Tuesday, May 20, 2014
අලිසීන් - ගමන් මග 07 (බොන අයට විශේෂයි)
මේ වූ කලී මහාචාර්ය වැලිහිඳයන්ගේ දේශණ මාලාවේ තවත් දවසකි. බොන අයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙතියි බලාපොරොත්තු වෙමි.
පොඩි පොඩි කරුණු ටිකක් දැන සිටීම වැදගත් වේ
Gluconeogenesis - යනු දිගු කාලයක් ආහාර නොගත් තත්ව යටතේ හෝ මාරාන්තික උපවාස තත්ව යටතේ රුධිරයේ ග්ලූකොස් තිබිය යුතු මට්ටමේ පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවකි. මෙය සිදුවීම සඳහා NAD නම් රසායනිකයක් වැය වන අතර එය NADH බවට පත් වේ
ඊලඟට ඇල්කොහොල් පරිවෘතිය - පටිගත කරගත් ගුරුතුමා ගේ පාඩමේ පරිදි විස්තර කිරීමට උත්සහ කරමි.
"What happens when you goto a party and drink
Boys take විස්කි or arrack or ගල් අරක්කූ or පොල් අරක්කු.
Girls take wine since it is alcohol,ethanol.
how is this metabolized?? ethanol how is this metabolized
Those who drink alcohol will complain of a headache in the morning! Specially when it is not a very good drink! why?
හැන්දෑවට දෙකක් දාගත්තම උදේට හිසේ ඇම්මක්!
you must have heard people saying
ඝල් අරක්කු බිව්වම සෙම නෑ කියවයවනෙ?
අහල තියනවද?
ගල් අරක්කු බිව්වම සෙම නෑ ඔලුවෙ කැක්කුං නෑ හරිෂෝක්"
ඕකට පිලිතුර මෙහෙමය. ඔය ඒවා පැසවන ලද එ්වාය. මේනිසා එහි ඇල්කොහොල් වලට අමතරව එහෙ වෙනත් ද්‍රව්‍ය ඇත. සියලු අතුරු ආබාධ ඇති වන්නේ මේවා නිසාය.
ගුරුවරයා කියන පරිදි ගල් අරක්කු යනු යම් වර්ණකයක් සමග එතනොල් ය. මේ නිසා අතුරු ආබාධ අඩු ලු! අනේ අලිය නං දන්නේ නැත.
"Don't laugh. i Know a very good වෙද මහත්තය in වෙන්නප්පුව.
In a party he has all the whiskeys,konyak, arrack, and another one and
thats Home distilled කසිප්පු
Superb කසිප්පු
famous වෙද මහත්තය. and he takes කසිප්පු "
මේ කොයි එක බිව්වත් අක්මාවේදී මේවා විෂහරණය කරනු ලැබේ. කරන්නේ මෙසේය.
අක්මාවේ දී එතනොල් ඇල්කොහොල් ඩීහයිඩ්‍රජනේස් එන්සෛමය මගින් ඇසිටැල්ඩිහයිඩ් බවට පත් වේ. මෙය ඇල්ඩිහයිඩ් ඩීහයිඩ්‍රජනේස් මගින් සිට්රික් අම්ලය බවට පත් වී වෙනත් ප්‍රයෝජනවත් ප්‍රතික්‍රියා සඳහා යවනු ලැබේ.
ඉහත ප්‍රතික්‍රියා දෙකටම NAD වැය වී NADH බවට පත් වේ
"You may have read in papers, people dead following consumption of කසිප්පු, Why?"
"මීතයිල් ඇල්කොහොල්" (පිලිතුර දෙන ලද්දේ අලියාය)
"Yes..Because bad distillation you get methyl alcohol,
if distillation is so bad it becomes critical. then only people die
why do people die because it is methyl alcohol same enzymes metabolize methyl alcohol
එතකොට මීතයිල් ඇල්කොහොල් අැසිටැල්ඩිහයිඩ් වෙනුවට Formaldehyde වෙනව
මොනවද formaldehyde?
එම්බාම්
Formaldehyde එම්බාම් කරන්න ගන්නවනෙ
so cheap මලාට පස්සෙ එම්බාම් කරන්න ඕන නෑ"
"Interestingly when people are brought to the hospital
Doctors know this is methanol!
Then?"
"එතනොල්" (අවාසනාවන්ත අයුරින් පිලිතුර දුන්නේ අලියාය)
"How do you know?" (එක්වරම පසුබිමින් බරපතල හිනා හඬක් ඇසේ)
එන්සෛමය මෙතනොල් වලට වඩා එතනොල් වලට වැඩියෙන් බැඳේ. එබැවින් එතනොල් දුන් විට මෙතනෝල් ක්‍රමයෙන් දේහයෙන් ඉවත්වේ.
මීලඟට ඉහත එතනොල් කතාව Gluconeogenesis කතාවට සම්බන්ධ කරන ලදී
අධික ඇල්කොහොල් භාවිතය නිසා Gluconeogenesis ඇනහිටී. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ ආහාර නොගෙන බොන විටය
" This usually happens
with people who have broken love affairs
එතකොට හිතේ අමාරුවට මුං කන්නෙ නෑ බොනව
(අලියා දෙසට හැරී)
මහ මෝඩයො!
නේද?
තව කොච්චර ඉන්නවද?
.........
people who broken love affair end up in hospitals due to hypoglycemic coma
මුං බොනව කන්නෙ නෑ ඉස්පිරිතාලෙ
දැනගත්ත ගමං මොකද කරන්නෙ
INTRAVENOUS INFUSION OF DEXTROSE
හෙණ ගහපුව වගේ නැගිටිනව! බුහ් ගාල
නැගිටිනකොට ගෑනුළමයගෙ නමත් කියාගෙන නැගිටින්නෙ"
වැඩි සීග්‍රතාවයකින් ඇල්කොහොල් පරිවෘතිය සිදුවීම නිසා වැඩි වැඩියෙන් NADH සැදේ. එවිට ප්‍රතික්‍රියා Gluconeogenesis වලට විරුද්ධ පැත්තට ක්‍රියාත්මක වේ
"හිතේ අමාරුවට කන්නෙත් නෑ, Gluconeogenesisසුත් නෑ, Glucose level comes down, and coma"
අලියා ලඟ ඇති පටිගත කල පාඩම අවසානය මින් ඉදිරියට ඇසෙන අයුරින් ලිවීමට තැත් කරමි!
(දිගු ඝෝෂාවක් ඇසේ)
-"<අලිය > අයියෙ බූට් එක කෑව නේ"
+"<අලිය> අයියෙ අර කාලෙ ගියා නේ"
+"ඒක තමා කේස් එක"
-"අයියත් අඩිය ගැහුව නේ, බඩු මාට්ටු නේ"
+"කටිම්ම මාට්ටු"
යමෙක් තදින් සිනාසෙනු ඇසේ. ඊලඟට අප්පුඩි තුනක් ඇසේ
"There is an interesting question,
I am not going to show you who asked
obviously a boy
එයා අහනව ගොඩක් කාල ගොඩක් බිව්වම හොඳද කියල
Drinking a lot is not good
හැම තිස්සෙම බොන ගමං මොනවහරි කන්න ඕන. එ් නිසා තමා බොන වෙලාවට බයිට් ගන්නෙ
ඒකත් කියන්න ඕන,
There are certain bytes that act as blotting papers
පොල් රොටි for example,
කොච්චර බිව්වත් දැනෙන්නෑ!
......................
Anyway taking liquor in whatever form is not good,
මොකද එක එක්කෙනාගෙ අක්මාවවල් වෙනස්
Some people drink from morning to evening nothing happens.
අනිත් උං නිකං හිටියත් සිරෝසිස් හැදෙනව
Chille is another killer, මිරිස්
Taking liquor in whatever form is not good, eating a lot is not an excuse
"
ලබන සතියේ ChemEx 3 ආතල් බලාපොරොත්තු වන්න!
Subscribe to:
Posts (Atom)