Tuesday, June 5, 2012

අලිසීන්- කේක් පෝලිමේ විප්ලවය



කට්ටිය ඉතිං ෂමාවෙන්න ඕන වැඩිය ලියන්න කියන්න බැරි වෙච්ච එක ගැන. කොහොම හරි කට්ටිය හොඳිං ඉන්නවනෙ!


මෙන්න මෙහෙම දෙයක් සිද්ද වෙලා තියනව.... පුලු පුලුවන් විදියට අපි අපේ මේ සහෘදයටත් සපෝට් එක දෙමු!

**************************************

පහුගිය නත්තල් කාලෙ සිද්දවෙච්ච සීන් එකක්. කාලෙ කියන්නෙ ඉතිං හරියටම දෙසැම්බර් විසි හතර.

දෙයියනේ කියල බ්ලොග් එකක් බලබල ඉන්න ගමං අපේ අම්ම ලඟට ආව.

"පුතා පොඩ්ඩක් මීගමුවට ගිහිල්ල පොඩි වැඩක් කරං එන්නකො?"

"ඕ! මොකද්ද? "

"ටවුන් එකේ තියනව <මොකද්ද කෙල්ලෙක්ගෙ නමක්> බේකරිය කියල එකක්. ඒකෙං බටර් කේක් කිලෝ දෙකයි fruit කේක් එකයි........................................"

ඉතිං අලියත් ෂර්ට් එකක් කලිසමක් දාගෙන ලොකු බෑග් දෙකකුත් අරං ඉතිං ගියා කියමුකො මීගමු ටවුමට.

ගිහිල්ල ඉතිං අදාල පෝලිම හොයාගත්ත.

මළ කෙලියයි දශම පහයි.

බේකරිය ඉස්සරහ කේක් පෝලිම නිකං ඇනකොන්ඩ වගේ.

අලිය ඔහොම්ම ටිකක් ඉස්සරහට ගියා කියමුකො. ගියාම තව පෝලිමක් තියනව. ඒක නිකං ඇනකොන්ඩගෙං දහයෙං නවයක් වගේ.

අලියත් බැලුව ඉතිං ඇනකොන්ඩට වඩා ඇනකොන්ඩගෙ 9/10 හොඳානෙ කියල ඒ පෝලිමට පිටිපස්සෙං ජොයින්ට් උනා.

ඉතිං කාලය ගතවෙනව......... පෝලිම 1cm/h වගේ ඉතා ඉහල ප්‍රවේගයකිං ඉස්සරහට යනව.....අව්වට තෙමෙනව...... පාරෙ යන මිනිස්සු කෝචොක් කරං යනව........

"ගෙදර කේක් එකක් දාගන්න බැරි හැටි" :D

මේ තත්ව යටතේ තව වැදගත් සිදුවීමක් වෙන්න ගත්ත.

පිටිපස්සෙං ටිකක් වයසක පහේ ගෑනු කෙනෙක් පෝලිමට ජොයින්ට් උනා. ඒ වෙලාවෙ ඉඳං එකම සද්දයයි.

"මොනාද අනේ ඔය පෝලිං පනින්නෙ. අපි මේ කොච්චර වෙලා ඉඳංද ඉන්නෙ...................................."

"මොනාද අනේ කරන්නෙ................ පෝලිම කෙලිං තියාගන්නකො........................."

"මොනාද අනේ අර කට්ටියට පෝලිමේ ඉන්න කියන්නකො. එයාල අරං යනව අපි පෝලිමේ ඉන්න ඕන."

ආදී වශයෙන්.

ඔහොම පෝලිම ඉස්සරහට ඇදෙද්දි ටිකක් මහත ඩයල් එකක් කේක් කඩේ දොර ගාව ඉඳං කේක් දෙන එක්කෙනා එක්ක කතා කරකර ඉන්නව.

අර උන්දට ආයෙත් ෆ්ලවර්ජම්ප් උනා.

"මේ ඔයා පෝලිමේ ඉඳල ඇවිල්ල කේක් ගන්නකො. අපි පැය ගානක් මෙතන හිටියනෙ"

ඊලඟට තත්වය අලුත්ම මුහුණුවරක් ගත්ත. දැං කතා කරන්න ගත්තෙ අර ඩයල් එක...........

"අම්මේ........ පොඩ්ඩක් අහන්න........ මම ආවෙ කේක් ගන්න නෙවෙයි...... මගෙං ඔයාලට කේක් ගන්න කිසිම බාදාවක් නෑ" කියල තව ටිකක් අතන හිටිය කෙනා එක්ක කතා කරකර හිටිය.

ටිකකිං ආයෙ කතා කරා.

"ඔයා පෝලිමේ හිටියට වඩක් නෑ අම්මෙ කේක් ඉවරයි. කේක් ලොරිය දැං පෑලියගොඩ එන්නෙ!" කියාගෙන එයා යන්න ගියා.

පස්සෙ ඉතිං අලියගෙ වාරෙ ආවම අලියත් කේක් අරං ගියා. fruit කේක් ඉවර වෙලා තිබ්බෙ. බටර් කේක් කිලෝ දෙකක් අරං අලිය යන්න ගියා.

ගෙදර ගිහිල්ල , නාකියාගෙන, දවල්ට කාල ටිකක් නිදාගන්න ගියා

නිදාගෙන ඉන්නකොට තමා මේ සීන් එක මතක් උනේ

"සිරාවට අර ඇන්ටිට ඊට පස්සෙ මොකද අප්ප උනේ ????" :D

ගිහිල්ල එන්නංකො