ප්‍රථමයෙන් සමාව
ඉල්ලිය යුතුය.
මාසයක් පමණ විභාගය තිබූ
බැවින් වැඩිය මේ පැත්තේ පැමිණීමට
නොහැකි විට. මේ
තත්ව යටතේ අපි ගැන සොයා බැලූ
අටම්පහුර මහතා ,
සයුරි මහත්මිය හා අනිත්
කොන මහතා ට විශේෂ ස්තූතිය
පිරිනමමි!
ගමන් මග ගැන අවසාන
වතාවේ කතා කරන ලද්දේ තරඟයේ
කතාව ය.
මේ කාරණයෙන් මාස
හයහතකට පමණ පසු උපෙ ට ඉඳගතිමු.
ජීවවිද්‍යාවට සී එකයි අනිත්
දෙකට එස් දෙකක් ගෙන යන්තං ගොඩ
යාගත හැකි විය.
මේ ප්‍රථිපලය සත
පහක වැඩක් ඇති එකක් නොවූයෙන්
දෙවෙනි වතාවක ද විභාගය කිරීමට
ද සිදුවිය. කලින්
ප්‍රතිඵලයට වඩා ලොකු වෙනසක්
නොවුයෙන් වෙන දෙයක් වෙද්දෙං
කියා තුන්වෙනි වතාව ද විභාගයට
මුහුණ දෙන ලදී.
මේ වන විට ජෛව රසායන
ක්ෂේත්‍රයට හේත්තු වීමට ඇති
හැකියාව ඉතා අවම බව පෙනී ගිය
බැවින් අලියා කවුරුත් එල්ලෙන
වැල වූ තොරතුරු තාක්ෂණය දෙසට
මදක් නැඹුරු විය.
අලියා තුන්වෙනි පාර උපෙ
කරන අතරේ ම ඉදිරියට වෙන දේකට
සූදානම් වනු වස් Java
ද ඉගෙනීමට පටන් ගති.
දිනක් කුමක්දෝ
වෙබ් අඩවියක් බලමින් සිටි
අලියාට එහි ඇල්කෙමියා නමින්
යොදා තීබූ කමෙන්ට් එකක් නෙත
ගැටුනි. ඒ
ඔස්සේ සොයා බැලූ අලියා එම
මහතාගේ බ්ලොග් අඩවියට පිවිසුණී.
ඒ මහතා තම බ්ලොග්
අඩවියේ ලියා තිබූ උසස් අධ්‍යාපනය
පිලිබඳ ලියකියවිලිවලට අලියාගේ
සිත ඉතා තදින් ඇදී ගියේය.
තවදුරටත් සොයා බැලූ අලියාට
ඇ මහතා සහ රසායනායතනය අතර වූ
සම්බන්ධතාවය අනාවරණය විය.
අන්තර්ජාලය ඔස්සේ ඇ මහතා
සමග කල සාකච්ඡාවකින් අනතුරුව,
අලියාගේ රසායන විද්‍යා
ගුරුවරයා වූ නිර්මාලි මිස්
, විජේනායක
සර් ගේ සහ ඒ වන විට එම ආයතනයට
සම්බන්ධව සිටි අලියාගේ මිතුරෙකු
ගේ උපදෙස් ද පරිදි අලියා එම
ආයතනයට සම්බන්ධ විය.
2012
ජනවාරියේ සිට ඊලඟ වසර දක්වා
කාලය තරමක ආයාසයෙන් යුතුව
ගෙවා දමන ලදී.
හේතුව, අදාල
වසර සඳහා ජෛවරසායන විද්‍යාව
මෙලෝ දෙයක් නොමැති වීම.
කෙසේ වෙතත් මේ
කාලය තුලදී අලියාගේ එතෙක්
තිබූ තුවාල යම් තරමකට හොඳ කරගත
හැකි විය. ප්‍රධාන
වශයෙන් අතිජාත යාලුවන් සෙට්
එකක් සෙට් වීමත්,
මහාචාර්ය දැරණියගලයන්ගෙන්
සහ මහාචාර්ය සුදන්ත ලියනගේ
මහතාගෙන් ඉගෙනීමට ලැබීමත්
, පණ යනකං ගණං
හැදීම නිසා සියලු Software
වෙනස් වී තිබීමත්,
කලින් පෝස්ට් වල සඳහන් කල
X මෙනවියත්,
විවිධ event වලදී
ලද අති Cinematic
අත්දැකීම් ගොඩකුත් නිසා
ය.
මීටම සමාන අයුරකින්
දෙවන වසර පලමු Semester
එක ද ගෙවීමට සිදු විය.
නමුත් කාබනික රසායනය,
Co-ordination compounds සහ ඝන අවස්ථාවේ
රසායනය යන විෂයයන් නිසා වෙහෙස
මදක් අඩු වූ බව කිවයුතුය!
ඉහත අවුරුදු දෙකහමාර
ගෙවාගත් අලියාට දෙවන වසර
Semester 1 හි විභාග
අවසන් වනවාත් සමග ම හොඳ කාලය
උදා විය. ප්‍රථම
වතාවට ජීව රසායන විද්‍යාව
හමුවන්නේ මෙතැනදී ය.
මේ විෂයය සඳහා
ප්‍රථම දේශණය කරන්නේ ආචාර්ය
ඇල්කෙමියා මහතාගේ මැතිණියයි.
අවසානයේ ජීවරසායන විද්‍යා
දේශණයක් කණවැකීම කාන්තාරයට
වැහිපොදක් බඳු විය.
කෙසේ වෙතත් අලියා
වඩාත් ම සිත් ගත්තේ පහුවදා
උදේ තිබූ මහාචාර්ය වැලිහිඳ
මහතාගේ දේශණයයි.
ඒ මහතා ගැන එක්
ජ්‍යේශ්ඨ ශිෂ්‍යාවක් මෙසේ
කියන්නීය.
"එයා
මාරයි මල්ලි!
එයා Lecture එක
කරද්දි මම ඉන්නෙ කොහෙද වත්
දන්නෙ නැතුව එයා කියන එක ම
අහගෙන හිටිය"
හරියට අට වෙද්දී
ඒ මහතා දේශණ ශාලාවට පැමිණියේය.
උපුටා ගත් කොටස් කීපයක්
පහත දක්වමි.
Biochemistry
is the Science Chemistry that operates inside of you in your life
every moment of your life, and if it fails you are dead!
සියල්ලෝම කටවල්
ඇරගෙන අසා සිටිති.........
If
you set fire to this bundle of paper, you get energy. setting fire,
oxidation, identical thing operate inside your body. Only thing is
nothing is set fire. if you set fire to a mole of glucose, inside of
your body, you will ignite. but only thing is this burning process
happens little by little
now
you are on the fourth floor, you have a large potential energy there
are two ways of going down. one way is down the stairs, you are
releasing potential energy little by little, then you will go to
ground floor as one piece. Other way is out the window. Same
energetics but by this way, you will not go in one piece....
මෙසේ ද කියන ලදී
Glut IV is distributed in your muscle and your adipose tissue. Adipose
tissue is the fat tissue. That is located under the skin.... you
become a බුම්බ fellow
when you have lot of fat. Girls are soft to touch.... Don't
touch...... Girls are soft to touch because they have a layer of fat
under the skin ...අපේ නෑ!
ඒකයි බූතයො වගේ ඉන්නෙ Girls
have a layer of fat, එ්කයි අර දොදොල්
වගේ
This
is why when u are dehydrated you are given ජීවනී or
තැඹිලි. කොහෙං
හරි ජරා කොත්තුවක් කාල යන්න
පටං ගත්තොත් අනිත් පැත්තෙං
you loose water. not only water
වතුර බිව්වනං හරිනෙ.
you loose electrolytes. What are the important electrolytes, Sodium
and potassium....
Your
buffering system, what is the buffer, a week acid and its salt
.Sodium and potassium ගියාම කොහෙද
buffers,no salt means buffering
capacity is compromised. You have a narrow margin 7.35 to 7.45ඕක
පයිනව..... පැන්න
ගමං හාන්සියි........
in
the evening you feel terrible .... you feel like පොලිසියෙං
ගහල වගේ . කොච්චර
වතුර බිව්වත් වැඩක් නෑ...
තැඹිලි ගෙඩියක් ගහපු ගමං
ෆිට් why? Sodium and
Potassium
මේ කතා අසමින් ජීව
රසායන සාගරයේ කිමිදී සිටියදී
පැය එකහමාර ගෙවී යනු නොදැනුනි!
ඔව් ඔව් අර වගේ කතාවක් ඇහුව නං මාත් කට ඇරං අහං ඉන්නව... මොනද මෙලෝ හසරක් තේරෙන්නෙ නෑනෙ...
ReplyDeleteඔය කියල තියෙන ටික අර ත්‍රී ඉඩියට්ස් එකේ අමීර් කාන් වගේ කියවගෙන කියවගෙන ගියා නං පට්ටෙටම තියෙයි නේද කියලත් මේ දැං මට හිතුනනෙ... ඔව්... ඉදගෙන...
හුග කාලෙකින් ලීව එකත් මංඤං කොර ලියා දැමීම පිලිබද මමාගේ සාතීසය අර මොකද්ද එක පළ කරමි
ම් ......... එතකොට මේක මඥ්ඥං කොර ද? ........ :( සමාවන්න!
Deleteලෑ අලේ පික්ෂු කොර.....
Deleteඑහෙනං ඉතිං කමක් නැහ්!
Deleteජීව රසායන විද්‍යාව කියන එක රවුම් ද හතරැස් ද අලියෝ??? :-)))
ReplyDeleteඑ්ක අැත්තටම මෙහෙමයි ....... එ්ක සංකීර්ණ හැඩතල රාශියකිං යුක්තයි......... ම් ..........
Deleteජිව රසායන විද්‍යාව වගේ දෙයක් ඉගෙන ගනිද්දී ඉතින් මෙහෙම කතා නැතුව නම් වෙලාව යවා ගන්නවා බොරු..
ReplyDeleteඅත්දැකීම් තියනව වගේ ....... අනේ මන්ද මට නං ෂේප්!
Deleteබ්ලොග් එකක් තියේ කියල මතක් වෙච්ච එකත් ලොකු දෙයක්.... මං නං ඇත්තටම ආවෙ අර පින්තූරෙ තිබිච්චා බලන්න!!
ReplyDeleteනෑ නංගිය මෙහෙ exam කෝටියයි!
Deleteකද්දි බලාගෙන අෑ! සෝඩියම් පොටෑසියම් මදිවෙයි!
he he sook storiya..digatama liyanna...
ReplyDeleteThank u! :)
ReplyDeleteලෙක්චර් එකම අහගෙන ඉන්න හිතුන.. මොකක්හරි විදියකින් අපි සෝඩියම් පොටෑසියම් ගත්තොත් විජලනය වෙන වෙලාවක හරිද? මොකද්ද බෆර් එක කියන්නේ? වාහනේ ඉස්සරහ තියන එක නෙවෙයි නේ? පහදන්න..
ReplyDelete//මොකක්හරි විදියකින් අපි සෝඩියම් පොටෑසියම් ගත්තොත් විජලනය වෙන වෙලාවක හරිද?
Deleteඑහෙම බෑ
සාමාන්‍යයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් 9%යි
පොටෑසියම් 4%යි (බර අනුව)
නැත්තං වෙන ප්‍රශ්ණ එනව. උදාහරණයක් විදියට පොටෑසියම් වැඩිවීම හාට් එකට හොඳනෑ
බෆර් එක කියන්නෙ pH අගය නියතව තියාගන්න පුලුවං ද්‍රව්‍යයක්.
pH අගය කියන්නෙ මොකක් හරි පද්ධතියක (ජලාශයක්, පස් සාම්පලයක්,..... වගේ ඔ්නම දෙයක්) අාම්ලිකතාව ගැන මිනුමක්
pH= -log([H+])
[H+]= පද්ධතියේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය, මෙය වැඩිවනවිට අාම්ලිකතාව වැඩි වේ!
ලෙක්චර් Download කරගතහැකි ලින්කුවක් මූනුපොතෙන් යොමු කිරීමට කටයුතු කරඅැත!