙ i don't like these!"

අලියා: (තමාටම) "නෙදකිං නරි දෙන!"

ඇන්ජයිනා පිලිබඳ අලියාගේ first impression එක මෙබඳු විය. කාලාත්‍රයේ පසු යාමයේදී final impression එක ද එවැනි ම විය.

කෙසේ වෙතත් නාට්‍යය වේදිකාගත කිරීමට සිදු නොවීය.

එබැවින් නාට්‍යය බල්ලාට දමා පරීක්ශණයට තැන දීමට අලියා සිතා ගත්තේය.

අලි DNA වලින් වැඩේ ඇදගෙන යාමට උත්සහ කල නමුත් ලබාගත් DNA, PCR පරීක්ශණයට පිලිතුරු නොදුන් බැවින් සහ ඕන තරම් සොයාගත හැකි බැවින් කෙසෙල් DNA වැඩේට සුදුසු බව හැඟී ගියේය. සති ගානක පරීක්ෂණ වලින් පසු අලියා ප්‍රදර්ශණය සඳහා අවශ්‍ය තරම් සූදානම් ව සිටි බව අලියා තේරුම් ගත්තේය.

ප්‍රදර්ශණය අතර වූ රසබර සිදුවීම්.... ඡායාරූපය, XXX මහතා, පොලිමර් අංකල්, ආහාර වන්දනාව හා තවත් කතා බලාපොරොත්තු වන්න.

දැං ඇන්ජයිනා ගැන කියද්දි කාටහරි අහන්න හිතුනොත් ඇයි ඇහුවෙ නැත්තෙ කියල... ඒකත් වෙනම පොස්ට් එකකින් බලාපොරොත්තු වන්න.

10 comments:

  1. උබත් හෙන අලි සීන් නේද? බ්ලොග යන්තම් මතක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් තමයි අයියෙ නිවාඩු දාට ගෙදර ඉන්නෙ :D
      ඔබතුමාව බුකියෙවත් දැක්කෙ නෑනෙ? :O

      Delete
  2. දෙවන කොටස එන තෙක් බලා ඉමි...

    අපරාදෙ.. නාට්ටිය..))

    ReplyDelete
  3. දාන්නං :)

    අැත්ත! අපරාදෙ :( පස්සෙ වෙලාවක මේකෙම post කරන්නං :)

    ReplyDelete
  4. ආ,,, ඔය ආපහු පටන් ගෙන තියෙන්නේ,

    ReplyDelete
    Replies
    1. අා මෙයත් අාපහු පටං අරං තියෙන්නෙ? කොහෙද ගිිහිං හිටියෙ :D :)

      Delete
  5. මරු අලි කොල්ලො...

    ReplyDelete
  6. අපරාදේ නාට්ටිය

    ReplyDelete
    Replies
    1. අවංකවම! මටත් දුකේ බෑ. කාලෙකිංද?

      Delete