Monday, September 24, 2012

තවත් සුපිරි දැවීයාමක් -04- Baby



ඔය දේවල් ඔය විදියට සිද්ධවෙනකොට........................

දවසක්ද මායි අරයයි බුකියෙ චැට් එකේ ඉන්නකොට මට එයාගෙං පැමිණිල්ලක් ආව. එයාගෙ විද්‍යාගාර බඩු වගයක් නැති වෙලා කියල.

ඉතිං අලිය ඒ දවස්වල මෙව්ව එකෙං පොට්ට වෙලා හිටිය නිසාත් අලියටයි එයාටයි ප්‍රැක්ටිකල් තිබ්බෙ දවස් දෙකක නිසාත් අලියගෙ විද්‍යාගාර භාණ්ඩ share කරගන්න තීරණය කරා.

ඉතිං අලිය පාන්දර හතරහමාරට නැගිටගෙන ඔය කියන බඩු ටිකත් අරං ගියා කියමුකො අයිකෙම්.

මගදි කෝල් එකක් එනව එයා එන්නෙ එයාගෙ hometown එකේ ඉඳං කියල.

ඉතිං අලිය ගියෙ මේක එයාට දෙන්නම නෙවෙයි.

අලියට ප්‍රසිද්ධ දේශණයකට යන්න තිබ්බ උදේ නවයට(මං කිව්වෙ... අහං ඉන්න).  අලියට ඉතිං නවය වෙනකං මග බලාගෙන ඉන්න බෑ! අලිය නවය වෙද්දි ශ්‍රවණාගාරගත වෙලා ඉන්න ඕන.

අලිය වටපිට බලද්දි අලියගෙ විශ්වාසවන්ත* යාලුවෙක් ඉන්නව. අපි එයාට කුමාරි කියමු....

"මේ...... කුමාරි.... මට පොඩි උදව්වක් ඕන."

-"පුලුවන් දෙයක් නං කරල දෙන්නං."

"මෙහෙමයි! ඔයාලගෙ ප්‍රැක්ටිකල් group එකේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නව. එයාට මේක දෙන්න පුලුවන්ද?"

-"මම එහෙම කිව්වට එයාව දන්නෙ නෑනෙ?"

අලියට හිතුනෙ මෙන්න මෙහෙම එකක්

'අම්මප ෆෝන් එකේ ෆොටෝ එකක් වත් තිබ්බනං'

අලියට මතක් උනා CCS News Letter එකේ අපේ group photo එක තිබ්බ කියල.

"හ්ම්..... එන්නකො මා එක්ක..."

කෙලිම්ම නැවතුනේ ඉස්තෝප්පුවේ තියන මේසෙ ලඟ. හිතපු විදියටම ආයතනයෙන් අන්තිමටම නිකුත් කරපු ප්‍රකාශණ ටික තියල තිබුන.

ගත්තු ගමං පත්තරේ පෙරලල බලද්දි මෙන්න ඉන්නව කට්ටිය....... (මේස උටු උඩ නැගගෙන. මේ photo එක ගන්න සුපිරි කට්ටක් කෑව.)....

"මේ ඉන්නෙ............."

-"ආ හරි හරි... මතකයි... මං දෙන්නං."

අලිය ආයෙත් එලියට ගියා. ගිහිං කෝල් එකක් ගත්ත

"ඔයාගෙ බඩු ටික මෙන්න මේ වගේ කෙනෙක් ලඟ තියෙන්නෙ. එයාගෙං ඉල්ල ගන්න...."

ඊලඟට අලිය ගිහිං නැවතුනේ දැන්වීම් පුවරුව ලඟ.

ඔය ඉතිං තියන තියන ඒව බල බල හිටිය කියමු............

එක පාරටම.. දකුණු කණ ලඟිං.....

"හායි Good Morning"

"අම්මොහ්!"
අලියව උඩ ගිහිල්ල හතරවෙනි තට්ටුවේ තියන ශ්‍රවණාගාරෙ ජනේලෙක ඔලුව වැදිල ඩිං ගාල බිම පතබෑඋනා.

මෙන්න මෙයා.

අලිය වෙලාව බැලුව.. අටයි හතලිස් පහයි.

"එහෙනං ඔයාගෙ බඩු අරය ලඟ... ඉල්ලගන්න. පරිස්සමිං කරල එන්න <God Bless U!>"

"God Bless U! Thank you vry much!..........#$%$#%$^%$^$^"

එයා විද්‍යාගාරගතඋනා. අලිය ශ්‍රවණාගාරගතඋනා.

ප්‍රථමයෙන් පැමිණසිටි දේශකතුමා සූදානං කරපු සංග්‍රහය භුක්ති වින්ද. ඊලඟට දේශණයට සහභාගී උනා.

ඒබ්‍රහම් ලින්කන් ගේ ජීවිත කතාව............ නිල් මැණික්........ ඇලෙක්සැන්ඩ්‍රයිට්............Cat eye...........ගෙවුඩ Treatment.................. ආදී මැණික් කතා අතර පැය දෙකක් ගෙවිල ගියා.

Alexandrite


හැමෝම දේශණේ ඉවර වෙලා එලියට යද්දි අලියත් අන්තිමටම වගේ ගියා.

පඩිපෙල ලඟිං බහිද්දි පඩිපෙල ලඟ මේසෙ වටේ ඉන්නව ප්‍රැක්ටිකල් කරපු කට්ටිය

අන්න ඉන්නව....

"අද මොකද උනේ"

-"මම අද බීකරයක් බින්ද!"

"ශහ්! අනේ ලොකු කෑල්ල මට?"

-"හා!"

"ඔයාට හෙට ප්‍රැක්ටිකල් නං හෙටත් ඕක තියාගෙන හෙටම දෙන්න. "

-"හා! මම ඔයාට හෙට දෙන්නං!"

"දැං යනවද?"

-"ඔවු!"

"එහෙනං <God Bless You>"

එයා රසායනායතන දොරෙන් පිටඋනා. ඒ ගියෙ ඉස්සරහ ගේට්ටුවෙන්.

අලියත් මෙතන ඉඳල වැඩක් නෑ! හැබැයි අලිය ඉස්සරහ ගේට්ටුවෙන් පැන්නොත්.... කාඩ් ගොඩයි.

අලිය වහාම මිදුල හරහ පැත්තෙ ගේට්ටුවට ගියා . එතනින් එලියට අඩිය තිබ්බ.

එයාගෙ ඇඟේ නොහැපුනා විතරයි.

" Clever!"

-"What?"

"Finally you catched me! you are clever!"

ඉතිං අපි එක එක ඒව කතා කරකර රාජකිරිය හන්දිය වෙනකං ගියා. යන අතරතුර මෙහෙම සාකච්ඡාවක් ඇති උනා!

"Where do you live?"

-"කටාන. Near to Negombo" (එයාගෙ ක්‍රමේටනම් කටාන = අලිය ගැට ගහපු තැන!)

"ඔයාට මෙහෙ එන්න කොච්චර වෙලා යනවද?"

-"මීගමුවෙං පිටකොටුවට පැය එකහමාරයි. කටානෙං මීගමුවට විනාඩි හතලිස් පහක් විතර "

"ගොඩක් වෙලා යනවනෙ!"

-"හ්ම්! Nothing to do!"

"Don't you come by train?"

මේ වෙද්දි අපි හිටියෙ ම්.... රාජගිරිය හන්දියට මීටර් විසි පහක් විතර ලඟ!

"I am not familiar with train! that's why I don't use it! "

මේකට දුන්න ප්‍රතිචාරයට අලිය එකපාරටම උඩගියා! ගිහිං උඩ තිබ්බ අධිබල විදුලි රැහැනක ඔලුව හැප්පුනා. හැප්පිලා එයා ලඟට ඩිං ගාල වැටුන! යන්තං පියවි සිහියට එද්දි කණ කීං කීං ගාමින් පැවතුනා!

එයාගෙ ප්‍රතිචාරය මෙහෙමයි!





"You Are Like a Baby! If You Have Not Done Something You Have To Do It!"



යන්තං සිහි එලවගන්නකොට එකසිය හැත්ත හය බස් එකක් අපේ පස්සෙන් ඇවිල්ල හෝල්ට් එකේ නැවැත්තුව!

"මම මේකෙ යනව God Bless you!"

-"පරිස්සමිං යන්න <God Bless You!>"


නැවත හමුවෙමු!

Monday, September 17, 2012

තවත් සුපිරි දැවීයාමක්- 03- ලිපිනයේ අභිරහස

ෂමාවෙන්න ඕන. වැඩ ටිකක් අධික උනා.

අර මං මොකද්ද එකක් කියකිය හිටියනෙ. ඔය සිද්ධි මාලාවෙ තවත් වැදගත් පියවරක් මෙහෙමයි.


අපට ඉතිං ප්‍රැක්ටිකල් තියනව නොවැ. ඉතිං batch එකම group හතරකට බෙදල එක එක කට්ටියට එක එක දවස්වල තමා තිබ්බෙ. අලිය හිටියෙ එක group එකක අරය හිටියෙ වෙන එකක. ඉතිං අලිය පලවෙනි දවසෙ ඕව කරල (යන්තං පණකෙන්ද බේරගෙන :D) ආවයි කියමුකො.

ඉතිං දවස් දෙක තුනකට පස්සෙ රාත්‍රී කාලයේ සුපුරුදු පරිදි බුකියට ලොග් උනා. ඉතිං අලිය බුකියෙ කට්ටිය එක්ක කෙප්ප කෙබර ඇදබබා හිටිය.

ටිකකිං අරය ලොග්වෙලා ඉන්න බවට විවිද සංඥා පහල වෙන්න ගත්ත.

ඉතිං අලියත් :) කියල ටයිප් කරල යැව්ව.

ඉතිං සුපුරුදු සංවාද පටංගත්ත. මොනා ගැනද? ප්‍රැක්ටිකල් ගැන! (මං කිව්වෙ කෙමිස්ට්‍රි පැක්ටිකල්... බයෝ එහෙම නෙවෙයි!)


x: "අනේ මට අනුමාපන ගැන මොනවත් මතක නෑනෙ."

අලියා: "පොඩ්ඩක් ඉන්න බලන්න. මට ඔහොම වීඩියෝ එකකුයි පලවෙනි පැක්ටිකල් තුනෙයි විස්තර තියන ඊමේල් එකක් ආව! ඔයාගෙ ඊමේල් address එක දෙන්න පුලුවන්නං මම එවන්නං."




x:" <මොකක්හරි>@gmail.com"

ම්................. මේක දැක්කම නිකං අලියගෙ බඩ ට්‍රීං ට්‍රීං ගාන්න ගත්ත. මේකෙ පලවෙනි අකුරු දෙක එයාගෙ නමට තියන අකුරු වගේ පේනව.  ඉතුරු ටිකත් නිකං කාගෙ හරි නමක් වගේ පේන්නෙ. (@වලට මෙහා).එතකොට ඒ කාගෙ නමද?

ඕක පැත්තකිං තියල අනිත් දේවල් කියාගෙන කියාගෙන ගිහිං .... ප්‍රැක්ටිකල් එක ගැන කියන්න තියන ඔක්කොම කියල ඉවර උනා.

අන්තිමට අලිය මෙන්න මෙහෙම එකක් ඇහුව

"මේ ඔයාගෙ address එක තියනවනෙ මේකෙ තේරුම මොකද්ද හලෝ?"

ඊලඟට එයා ඒ ගැන පැහැදිලි විස්තරයක් කරා. ඕක කොල්ලෙක්ගෙ නමක් නෙවෙයි. එයාගෙ ජීවන දර්ශණය සම්බන්ධ කාරණයක්. ආචාර්ය කොවුර් ගෙ ලිපිනලේඛන අනුව මෙගා මට්ටමේ වැඩකරුවෙකි.(මා කල ගවේශණ- පරිඡේදය 2 කියවන්න). 

අන්තිමට මෙහෙම එකකුත් කිව්ව. කියල යන්න ගියා.

"ඔයා කරදර වෙන්න එපා මගෙ boyගෙ නම එහෙම නෙවෙයි."

මළා

මේක කිව්ව විදියට නිකං ඇඟ සීතල වෙලා ගියා. නිකං හිතෙන්නෙම අලියට හෙට කුඩපාර ලැබෙනව වගේ.

"නෑ මම එහෙම අැහුව නෙවෙයි. මම දැනගන්න අැහුවෙ."

"I didn't make any proposal"

"I even didn't"

වෙන දෙයක් හෙට බලාගමුකො කියල ඉතිං මම නිදාගත්ත.

********************************

ඉතිං පහුවදා ඉතිං මියෙම්වා රැකෙම්වා කියල අලිය ගියා රසායනායතනයට! අලිය ඔතෙන්ට යද්දි උදේ අටහමාරට විතර ඇති.

ගිහිල්ල බලද්දි ඉතිං අපේ කට්ටිය හත් අට දෙනෙක් විතර ඉන්නව අරව මේව කරකර. අනිත් කට්ටිය ලැබ් එකේ වෙන්න පුලුවනි. ඉතිං අලිය එලියෙ බංකුවකට වෙලා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට...........................................

ඔන්න එනව......................................

එයා............................................................

නෑ නෑ ශිහාන් අයිය! එයා තමා අපේ ශිෂ්‍ය සංගමේ සභාපති.

"මල්ලි මේ සිසිර සර්ගෙ පොඩි වැඩක් තියනව, ඔයාට පුලුවන්ද තව කෙනෙක් එක්ක එන්න. අපි නවය හමාරට විතර තමයි යන්න ඉන්නෙ."

- "හරි අයියෙ තව කෙනෙක් හිටිය මම එයා එක්ක එන්නං" කියල අලිය වහාම පුස්තකාලෙ වෙත පියෑඹුව!

යද්දි ඔන්න අපේ කොල්ලෙක් ඉන්නෝ! (+ කොල්ලගෙ කෙල්ල)

අලිය ගිහිං කෙල්ල ඉන්න පැත්තෙං නෙවෙයි අනිත් පැත්තෙං කොල්ලගෙ කණ ගාවට ලංඋනා.

"මචං වැලිවේගම සර්ගෙ වැඩක් තියනව. පොඩ්ඩක් එලියට යන්න වෙනව එන්න පුලුවන්ද?"

මිනිහත් බෑ නොකිය මිදුලට ආව. එද්දි එලියෙ ඉන්නව ශිහාන් අයියයි වැලිවේගම ස'රුයි (ආචාර්ය සිසිර වැලිවේගම මහතා) තව කෙනෙකුයි.

සිසිර සර්: " මොනාහරි උනොත් කතා කරන්න.එහෙනං මේක තියාගන්න. (ශිහාන් අයියාට මොණරෙක් දෙමින්) මේගොල්ලන්ට ලන්ච් එහෙම අරං දෙන්න "

ඊලඟට ශිහාන් අයිය අලට මෙතන යන සින් එක විස්තර කරා.

"මෙහෙමයි මල්ලි අපි දැං සක්ය එකටයි රොටරි එකටයි යන්නෙ.ඔයාල යන්න<ඔය දෙකෙං එකකට. මොකද්ද කියල මතක නෑ> .අපි දෙන්නෙ (ශිහාන් අයිය + එතන හිටිය අනිත් කෙනා) ගිහිල්ල මේ කොල ටික බෙදල දාන්න ඕන. දොලහට විතර අපිට එන්න පුලුවන් වෙයි."

ඔන්න අපි එලිය නවත්තල තිබ්බ ත්‍රීවිල් එකට නැග්ග.

ත්‍රීවිල් එක රූං ගාල නුගේගොඩ බලා ඉගිල්ලුනා. ගිහිල්ල අර බස් නවත්තන තැනට පොඩ්ඩක් එහායිං නතර උනා.පල්ලියක් තියෙන්නෙ..... එතන ඉස්සරහ. මම නං ඔය නගරෙ එච්චර දන්නෙ නෑ.

"දැං මල්ලි උඩට ගිහිල්ල ඔය ටික බෙදල එන්න. අපි දොලහට විතර මෙතෙන්ට එනව!"

ඉතිං අලියයි අනිත් එක්කෙනයි ගිහිල්ල බෑවුමක් දිගේ...... මට මතක නෑ මොකද්ද ආයතනයේ නම කියල. ගිහිල්ල ආයතනෙට යන පටු පාර දෙපැත්තෙ හිටගත්ත.

ටික වෙලාවකිං විවිධ ආකාරයේ කෙල්ලො කොල්ලො එකා දෙන්න යන්න ගත්තම අපි ඒ අයට කොල බෙදාගෙන බෙදාගෙන ගියා.

ඔය විදියට ටික වෙලාවක් ගතඋනා. එකපාරටම වෙනසක් උනා.

එක පාරටම එකා දෙන්නගෙං ඇරඹුන ප්‍රවාහය..... කොල්ලො කෙල්ලො සියගානක් බවට පත් උනා. ඒ එක්කම අපි ලඟ තිබ්බ අත්පත්‍රිකා සිය ගාන මුල් ගානෙන් සියට පහක් විතර බවට පත් උනා.

ටික වෙලාවකින් ආයෙත් ප්‍රවාහය බින්දුවට බැස්ස.

තව පැය බාගෙකිං විතර පාරෙ ගිය එක්කෙනා දෙන්නට දීල අපි ලඟ තිබ්බ කොල ගාන ඉවර කරගන්න පුලුවන් උනා.

ඊලඟට අලිය කලේ කෝල් එකක් ගත්ත එක

"ශිහාන් අයියෙ අපේ කොල ටික ඉවරයි...."

-"ආ හරි මල්ලි එහෙනං දැං පල්ලිය ලඟට එන්න." අනිත් අන්තයෙන් උත්තර දුන්න.

ඉතිං අලියයි යාලුවයි පාර දිගේ අපි බෙදපු කොල මතිම්ම ඇවිල්ල මහ පාර පැනල ත්‍රීවිල් එකට ගොඩ උනා.

ඉතිං විවිධ සාකච්ඡා එහෙම සිදුවෙමින් ත්‍රීවිල් එක සුදුසු කෑම කටහක් හොයාගෙන යන්න ගත්ත.

ටිකකිං අලියට ෆෝන් එක එලියට ගන්න ඕන උනා. අලිය එයාගෙ සාක්කුවට අතදැම්ම.

මළලසේකර! පර්ස් එක නෑ

"ශිහාන් අයියෙ මගෙ පර්ස් එක නෑනෙ."

-"ආ එහෙනං හරි. මේ පැත්තෙං කොලේ ගන්න ගමං අනිත් පැත්තෙං ගන්න ඇති."

ටිකකිං අලිය අනිත් සාක්කුයට අත දැම්ම. ඒකෙත් නෑ.

ඊලඟට....

බැලුව බෑග් එකේ........................

අප්පච්චියේ............................

පර්ස් එක බෑග් එකේ.

"ආ හරි හරි අයියෙ shape"

-"ආ හරිද තියනවද?"

"අයියෙ shape"

-"එහෙනං කමක් නෑ"

ත්‍රීවිල් එක ගිහිල්ල මොකද්ද කෑම කඩයක් ලඟ නතර උනා. ඊට පස්සෙ අපි ඇතුලට ගියා. හැමෝගෙම ඒකමතික තීරණයෙන් මොන රයිස් ද මන්ද පාර්සල් හතරයි කුකුල කෝල මෙගා බෝතලේකුයි ගත්ත.

ඊලඟ විනාඩි විස්ස තුල ගත්තු කෑමපාර්සල් වල අන්තර්ගතය කුකුල කෝල ද්‍රවයත් සමග අපේ ආමාශය තුලට ඇතුලු උනා.

******************************

අපි රසායනායතනයට එනකොට එක හමාර විතර ඇති. මෙගා බෝතලය වායුගෝලීය වාතයෙන් විතරක් පිරී තිබුන. ආමාශ හතර අධි ප්‍රෝටීනමය ආහාර වලිං පිරිල තිබුන.

ප්‍රධාන දොරෙන් ඇතුලට ගිය අලියට එතන තිබ්බ රාක්ක දිහා බැලුවම තේරුනේ ප්‍රැක්ටිකල් කරන් අයට තාම ඒව ඉවර වෙලා නැති බවයි. වෙන දෙයක් වෙනකං අලිය පුස්තකාලෙට වෙලා පොතක් බලාන හිටිය.

ටික වෙලාවකිං පඩිපෙල දිගේ ලැබ් කෝට් ඇඳගත්ත එකා දෙන්න එනව පෙනුන. ටික වෙලාවකටි පුස්තකාල දොර ඉස්සරහ area එක ප්‍රැක්ටිකල් ලමයින්ගෙන් පිරුනත්..... x හිටියෙ නෑ

වට පිට බලනකොට යුරේනි ඉන්නව. අලිය එයා ලඟට කිට්ටු උනා.

"මේ අද මොකද උනේ?"

-"මොකුත් නෑ හලෝ ප්‍රැක්ටිකල් එක කරා"

"අරය හිටියද?"

-"ඔවු උඩ ඉන්නව දැක්ක"

"මේ මට ඊයෙ රෑ හරි සීන් එකනෙ උනේ . මගෙ අතිං වචනයක් වැරදුනානෙ."

-"නෑ! ඉතිං මොකද කරන්නෙ?"

"මම පොඩ්ඩක් පුස්තකාලෙ අස්සට යනෝ. අරය ආවොත් ජනේලෙං අත වනන්න කියන්නකො"

කියල අලිය පුස්තකාල දොර ලඟට ගියා විතරයි.........

අලි ජීවිත මාරාන්තිකම අවස්ථාවක් අභිමුවට පැමිණුනා.

එයා පඩිපෙල දිගේ බැහැගෙන බැහැගෙන ආ. ඇවිල්ල පඩිපෙල ලඟ තිබ්බ මේසෙ ගාව නතර උනා.

අලිය වහාම රබර් ඇහැ දාල බැලුව එයාගෙ සෙරෙප්පු දෙක!

සෙරෙප්පු නං ෆ්ලැට්! එව්වයින් වැදුනොත් හිල් වෙන එකක් නං නෑ.



ඉතිං අලිය එයා ලඟට ගියා. ගිහිල්ල එයාට කතා කරන්න තැත් කරා.

අලියගෙ කකුල් දෙක ගිටාර් ගහනව. අපිට ඒ සද්දෙ මැඩගෙන.................................

"මේ .....අපි කියල දීපුව ඔයාට ප්‍රයෝජනවත් උනාද?"

මම හිතුවෙ ඩෝං ගාල සද්දයක් ඇහෙයි කියල හැබැයි එහෙම උනේ නෑ.

-"ආ ඔවු ගොඩක් ප්‍රයෝජනවත් උනා. thanks a lot"

"ඔයාට කියන්න දෙයක් තියනව........."

-"කියන්න......."

"i am sorry if i told you something wrong yesterday!"

-"!It's ok! don't mind it!"

"එහෙනං මම ගිහිං එන්නං! <God Bless You>"

-"God Bless You!!!"

ඊලඟට අලිය ගියෙ යුරේනි ගාවට

"මොකද උනේ?"

-"ශේප් ශේප්! මම දැං යනව..... පස්සෙ හමවෙමු! තෙරුවන් සරණයි............"

අලිය රසායනායතනයෙන් පිටඋනා....
**************************************

ඊලඟ කෑල්ල- තවත් සුපිරි දැවීයාමක් 04 - Baby -  තවත් චාටර්..... කියන්නෙ පට්ටපල් චාටර්!

Saturday, August 25, 2012

තවත් සුපිරි දැවීයාමක් 2


Caution: If you can read this.. please don't be scared. I have taken every action to hide your identity! The aim of this post is just sharing this story with my friends and not to harm/hurt anyone.

***************************

පහුවදා lecture එකක් තිබ්බ. ඒක පටං ගන්න තිබ්බෙ උදේ දහයට. අලිය රසායන ආයතනයට එනකොට නවය හමාරට විතර ඇති.

අවිල්ල අලිය පුරුදු පරිදි Auditorium එකේ පලවෙනි බංකුවට සෙට් උනා. එහෙම ඉඳං පොතක් එලියට ඇදගෙන බලන්න ගත්ත. බල බල ඉන්නකොට අලියගෙ හොඳම යාලුවෙක් වන Atom Ant තුමා ඇවිල්ල මං ලඟංම වාඩි උනා.
සංගීත විශාරද Atom Ant- සිටගෙන සිටින්නේ එතුමාය.


ඉතිං අලියයි ඈන්ට් තුමයි ආගිය ඒව කතා කර කර හිටිය.

මේ අතරෙ තුන්වැන්න ඇවිල්ල අපට පිටිපස්සෙ පේලියෙං වාඩිඋනා. .. එයාට යුරේනි කියමුකො. අවුරුදු ගානක් තිස්සෙ මාව දැනං හිටිය කෙනෙක්. දැං මාත් එක්කම රසායන ආයතනයේ ඉගෙන ගන්නව!

එයත් කතාවට එකතු උනා. කතාව විවිධ පාරවල් දිගේ ඇදිල ගියා.

කතාවෙ උණුසුම් ම අවස්ථාවට එලඹුනා. කතා කරකර හිටියෙ ඒ වෙලාවෙ Auditorium එකේ හිටිය අක්ක කෙනෙක් ගැන.........

යුරේනි: "<අලියා> අර කලිං කරගත්ත එක එහෙම ආයෙ කරගන්න එපා......"

අලියා: "නෑ නෑ එහෙම වෙන්නෙ නෑ බය වෙන්නෙපා. එහෙම උනත් ඔයාට අඳෝනා අහං ඉන්න වෙන්නෙ නෑ."

ඒ එක්කම සිව්වැන්න ඇවිල්ල එයාට ආවේණික pot එකෙං වාඩිඋනා. X

අලියා:"Good Morning! ඔයා මාව accept කරේ නෑනෙ අනේ"

එයා:"Good Morning.. මම ඊයෙ රෑ accept කරා"

ආයෙත් අර කලිං කතා පටං ගත්ත

යුරේනි: "මොකද්ද <අලිය> ඒ උනේ"

අලියා: "උනේ ද? Ready to listen to the new story!"

යුරේනි: "හයියෝ..............................!"

***************************

ආයෙ දවසක මෙන්න මෙහෙම උනා.

එදා මොකක් හරි ලෙක්චර් එකක් කැන්සල් වෙලා අපට මොකද්දෝ ලොකු නිදහසක් ලැබුන. ඉතිං අලියයි යුරේනියි අරයයි රසායන ආයතන මිදුනෙ බංකුවකට වෙලා කතාවකට සෙට් උනා. අපි අරමුණක් නැතුව රටේම තියන කෙප්ප කෙබර ඇද බබා හිටිය!

ටික වෙලාවකිං එයා නැගිටල ... යන්න අවසර පැතුව

"පරිස්සමිං ගිහිං එන්න <God Bless U>"

එයා යන දිහා මමයි යුරේනියි සෑහෙන වෙලාවක් බලාගෙන හිටිය.

යුරේනි කතා කරන්න පටන් ගත්ත!

"<අලිය> ඔයා ඇයි ඒ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍girl ගැන එච්චර හිතන්නෙ?"

-"නෑ මම එහෙම හිතුව නෙවෙයි. මට එයා එක්ක එහෙම ගණුදෙනුවක් නෑ. මම කියල තියනවනෙ ලවු කරන්න marry කරන්නෑ කියල! ඒව serious. විහිලුවට කිව්ව කතා නෙවෙයි."

"ඉතිං <අලිය> ඇයි ඔයා එහෙම ඉන්න හදන්නෙ?"

-"එකක් තමා ඔය ජීවිතේ කරදරයි. අනිත් දේ තමයි මම මගේ ජානමය දේවල් ගැන එච්චර සතුටු නෑ."

"ඉතිං <අලිය> ඇයි එහෙම කියන්නෙ! සමහර මිනිස්සුන්ට රටේ නැති ලෙඩ! සමහරු ඉපදෙද්දි අතපයවල් නෑ..... ඉතිං <අලිය> ඔයාට ඒ මුකුත් නෑ. ඔයා ඔයා ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා!"

"ඔයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ."

"<අලිය> මට බයයි. මොකද ඔයා අක්කලගෙ කේස් වලදිත් ගොඩක් වැටුන. හැබැයි ඔයා ඒ අක්කලගෙ කොල්ලො ගැන දැනගෙන හිටිය."

"බය වෙන්නෙපා මම දැං ඒවට හුරුවෙලා තියෙන්නෙ."

ඒ එක්කම එයාගෙ phone එක ring උනා. එයා call එක ගත්ත

"<අලිය> <කොල්ල> ඇවිල්ල ඉන්නෙ! මම යන්නං"

-"පරිස්සමිං යන්න එහෙනං.. තෙරුවන් සරණයි!"

"යන්න කලිං දෙයක් කියන්නං කවදාවත් තමං ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා!"

අලිය රසායන ආයතන මිදුලෙ බංකුවක් උඩ තනිඋනා!

(පින්තූරය බා ගත්තේ අප බැචෙක් වන පාරමී තුමාගේ Album එකකින්ය.)

Wednesday, August 22, 2012

අලි සීන්- තවත් සුපිරි දැවීයාමක්!

ප්‍රථමයෙන් කට්ටිය ෂමාවෙන්ට ඕන වැඩිය එන්න එහෙම උනේ නැතුවට. විබාග, සංගීත සන්දර්ශණ, දේශන............ දන්නැද්ද ඉතිං.

ඔය තත්ව යටතේ අලියට ඉතිං තව තව දේවල් සිඩ්ඩ උනා. මුනුපොතේ එහෙම ඉන්න අය මගෙ බිත්තිය එහෙම දැක්කනං හිතාගන්න පුලුවං ඇති.

මේ දවස්වල වෙන මොන එකත් වගේ ඔක්කොම කතා පටං ගන්නෙ මෙන්න මෙතනිං තමා.

prof. P P G L Siriwardhana Auditorium- I Chem C


 මෙහි පෙනීසිටින කිසිවකු මෙම කතාවට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න!!!


සිටගෙන සිටින්නේ ආචාර්ය ඇල්කෙමියා මහතා වන අතර හිඳ සිටින්නේ මහාචාර්ය K A S පතිරණ මහතාය.


සාමානයයෙං දෙවෙනි lecture එකට පස්සෙ පැයක විතර විවේකයක් ලැබෙනව.

අලිය සාමාන්‍යයෙන් ඉඳගන්නෙ auditorium  එකේ පලමුවෙනි ම බංකුවේ. ඔය ඉන්ටවල් එකට කැන්ටිමට ගිහිං කාලබීල ඇවිත් පිටිපස්සෙම බංකු වලට වෙලා කා හරි එක්ක කයියක් ගගහ ඉඳල එකහමාර වෙද්දි ඉස්සරහ බංකුවට එනව.



මම හිතන්නෙ මැයි මාසෙ.... දවසක.... එහෙම එනකොට. කවුද මන්ද හීනි හඬකිං අලියට කතා කරා.

අලියත් එයා ලඟට ගියා. කොන්ඩෙ දිග... උස... චුට්ටක් කලු... ලස්සන කෙළිපොඩ්ඩක්.

"මොනවද කෙරෙන්න ඕන."

-"අනේ මට මෙන්න මේක හදන හැටි කියල දෙනවද?"

"බලමු......" අලියත් ලංවෙලා බැලුව. සරල radiochemistry ගානක්.

දන්න සෙල්ලං දාල අලිය මේ ගාන හදල දුන්න. ඒ එක්කම අලිය එයා එක්ක කතාවට වැටුන.

"ඔයා ඉන්නෙ කොහෙද?"

-"මගෙ ගෙවල් තියෙන්නෙ <මද්‍යම පලාතේ නගරයකි> , මම දැං ඉන්නෙ <කොළඹ තුල ප්‍රදේශයකි>"

"ඔයාගෙ අම්ම තාත්ත මොකද කරන්නෙ?"

-"අපේ අම්ම <යම් රජයේ රැකියාවකි.> දැං එයා retire වෙලා ඉන්නෙ. තාත්ත <business>"

"ඔයා FB ඉන්නවද?"

-"ඔවු. මගෙ නම <මොකක් හරි කියමුකො> මට <x> කියන්න....."

තවදුරටත් ඔය ආකාරයෙන් සංවාදය ගලාගෙන ගියා.



***********************************
මේ අතර අපට බාහිර වැඩක කීපයක් සෙට් උනා.

එකක් තමයි උදේට අල්ලපු වත්තෙ තියන වඩිහිටි නිවාසෙ බලන්න යන එකයි.. හවසට ස්වාමීන් වහන්සෙ නමක් වඩම්මවල බණක් අහන්න ලෑස්ති කරන එකයි.

මේ දෙවෙනි එක කරන්න නං බණට කලිං දවසෙ Adamentane house එකේ හෝල් එකක පුටු ටික සම්පූර්ණයෙන්ම වෙන හෝල් එකකට ඇදල දාල අර හෝල් එක අතුගාල කරල තියන්න ඕන.

කලිං දා තිබ්බ කුප්පිය ඉවර උනාට පස්සෙ සියලු බැචා වරු සෙට් වෙලා පැය බාගෙට පුටු ටික ඇදල දැම්ම.

ඇදල ඉවර වෙලා අලිය ගියා පුටු ටික ගබඩා කරපු හෝල් එකට. ඉතිං කට්ටිව වාඩිවෙලා එහෙම ඉන්නෝ. ... අලිය හෝල් එක වටේටම ඇහැ යැව්ව.

අලියගෙ ඇහැ ගියා බිත්තිය අයිනේ පේලියට තියපු පුටු පේලියක කෙලවර පුටු තුනේ වාඩි වෙලා හිටිය තුන්දෙනෙක් දිහාවට!

අන්න එයා ඉන්නව.

අලිය එතෙන්ට ඇදුනා.

"කොහොමද?"

-"හොඳයි!"

ඊලඟට කතාව විවිධ මාතෘකා දිගේ ඇදිල ගියා.

අලියට කාරණයක් අහන්න හිතුන.

"ඔයාට මෙහෙ හොඳම යාලුවෙක් ඉන්නවද?"

එකපාරටම එයා පුදුම වෙලා වගේ අලිය දිහා බැලුව.

-"ඇයි ඔයා එහෙම අහන්නෙ?"

අලියට නිකමට හිතුන මම වැරදි ප්‍රශ්ණයක් ද ඇහුවෙ කියල.

"නෑ නෑ මම නිකමට ඇහුවෙ"

ආයෙත් කතාව ඇදිල ගියා!

ටිකකිං ගෑනු ළමට නැගිට්ට. 

"මම යන්න ඕන! ගිහිල්ල එන්නං! bye"

කියල එයා යන්න ගියා. අලිය එයාට යන්න දීල අලිය වහාම දොර ඇරගෙන පඩිපෙල ලඟට ගියා. ගිහිං පඩිපෙලේ හිටිය එයාට කතා කරා.

"මට ඔයාට කියන්න දෙයක් තියනව......."

-"ඔවු, කියන්න"

"මට ඕන ඔයාගෙ යාලුවෙක් වෙන්න විතරයි. වෙන මොනවත් එපා!"

-"I Know that... It's ok!!"

"එහෙනං ගිහිං එන්න. bye"

*****************
ඊලඟ කෑල්ල තවත් චාටර්..........................

Tuesday, June 5, 2012

අලිසීන්- කේක් පෝලිමේ විප්ලවය



කට්ටිය ඉතිං ෂමාවෙන්න ඕන වැඩිය ලියන්න කියන්න බැරි වෙච්ච එක ගැන. කොහොම හරි කට්ටිය හොඳිං ඉන්නවනෙ!


මෙන්න මෙහෙම දෙයක් සිද්ද වෙලා තියනව.... පුලු පුලුවන් විදියට අපි අපේ මේ සහෘදයටත් සපෝට් එක දෙමු!

**************************************

පහුගිය නත්තල් කාලෙ සිද්දවෙච්ච සීන් එකක්. කාලෙ කියන්නෙ ඉතිං හරියටම දෙසැම්බර් විසි හතර.

දෙයියනේ කියල බ්ලොග් එකක් බලබල ඉන්න ගමං අපේ අම්ම ලඟට ආව.

"පුතා පොඩ්ඩක් මීගමුවට ගිහිල්ල පොඩි වැඩක් කරං එන්නකො?"

"ඕ! මොකද්ද? "

"ටවුන් එකේ තියනව <මොකද්ද කෙල්ලෙක්ගෙ නමක්> බේකරිය කියල එකක්. ඒකෙං බටර් කේක් කිලෝ දෙකයි fruit කේක් එකයි........................................"

ඉතිං අලියත් ෂර්ට් එකක් කලිසමක් දාගෙන ලොකු බෑග් දෙකකුත් අරං ඉතිං ගියා කියමුකො මීගමු ටවුමට.

ගිහිල්ල ඉතිං අදාල පෝලිම හොයාගත්ත.

මළ කෙලියයි දශම පහයි.

බේකරිය ඉස්සරහ කේක් පෝලිම නිකං ඇනකොන්ඩ වගේ.

අලිය ඔහොම්ම ටිකක් ඉස්සරහට ගියා කියමුකො. ගියාම තව පෝලිමක් තියනව. ඒක නිකං ඇනකොන්ඩගෙං දහයෙං නවයක් වගේ.

අලියත් බැලුව ඉතිං ඇනකොන්ඩට වඩා ඇනකොන්ඩගෙ 9/10 හොඳානෙ කියල ඒ පෝලිමට පිටිපස්සෙං ජොයින්ට් උනා.

ඉතිං කාලය ගතවෙනව......... පෝලිම 1cm/h වගේ ඉතා ඉහල ප්‍රවේගයකිං ඉස්සරහට යනව.....අව්වට තෙමෙනව...... පාරෙ යන මිනිස්සු කෝචොක් කරං යනව........

"ගෙදර කේක් එකක් දාගන්න බැරි හැටි" :D

මේ තත්ව යටතේ තව වැදගත් සිදුවීමක් වෙන්න ගත්ත.

පිටිපස්සෙං ටිකක් වයසක පහේ ගෑනු කෙනෙක් පෝලිමට ජොයින්ට් උනා. ඒ වෙලාවෙ ඉඳං එකම සද්දයයි.

"මොනාද අනේ ඔය පෝලිං පනින්නෙ. අපි මේ කොච්චර වෙලා ඉඳංද ඉන්නෙ...................................."

"මොනාද අනේ කරන්නෙ................ පෝලිම කෙලිං තියාගන්නකො........................."

"මොනාද අනේ අර කට්ටියට පෝලිමේ ඉන්න කියන්නකො. එයාල අරං යනව අපි පෝලිමේ ඉන්න ඕන."

ආදී වශයෙන්.

ඔහොම පෝලිම ඉස්සරහට ඇදෙද්දි ටිකක් මහත ඩයල් එකක් කේක් කඩේ දොර ගාව ඉඳං කේක් දෙන එක්කෙනා එක්ක කතා කරකර ඉන්නව.

අර උන්දට ආයෙත් ෆ්ලවර්ජම්ප් උනා.

"මේ ඔයා පෝලිමේ ඉඳල ඇවිල්ල කේක් ගන්නකො. අපි පැය ගානක් මෙතන හිටියනෙ"

ඊලඟට තත්වය අලුත්ම මුහුණුවරක් ගත්ත. දැං කතා කරන්න ගත්තෙ අර ඩයල් එක...........

"අම්මේ........ පොඩ්ඩක් අහන්න........ මම ආවෙ කේක් ගන්න නෙවෙයි...... මගෙං ඔයාලට කේක් ගන්න කිසිම බාදාවක් නෑ" කියල තව ටිකක් අතන හිටිය කෙනා එක්ක කතා කරකර හිටිය.

ටිකකිං ආයෙ කතා කරා.

"ඔයා පෝලිමේ හිටියට වඩක් නෑ අම්මෙ කේක් ඉවරයි. කේක් ලොරිය දැං පෑලියගොඩ එන්නෙ!" කියාගෙන එයා යන්න ගියා.

පස්සෙ ඉතිං අලියගෙ වාරෙ ආවම අලියත් කේක් අරං ගියා. fruit කේක් ඉවර වෙලා තිබ්බෙ. බටර් කේක් කිලෝ දෙකක් අරං අලිය යන්න ගියා.

ගෙදර ගිහිල්ල , නාකියාගෙන, දවල්ට කාල ටිකක් නිදාගන්න ගියා

නිදාගෙන ඉන්නකොට තමා මේ සීන් එක මතක් උනේ

"සිරාවට අර ඇන්ටිට ඊට පස්සෙ මොකද අප්ප උනේ ????" :D

ගිහිල්ල එන්නංකො

Thursday, May 17, 2012

අලියාගමනය 2

සෑහෙන්න කාලෙකට පස්සෙ, අපේ කට්ටිය එහෙම සනීපෙං ඉන්නවනෙ!

පහුගිය දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි උනා. බ්ලොග් රාජයගෙ තාක්ෂනික ප්‍රශ්ණෙකුත් ආව. ඒ පාඩුව මගහරවගන්න කරන්න පුලුවන් හැමදරම කරත් අන්තිමට කලිං ලිව්ව දේවල් හැමදෙයක්ම වතුරෙ ගියා,

ගිය හකුරට නාඬන්නේ තියන හකුර රැක ගන්නේ කියනවනෙ. ඉතිං එ්ව ගැන කනගාටු වෙන්නැතුව වැඩේ අලුතිංම පටං ගත්ත.

මම එච්චර සිරා දේවල් ලියන කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් කියවන අයගෙ ලේ සුද්ද වේවා කියල හිතාන තමයි ලියන්නෙ. මම දන්නෙ නෑ එහෙම වෙනවද කියල.

ඉතිං අදත් කට්ටියගෙ ලේ සුද්ද වෙන එකක් ලියන්න ගියාට .... මුලු ලාංකීය බ්ලොග් ගෝළයම වගේ ශෝක වෙන වෙලාවක ඒක සුදුසු නෑ කියල මට හැඟෙනව.

මම කවදාවත් Observer මහත්මය එක්ක ගනුදෙනු කරල නෑ. ඒ ගැනත් ගොඩක් දුකයි. ගොඩක් දෙනා ලියල තියන දේවල් කියවනකොට මට හිතුන එතුමා යහපත් කෙනෙක් කියල. කොහොම උනත් එතුමාගේ සමුගෙන යාම ගන අලියත් කණගාටු වෙනවා.එ් වගේම එතුමාට නිවන් සුව පතනවා!

**********

වෙන දවසක එන්නංකො!