Thursday, October 23, 2014

අලිසීන්- උඹ නැතුව උඹ එක්ක


පසුගිය දිනවල පොඩි පොඩි කරුම මාලාවක් ගෙවමින් සිටි නිසා මෙහි කිසිවක් ලිවීමට නොහැකි වීම ගැන මෙව්ව එක පලකරමි.

මේ සීන් එක සිදු වූයේ අලියාට මතක පරිදි ගිය වසරේ අගභාගයේ ය.

අලියා ට විභාගයක් තිබුනෙන් කුප්පියක් සඳහා අැටම් අැන්ටා ගේ ගෙදර යාමට යෝජනා විය. එබැවින් අලියා රද්දොලුගම යාම සඳහා මීගමුව බස්තොටුපොලට කුකුලා අතේ අරන් ම සැපත් විය. අලියා එහි යනවිට රද්දොලුගමට යන එකම බස් එක වූ මීගමුව ගම්පහ මාර්ගයේ බසයක් නවත්වා නොතිබුනු බැවින් අලියා අසල බස්තොටුපොලේ වූ කඩයකින් රුපියල් පණහක් අලියාගේ ජංගම දුකට දමාගෙන අදාල බස් රථය නවත්තන තැන වූ බංකුවක් මත වාඩි වී දවල්හීන බලමින් සිටියේය.




මද වේලාවකින් මීගමුුුව ගම්පහ බස්රථයක් පැමිණ එම ස්ථානයේ නවත්වන ලදී. එ් සමගම යම් තැනැත්තෙක් අලියාගේ දුක ට කතා කල බැවින් එයට පිලිතුරු දීම සඳහා විනාඩියක් පමණ බස් රථයට නැගීමෙන් වැලකී සිටියේය.

අැමතුම අවසානයේ දුක සාක්කුවේ දමාගත් අලියා බසයට ගොඩ විය. එසැනින් බසයේ වූ සියලු අාසන අලියා විසින් පරිලෝකනය (Scan) කරන ලදී. අවසානයේ හොඳින් සුලඟ වදිනු පිනිස අලියා පිටුපස දොර අාසන්නයේ වූ අාසනය බලා ගමන් කලේය.

"<අලියා!>"

එක්වරම යමෙක් අලියා පිටුපසින් අලියා අමතන ලදී. අාපසු හැරී බැලූ අලියාට දක්නට ලැබුනේ අලියාගේ පාසල් කාලයේ මිතුරියක් සහ අැයගේ මවයි.

"<අලිය>මට ලොකු කරදරයක් වෙලා! මට ඔයාගෙං ලොකු උදව්වක් ඔ්න!"

අලියා: "ඔවු මොකද්ද? ඔ්න එකක් කියන්න...."

ඉන්පසු අලියාගේ මිතුරිය විසින් අැගේ ප්‍රශ්ණය විස්තර කරන ලද අතර අලියා මෙය (අවශ්‍ය තැන් වලදී ප්‍රශ්ණ නගමින්) සාවධානව අසා සිටියේය.

සරලව ගත් කල අැය යාලු වී සිටි පිරිමි ළමයා (ද අලියාගේ ම මිතුරෙකි) හදිසියේ ම සම්බන්ධය නවතා දමා තිබේ. මේ හේතුවෙන් මිතුරිය වරක් දිවි තොර කරගැනීමට ද උත්සහ කල බව අැගේ මව සඳහන් කලාය.

මීලඟය අලියා (ඉන් පෙර අනන්ත වාරයක් කර අැති අයුරින්) හැකි පමණ අැගේ සිත හැදෙන පරිදි කතා කර අැගෙන් කොල්ලාගේ දුක අංකය ද ඉල්ලා ගන්නා ලදී!

මිතුරිය: " අනේ පුලුවන්නං ලොකු උදව්වක් ඔයා එයාට කතා කරල මේක පැහැදිලි කරල දෙනවද?"

අලියා: "හරි මම බලන්නංකො, මම කෝල් කරල හරි මැසේජ් එකක් දාල හරි කතා කරල බලන්නං.. එතකං මම කලිං කියපු විදියට පරිස්සමිං ඉන්න."

මෙසේ කී අලියා මිස් කරගත් බසය වෙනුවට ඊලඟ බසයේ නැත අැටම් අැන්ටාගේ නිවස බලා පිටත් විය.

.........................

අලියා අැටම් අැන්ටාගේ නිවසේ සිටියදී කොල්ලා සම්බන්ධ කර ගැනීමට කොතරම් තැත් කලත් දුරකතනයට එහා අන්තයෙන් කිසිවෙක් උත්තර දුන්නේ නැත. බැරිම තැන අලියා ගෑනුළමයාට කතා කලේය.

අලියා:"මේ අරය ගන්නේ නෑනෙ"

මිතුරිය:"<අලිය> දැං මං මොකද කරන්නෙ?"

අලියා:"මම මැසේජ් එකක් වත් එවල බලන්නං. එතකං ඉන්නකො"

මිතුරිය:"මගෙ තව යාලුවෙක් ඉන්නව එයාට කිව්වොත් එයත් කතා කරයි හැබැයි එයා නං කතා කරන්නෙ $@#$#%#%#$^%%^&%^&^**&^ කියල තමා! "

අලියා:"නෑ නෑ එහෙම කලබල කරගන්න එපා... අපි හොඳිං කතා කරල බලමු. මම දැං මැසේජ් එකක් දාල බලන්නං."

දුක පැත්තකින් තැබූ අලියා තවමත් කරකවා අතහැරි ස්වාභාවයෙන් පසුවිය.

අැටම් අැන්ටා: "අලිය මොකද කේස් එක?"

අලියා: "නෑ අරය කිව්ව එයාගෙ යාලුවෙක් ඉන්නවලු. එයා දන්නවනං එ් කොල්ලට බනිනවලු"

අැටම්: "ඉතිං අැයි මේ හොල්මං වෙලා"

අලියා: "නෑ එ් ළමය බනින විදිය simulate කරල පෙන්නුව"

ඉන්පසු අලියා තම දුක අතටගෙන මැසේජයක් කොටන ලදී. යම්කිසි හේතුවක් නිසා අලියාට මේ මැසේජය තවකෙකුට කියා පරීක්ෂා කරගැනීමට සිත්විය.

අලියා: "අැන්ට මේ මැසේජ් එක හොඳද බලපං"

අැන්ටා ද එය පරීක්ෂාකරී ලෙස කියවන ලදී

අැන්ටා: "අයියො අයියෙ මේක යවන්න එපා!!"

අලියා: "අැයි මොකද්ද අවුල?"

අැන්ටා: "මේක යැවුවොත් කෙල්ලයි කොල්ලයි ඔයාව මරයි?"

අලියා: "අැයි මං මොකක්හරි නුසුදුසු දෙයක් කියල තියනවද?"

අැන්ටා: "අයියෝ අලිය මේ මොකද්ද ලියල තියෙන්නෙ?"

අලියා අැන්ටාගෙන් දුක උදුරාගෙන ලියා අැති මැසේජය කියෙව්වේය. එය පහත පරිදිය.....
.
.
.
.
.
.
I am a friend of <කෙල්ලගේ නම>. She told me that you do not love her now. but she loves you so much.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
She cannot live with you. Therefore please talk to her!
.
.
.
.
අලියා: "මළකෙලියයි මේක යැව්වනං මුං මාව වඩාගන්නව!"

පසුව අදාල ස්ථානයට out යොදා මැසේජය යවන ලදී.

කාලාත්‍රයේ පසුයාමයේ දී මිතුරිය පිස්සු කෙලීම පසෙක තමා වෘත්තීය ජීවිතය කෙරෙහි අවධානය යොමු කල අතර අැය මහත් සාර්ථතකත්වයට පැමිණෙන අයුරු අලියා මහත් ෆන් එකෙන් බලා සිටී

Tuesday, May 20, 2014

අලිසීන් - ගමන් මග 07 (බොන අයට විශේෂයි)



මේ වූ කලී මහාචාර්ය වැලිහිඳයන්ගේ දේශණ මාලාවේ තවත් දවසකි. බොන අයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙතියි බලාපොරොත්තු වෙමි.

පොඩි පොඩි කරුණු ටිකක් දැන සිටීම වැදගත් වේ

Gluconeogenesis - යනු දිගු කාලයක් ආහාර නොගත් තත්ව යටතේ හෝ මාරාන්තික උපවාස තත්ව යටතේ රුධිරයේ ග්ලූකොස් තිබිය යුතු මට්ටමේ පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවකි. මෙය සිදුවීම සඳහා NAD නම් රසායනිකයක් වැය වන අතර එය NADH බවට පත් වේ

ඊලඟට ඇල්කොහොල් පරිවෘතිය - පටිගත කරගත් ගුරුතුමා ගේ පාඩමේ පරිදි විස්තර කිරීමට උත්සහ කරමි.

"What happens when you goto a party and drink

Boys take විස්කි or arrack or ගල් අරක්කූ or පොල් අරක්කු.

Girls take wine since it is alcohol,ethanol.

how is this metabolized?? ethanol how is this metabolized

Those who drink alcohol will complain of a headache in the morning! Specially when it is not a very good drink!  why?

හැන්දෑවට දෙකක් දාගත්තම උදේට හිසේ ඇම්මක්!

you must have heard people saying 

ඝල් අරක්කු බිව්වම සෙම නෑ කියවයවනෙ?
අහල තියනවද?
ගල් අරක්කු බිව්වම සෙම නෑ ඔලුවෙ කැක්කුං නෑ හරිෂෝක්
"

ඕකට පිලිතුර මෙහෙමය. ඔය ඒවා පැසවන ලද එ්වාය. මේනිසා එහි ඇල්කොහොල් වලට අමතරව  එහෙ වෙනත් ද්‍රව්‍ය ඇත. සියලු අතුරු ආබාධ ඇති වන්නේ මේවා නිසාය.

ගුරුවරයා කියන පරිදි ගල් අරක්කු යනු යම් වර්ණකයක් සමග එතනොල් ය. මේ නිසා අතුරු ආබාධ අඩු ලු! අනේ අලිය නං දන්නේ නැත.


"Don't laugh. i Know a very good වෙද මහත්තය in වෙන්නප්පුව.
In a party he has all the whiskeys,konyak, arrack, and another one and

thats Home distilled කසිප්පු

Superb කසිප්පු

famous වෙද මහත්තය. and he takes කසිප්පු
  "

මේ කොයි එක බිව්වත් අක්මාවේදී මේවා විෂහරණය කරනු ලැබේ. කරන්නේ මෙසේය.

අක්මාවේ දී  එතනොල් ඇල්කොහොල් ඩීහයිඩ්‍රජනේස් එන්සෛමය මගින් ඇසිටැල්ඩිහයිඩ් බවට පත් වේ. මෙය ඇල්ඩිහයිඩ් ඩීහයිඩ්‍රජනේස් මගින් සිට්රික් අම්ලය බවට පත් වී වෙනත් ප්‍රයෝජනවත් ප්‍රතික්‍රියා සඳහා යවනු ලැබේ.

ඉහත ප්‍රතික්‍රියා දෙකටම NAD වැය වී NADH බවට පත් වේ

"You may have read in papers, people dead following consumption of කසිප්පු, Why?"


"මීතයිල් ඇල්කොහොල්" (පිලිතුර දෙන ලද්දේ අලියාය)

"Yes..Because bad distillation you get methyl alcohol,

if distillation is so bad it becomes critical.  then only people die

why do people die because it is methyl alcohol  same enzymes metabolize methyl alcohol

එතකොට මීතයිල්  ඇල්කොහොල් අැසිටැල්ඩිහයිඩ් වෙනුවට Formaldehyde වෙනව

මොනවද formaldehyde?

එම්බාම්

Formaldehyde එම්බාම් කරන්න ගන්නවනෙ

so cheap මලාට පස්සෙ එම්බාම් කරන්න ඕන නෑ
"


"Interestingly when people are brought to the hospital

Doctors know this is methanol!

Then?"

"එතනොල්" (අවාසනාවන්ත අයුරින් පිලිතුර දුන්නේ අලියාය)

"How do you know?" (එක්වරම පසුබිමින් බරපතල හිනා හඬක් ඇසේ)

එන්සෛමය මෙතනොල් වලට වඩා එතනොල් වලට වැඩියෙන් බැඳේ. එබැවින් එතනොල් දුන් විට මෙතනෝල් ක්‍රමයෙන් දේහයෙන් ඉවත්වේ.

මීලඟට ඉහත එතනොල් කතාව Gluconeogenesis කතාවට සම්බන්ධ කරන ලදී

අධික ඇල්කොහොල් භාවිතය නිසා Gluconeogenesis ඇනහිටී. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ ආහාර නොගෙන බොන විටය

" This usually happens
with people who have broken love affairs


එතකොට හිතේ අමාරුවට මුං කන්නෙ නෑ බොනව

(අලියා දෙසට හැරී)
මහ මෝඩයො!
නේද?
තව කොච්චර ඉන්නවද?

.........

people who broken love affair end up in hospitals due to hypoglycemic coma
මුං බොනව කන්නෙ නෑ ඉස්පිරිතාලෙ

දැනගත්ත ගමං මොකද කරන්නෙ
INTRAVENOUS INFUSION OF DEXTROSE



හෙණ ගහපුව වගේ නැගිටිනව! බුහ් ගාල
නැගිටිනකොට ගෑනුළමයගෙ නමත් කියාගෙන නැගිටින්නෙ"


වැඩි සීග්‍රතාවයකින් ඇල්කොහොල් පරිවෘතිය සිදුවීම නිසා වැඩි වැඩියෙන් NADH සැදේ. එවිට ප්‍රතික්‍රියා Gluconeogenesis වලට විරුද්ධ පැත්තට ක්‍රියාත්මක වේ

"හිතේ අමාරුවට කන්නෙත් නෑ, Gluconeogenesisසුත් නෑ, Glucose level comes down, and coma"


අලියා ලඟ ඇති පටිගත කල පාඩම අවසානය මින් ඉදිරියට ඇසෙන අයුරින් ලිවීමට තැත් කරමි!



(දිගු ඝෝෂාවක් ඇසේ)

-"<අලිය > අයියෙ බූට් එක කෑව නේ"

+"<අලිය> අයියෙ අර කාලෙ ගියා නේ"

+"ඒක තමා කේස් එක"

-"අයියත් අඩිය ගැහුව නේ, බඩු මාට්ටු නේ"

+"කටිම්ම මාට්ටු"


යමෙක් තදින් සිනාසෙනු ඇසේ. ඊලඟට අප්පුඩි තුනක් ඇසේ

"There is an interesting question,

I am not going to show you who asked
obviously a boy

එයා අහනව ගොඩක් කාල ගොඩක් බිව්වම හොඳද කියල

Drinking a lot is not good

හැම තිස්සෙම බොන ගමං මොනවහරි කන්න ඕන. එ් නිසා තමා බොන වෙලාවට බයිට් ගන්නෙ

ඒකත් කියන්න ඕන,
There are certain bytes that act as blotting papers
 
පොල් රොටි for example,
කොච්චර බිව්වත් දැනෙන්නෑ!


......................
Anyway taking liquor in whatever form is not good,

මොකද එක එක්කෙනාගෙ අක්මාවවල් වෙනස්

Some people drink from morning to evening nothing happens.
අනිත් උං නිකං හිටියත් සිරෝසිස් හැදෙනව

Chille is another killer, මිරිස්

Taking liquor in whatever form is not good, eating a lot is not an excuse

"
ලබන සතියේ ChemEx 3 ආතල් බලාපොරොත්තු වන්න!

Thursday, April 3, 2014

අලිසීන් - ගමන් මග 6



ප්‍රථමයෙන් සමාව ඉල්ලිය යුතුය. මාසයක් පමණ විභාගය තිබූ බැවින් වැඩිය මේ පැත්තේ පැමිණීමට නොහැකි විට. මේ තත්ව යටතේ අපි ගැන සොයා බැලූ අටම්පහුර මහතා , සයුරි මහත්මිය හා අනිත් කොන මහතා ට විශේෂ ස්තූතිය පිරිනමමි!

ගමන් මග ගැන අවසාන වතාවේ කතා කරන ලද්දේ තරඟයේ කතාව ය.

මේ කාරණයෙන් මාස හයහතකට පමණ පසු උපෙ ට ඉඳගතිමු. ජීවවිද්‍යාවට සී එකයි අනිත් දෙකට එස් දෙකක් ගෙන යන්තං ගොඩ යාගත හැකි විය.

මේ ප්‍රථිපලය සත පහක වැඩක් ඇති එකක් නොවූයෙන් දෙවෙනි වතාවක ද විභාගය කිරීමට ද සිදුවිය. කලින් ප්‍රතිඵලයට වඩා ලොකු වෙනසක් නොවුයෙන් වෙන දෙයක් වෙද්දෙං කියා තුන්වෙනි වතාව ද විභාගයට මුහුණ දෙන ලදී.

මේ වන විට ජෛව රසායන ක්ෂේත්‍රයට හේත්තු වීමට ඇති හැකියාව ඉතා අවම බව පෙනී ගිය බැවින් අලියා කවුරුත් එල්ලෙන වැල වූ තොරතුරු තාක්ෂණය දෙසට මදක් නැඹුරු විය. අලියා තුන්වෙනි පාර උපෙ කරන අතරේ ම ඉදිරියට වෙන දේකට සූදානම් වනු වස් Java ද ඉගෙනීමට පටන් ගති.

දිනක් කුමක්දෝ වෙබ් අඩවියක් බලමින් සිටි අලියාට එහි ඇල්කෙමියා නමින් යොදා තීබූ කමෙන්ට් එකක් නෙත ගැටුනි. ඒ ඔස්සේ සොයා බැලූ අලියා එම මහතාගේ බ්ලොග් අඩවියට පිවිසුණී.

ඒ මහතා තම බ්ලොග් අඩවියේ ලියා තිබූ උසස් අධ්‍යාපනය පිලිබඳ ලියකියවිලිවලට අලියාගේ සිත ඉතා තදින් ඇදී ගියේය. තවදුරටත් සොයා බැලූ අලියාට ඇ මහතා සහ රසායනායතනය අතර වූ සම්බන්ධතාවය අනාවරණය විය. අන්තර්ජාලය ඔස්සේ ඇ මහතා සමග කල සාකච්ඡාවකින් අනතුරුව, අලියාගේ රසායන විද්‍යා ගුරුවරයා වූ නිර්මාලි මිස් , විජේනායක සර් ගේ සහ ඒ වන විට එම ආයතනයට සම්බන්ධව සිටි අලියාගේ මිතුරෙකු ගේ උපදෙස් ද පරිදි අලියා එම ආයතනයට සම්බන්ධ විය.

2012 ජනවාරියේ සිට ඊලඟ වසර දක්වා කාලය තරමක ආයාසයෙන් යුතුව ගෙවා දමන ලදී. හේතුව, අදාල වසර සඳහා ජෛවරසායන විද්‍යාව මෙලෝ දෙයක් නොමැති වීම.

කෙසේ වෙතත් මේ කාලය තුලදී අලියාගේ එතෙක් තිබූ තුවාල යම් තරමකට හොඳ කරගත හැකි විය. ප්‍රධාන වශයෙන් අතිජාත යාලුවන් සෙට් එකක් සෙට් වීමත්, මහාචාර්ය දැරණියගලයන්ගෙන් සහ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගෙන් ඉගෙනීමට ලැබීමත් , පණ යනකං ගණං හැදීම නිසා සියලු Software වෙනස් වී තිබීමත්, කලින් පෝස්ට් වල සඳහන් කල X මෙනවියත්, විවිධ event වලදී ලද අති Cinematic අත්දැකීම් ගොඩකුත් නිසා ය.

මීටම සමාන අයුරකින් දෙවන වසර පලමු Semester එක ද ගෙවීමට සිදු විය. නමුත් කාබනික රසායනය, Co-ordination compounds සහ ඝන අවස්ථාවේ රසායනය යන විෂයයන් නිසා වෙහෙස මදක් අඩු වූ බව කිවයුතුය!

ඉහත අවුරුදු දෙකහමාර ගෙවාගත් අලියාට දෙවන වසර Semester 1 හි විභාග අවසන් වනවාත් සමග ම හොඳ කාලය උදා විය. ප්‍රථම වතාවට ජීව රසායන විද්‍යාව හමුවන්නේ මෙතැනදී ය.

මේ විෂයය සඳහා ප්‍රථම දේශණය කරන්නේ ආචාර්ය ඇල්කෙමියා මහතාගේ මැතිණියයි. අවසානයේ ජීවරසායන විද්‍යා දේශණයක් කණවැකීම කාන්තාරයට වැහිපොදක් බඳු විය.

කෙසේ වෙතත් අලියා වඩාත් ම සිත් ගත්තේ පහුවදා උදේ තිබූ මහාචාර්ය වැලිහිඳ මහතාගේ දේශණයයි.

ඒ මහතා ගැන එක් ජ්‍යේශ්ඨ ශිෂ්‍යාවක් මෙසේ කියන්නීය.

"එයා මාරයි මල්ලි! එයා Lecture එක කරද්දි මම ඉන්නෙ කොහෙද වත් දන්නෙ නැතුව එයා කියන එක ම අහගෙන හිටිය"

හරියට අට වෙද්දී ඒ මහතා දේශණ ශාලාවට පැමිණියේය. උපුටා ගත් කොටස් කීපයක් පහත දක්වමි.

Biochemistry is the Science Chemistry that operates inside of you in your life every moment of your life, and if it fails you are dead!

සියල්ලෝම කටවල් ඇරගෙන අසා සිටිති.........

If you set fire to this bundle of paper, you get energy. setting fire, oxidation, identical thing operate inside your body. Only thing is nothing is set fire. if you set fire to a mole of glucose, inside of your body, you will ignite. but only thing is this burning process happens little by little

now you are on the fourth floor, you have a large potential energy there are two ways of going down. one way is down the stairs, you are releasing potential energy little by little, then you will go to ground floor as one piece. Other way is out the window. Same energetics but by this way, you will not go in one piece....



මෙසේ ද කියන ලදී


Glut IV is distributed in your muscle and your adipose tissue. Adipose tissue is the fat tissue. That is located under the skin.... you become a බුම්බ fellow when you have lot of fat. Girls are soft to touch.... Don't touch...... Girls are soft to touch because they have a layer of fat under the skin ...අපේ නෑ! ඒකයි බූතයො වගේ ඉන්නෙ Girls have a layer of fat, එ්කයි අර දොදොල් වගේ


This is why when u are dehydrated you are given ජීවනී or තැඹිලි. කොහෙං හරි ජරා කොත්තුවක් කාල යන්න පටං ගත්තොත් අනිත් පැත්තෙං you loose water. not only water වතුර බිව්වනං හරිනෙ. you loose electrolytes. What are the important electrolytes, Sodium and potassium....



Your buffering system, what is the buffer, a week acid and its salt .Sodium and potassium ගියාම කොහෙද buffers,no salt means buffering capacity is compromised. You have a narrow margin 7.35 to 7.45ඕක පයිනව..... පැන්න ගමං හාන්සියි........

in the evening you feel terrible .... you feel like පොලිසියෙං ගහල වගේ . කොච්චර වතුර බිව්වත් වැඩක් නෑ... තැඹිලි ගෙඩියක් ගහපු ගමං ‍ෆිට් why? Sodium and Potassium



මේ කතා අසමින් ජීව රසායන සාගරයේ කිමිදී සිටියදී පැය එකහමාර ගෙවී යනු නොදැනුනි!



Tuesday, January 14, 2014

අලිසීන් - මානවවාදියා


පසුගිය දින කීපය වැඩ අධික විය. විශේෂයෙන්ම මේ දිනවල සූදානම් වෙමින් පවතින ChemEx 3 ප්‍රදර්ශණය නිසා මෙය ලිවීම සෑහෙන්න ප්‍රමාණයකින් අතපසු විය. සමාවන්න.

මෙතෙක් අලියා දක්වන ලද්දේ අලියා ජීව රසායන විද්‍යාව හදාරන්නට පටන් ගත් අයුරු ය. නමුත් මේ අවස්ථාවේදී එය මදක් පසෙක තබා අලිසීන් එකක් ලිවීමට කැමැත්තෙමි.

ඔබට බඩගින්නේ සිටියදී කෙනෙකුට උදව් කල හැකියි.
ඔබට පිපාසයෙන් සිටියදී කෙනෙකුය උදව් කල හැකියි.
නමුත්




ඔබට වැසිකිලි යාමට අවශ්‍යව සිටියදී කෙනෙකුට උදවු කරගත හැකිද?


මේ වන විට අලියාට තුන්වන වසර ආරම්භ උනා පමණක් විය.

අලියාට එදා දේශණය උදේ අටට ආරම්භ විය. අලුත්ම විෂයක් වූ බැවින් අලියා ද බොහෝ උනන්දුවෙන් සහභාගී විය. දේශණය ද රසවත් විය.

කෙසේ වෙතත් දේශණය අවසාන වීමට පැය බාගයක් පමණ තිබියදී අලියාගේ බඩ ට්‍රීං ට්‍රීං ගාන්නට පටන් ගති. එසේ සිදු වූයේ මන්දැයි නොදනිමි.

දේශණය අවසාන වූ වහාම අලියා රසායනායතනයේ වැසිකිලිය වෙත ඇදුනේ ආලෝකයට මදක් කිට්ටු වේගයකිනි. ඉතා අවාසනාවන්ත අයුරින් එම වැසිකිලිය ඉදිරියේ ඇනකොණ්ඩෙකු මෙන් ඉතා දිගු පෝලිමක් විය. විශේෂයෙන්ම දෙවන වසර හා තෙවන වසර සිසුන්ට දේශණ එකම වෙලාවක අවසාන වූයෙන් තත්වය තවත් බරපතල විය.



නව ගොඩනැගිල්ල තැනීම සඳහා අනෙක් වැසිකිලිය කඩා දමා තිබූයෙන් තට්ටු තුනක් පහලට බැස තවත් ටික දුරක් එහායින් වූ අනුපූරක ගොඩනැගිල්ලට (Supplementary Campus) යාමට සිදු විය.

මේ වන විට බෝම්බය පිපිරීමට යන්තම් තත්පර ගානක් ඉතිරි ව තිබිණි.

අලියා අදාල ගොඩනැගිල්ලේ ගේට්ටුවෙන් ඇතුල් වනවාත් සමගම යමෙකු විසින් අලියා නවත්වන ලදී.

"අයියෙ......."

අලියා හැරී බැලූ කල්හි අලියාට කතා කල දෙවන වසර ශිෂ්‍යාව හඳුනාගත හැකි විය.

-"අයියෙ මට හරි වැඩේනෙ."

"මොකද්ද නංගිය කේස් එක?"

-"අයියෙ <මගෙ තත්වය මෙහෙමයි>"....... (ටොයිං!)

"ඉතිං"

-"ඉතිං අයියෙ <මම දැං මෙහෙමයි.>".........(ඩෝං)

මෙලෙස පටන් ගෙන ප්‍රශ්ණය පැහැදිලි ව විස්තර කරන ලදී

එම මහත්මියගේ පෞද්ගලිග ප්‍රශ්ණයක් බැවින් මෙහි සඳහන් නොකලේ වී නමුදු මෙය බරපතල ගැටලුවක් විය. මෙවැනි ගැටලුවක් විසඳීම ගැන අලියාට කිසිඳු පුහුණුවක් නොවීය. කෙසේ වෙතත් අලියා හැකි තරමින් එය විසඳීමට උත්සහ කලේය.

මේ තත්ව යටතේ රසායනායතනයේ ආචාර්ය වරියක් ගේට්ටුවෙන් ඇතුලු විය.

-"ඔයා පොඩ්ඩක් අර මැඩම්ගෙං ඕක අහන්න බලන්න" අලියා එම ශීෂ්‍යාව , කාරුණික තැනැත්තියක් වූ එම ආචාර්ය වරිය වෙත යොමු කලේය.

ශීෂ්‍යාව හා ආචාර්යවරිය සමග ඇති වූ සාකච්ඡාවෙන් පසු ශීෂ්‍යාව අලියා වෙත පැමිණියාය.

"මැඩම් මොකද කිව්වෙ?"

දෙන ලද උපදෙස් ලුහුඬින් දක්වන ලදී

"එහෙනං නංගි මේක මගෙ Number එක මොනාහරි ඕන උනොත් කතා කරන්න" අලියාගේ නොම්මරය ද දෙන ලදී

"එහෙනං අයියෙ මම ගිහිං එන්නං"

ඇය නික්ම යනතුරු අලියා බලා සිටියේය. ඇය නොපෙනී ගිය කල්හි අලියා අනුපූරක ගොඩනැගිල්ලේ දොර අසලට ඇදුනි.

දොර දිහා බලාගෙන අලියා විනාඩි දෙකක්ම කල්පනා කලේය. අලියාට තිබුනේ එකම ප්‍රශ්ණයකි.

"ඇයි යකෝ මං මෙතෙන්ට ආවෙ?"



අවසානයේ අලියාට සියල්ල මතක් විය.






.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මළා, මට පත සයිස් බක්ක කරක් තිබ්බ නේද?"

කෙසේ වෙතත් අලියාට අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණ දීමට නොවූ බව කිවයුතුය!