Saturday, August 25, 2012

තවත් සුපිරි දැවීයාමක් 2


Caution: If you can read this.. please don't be scared. I have taken every action to hide your identity! The aim of this post is just sharing this story with my friends and not to harm/hurt anyone.

***************************

පහුවදා lecture එකක් තිබ්බ. ඒක පටං ගන්න තිබ්බෙ උදේ දහයට. අලිය රසායන ආයතනයට එනකොට නවය හමාරට විතර ඇති.

අවිල්ල අලිය පුරුදු පරිදි Auditorium එකේ පලවෙනි බංකුවට සෙට් උනා. එහෙම ඉඳං පොතක් එලියට ඇදගෙන බලන්න ගත්ත. බල බල ඉන්නකොට අලියගෙ හොඳම යාලුවෙක් වන Atom Ant තුමා ඇවිල්ල මං ලඟංම වාඩි උනා.
සංගීත විශාරද Atom Ant- සිටගෙන සිටින්නේ එතුමාය.


ඉතිං අලියයි ඈන්ට් තුමයි ආගිය ඒව කතා කර කර හිටිය.

මේ අතරෙ තුන්වැන්න ඇවිල්ල අපට පිටිපස්සෙ පේලියෙං වාඩිඋනා. .. එයාට යුරේනි කියමුකො. අවුරුදු ගානක් තිස්සෙ මාව දැනං හිටිය කෙනෙක්. දැං මාත් එක්කම රසායන ආයතනයේ ඉගෙන ගන්නව!

එයත් කතාවට එකතු උනා. කතාව විවිධ පාරවල් දිගේ ඇදිල ගියා.

කතාවෙ උණුසුම් ම අවස්ථාවට එලඹුනා. කතා කරකර හිටියෙ ඒ වෙලාවෙ Auditorium එකේ හිටිය අක්ක කෙනෙක් ගැන.........

යුරේනි: "<අලියා> අර කලිං කරගත්ත එක එහෙම ආයෙ කරගන්න එපා......"

අලියා: "නෑ නෑ එහෙම වෙන්නෙ නෑ බය වෙන්නෙපා. එහෙම උනත් ඔයාට අඳෝනා අහං ඉන්න වෙන්නෙ නෑ."

ඒ එක්කම සිව්වැන්න ඇවිල්ල එයාට ආවේණික pot එකෙං වාඩිඋනා. X

අලියා:"Good Morning! ඔයා මාව accept කරේ නෑනෙ අනේ"

එයා:"Good Morning.. මම ඊයෙ රෑ accept කරා"

ආයෙත් අර කලිං කතා පටං ගත්ත

යුරේනි: "මොකද්ද <අලිය> ඒ උනේ"

අලියා: "උනේ ද? Ready to listen to the new story!"

යුරේනි: "හයියෝ..............................!"

***************************

ආයෙ දවසක මෙන්න මෙහෙම උනා.

එදා මොකක් හරි ලෙක්චර් එකක් කැන්සල් වෙලා අපට මොකද්දෝ ලොකු නිදහසක් ලැබුන. ඉතිං අලියයි යුරේනියි අරයයි රසායන ආයතන මිදුනෙ බංකුවකට වෙලා කතාවකට සෙට් උනා. අපි අරමුණක් නැතුව රටේම තියන කෙප්ප කෙබර ඇද බබා හිටිය!

ටික වෙලාවකිං එයා නැගිටල ... යන්න අවසර පැතුව

"පරිස්සමිං ගිහිං එන්න <God Bless U>"

එයා යන දිහා මමයි යුරේනියි සෑහෙන වෙලාවක් බලාගෙන හිටිය.

යුරේනි කතා කරන්න පටන් ගත්ත!

"<අලිය> ඔයා ඇයි ඒ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍girl ගැන එච්චර හිතන්නෙ?"

-"නෑ මම එහෙම හිතුව නෙවෙයි. මට එයා එක්ක එහෙම ගණුදෙනුවක් නෑ. මම කියල තියනවනෙ ලවු කරන්න marry කරන්නෑ කියල! ඒව serious. විහිලුවට කිව්ව කතා නෙවෙයි."

"ඉතිං <අලිය> ඇයි ඔයා එහෙම ඉන්න හදන්නෙ?"

-"එකක් තමා ඔය ජීවිතේ කරදරයි. අනිත් දේ තමයි මම මගේ ජානමය දේවල් ගැන එච්චර සතුටු නෑ."

"ඉතිං <අලිය> ඇයි එහෙම කියන්නෙ! සමහර මිනිස්සුන්ට රටේ නැති ලෙඩ! සමහරු ඉපදෙද්දි අතපයවල් නෑ..... ඉතිං <අලිය> ඔයාට ඒ මුකුත් නෑ. ඔයා ඔයා ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා!"

"ඔයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ."

"<අලිය> මට බයයි. මොකද ඔයා අක්කලගෙ කේස් වලදිත් ගොඩක් වැටුන. හැබැයි ඔයා ඒ අක්කලගෙ කොල්ලො ගැන දැනගෙන හිටිය."

"බය වෙන්නෙපා මම දැං ඒවට හුරුවෙලා තියෙන්නෙ."

ඒ එක්කම එයාගෙ phone එක ring උනා. එයා call එක ගත්ත

"<අලිය> <කොල්ල> ඇවිල්ල ඉන්නෙ! මම යන්නං"

-"පරිස්සමිං යන්න එහෙනං.. තෙරුවන් සරණයි!"

"යන්න කලිං දෙයක් කියන්නං කවදාවත් තමං ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා!"

අලිය රසායන ආයතන මිදුලෙ බංකුවක් උඩ තනිඋනා!

(පින්තූරය බා ගත්තේ අප බැචෙක් වන පාරමී තුමාගේ Album එකකින්ය.)

Wednesday, August 22, 2012

අලි සීන්- තවත් සුපිරි දැවීයාමක්!

ප්‍රථමයෙන් කට්ටිය ෂමාවෙන්ට ඕන වැඩිය එන්න එහෙම උනේ නැතුවට. විබාග, සංගීත සන්දර්ශණ, දේශන............ දන්නැද්ද ඉතිං.

ඔය තත්ව යටතේ අලියට ඉතිං තව තව දේවල් සිඩ්ඩ උනා. මුනුපොතේ එහෙම ඉන්න අය මගෙ බිත්තිය එහෙම දැක්කනං හිතාගන්න පුලුවං ඇති.

මේ දවස්වල වෙන මොන එකත් වගේ ඔක්කොම කතා පටං ගන්නෙ මෙන්න මෙතනිං තමා.

prof. P P G L Siriwardhana Auditorium- I Chem C


 මෙහි පෙනීසිටින කිසිවකු මෙම කතාවට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න!!!


සිටගෙන සිටින්නේ ආචාර්ය ඇල්කෙමියා මහතා වන අතර හිඳ සිටින්නේ මහාචාර්ය K A S පතිරණ මහතාය.


සාමානයයෙං දෙවෙනි lecture එකට පස්සෙ පැයක විතර විවේකයක් ලැබෙනව.

අලිය සාමාන්‍යයෙන් ඉඳගන්නෙ auditorium  එකේ පලමුවෙනි ම බංකුවේ. ඔය ඉන්ටවල් එකට කැන්ටිමට ගිහිං කාලබීල ඇවිත් පිටිපස්සෙම බංකු වලට වෙලා කා හරි එක්ක කයියක් ගගහ ඉඳල එකහමාර වෙද්දි ඉස්සරහ බංකුවට එනව.



මම හිතන්නෙ මැයි මාසෙ.... දවසක.... එහෙම එනකොට. කවුද මන්ද හීනි හඬකිං අලියට කතා කරා.

අලියත් එයා ලඟට ගියා. කොන්ඩෙ දිග... උස... චුට්ටක් කලු... ලස්සන කෙළිපොඩ්ඩක්.

"මොනවද කෙරෙන්න ඕන."

-"අනේ මට මෙන්න මේක හදන හැටි කියල දෙනවද?"

"බලමු......" අලියත් ලංවෙලා බැලුව. සරල radiochemistry ගානක්.

දන්න සෙල්ලං දාල අලිය මේ ගාන හදල දුන්න. ඒ එක්කම අලිය එයා එක්ක කතාවට වැටුන.

"ඔයා ඉන්නෙ කොහෙද?"

-"මගෙ ගෙවල් තියෙන්නෙ <මද්‍යම පලාතේ නගරයකි> , මම දැං ඉන්නෙ <කොළඹ තුල ප්‍රදේශයකි>"

"ඔයාගෙ අම්ම තාත්ත මොකද කරන්නෙ?"

-"අපේ අම්ම <යම් රජයේ රැකියාවකි.> දැං එයා retire වෙලා ඉන්නෙ. තාත්ත <business>"

"ඔයා FB ඉන්නවද?"

-"ඔවු. මගෙ නම <මොකක් හරි කියමුකො> මට <x> කියන්න....."

තවදුරටත් ඔය ආකාරයෙන් සංවාදය ගලාගෙන ගියා.



***********************************
මේ අතර අපට බාහිර වැඩක කීපයක් සෙට් උනා.

එකක් තමයි උදේට අල්ලපු වත්තෙ තියන වඩිහිටි නිවාසෙ බලන්න යන එකයි.. හවසට ස්වාමීන් වහන්සෙ නමක් වඩම්මවල බණක් අහන්න ලෑස්ති කරන එකයි.

මේ දෙවෙනි එක කරන්න නං බණට කලිං දවසෙ Adamentane house එකේ හෝල් එකක පුටු ටික සම්පූර්ණයෙන්ම වෙන හෝල් එකකට ඇදල දාල අර හෝල් එක අතුගාල කරල තියන්න ඕන.

කලිං දා තිබ්බ කුප්පිය ඉවර උනාට පස්සෙ සියලු බැචා වරු සෙට් වෙලා පැය බාගෙට පුටු ටික ඇදල දැම්ම.

ඇදල ඉවර වෙලා අලිය ගියා පුටු ටික ගබඩා කරපු හෝල් එකට. ඉතිං කට්ටිව වාඩිවෙලා එහෙම ඉන්නෝ. ... අලිය හෝල් එක වටේටම ඇහැ යැව්ව.

අලියගෙ ඇහැ ගියා බිත්තිය අයිනේ පේලියට තියපු පුටු පේලියක කෙලවර පුටු තුනේ වාඩි වෙලා හිටිය තුන්දෙනෙක් දිහාවට!

අන්න එයා ඉන්නව.

අලිය එතෙන්ට ඇදුනා.

"කොහොමද?"

-"හොඳයි!"

ඊලඟට කතාව විවිධ මාතෘකා දිගේ ඇදිල ගියා.

අලියට කාරණයක් අහන්න හිතුන.

"ඔයාට මෙහෙ හොඳම යාලුවෙක් ඉන්නවද?"

එකපාරටම එයා පුදුම වෙලා වගේ අලිය දිහා බැලුව.

-"ඇයි ඔයා එහෙම අහන්නෙ?"

අලියට නිකමට හිතුන මම වැරදි ප්‍රශ්ණයක් ද ඇහුවෙ කියල.

"නෑ නෑ මම නිකමට ඇහුවෙ"

ආයෙත් කතාව ඇදිල ගියා!

ටිකකිං ගෑනු ළමට නැගිට්ට. 

"මම යන්න ඕන! ගිහිල්ල එන්නං! bye"

කියල එයා යන්න ගියා. අලිය එයාට යන්න දීල අලිය වහාම දොර ඇරගෙන පඩිපෙල ලඟට ගියා. ගිහිං පඩිපෙලේ හිටිය එයාට කතා කරා.

"මට ඔයාට කියන්න දෙයක් තියනව......."

-"ඔවු, කියන්න"

"මට ඕන ඔයාගෙ යාලුවෙක් වෙන්න විතරයි. වෙන මොනවත් එපා!"

-"I Know that... It's ok!!"

"එහෙනං ගිහිං එන්න. bye"

*****************
ඊලඟ කෑල්ල තවත් චාටර්..........................