Wednesday, February 27, 2013

කෙමිකල් කතා - ෆිනැන්ත්‍රින්

හිතුවට වඩා කෙටි කාලෙකිං එන්න පුලුවං උනා. අලිය විශ්වාස කරනව හැම කෙනෙක්ම යහතිං අැති කියල!

අපට උගන්නන සර් කෙනෙක් තමයි මහාචාර්ය සුබ්‍රමනියම් සෝතීස්වරන් මහතා! අපට මේ දවස්වල උගන්නන්නෙ අැරෝමැටික් කාබනික සංයෝග ගැන.

A/L වලට කෙමිස්ට්‍රි කරපු අය ඉන්නවනං දන්නව අැති බෙන්සින් ගැන. බෙන්සින් කියන්නෙ ඔන්න ඔය විදියෙ සංයෝගයක්.

බෙන්සින් හැරුනු විට එ් වගේ සංයෝග තව තියනව.

එකක් තමයි නැප්තලින්. කෙටියෙම්ම කියනවන කපුරු බෝල වල තියෙන්නෙ මෙන්න මේව.



තුන්වෙනි එක - අැන්ත්‍රසින් - අර්ධ සන්නායක ලෙස සහ වර්ණක නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනු ලැබේ.



හතරවෙනි එක.... ඔන්න ඔ්කගැන තමා කතා කරන්නෙ

ෆිනැන්ත්‍රින්. මේව තියෙන්නෙ සිගරට් දුමේ.



සෝතීස්වරන් මහතා වැඩිදුර අදහස් දක්වමින් .....

"This is fount in cigarette smoke, .. if you want to get some for a reactions... you can get them from cigarret smoke. 

it has 4000 different chemicals. therefore if you want chemicals they are in cigarette smoke,"

ඔය ටික මතක තියාගන්නකො. ඊට පස්සෙ මේ ටිකත් කිව්ව

" If you are exposed to cigarette smoke for only one time, your body will repair the damage biochemically.

 But if you are exposed again and again all biochemical processes will be distorted and you will not be able to repair the damage."
සාමාන්‍යයෙං සර් විහිලු කතාවක් කිව්වම සර් හිනාවෙන්නෙ නෑ.... හිනාවෙන්නෙ අපි.... හැබැයි ඊලඟට කිව්ව කතාවට සර්ටත් හිනාගියා. හිනාගියෙ සර් කිව්ව එකට නෙවෙයි. එ්කට ලැබිච්ච ප්‍රතිචාරයට.

හතරවෙනි සංයෝගය. බෙන්සොපයිරින්




මේව තියනව
1. සිගරට් දුම
2. බාබකිව්
3. වාහන දුම

"This is also found in cigarette smoke, a cancer causing chemical. not only in cigarette, this is found in Barbacued meat. 

although you do not smoke, you have the same threat from barbacued meat"

එකපාරටම අෑතිං සද්දයක් එනව (මං කිව්වෙ ළමයෙක් ගෙ කටහඬ)!

"One Time Safe!!! .........................

නැවත හමුවෙමු! :)

Thursday, February 14, 2013

අලිසීන්- කෙමිකල් අාතල්!

ප්‍රථමයෙන් සමාවෙන්න ඔ්න, පහුගිය දවස් වල මොකුත් ලිවුවෙ නැතුවට.

ඉන්න ඉන්න ගමං කෙමිකල් කතන්දර ටිකක් මතක් උනා.

පලවෙනි එක...

ලඟදි තිබ්බ රසායන විද්‍යා අායතනයේ සිසුන් විසින් පවත්වනු ලබන Aura Talent Show එක

ඉතිං අලියට අාරාධනාවක් හම්බ උනා Drama එකකට ඉන්න කියල. අලියත් ඉතිං එහෙම වෙලාවට බෑ කියන්නෙ නෑ.

Drama එක මෙහෙමයි.

වෙද ගෙදර වෙද මහත්තය වෙදගෙර ගෝලයන්ට බාර දීල බැහැරක් යනව.

එ් අතරෙ වෙද ගෙදරට එන මිනිස්සුන්ට ගෝලයො බේත් කරන්න Try කරනව,

ඉතිං කකුල් දෙකෙං එන ලෙඩා කකුල් හතරෙං යනව.

අලියට තිබ්බෙත් අන්න එ් වගේ අවාසනාවන්ත චරිතයක්.

කොන්දට හරකෙක් අැනල.

මේකට ප්‍රතිකාර කරද්දිත් අවාසනාවන්ත සිදුවීමක් වෙනව.

එ්ක තව ටිකකිං කියන්නං.

නාට්ටියේ රචකය එ් අවාසනාවන්ත සිදුවීම මෙන්නෙ මෙහෙම විස්තරයක් කරනව...

"මේකට අපි මෙහෙමයි කරන්නෙ මල්ලි. ඔයා ඉඳගන්න තැනට පිටිපස්සෙං භාජනේක පොටෑසියම් ක්ලෝරේට් ටිකක් තියනව. එ්කට සීනි ටිකක් mix කරල තියෙන්නෙ. ඊට පස්සෙ මෙන්න මේ වගේ සල්ෆියුරික් අැසිඩ් ටිකක් දානව..........."

එකමාරටම මික්ස්චර් එක දුං දාගෙන අැවිලෙන්න ගත්ත.

"බයවෙන්නෙපා මල්ලි ඔයාට මොකුත් වෙන්නෙ නෑ........."

නාට්ටියේදි උනේ මෙහෙමයි

ශිහාන් වෙද මහතා* (බැහැරක ගිය වෙද මහතාගේ තාත්තලු) : "මෙන්න මේ වෙනිවැල් ගැට ටික ඔය තුවාලෙට තියල බැන්දනං!"

පිටපසින් ඉහත කී ප්‍රතික්‍රියාව සිදු කරනු ලැබේ..........

"අම්මෝ... පස්ස ගිනිගන්නව........ දුවපං දුවපං ......"

දෙයියංගෙ පිහිටෙං සරමට නං ගිනි අැවිලිලා තිබ්බෙ නෑ!


 දැඩි පාඨක ප්‍රතිචාර මත ලැජ්ජ බය පසෙක තබා අදාල පින්තූරය පලකරන ලදී! අලියාගේ පිට දෙසද හොඳින් බලන්නට අැරයුම් කරමි!

කැමතිනං මෙතෙන්ටත් ගිහිං බලන්නකො

දෙවෙනි කතාව.........

ලැබ් එකේ තියනව අම්ල භශ්ම දර්ශක කියල ජාතියක්. මේව අාම්ලික මාධ්‍ය වලදි (ඇසිඩ් තියන තැන්) එක පාටකුයි භාශ්මික මාධ්‍ය වලදි තව පාටකුයි (අම්ල වල අනිත් පැත්ත, උදාහරණ විදියට හුණු.) පෙන්නන්න පුලුවන් ජාතියක්

එහෙම දේවල් තියෙන්නෙ ලැබ් එකේ විතරක් නෙවෙයි. ඔයාගෙ ගෙදර කුස්සියෙත් තියනව.

ගන්න කහකුඩු ටිකක්. (චූට්ටක්.... අැඟිලි තුඩු දෙකට අහුවෙන්න.) . අරං වතුර කෝප්ප කාලක විතර දිය කරන්න. දිය උනාට පස්සෙ ඔ්කට රෙදි සෝදන කඩු ටිකක් දාල බලන්න.මම නං දැම්මෙ Diva රෙදි හෝදන කුඩු.

ඉතිං අලියට උනේ මෙහෙම එකක්.

කලිං දා ප්‍රැක්ටිකල් එකට ගිය අලිය පහුවදා ගෙදර ආව. අැවිල්ල රෙදි සෝදන එව්වයින් ටිකක් වතුර බේසමේ දිය කරා. දිය කරල ලැබ් කෝට් එක එ්කට දාල ටිකක් තියෙන්න අැරිය.

ටික වෙලාවකිං අපේ අම්ම එනව.

"මොනාද කෝට් එකේ ගාගෙන තියෙන්නෙ... හේදුවට යන්නෙත් නෑ .......#@$#@$#%$"

ඉතිං අලියත් ගිහිං බැලුව.

අලී....... රෝසපාට පැල්ලමක්.

වෙන දෙයක් වෙද්දෙං කියල අලිය ඔ්ක හෝදල වැලේ වැනුව.

හවස් වෙලා ගෙට ගනිද්දි පැල්ලම නෑ..........

අලියට පස්සෙයි මීටර් උනේ....

"ලැබ් එකේ ෆිනොප්තලින් ටිකක් අැඟේ හැලුන නේ........"




ෆිනොප්තලින් කියන්නෙත් අම්ල භශ්ම දර්ශකයක්. භාශ්මික මාධ්‍ය වලදි රෝසපාටයි. අාම්ලික මාධ්‍ය වලදි පාටක් නෑ.

ගොහිල්ල එන්නංකො.

ඔබ බලාපොරොත්තුවෙන් සිටි ක්ලෝනය මේ දවස්වල ලියාගෙන යනව... :)