Saturday, December 3, 2016

අලිඩියා(අලි + idea): විෂුවල්

ප්‍රථමයෙන් සමාව භාජනයට දමා තබාගත යුතුය. මන්ද යත් කලින් පෝස්ට් එක ලියා save කර තිබියදී දෘඩතැටිය අවසන් ගමන් ගියේය. එහෙයින් සේසතම වියදම් කර නව දෘඩතැටියක් ගන්නා තුරුම උඩබලා සිටීමට සිදුවිය.

මොකද්ද ලියන්නෙ කියා සිත සිත සිටින විට මෙන්න මේ මෙමරිය දර්ශණය විය. එබැවින් එහි අතීත කතාව ලිවීම වැදගත් වෙතියි සිතමි.




සින්දුව ගැන එතරම් ලොකු ප්‍රශ්ණයක් නැත. කතන්දරය visual එක ය. යහපත් mood එකකින් පසුවන්නේනම් පමණක් එය බලන මෙන් අැරයුම් කරමි.

https://www.youtube.com/watch?v=Nacj_u-Ynj0

අලියා යනු, විශේෂයෙන්ම කාන්තාවන් සමග ගනුදෙනු කිරීමේ අති අදක්ශයෙකු බව පැහැදිලි වී අැතැයි අලියා සිතයි.

එහෙයින් යම් කාලයකදී අලියා පිටඋඩ ඉතා අාදරයෙන් තබාගෙන සිටි අය ඉතා කෙටි කාලයකින්ම අලියා සමග අමනාපකම් සදාගත් බව සඳහන් කරන්නට අැති බව අලියාට මතකය.

අලියා ඔය සින්දුව මුලින්ම දකින්නේ මෙබඳු වාතාවරණයක් තුලය. එය අසා ඉවරවී බලන කල්හි අලියාගේ මුහුණ තෙත්ව තිබුණි.

තුවාලය පාරවාගැනීම සඳහා අලියා තවත් දෙවරක් මේ සින්දුව buffer කරගත්තේය. තුන්වැනි වතාවේදී එය ඉවර වීමට පෙරම විදුලිය බිඳවැටුනි.

පසු දවසක නැවතත් මෙය ම buffer වෙමින් තිබූ අවස්ථාවකදී නැවතත් විදුලිය විසන්ධි විය.

මෙම සිදුවීම අසාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකූ අලියා, මෙසේ වන්නට අැත්තේ අලියා, මෙය අසා සිත රිදගන්නවාට අකමැති යම් පුද්ගලයෙකු හෝ වෙනත් program එකක් නිසා බව සිතුනි. එහෙයින් අලියා නැවත මෙය අැසුවේ නැත.

ඉහත සිදුවීම් දාමයන්ගෙන් පසු, එවකට අලියාට තිබූ මානව සම්බන්ධතා අධික යම් වෘත්තියක් පිලිබඳ සිහිනය බල්ලාට දමා අණුක ජීව විද්‍යාව අතින් ඉදිරියට යාමට තීරණය කලේය. එසේ වීම සඳහා ගත් උත්සාහය අවසානයේ අලියා රසායන විද්‍යා අායතනයට අැතුලු විය.

වසර හතරක බරපතල සිරදඬුවමකට පසු එලියට පැමිණි අලියා,සත් වසරක් පැතූ පරිද්දෙන් ශාස්ත්‍රපති උපාධිය සඳහා ජෛවරසායන, අණුක ජෛව වේද සහ ජෛවතාක්ශණ අායතනයට අැතුලු විය.

අලියා බඳින ස්ථානයේ සිට මෙම අායතනය දක්වා යාම එ්ම සඳහා අඩු වියදම්, නමුත් වේගවත් ක්‍රමයක් අවශ්‍ය විය. මදක් කල්පනා කල අලියා, මේ සඳහා දුම්රිය තෝරා ගත්තේය.

දේශණයක් නිමවී අාපසු යාම සඳහා දුම්රිය පොලට පැමිණි අලියාට අහම්බයෙන් දුම්රියේදි අසුනක් හිමි විය. එහි ඉඳගත් අලියා දුම්රිය ගමන්ගන්නා තුරු උඩ බලාගෙන සිටියේය. එසේ සිටියදී අලියා කලකට පෙර ජනකතා පොතක කියවූ කතාවක් මතක් විය.

නම් ගම් මතක නැති බැවින් කෙටියෙන් දක්වනු ලැබේ.

යටත්විජිත සමයේදී එක්තරා වෙද මහත්තයෙකුගේ ගවපට්ටියක ගවයෙකු, දුම්රියේ ගැටී මියයයි. වෙදමහත්තයා එක්තරා විදියක පුද්ගලයෙකු වූ බැවින් එය දුම්රිය රියදුරා විසින් සිතාමතා කල යමක් ලෙස වටහාගනී. මෙය පරීක්ශා කිරීම සඳහා වෙදමහතා, ඊලඟ දවසේ දුම්රිය මගට ගසක අත්තක් කපා දමා තබයි. අත්ත චලනය නොවන හෙයින් එය අෑතදීම දකින රියදුරා ක්‍රමයෙන් දුම්රිය නවත්වා ගනී.

මේ ගැන කල්පනා කරකර සිටි අලියාට ඊලඟට සිහිවූයේ ඉහත සින්දුව හා එහි visual එක ය. ඊලඟට පැමිණියේ මෙබඳු සිතුවිල්ලකි.

"අයිසෙ සුද්ද කාලෙත් කෝච්චිය නැවැත්තුවනං පාර හරහ කාර් එකක් තියනව දැකල කෝච්චය නවත්තගන්න බැරි මොකද බං!"

මේ ගැන මදක් කියවූ අලියාට දුම්රිය වල තිරිංග පද්ධති පරිණාමය වී අැති අාකාරය ගැන අදහසක් ලබාගත හැකි විය.





https://en.wikipedia.org/wiki/Railway_air_brake

https://www.europeanbrakingsystems.co.uk/history

(අලියා යනු, මෙව්ව ගැඹුරට දන්නා කෙනෙකු නොවන බව සලකන්න)

අලියාගේ අවසාන නිගමනය වූයේ ඉන් වසර ගණනාවකට පෙර අලියා සමග අමනාප වූවන් නිසා අලියාගේ මයිල් ගහකටවත් මොනවත් සිදුවී නැති බවය.

එතැන් සිට අද දක්වා මේ සින්දුව අලියා විසින් ගේමක් නැතුව අසනු ලැබේ!