Friday, May 10, 2013

ගුරු කතා - ජීවිතේ අරුත!

කට්ටිය ශනීපෙං ඉන්නවනෙ! රයිට්!

අපට සබ්ජෙක්ට් එකක් තියනව Co ordination Chemistry කියල.

ඉතිං අපි අදාල ගුරුවරය එනකං බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට.........................

සිත් අැදගන්නා සුලු උස..... සර් කෙනෙක් අාව... අැවිල්ල ලෙක්චර් එක පටං ගත්ත.

(සියලු දෙබස් පරිවර්ථන වේ!)

"පටං ගන්න කලිං දෙයක් කියන්නං... මොනව හරි දෙයක් නොතේරුනොත් කරුණාකරල එ් වෙලාවෙම අහන්න.. කරුණාකරල තේරුම් ගැනීම අතපසු කරන්න එපා!"

ඊලඟට සර් එයාව හඳුන්වල දුන්න...



Prof. Kapila Senevirathna - University of Kelaniya

වටිනව කියල හිතුන නිසා සර් තැන් තැන් වල කියපු කතා ටිකක් ලියන්න හිතුන.

...................................................

අපි එදා හිටිය hall එකේ ඉඩ කඩ එහෙම ඉතිං ටිකක් අඩුයි. යන්න එන්න එහෙම අමාරුයි. ....

"මෙතන මට යන්න එන්න එහෙම අමාරුයි. සාමාන්‍යයෙං විශ්ව විද්‍යාලෙ එහෙම යන්න එන්න ඉඩ තියනව.. එතකොට මම ළමයි ළගට යනව.. ගිහිල්ල ළමයිංගෙං ප්‍රශ්ණ අහනව..

ඉතිං ළමයි කියනව ළමයි ඉන්නෙ ලොකු පීඩනයකිං කියල.."

අපිත් ඉතිං කට අැරං අහන් ඉන්නව...............

"ළමයි එහෙම කියනකොට මට හරි සතටුයි....."

අපි උඩ විසිවෙලා හිටිය........ පීඩනෙං හිටියම සතුටුයි?????????????????

සර් කතාව ඉතුරු ටිකත් කිව්ව.............

"අැයි මම එහෙම කියන්නෙ? ජීවිතේ කියන්නෙ පීඩනය හැසිරවීම තමයි! (Life is all about handling pressure!)"

ඔය කතාවෙ වටිනකම අලියට එකපාර තේරුනේ නෑ. තේරුනේ දවසක්ද ප්‍රැක්ටිකල් එකක් එන්ටර් කරන්න ගියාම. අායෙ ඉතිං පැල් බැඳගෙන කලයුතු වැඩක්. අඩුම ගානෙ දවස් හතරක් වත් යයි.(එවකට! දැං නං ටිකක් බුරුල්!)
පැය හතරක් එක දිකට ප්‍රැක්ටිකල් එක ලියල එපා වෙලා තිබ්බෙ.

එක පාරටම හීනෙං වගේ අැහිච්ච හඬක් නිසා අැඟට අමුතු පණක් අාව. ඊලඟ පැය තලදි වැඩේ කරල ඉවර උනා.

හීනෙං අැහිච්ච හඬ කිව්වෙ මේකයි............

Life is all about handling pressure!


.......................

තව කතා ටිකක් තියනව ... පස්සෙ කියන්නං! :)