හිතුවට වඩා කෙටි කාලෙකිං එන්න පුලුවං උනා. අලිය විශ්වාස කරනව හැම කෙනෙක්ම යහතිං අැති කියල!
අපට උගන්නන සර් කෙනෙක් තමයි මහාචාර්ය සුබ්‍රමනියම් සෝතීස්වරන් මහතා! අපට මේ දවස්වල උගන්නන්නෙ අැරෝමැටික් කාබනික සංයෝග ගැන.
A/L වලට කෙමිස්ට්‍රි කරපු අය ඉන්නවනං දන්නව අැති බෙන්සින් ගැන. බෙන්සින් කියන්නෙ ඔන්න ඔය විදියෙ සංයෝගයක්.
බෙන්සින් හැරුනු විට එ් වගේ සංයෝග තව තියනව.
එකක් තමයි නැප්තලින්. කෙටියෙම්ම කියනවන කපුරු බෝල වල තියෙන්නෙ මෙන්න මේව.
තුන්වෙනි එක - අැන්ත්‍රසින් - අර්ධ සන්නායක ලෙස සහ වර්ණක නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනු ලැබේ.
හතරවෙනි එක.... ඔන්න ඔ්කගැන තමා කතා කරන්නෙ
ෆිනැන්ත්‍රින්. මේව තියෙන්නෙ සිගරට් දුමේ.
සෝතීස්වරන් මහතා වැඩිදුර අදහස් දක්වමින් .....
"This is fount in cigarette smoke, .. if you want to get some for a reactions... you can get them from cigarret smoke.
it has 4000 different chemicals. therefore if you want chemicals they are in cigarette smoke,"
ඔය ටික මතක තියාගන්නකො. ඊට පස්සෙ මේ ටිකත් කිව්ව
" If you are exposed to cigarette smoke for only one time, your body will repair the damage biochemically.
But if you are exposed again and again all biochemical processes will be distorted and you will not be able to repair the damage."
සාමාන්‍යයෙං සර් විහිලු කතාවක් කිව්වම සර් හිනාවෙන්නෙ නෑ.... හිනාවෙන්නෙ අපි.... හැබැයි ඊලඟට කිව්ව කතාවට සර්ටත් හිනාගියා. හිනාගියෙ සර් කිව්ව එකට නෙවෙයි. එ්කට ලැබිච්ච ප්‍රතිචාරයට.
හතරවෙනි සංයෝගය. බෙන්සොපයිරින්
මේව තියනව
1. සිගරට් දුම
2. බාබකිව්
3. වාහන දුම
"This is also found in cigarette smoke, a cancer causing chemical. not only in cigarette, this is found in Barbacued meat.
although you do not smoke, you have the same threat from barbacued meat"
එකපාරටම අෑතිං සද්දයක් එනව (මං කිව්වෙ ළමයෙක් ගෙ කටහඬ)!
"One Time Safe!!! .........................
නැවත හමුවෙමු! :)
Wednesday, February 27, 2013
Thursday, February 14, 2013
අලිසීන්- කෙමිකල් අාතල්!
ඉන්න ඉන්න ගමං කෙමිකල් කතන්දර ටිකක් මතක් උනා.
පලවෙනි එක...
ලඟදි තිබ්බ රසායන විද්‍යා අායතනයේ සිසුන් විසින් පවත්වනු ලබන Aura Talent Show එක
ඉතිං අලියට අාරාධනාවක් හම්බ උනා Drama එකකට ඉන්න කියල. අලියත් ඉතිං එහෙම වෙලාවට බෑ කියන්නෙ නෑ.
Drama එක මෙහෙමයි.
වෙද ගෙදර වෙද මහත්තය වෙදගෙර ගෝලයන්ට බාර දීල බැහැරක් යනව.
එ් අතරෙ වෙද ගෙදරට එන මිනිස්සුන්ට ගෝලයො බේත් කරන්න Try කරනව,
ඉතිං කකුල් දෙකෙං එන ලෙඩා කකුල් හතරෙං යනව.
අලියට තිබ්බෙත් අන්න එ් වගේ අවාසනාවන්ත චරිතයක්.
කොන්දට හරකෙක් අැනල.
මේකට ප්‍රතිකාර කරද්දිත් අවාසනාවන්ත සිදුවීමක් වෙනව.
එ්ක තව ටිකකිං කියන්නං.
නාට්ටියේ රචකය එ් අවාසනාවන්ත සිදුවීම මෙන්නෙ මෙහෙම විස්තරයක් කරනව...
"මේකට අපි මෙහෙමයි කරන්නෙ මල්ලි. ඔයා ඉඳගන්න තැනට පිටිපස්සෙං භාජනේක පොටෑසියම් ක්ලෝරේට් ටිකක් තියනව. එ්කට සීනි ටිකක් mix කරල තියෙන්නෙ. ඊට පස්සෙ මෙන්න මේ වගේ සල්ෆියුරික් අැසිඩ් ටිකක් දානව..........."
එකමාරටම මික්ස්චර් එක දුං දාගෙන අැවිලෙන්න ගත්ත.
"බයවෙන්නෙපා මල්ලි ඔයාට මොකුත් වෙන්නෙ නෑ........."
නාට්ටියේදි උනේ මෙහෙමයි
ශිහාන් වෙද මහතා* (බැහැරක ගිය වෙද මහතාගේ තාත්තලු) : "මෙන්න මේ වෙනිවැල් ගැට ටික ඔය තුවාලෙට තියල බැන්දනං!"
පිටපසින් ඉහත කී ප්‍රතික්‍රියාව සිදු කරනු ලැබේ..........
"අම්මෝ... පස්ස ගිනිගන්නව........ දුවපං දුවපං ......"
දෙයියංගෙ පිහිටෙං සරමට නං ගිනි අැවිලිලා තිබ්බෙ නෑ!

දැඩි පාඨක ප්‍රතිචාර මත ලැජ්ජ බය පසෙක තබා අදාල පින්තූරය පලකරන ලදී! අලියාගේ පිට දෙසද හොඳින් බලන්නට අැරයුම් කරමි!
කැමතිනං මෙතෙන්ටත් ගිහිං බලන්නකො
දෙවෙනි කතාව.........
ලැබ් එකේ තියනව අම්ල භශ්ම දර්ශක කියල ජාතියක්. මේව අාම්ලික මාධ්‍ය වලදි (ඇසිඩ් තියන තැන්) එක පාටකුයි භාශ්මික මාධ්‍ය වලදි තව පාටකුයි (අම්ල වල අනිත් පැත්ත, උදාහරණ විදියට හුණු.) පෙන්නන්න පුලුවන් ජාතියක්
එහෙම දේවල් තියෙන්නෙ ලැබ් එකේ විතරක් නෙවෙයි. ඔයාගෙ ගෙදර කුස්සියෙත් තියනව.
ගන්න කහකුඩු ටිකක්. (චූට්ටක්.... අැඟිලි තුඩු දෙකට අහුවෙන්න.) . අරං වතුර කෝප්ප කාලක විතර දිය කරන්න. දිය උනාට පස්සෙ ඔ්කට රෙදි සෝදන කඩු ටිකක් දාල බලන්න.මම නං දැම්මෙ Diva රෙදි හෝදන කුඩු.
ඉතිං අලියට උනේ මෙහෙම එකක්.
කලිං දා ප්‍රැක්ටිකල් එකට ගිය අලිය පහුවදා ගෙදර ආව. අැවිල්ල රෙදි සෝදන එව්වයින් ටිකක් වතුර බේසමේ දිය කරා. දිය කරල ලැබ් කෝට් එක එ්කට දාල ටිකක් තියෙන්න අැරිය.
ටික වෙලාවකිං අපේ අම්ම එනව.
"මොනාද කෝට් එකේ ගාගෙන තියෙන්නෙ... හේදුවට යන්නෙත් නෑ .......#@$#@$#%$"
ඉතිං අලියත් ගිහිං බැලුව.
අලී....... රෝසපාට පැල්ලමක්.
වෙන දෙයක් වෙද්දෙං කියල අලිය ඔ්ක හෝදල වැලේ වැනුව.
හවස් වෙලා ගෙට ගනිද්දි පැල්ලම නෑ..........
අලියට පස්සෙයි මීටර් උනේ....
"ලැබ් එකේ ෆිනොප්තලින් ටිකක් අැඟේ හැලුන නේ........"

ෆිනොප්තලින් කියන්නෙත් අම්ල භශ්ම දර්ශකයක්. භාශ්මික මාධ්‍ය වලදි රෝසපාටයි. අාම්ලික මාධ්‍ය වලදි පාටක් නෑ.
ගොහිල්ල එන්නංකො.
ඔබ බලාපොරොත්තුවෙන් සිටි ක්ලෝනය මේ දවස්වල ලියාගෙන යනව... :)
Friday, October 19, 2012
තවත් සුපිරි දැවී යාමක් 6 - දැවී යාම
ඔන්න ඊලඟ සඳුද දවස එලඹුනා. අනේ එදා නං අලිය කොහෙවත් ගියෙ නෑ ගෙදර තමා හිටියෙ!
ඉතිං ඉන්න ගමං උං හිටි ගමං පොතක් බලනව, ඒ දවස් වල මොකුත් exam තිබ්බෙත් නෑ, මකුලු දැල පැත්තෙ ඇවිල්ල යනව. හන්දියට ගිහිං එලෝලු රොටියක් කාල එනව ect ect....
ඉතිං එදත් උදේ වරුවෙ මකුලු දැල පැත්තෙ ඇවිල්ල ගියාම ඉතිං විවිධ ලිස්ට් වල එයාගෙ නම තියනව. සාමානයයෙං එයාගෙ නමේ හැටියට ඕන ලිස්ට් එකක වගේ එයා හොඳට පේන තැනක ඉන්නව.
ඔහොම ඉඳල ඉඳල දවල් දෙකට විතර බුකිය පැත්තෙං ආව!
කවුද එක්ක මලක් කඩ කඩ ඉන්න ගමං චැට් ලිස්ට් එක පැත්තට ඇහැ ගියා!
මළා!
අරය එතන නෑ.
අලිය friend list එකෙත් හෙව්ව එතනත් නෑ!
ඊලඟට profile එකේ address එක අතිං ටයිප් කරල බැලුව................
The page you requested was not found.
You may have clicked an expired link or mistyped the address. Some web addresses are case sensitive.
Return home
Go back to the previous page
අලිය ආදි කාලෙ පාවිච්චි කරපු බුකි එකවුන්ට් එකක් තිබ්බ. වෙන බ්‍රවුසරේකිං ඒකට ලොග් උනා. ලොග් වෙලා අර විදියටම අඩ්ඩ්‍රෙස්ස් එක අතිං ටයිප් කරල බැලුව.
මළා! මේ තියෙන්නෙ !
බ්ලොක් කරල තමා!
අලිය වටපිට බලනකොට අලියගෙ මොබයිල් රාජය මේසෙ උඩ වැඩඉන්නව. අලිය ගත්ත ඒක අතට! යැව්ව මසාජ් එක.
"Did u block me or something similar?"
මේක යවල අලිය ටිකක් නිදාගත්ත. නිදාගෙන ඉන්නකං කිසිම අයුරක උත්තරයක් ආවෙ නෑ.
හැබැයි අලිය පහට විතර බුකිය පැත්තෙ යද්දි...................
ලිස්ට් එකේ නෑ, හැබැයි අන්බ්ලොක් වෙලා.
ටිකක් හවස් වෙච්ච වෙලාවෙ අලිය එයාට කෝල් එකක් ගන්න හැදුව. එහෙම කරේ අලිය බැනුං අහන්නත් අවධානමක් තියන බව දැනගෙනමයි. සමහර විට අලියට බැන්නෙ මොනා කියලද කියල අලිය කවදාවත් දැන නොගන්නත් ඉඩ තියනව!
හැබැයි දෙපාරක්ම කෝල් කරත් ෆෝන් එක ඉස්සුවෙ නෑ.
*******************************
කෝම හරි අලිය පහුවදා (අඟහරුවාද) ප්‍රැක්ටිකල් එකට රසායනායතනයට ගියා. ගිහිල්ල අලියගෙ වෙලාව එනකං මිදුලෙ බංකුවක වාඩිවෙලා මැසේජ් එකක් කෙටුව. කොටපු මසේජ් එක මොකද්ද කියල මතක නැති උනත් ඒක මෙන්න මේ විදියෙ එකක්!
Good morning!
I don't know why you blocked me, but i assume what i think is correct and proceed!. I wanted to be a friend of you, i needed nothing more than it. But i loved you unconsiously. And I am sorry about it.
And if you think that communicating with me is inappropriate or dangerous you have rights to avoid me. Therefore i am not angry with you.
Bye! God Bless you!
කොහොම හරි සතියක් පුරාවටම මේ මැසේජ් එකට කිසිම උත්තරයක් ආවෙ නෑ.
හැබැයි ඊලඟ සෙනසුරාද අලිය දේශණ වලට ගියා. කොහොමහරි එයා ඇවිල්ල හිටියෙ නෑ. දේශණේ ඉන්නැද්දි අලියට මැසේජ් එකක් ආව. අලියට ඉන්ටවල් ලැබුන වෙලාවෙ අලිය මේක බැලුව.
එවල තිබුනෙ Google account එකකිං, අදාල ඊමේල් එයාගෙ address එක අඳුරගන්න පුලුවන් උනා. මේකෙ සඳහන් උනේ අලියව බ්ලොක් කරල තිබ්බෙ අලියගෙ චැට් හිස්ට්‍රිය දැකල මයිල් කෙලිං වෙච්ච එයාගෙ කොල්ල බවයි.
දවස් දෙකකට පස්සෙ, ඒ කියන්නෙ මේ කතාවෙ පලවෙනි පෝස්ට් එක ලියපු දා ලියන්න පැය තුනකට කලිං, අලිය එයාට කෝල් කරා.
අලියා: "හෙලෝ is this <X>"
X: "yes!"
අලියා: " I am <අලිය>"
X: "hmmmm"
අලිය මුලිං බලාපොරොත්තු උනේ මේක කිව්ව ගමං කෝල් එක කට් වෙයි කියල.
අලිය: "I am <අලිය> of IChemC level 1."
X: "yeah I know!"
අලිය: "are you angry with me?"
X: "no! i am not,
I have explained you what was happend! someone had told something to my guy. මට හිතාගන්නවත් බෑ ඇයි එයා එහෙම කලේ කියල."
ඊලඟට එයා රසායනායතනයේ වැඩ ගැන අරව මේව අහල කතාව වෙන පැත්තකට ඇදං ගියා. කොහොම හරි අන්තිමට මේ කතාව අවසාන උනේ මෙහෙමයි.
X: "මෙහෙමයි. don't contact me again!"
අලිය: "even at the auditorium?"
X: " yeah! I don't know who told him these things. someone can be from oir batch."
අලිය: "හ්ම්!"
X: "anyway you were a good friend to me. you helped me a lot. thank you!"
ටික වෙලාවක නිහඬතාවයක් පැවතුනා. එහා පැත්තෙං Beep ගාල සද්දයක් ආව.!
................................................................................
අලියාගේ සමීපතමයන් මේ ගැන අක්වන අදහස් මෙහි සටහන් කරමි!
කොලඹ විශ්වවිද්‍යාලයේ D මහත්මිය අදහස් දක්වමින්.................................
"මමනං හිතන්නෙ <අලිය> එයා කියන්නෙ බොරුවක්. බෝයි ඇවිල්ල එකවුන්ට් එක බලනව කියල දන්නවනං කවදාවත් හිස්ට්‍රිය ක්ලියර් නොකර යන්නෙ නෑනෙ. ඔය කතාව කිව්වම එයත් ශේප්, ඔයත් ශේප්."
වැඩිදුර අදහස් දක්වමින්: "මම හිතන්නෙ <අලිය> එයයි ඔයයි ගැලපෙන්නෙ නෑ! අඩුගානෙ ඇඟේ තරමෙන් වත්."
රසායනායතනයේ ශිෂ්‍ය ඇටම් ඈන්ට් මහතා කියා සිටියේ..................................
"අයියෙ ඕක ඔයාමනෙ චොර කරගන්නෙ! අයිය තමා පොඩ්ඩක් කූල් වෙච්ච ගමං අදාල සින්දු අහල ආයෙ රත් වෙන්නෙ."
යුරේනි මහත්මිය අදහස් දක්වමින්.........................
"අයියෝ අලිය මං ඕක කිව්වනෙ! හැබැයි ඔයා වැටෙන්නැතුව හිටිය එක ගැනනං ගොඩක් සතුටුයි."
මේ සිදුවීම් මාලාවෙන් පසු අලියා ඇයව දැක්කේ එකම එක දවසක් පමණි. ඇය අලියාව දැක අත වනාගෙන ගියාය. අලියා ගෙදර විත් අදාල සින්දු අසමින් සිටියේය.
පහුවදා අලිය රසායනායතනයට යද්දි අරයට අනපේක්ශිත සිදුවීමක් වෙලාලු.
මේ ගැන හිත හිත ශ්‍රවණාගාරයට යද්දි අලිය ඉන්න පේලියේ හෙණ සෙනගක්. ඉතිං අලිය පේලියේ මැද්දට යන්න බංකුව යටිං රිංගුව.
"ක්‍රා.....................ස්!!!!"
අලියාට කලිසමද අහිමිවිය.
.................................................................................................
කොහොමටත් ඇය මේ වන විට සුවෙන් පසුවෙතැයි සිතමි!
කැමතිනං මේ තුනත් අහලම යන්න. සමහර ඒව 100%ක් ගැලපෙන එකක් නෑ............. ඒත් කමක් නෑ.
බලාපොරොත්තුවන්න. අලියාගේ කුලුඳුල් විද්‍යා ප්‍රබන්ධය.
ක්ලෝනය - The Clone!
ගිහිං එන්නං!
Monday, October 8, 2012
තවත් සුපිරි දැවීයාමක් - අවසානයට පෙර
ඉතිං මෙහෙමයි.
තවත් සතියක් ගෙවුන කියමු.
ඊලඟ අදාල දවසෙත් ගියා කියමු.
මේ ගියෙ අති විශේෂ කාරණයකට.
Carbon Dioxide- Effects and Opportunities
public lecture by dr, Piyal Ariyananda
on #@#$ at #$@$
All are welcome!
සතියක් තිස්සෙ ඉස්සරහ ජනේලෙ වීදුරුවෙ අලවල තිබ්බ ඔන්න ඔය දැන්වීමට ප්‍රතිචාර වශයෙනුයි.
ඒ ඇරුණුවිට අලියගෙ ප්‍රැක්ටිකල් පොත ලැබ් එකට භාරදෙන්න.
ඉතිං අලිය රාජ්‍ය භාෂා කමිෂන් සභාව ඉස්සරහ තිබ්බ අපේ ගොඩනැගිල්ල නොහොත් ග්ලාස් හවුස් එකට වෙලා ප්‍රැක්ටිකල් පොත බල බල හිටිය.
අන්න එහෙම ඉන්නකොට ඈතින් මතුවෙනව දැක්ක.
ඉතිං අලියත් හිතට කීකරු වෙලා ග්ලාස් හවුස් එකෙං එලියට ආව. ඇවිල්ල වැට ලඟ හිටගත්ත.
"ආ නංගී!!!"
- "hi good morning! "
"< how are you?>"
- "Fine"
කියාගෙන එයා යන්න ගත්ත. දෙයක් මතක් වෙන්න තප්පර ගානක් ගත උනා. විද්‍යාගාර බඩු ටික!
"හලෝ මේ!"
-"ම්!"
"ඔයාට අද මේව එපාද?"
-"මම හිතන්නෙ ඕන වෙන එකක් නෑ!"
"sure ද?"
-"හ්ම්!"
"ඔයාට නිකමටවත් ඔන උනොත්."
අලිය අමාරුවෙන් අත දික්කරල දුන්න පාර්සලේ එයත් අමාරුවෙන් භාරගත්ත. අරං අතේ තියාගෙන ටිකක් කල්පනා කරා!
"ඉතිං මං කොහොමද මේක දෙන්නෙ?"
-"ඔයා lectures වලට ආවම දෙන්න"
"මට lectures එන්න වෙන එකක් නෑ ඔයා මේක ගන්න!"
අලිය මේකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ!
ඊලඟට එයා පුලුවන් තරං අත දික් කරල, ඒත් බැරිම තැන කාණුවට නොවැටෙන උපරිම දුර දක්වා වැට ලඟට ඇවිත් පාර්සලේ වැට උඩිං තියල යන්න ගියා.............................
ඉතිං අලිය ග්ලාස්හවුසිය අස්සට ගිහිං කර කර හිටිය එක ඉවර කරා. කරල පොත අරං ගිහිං ලැබ් එකට බාරදුන්න. ඊට පස්සෙ ශ්‍රවණාගාරගත උනා.
ප්‍රථමයෙන් ලෑස්ති කරල තිබ්බ භෝජන සංග්‍රහය භුක්ති වින්ද.
ඊලඟ පැය දෙකක විතර කාලය
කාබන් ඩයොක්සයිඩ්
බලශක්තිය
බලශක්ති අර්බුධය
න්‍යශ්ඨික ශක්තිය
කාබන්ඩයොක්සයිඩ් වෙනත් ප්‍රයෝජනවත් රසායනික බවට පත් කිරීමේ හැකියාව
වගේ කරුණු එක්ක ගත වෙලා ගියා! (එ් දේවල් ගැන යථා කාලයේ ලියන්නං)
දේශණය ඉවර වෙලා ටිකක් වෙලා යනකං අලිය ශ්‍රවණාගාරයේ රැඳිල හිටිය. dr.පියල් මහතා ඈත යනව අලිය ශ්‍රවණාගාරයෙදිම දැක්ක. අලිය ඉතිං එක එක්කෙනා එක්ක කතාකරකර පැය බාගයක් විතර එතනම හිටිය.
අන්තිමට අලිය පහලට ආව.
එද්දි එයා ඉඳගෙන ඔලුව නවාගෙන මොනාද ලියනව..............
"මොකද කට්ටිය එලියෙ?"
-"අපට ඉන්ටවල් දුන්න."
"අරක ඕන උනාද?"
- "නෑ!"
"එහෙනං කමක් නෑ! මේ මං අහන්න හිටියෙ! අර ඔයා FB දාල තියන පොඩි ළමය කවුද?"
-(ඉතා හුරතල් ලෙස) "එයා මගෙ පුතා!"
අලිය උඩගිය පාර ඔලුව සීලිමේ වැදුන.
"නෑ නෑ අනේ එයා මගෙ අක්කගෙ පුතා"
-"ආ ආ ආ"
ඉතා වැදගත් දෙයක් කියන්න හිතුන. ඉතිං අලිය ඒක කිව්ව. හැබැයි අලියගෙ කකුල් ගිටාර් ගහපු සද්දෙට එයාට ඒක ඇහුණෙ නෑ!
"ඔයා අද හරි ලස්සනයි!"
-"මොකද්ද?"
"ආ! නෑ නෑ මොකුත් නෑ!"
කෙටි නිහඬතාවක් පැවතුනා.
"මම ඔයාට හිරිහැරයක්ද?" අලිය ඇහුව.
-"එහෙම නෑ! ඒ උනාට ඔයාගෙ සිංහල හරි බරයි."
ආයෙත් කෙටි නිහඬතාවක් පැවතුනා.
"මම දැං යන්න ඕන. පස්සෙ හමුවෙමු! <God Bless U>"
පස්සෙ හමුවෙමුකො!!
Monday, September 24, 2012
තවත් සුපිරි දැවීයාමක් -04- Baby
ඔය දේවල් ඔය විදියට සිද්ධවෙනකොට........................
දවසක්ද මායි අරයයි බුකියෙ චැට් එකේ ඉන්නකොට මට එයාගෙං පැමිණිල්ලක් ආව. එයාගෙ විද්‍යාගාර බඩු වගයක් නැති වෙලා කියල.
ඉතිං අලිය ඒ දවස්වල මෙව්ව එකෙං පොට්ට වෙලා හිටිය නිසාත් අලියටයි එයාටයි ප්‍රැක්ටිකල් තිබ්බෙ දවස් දෙකක නිසාත් අලියගෙ විද්‍යාගාර භාණ්ඩ share කරගන්න තීරණය කරා.
ඉතිං අලිය පාන්දර හතරහමාරට නැගිටගෙන ඔය කියන බඩු ටිකත් අරං ගියා කියමුකො අයිකෙම්.
මගදි කෝල් එකක් එනව එයා එන්නෙ එයාගෙ hometown එකේ ඉඳං කියල.
ඉතිං අලිය ගියෙ මේක එයාට දෙන්නම නෙවෙයි.
අලියට ප්‍රසිද්ධ දේශණයකට යන්න තිබ්බ උදේ නවයට(මං කිව්වෙ... අහං ඉන්න). අලියට ඉතිං නවය වෙනකං මග බලාගෙන ඉන්න බෑ! අලිය නවය වෙද්දි ශ්‍රවණාගාරගත වෙලා ඉන්න ඕන.
අලිය වටපිට බලද්දි අලියගෙ විශ්වාසවන්ත* යාලුවෙක් ඉන්නව. අපි එයාට කුමාරි කියමු....
"මේ...... කුමාරි.... මට පොඩි උදව්වක් ඕන."
-"පුලුවන් දෙයක් නං කරල දෙන්නං."
"මෙහෙමයි! ඔයාලගෙ ප්‍රැක්ටිකල් group එකේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නව. එයාට මේක දෙන්න පුලුවන්ද?"
-"මම එහෙම කිව්වට එයාව දන්නෙ නෑනෙ?"
අලියට හිතුනෙ මෙන්න මෙහෙම එකක්
'අම්මප ෆෝන් එකේ ෆොටෝ එකක් වත් තිබ්බනං'
අලියට මතක් උනා CCS News Letter එකේ අපේ group photo එක තිබ්බ කියල.
"හ්ම්..... එන්නකො මා එක්ක..."
කෙලිම්ම නැවතුනේ ඉස්තෝප්පුවේ තියන මේසෙ ලඟ. හිතපු විදියටම ආයතනයෙන් අන්තිමටම නිකුත් කරපු ප්‍රකාශණ ටික තියල තිබුන.
ගත්තු ගමං පත්තරේ පෙරලල බලද්දි මෙන්න ඉන්නව කට්ටිය....... (මේස උටු උඩ නැගගෙන. මේ photo එක ගන්න සුපිරි කට්ටක් කෑව.)....
"මේ ඉන්නෙ............."
-"ආ හරි හරි... මතකයි... මං දෙන්නං."
අලිය ආයෙත් එලියට ගියා. ගිහිං කෝල් එකක් ගත්ත
"ඔයාගෙ බඩු ටික මෙන්න මේ වගේ කෙනෙක් ලඟ තියෙන්නෙ. එයාගෙං ඉල්ල ගන්න...."
ඊලඟට අලිය ගිහිං නැවතුනේ දැන්වීම් පුවරුව ලඟ.
ඔය ඉතිං තියන තියන ඒව බල බල හිටිය කියමු............
එක පාරටම.. දකුණු කණ ලඟිං.....
"හායි Good Morning"
"අම්මොහ්!"
අලියව උඩ ගිහිල්ල හතරවෙනි තට්ටුවේ තියන ශ්‍රවණාගාරෙ ජනේලෙක ඔලුව වැදිල ඩිං ගාල බිම පතබෑඋනා.
මෙන්න මෙයා.
අලිය වෙලාව බැලුව.. අටයි හතලිස් පහයි.
"එහෙනං ඔයාගෙ බඩු අරය ලඟ... ඉල්ලගන්න. පරිස්සමිං කරල එන්න <God Bless U!>"
"God Bless U! Thank you vry much!..........#$%$#%$^%$^$^"
එයා විද්‍යාගාරගතඋනා. අලිය ශ්‍රවණාගාරගතඋනා.
ප්‍රථමයෙන් පැමිණසිටි දේශකතුමා සූදානං කරපු සංග්‍රහය භුක්ති වින්ද. ඊලඟට දේශණයට සහභාගී උනා.
ඒබ්‍රහම් ලින්කන් ගේ ජීවිත කතාව............ නිල් මැණික්........ ඇලෙක්සැන්ඩ්‍රයිට්............Cat eye...........ගෙවුඩ Treatment.................. ආදී මැණික් කතා අතර පැය දෙකක් ගෙවිල ගියා.
![]() |
Alexandrite |
හැමෝම දේශණේ ඉවර වෙලා එලියට යද්දි අලියත් අන්තිමටම වගේ ගියා.
පඩිපෙල ලඟිං බහිද්දි පඩිපෙල ලඟ මේසෙ වටේ ඉන්නව ප්‍රැක්ටිකල් කරපු කට්ටිය
අන්න ඉන්නව....
"අද මොකද උනේ"
-"මම අද බීකරයක් බින්ද!"
"ශහ්! අනේ ලොකු කෑල්ල මට?"
-"හා!"
"ඔයාට හෙට ප්‍රැක්ටිකල් නං හෙටත් ඕක තියාගෙන හෙටම දෙන්න. "
-"හා! මම ඔයාට හෙට දෙන්නං!"
"දැං යනවද?"
-"ඔවු!"
"එහෙනං <God Bless You>"
එයා රසායනායතන දොරෙන් පිටඋනා. ඒ ගියෙ ඉස්සරහ ගේට්ටුවෙන්.
අලියත් මෙතන ඉඳල වැඩක් නෑ! හැබැයි අලිය ඉස්සරහ ගේට්ටුවෙන් පැන්නොත්.... කාඩ් ගොඩයි.
අලිය වහාම මිදුල හරහ පැත්තෙ ගේට්ටුවට ගියා . එතනින් එලියට අඩිය තිබ්බ.
එයාගෙ ඇඟේ නොහැපුනා විතරයි.
" Clever!"
-"What?"
"Finally you catched me! you are clever!"
ඉතිං අපි එක එක ඒව කතා කරකර රාජකිරිය හන්දිය වෙනකං ගියා. යන අතරතුර මෙහෙම සාකච්ඡාවක් ඇති උනා!
"Where do you live?"
-"කටාන. Near to Negombo" (එයාගෙ ක්‍රමේටනම් කටාන = අලිය ගැට ගහපු තැන!)
"ඔයාට මෙහෙ එන්න කොච්චර වෙලා යනවද?"
-"මීගමුවෙං පිටකොටුවට පැය එකහමාරයි. කටානෙං මීගමුවට විනාඩි හතලිස් පහක් විතර "
"ගොඩක් වෙලා යනවනෙ!"
-"හ්ම්! Nothing to do!"
"Don't you come by train?"
මේ වෙද්දි අපි හිටියෙ ම්.... රාජගිරිය හන්දියට මීටර් විසි පහක් විතර ලඟ!
"I am not familiar with train! that's why I don't use it! "
මේකට දුන්න ප්‍රතිචාරයට අලිය එකපාරටම උඩගියා! ගිහිං උඩ තිබ්බ අධිබල විදුලි රැහැනක ඔලුව හැප්පුනා. හැප්පිලා එයා ලඟට ඩිං ගාල වැටුන! යන්තං පියවි සිහියට එද්දි කණ කීං කීං ගාමින් පැවතුනා!
එයාගෙ ප්‍රතිචාරය මෙහෙමයි!

"You Are Like a Baby! If You Have Not Done Something You Have To Do It!"
යන්තං සිහි එලවගන්නකොට එකසිය හැත්ත හය බස් එකක් අපේ පස්සෙන් ඇවිල්ල හෝල්ට් එකේ නැවැත්තුව!
"මම මේකෙ යනව God Bless you!"
-"පරිස්සමිං යන්න <God Bless You!>"
නැවත හමුවෙමු!
Monday, September 17, 2012
තවත් සුපිරි දැවීයාමක්- 03- ලිපිනයේ අභිරහස
ෂමාවෙන්න ඕන. වැඩ ටිකක් අධික උනා.
අර මං මොකද්ද එකක් කියකිය හිටියනෙ. ඔය සිද්ධි මාලාවෙ තවත් වැදගත් පියවරක් මෙහෙමයි.
අපට ඉතිං ප්‍රැක්ටිකල් තියනව නොවැ. ඉතිං batch එකම group හතරකට බෙදල එක එක කට්ටියට එක එක දවස්වල තමා තිබ්බෙ. අලිය හිටියෙ එක group එකක අරය හිටියෙ වෙන එකක. ඉතිං අලිය පලවෙනි දවසෙ ඕව කරල (යන්තං පණකෙන්ද බේරගෙන :D) ආවයි කියමුකො.
ඉතිං දවස් දෙක තුනකට පස්සෙ රාත්‍රී කාලයේ සුපුරුදු පරිදි බුකියට ලොග් උනා. ඉතිං අලිය බුකියෙ කට්ටිය එක්ක කෙප්ප කෙබර ඇදබබා හිටිය.
ටිකකිං අරය ලොග්වෙලා ඉන්න බවට විවිද සංඥා පහල වෙන්න ගත්ත.
ඉතිං අලියත් :) කියල ටයිප් කරල යැව්ව.
ඉතිං සුපුරුදු සංවාද පටංගත්ත. මොනා ගැනද? ප්‍රැක්ටිකල් ගැන! (මං කිව්වෙ කෙමිස්ට්‍රි පැක්ටිකල්... බයෝ එහෙම නෙවෙයි!)
x: "අනේ මට අනුමාපන ගැන මොනවත් මතක නෑනෙ."
අලියා: "පොඩ්ඩක් ඉන්න බලන්න. මට ඔහොම වීඩියෝ එකකුයි පලවෙනි පැක්ටිකල් තුනෙයි විස්තර තියන ඊමේල් එකක් ආව! ඔයාගෙ ඊමේල් address එක දෙන්න පුලුවන්නං මම එවන්නං."
x:" <මොකක්හරි>@gmail.com"
ම්................. මේක දැක්කම නිකං අලියගෙ බඩ ට්‍රීං ට්‍රීං ගාන්න ගත්ත. මේකෙ පලවෙනි අකුරු දෙක එයාගෙ නමට තියන අකුරු වගේ පේනව. ඉතුරු ටිකත් නිකං කාගෙ හරි නමක් වගේ පේන්නෙ. (@වලට මෙහා).එතකොට ඒ කාගෙ නමද?
ඕක පැත්තකිං තියල අනිත් දේවල් කියාගෙන කියාගෙන ගිහිං .... ප්‍රැක්ටිකල් එක ගැන කියන්න තියන ඔක්කොම කියල ඉවර උනා.
අන්තිමට අලිය මෙන්න මෙහෙම එකක් ඇහුව
"මේ ඔයාගෙ address එක තියනවනෙ මේකෙ තේරුම මොකද්ද හලෝ?"
ඊලඟට එයා ඒ ගැන පැහැදිලි විස්තරයක් කරා. ඕක කොල්ලෙක්ගෙ නමක් නෙවෙයි. එයාගෙ ජීවන දර්ශණය සම්බන්ධ කාරණයක්. ආචාර්ය කොවුර් ගෙ ලිපිනලේඛන අනුව මෙගා මට්ටමේ වැඩකරුවෙකි.(මා කල ගවේශණ- පරිඡේදය 2 කියවන්න).
අන්තිමට මෙහෙම එකකුත් කිව්ව. කියල යන්න ගියා.
"ඔයා කරදර වෙන්න එපා මගෙ boyගෙ නම එහෙම නෙවෙයි."
මළා
මේක කිව්ව විදියට නිකං ඇඟ සීතල වෙලා ගියා. නිකං හිතෙන්නෙම අලියට හෙට කුඩපාර ලැබෙනව වගේ.
"නෑ මම එහෙම අැහුව නෙවෙයි. මම දැනගන්න අැහුවෙ."
"I didn't make any proposal"
"I even didn't"
වෙන දෙයක් හෙට බලාගමුකො කියල ඉතිං මම නිදාගත්ත.
********************************
ඉතිං පහුවදා ඉතිං මියෙම්වා රැකෙම්වා කියල අලිය ගියා රසායනායතනයට! අලිය ඔතෙන්ට යද්දි උදේ අටහමාරට විතර ඇති.
ගිහිල්ල බලද්දි ඉතිං අපේ කට්ටිය හත් අට දෙනෙක් විතර ඉන්නව අරව මේව කරකර. අනිත් කට්ටිය ලැබ් එකේ වෙන්න පුලුවනි. ඉතිං අලිය එලියෙ බංකුවකට වෙලා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට...........................................
ඔන්න එනව......................................
එයා............................................................
නෑ නෑ ශිහාන් අයිය! එයා තමා අපේ ශිෂ්‍ය සංගමේ සභාපති.
"මල්ලි මේ සිසිර සර්ගෙ පොඩි වැඩක් තියනව, ඔයාට පුලුවන්ද තව කෙනෙක් එක්ක එන්න. අපි නවය හමාරට විතර තමයි යන්න ඉන්නෙ."
- "හරි අයියෙ තව කෙනෙක් හිටිය මම එයා එක්ක එන්නං" කියල අලිය වහාම පුස්තකාලෙ වෙත පියෑඹුව!
යද්දි ඔන්න අපේ කොල්ලෙක් ඉන්නෝ! (+ කොල්ලගෙ කෙල්ල)
අලිය ගිහිං කෙල්ල ඉන්න පැත්තෙං නෙවෙයි අනිත් පැත්තෙං කොල්ලගෙ කණ ගාවට ලංඋනා.
"මචං වැලිවේගම සර්ගෙ වැඩක් තියනව. පොඩ්ඩක් එලියට යන්න වෙනව එන්න පුලුවන්ද?"
මිනිහත් බෑ නොකිය මිදුලට ආව. එද්දි එලියෙ ඉන්නව ශිහාන් අයියයි වැලිවේගම ස'රුයි (ආචාර්ය සිසිර වැලිවේගම මහතා) තව කෙනෙකුයි.
සිසිර සර්: " මොනාහරි උනොත් කතා කරන්න.එහෙනං මේක තියාගන්න. (ශිහාන් අයියාට මොණරෙක් දෙමින්) මේගොල්ලන්ට ලන්ච් එහෙම අරං දෙන්න "
ඊලඟට ශිහාන් අයිය අලට මෙතන යන සින් එක විස්තර කරා.
"මෙහෙමයි මල්ලි අපි දැං සක්ය එකටයි රොටරි එකටයි යන්නෙ.ඔයාල යන්න<ඔය දෙකෙං එකකට. මොකද්ද කියල මතක නෑ> .අපි දෙන්නෙ (ශිහාන් අයිය + එතන හිටිය අනිත් කෙනා) ගිහිල්ල මේ කොල ටික බෙදල දාන්න ඕන. දොලහට විතර අපිට එන්න පුලුවන් වෙයි."
ඔන්න අපි එලිය නවත්තල තිබ්බ ත්‍රීවිල් එකට නැග්ග.
ත්‍රීවිල් එක රූං ගාල නුගේගොඩ බලා ඉගිල්ලුනා. ගිහිල්ල අර බස් නවත්තන තැනට පොඩ්ඩක් එහායිං නතර උනා.පල්ලියක් තියෙන්නෙ..... එතන ඉස්සරහ. මම නං ඔය නගරෙ එච්චර දන්නෙ නෑ.
"දැං මල්ලි උඩට ගිහිල්ල ඔය ටික බෙදල එන්න. අපි දොලහට විතර මෙතෙන්ට එනව!"
ඉතිං අලියයි අනිත් එක්කෙනයි ගිහිල්ල බෑවුමක් දිගේ...... මට මතක නෑ මොකද්ද ආයතනයේ නම කියල. ගිහිල්ල ආයතනෙට යන පටු පාර දෙපැත්තෙ හිටගත්ත.
ටික වෙලාවකිං විවිධ ආකාරයේ කෙල්ලො කොල්ලො එකා දෙන්න යන්න ගත්තම අපි ඒ අයට කොල බෙදාගෙන බෙදාගෙන ගියා.
ඔය විදියට ටික වෙලාවක් ගතඋනා. එකපාරටම වෙනසක් උනා.
එක පාරටම එකා දෙන්නගෙං ඇරඹුන ප්‍රවාහය..... කොල්ලො කෙල්ලො සියගානක් බවට පත් උනා. ඒ එක්කම අපි ලඟ තිබ්බ අත්පත්‍රිකා සිය ගාන මුල් ගානෙන් සියට පහක් විතර බවට පත් උනා.
ටික වෙලාවකින් ආයෙත් ප්‍රවාහය බින්දුවට බැස්ස.
තව පැය බාගෙකිං විතර පාරෙ ගිය එක්කෙනා දෙන්නට දීල අපි ලඟ තිබ්බ කොල ගාන ඉවර කරගන්න පුලුවන් උනා.
ඊලඟට අලිය කලේ කෝල් එකක් ගත්ත එක
"ශිහාන් අයියෙ අපේ කොල ටික ඉවරයි...."
-"ආ හරි මල්ලි එහෙනං දැං පල්ලිය ලඟට එන්න." අනිත් අන්තයෙන් උත්තර දුන්න.
ඉතිං අලියයි යාලුවයි පාර දිගේ අපි බෙදපු කොල මතිම්ම ඇවිල්ල මහ පාර පැනල ත්‍රීවිල් එකට ගොඩ උනා.
ඉතිං විවිධ සාකච්ඡා එහෙම සිදුවෙමින් ත්‍රීවිල් එක සුදුසු කෑම කටහක් හොයාගෙන යන්න ගත්ත.
ටිකකිං අලියට ෆෝන් එක එලියට ගන්න ඕන උනා. අලිය එයාගෙ සාක්කුවට අතදැම්ම.
මළලසේකර! පර්ස් එක නෑ
"ශිහාන් අයියෙ මගෙ පර්ස් එක නෑනෙ."
-"ආ එහෙනං හරි. මේ පැත්තෙං කොලේ ගන්න ගමං අනිත් පැත්තෙං ගන්න ඇති."
ටිකකිං අලිය අනිත් සාක්කුයට අත දැම්ම. ඒකෙත් නෑ.
ඊලඟට....
බැලුව බෑග් එකේ........................
අප්පච්චියේ............................
පර්ස් එක බෑග් එකේ.
"ආ හරි හරි අයියෙ shape"
-"ආ හරිද තියනවද?"
"අයියෙ shape"
-"එහෙනං කමක් නෑ"
ත්‍රීවිල් එක ගිහිල්ල මොකද්ද කෑම කඩයක් ලඟ නතර උනා. ඊට පස්සෙ අපි ඇතුලට ගියා. හැමෝගෙම ඒකමතික තීරණයෙන් මොන රයිස් ද මන්ද පාර්සල් හතරයි කුකුල කෝල මෙගා බෝතලේකුයි ගත්ත.
ඊලඟ විනාඩි විස්ස තුල ගත්තු කෑමපාර්සල් වල අන්තර්ගතය කුකුල කෝල ද්‍රවයත් සමග අපේ ආමාශය තුලට ඇතුලු උනා.
******************************
අපි රසායනායතනයට එනකොට එක හමාර විතර ඇති. මෙගා බෝතලය වායුගෝලීය වාතයෙන් විතරක් පිරී තිබුන. ආමාශ හතර අධි ප්‍රෝටීනමය ආහාර වලිං පිරිල තිබුන.
ප්‍රධාන දොරෙන් ඇතුලට ගිය අලියට එතන තිබ්බ රාක්ක දිහා බැලුවම තේරුනේ ප්‍රැක්ටිකල් කරන් අයට තාම ඒව ඉවර වෙලා නැති බවයි. වෙන දෙයක් වෙනකං අලිය පුස්තකාලෙට වෙලා පොතක් බලාන හිටිය.
ටික වෙලාවකිං පඩිපෙල දිගේ ලැබ් කෝට් ඇඳගත්ත එකා දෙන්න එනව පෙනුන. ටික වෙලාවකටි පුස්තකාල දොර ඉස්සරහ area එක ප්‍රැක්ටිකල් ලමයින්ගෙන් පිරුනත්..... x හිටියෙ නෑ
වට පිට බලනකොට යුරේනි ඉන්නව. අලිය එයා ලඟට කිට්ටු උනා.
"මේ අද මොකද උනේ?"
-"මොකුත් නෑ හලෝ ප්‍රැක්ටිකල් එක කරා"
"අරය හිටියද?"
-"ඔවු උඩ ඉන්නව දැක්ක"
"මේ මට ඊයෙ රෑ හරි සීන් එකනෙ උනේ . මගෙ අතිං වචනයක් වැරදුනානෙ."
-"නෑ! ඉතිං මොකද කරන්නෙ?"
"මම පොඩ්ඩක් පුස්තකාලෙ අස්සට යනෝ. අරය ආවොත් ජනේලෙං අත වනන්න කියන්නකො"
කියල අලිය පුස්තකාල දොර ලඟට ගියා විතරයි.........
අලි ජීවිත මාරාන්තිකම අවස්ථාවක් අභිමුවට පැමිණුනා.
එයා පඩිපෙල දිගේ බැහැගෙන බැහැගෙන ආ. ඇවිල්ල පඩිපෙල ලඟ තිබ්බ මේසෙ ගාව නතර උනා.
අලිය වහාම රබර් ඇහැ දාල බැලුව එයාගෙ සෙරෙප්පු දෙක!
සෙරෙප්පු නං ෆ්ලැට්! එව්වයින් වැදුනොත් හිල් වෙන එකක් නං නෑ.
ඉතිං අලිය එයා ලඟට ගියා. ගිහිල්ල එයාට කතා කරන්න තැත් කරා.
අලියගෙ කකුල් දෙක ගිටාර් ගහනව. අපිට ඒ සද්දෙ මැඩගෙන.................................
"මේ .....අපි කියල දීපුව ඔයාට ප්‍රයෝජනවත් උනාද?"
මම හිතුවෙ ඩෝං ගාල සද්දයක් ඇහෙයි කියල හැබැයි එහෙම උනේ නෑ.
-"ආ ඔවු ගොඩක් ප්‍රයෝජනවත් උනා. thanks a lot"
"ඔයාට කියන්න දෙයක් තියනව........."
-"කියන්න......."
"i am sorry if i told you something wrong yesterday!"
-"!It's ok! don't mind it!"
"එහෙනං මම ගිහිං එන්නං! <God Bless You>"
-"God Bless You!!!"
ඊලඟට අලිය ගියෙ යුරේනි ගාවට
"මොකද උනේ?"
-"ශේප් ශේප්! මම දැං යනව..... පස්සෙ හමවෙමු! තෙරුවන් සරණයි............"
අලිය රසායනායතනයෙන් පිටඋනා....
**************************************
ඊලඟ කෑල්ල- තවත් සුපිරි දැවීයාමක් 04 - Baby - තවත් චාටර්..... කියන්නෙ පට්ටපල් චාටර්!

Saturday, August 25, 2012
තවත් සුපිරි දැවීයාමක් 2
Caution:
If you can read this.. please don't be scared. I have taken every
action to hide your identity! The aim of this post is just sharing
this story with my friends and not to harm/hurt anyone.
***************************
පහුවදා lecture
එකක් තිබ්බ.
ඒක පටං ගන්න තිබ්බෙ උදේ
දහයට. අලිය
රසායන ආයතනයට එනකොට නවය හමාරට
විතර ඇති.
අවිල්ල අලිය පුරුදු
පරිදි Auditorium එකේ
පලවෙනි බංකුවට සෙට් උනා.
එහෙම ඉඳං පොතක් එලියට ඇදගෙන
බලන්න ගත්ත. බල
බල ඉන්නකොට අලියගෙ හොඳම යාලුවෙක්
වන Atom Ant තුමා
ඇවිල්ල මං ලඟංම වාඩි උනා.
ඉතිං අලියයි ඈන්ට්
තුමයි ආගිය ඒව කතා කර කර හිටිය.
මේ අතරෙ තුන්වැන්න
ඇවිල්ල අපට පිටිපස්සෙ පේලියෙං
වාඩිඋනා. .. එයාට
යුරේනි කියමුකො.
අවුරුදු ගානක් තිස්සෙ මාව
දැනං හිටිය කෙනෙක්.
දැං මාත් එක්කම රසායන ආයතනයේ
ඉගෙන ගන්නව!
එයත් කතාවට එකතු
උනා. කතාව
විවිධ පාරවල් දිගේ ඇදිල ගියා.
කතාවෙ උණුසුම් ම
අවස්ථාවට එලඹුනා.
කතා කරකර හිටියෙ ඒ වෙලාවෙ
Auditorium එකේ හිටිය
අක්ක කෙනෙක් ගැන.........
යුරේනි:
"<අලියා>
අර කලිං කරගත්ත එක එහෙම ආයෙ
කරගන්න එපා......"
අලියා:
"නෑ නෑ එහෙම වෙන්නෙ නෑ බය
වෙන්නෙපා. එහෙම
උනත් ඔයාට අඳෝනා අහං ඉන්න
වෙන්නෙ නෑ."
ඒ එක්කම සිව්වැන්න
ඇවිල්ල එයාට ආවේණික pot
එකෙං වාඩිඋනා.
ඒ X
අලියා:"Good
Morning! ඔයා මාව accept
කරේ නෑනෙ අනේ"
එයා:"Good
Morning.. මම ඊයෙ රෑ accept
කරා"
ආයෙත් අර කලිං කතා
පටං ගත්ත
යුරේනි:
"මොකද්ද <අලිය>
ඒ උනේ"
අලියා:
"උනේ ද? Ready
to listen to the new story!"
යුරේනි:
"හයියෝ..............................!"
***************************
ආයෙ දවසක මෙන්න
මෙහෙම උනා.
එදා මොකක් හරි
ලෙක්චර් එකක් කැන්සල් වෙලා
අපට මොකද්දෝ ලොකු නිදහසක්
ලැබුන. ඉතිං
අලියයි යුරේනියි අරයයි රසායන
ආයතන මිදුනෙ බංකුවකට වෙලා
කතාවකට සෙට් උනා.
අපි අරමුණක් නැතුව රටේම
තියන කෙප්ප කෙබර ඇද බබා හිටිය!
ටික වෙලාවකිං එයා
නැගිටල ... යන්න
අවසර පැතුව
"පරිස්සමිං
ගිහිං එන්න <God
Bless U>"
එයා යන දිහා මමයි
යුරේනියි සෑහෙන වෙලාවක් බලාගෙන
හිටිය.
යුරේනි කතා කරන්න
පටන් ගත්ත!
"<අලිය>
ඔයා ඇයි ඒ
girl
ගැන එච්චර හිතන්නෙ?"
-"නෑ
මම එහෙම හිතුව නෙවෙයි.
මට එයා එක්ක එහෙම ගණුදෙනුවක්
නෑ. මම කියල
තියනවනෙ ලවු කරන්න marry
කරන්නෑ කියල!
ඒව serious. විහිලුවට
කිව්ව කතා නෙවෙයි."
"ඉතිං
<අලිය>
ඇයි ඔයා එහෙම ඉන්න හදන්නෙ?"
-"එකක්
තමා ඔය ජීවිතේ කරදරයි.
අනිත් දේ තමයි මම මගේ ජානමය
දේවල් ගැන එච්චර සතුටු නෑ."
"ඉතිං
<අලිය>
ඇයි එහෙම කියන්නෙ!
සමහර මිනිස්සුන්ට රටේ නැති
ලෙඩ! සමහරු
ඉපදෙද්දි අතපයවල් නෑ.....
ඉතිං <අලිය>
ඔයාට ඒ මුකුත් නෑ.
ඔයා ඔයා ගැන අවතක්සේරුවෙන්
හිතන්න එපා!"
"ඔයා
කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත්
නෑ."
"<අලිය>
මට බයයි. මොකද
ඔයා අක්කලගෙ කේස් වලදිත් ගොඩක්
වැටුන. හැබැයි
ඔයා ඒ අක්කලගෙ කොල්ලො ගැන
දැනගෙන හිටිය."
"බය
වෙන්නෙපා මම දැං ඒවට හුරුවෙලා
තියෙන්නෙ."
ඒ එක්කම එයාගෙ
phone එක ring
උනා. එයා
call එක ගත්ත
"<අලිය>
<කොල්ල>
ඇවිල්ල ඉන්නෙ!
මම යන්නං"
-"පරිස්සමිං
යන්න එහෙනං..
තෙරුවන් සරණයි!"
"යන්න
කලිං දෙයක් කියන්නං කවදාවත්
තමං ගැන අවතක්සේරුවෙන් හිතන්න
එපා!"
අලිය රසායන ආයතන
මිදුලෙ බංකුවක් උඩ තනිඋනා!
(පින්තූරය බා ගත්තේ අප බැචෙක් වන පාරමී තුමාගේ Album එකකින්ය.)
(පින්තූරය බා ගත්තේ අප බැචෙක් වන පාරමී තුමාගේ Album එකකින්ය.)
Subscribe to:
Posts (Atom)