Thursday, May 17, 2012

අලියාගමනය 2

සෑහෙන්න කාලෙකට පස්සෙ, අපේ කට්ටිය එහෙම සනීපෙං ඉන්නවනෙ!

පහුගිය දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි උනා. බ්ලොග් රාජයගෙ තාක්ෂනික ප්‍රශ්ණෙකුත් ආව. ඒ පාඩුව මගහරවගන්න කරන්න පුලුවන් හැමදරම කරත් අන්තිමට කලිං ලිව්ව දේවල් හැමදෙයක්ම වතුරෙ ගියා,

ගිය හකුරට නාඬන්නේ තියන හකුර රැක ගන්නේ කියනවනෙ. ඉතිං එ්ව ගැන කනගාටු වෙන්නැතුව වැඩේ අලුතිංම පටං ගත්ත.

මම එච්චර සිරා දේවල් ලියන කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් කියවන අයගෙ ලේ සුද්ද වේවා කියල හිතාන තමයි ලියන්නෙ. මම දන්නෙ නෑ එහෙම වෙනවද කියල.

ඉතිං අදත් කට්ටියගෙ ලේ සුද්ද වෙන එකක් ලියන්න ගියාට .... මුලු ලාංකීය බ්ලොග් ගෝළයම වගේ ශෝක වෙන වෙලාවක ඒක සුදුසු නෑ කියල මට හැඟෙනව.

මම කවදාවත් Observer මහත්මය එක්ක ගනුදෙනු කරල නෑ. ඒ ගැනත් ගොඩක් දුකයි. ගොඩක් දෙනා ලියල තියන දේවල් කියවනකොට මට හිතුන එතුමා යහපත් කෙනෙක් කියල. කොහොම උනත් එතුමාගේ සමුගෙන යාම ගන අලියත් කණගාටු වෙනවා.එ් වගේම එතුමාට නිවන් සුව පතනවා!

**********

වෙන දවසක එන්නංකො!

29 comments:

  1. ආපහු ආව එක ගැන සතුටුයි..දැන් දිගටම ලියමු හොදේ...:)
    උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
    Replies
    1. [ආපහු ආව එක ගැන සතුටුයි..දැන් දිගටම ලියමු හොදේ...:)]

      හරි හරි! :D

      [උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!] මමද එසේ පතමි!

      Delete
  2. අලෝ අලෝ....වෙල්කම් බැක් හලේ....^_^

    ReplyDelete
    Replies
    1. ඔයාල කිව්ව නිසයි මම අාවෙ! :)

      Delete
  3. අයියෝ... පරණ එක ගොඩ දාන්නම බැරි වුනාද?? අපරාදේ......

    කමක් නෑ නැවත සාදරයෙන් පිළිගනිමු......

    ReplyDelete
    Replies
    1. ගිය දේ ගියානෙ අක්කො! :)

      Delete
  4. වෙල්කම් කිව්වා. බ්ලොග් ලියන්නේ මොන අරමුණින් උනත් ලියන එක ලියන්න නිදහස තියනවා. ඒ හින්ද අවුලක් කරගන්න එපා

    ReplyDelete
  5. ඈ....බං... කලින් එකට මොකෑ උනේ....

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනා උනාද මන්ද අප්ප! සේම් ම වේවා! :D

      Delete
  6. මම හිතුව තනි අලියා ජෝඩු වෙලා කියල.
    දැන් බලාගෙන යනකොට මද කිපිලා කේස් වෙලා වගේ.... පරණ බ්ලොග් එක තිබිච්ච තැනකවත් නෑ නේ. හරි හරි,, ගිය හකුර ගැන නාඩන්නේ තියන හකුර රැක ගන්නේ කව්වාලු...
    පෙර කරදර නොම වේවා!!! අලියා තනි නොවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැම පැතුමකටම ගොඩක් ස්තූතියි! :) වැඩි වැඩියෙන් ලැබේවා! :)

      Delete
  7. අපරාදේ බන් කලින් එක.. මොනව කරන්නද බන් බොග නැ කියල මැරෙන්නයැ.. ඔන්න ඔහෙ අයේ මුල ඉදන් ලියපන්

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා දේවල් මිනිස්සුන්ට නැති වෙනවනෙ! :D :)

      Delete
  8. හලෝ අලියෝ...නැවතත් සාදරයෙන් පිලිගන්නවා ඔයාව....ඉස්සර වගේම ලියමු එහෙනම්...

    ReplyDelete
  9. අඩේ මං පරණ එක දැකල නෑ නේද ? මට ඒක මීටර් නෑනේ. ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැක ගන්නේ. සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ! අලුත් එක දැක්කනෙ! :)

      Delete
  10. තනි අලියා හරිම හොරාලු. හරිම දරුණුයිලු. බලමු මේ තනි අලියත් එහෙමද කියලා :D

    ReplyDelete
    Replies
    1. හොරා නං මන්ද.... දරුණුයිනං තමා! :D

      Delete
  11. හලේ.. අපරාදෙ අලි ගෙදර.
    මං බැලුව පහුගිය දවස් ටිකේ මෙයාට මොකද වුණේ කියල.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔ්ක තමා නංගිය උනේ! :D

      Delete
  12. මේ දවස් වල අලි කියලා වෙනසක් නෑ නේ.. බලමුකෝ අලියාගේ වැඩ!!

    ReplyDelete
    Replies
    1. අයියෝ වෙනසක් නැද්ද? :(

      Delete
  13. කමක් මෙහෙම හරි ආයෙ ආවනෙ අලි මල්ලි අලි ගෙදර අරන්... :-p

    ReplyDelete
  14. සිරාවටම..ඒ වගේ දරුනු ඛේදවාචක වෙනවද..?

    ReplyDelete
    Replies
    1. සිරාවටම..ඒ වගේ දරුනු ඛේදවාචක වෙනවද..?
      ඒවට ගන්න උවමනා ආරක්ෂක පියවර තියෙනවද..? (අපි අලුත්නෙ ඒකයි ඈව්වෙ.!)

      Delete
    2. දෙයියනේ කියල ඉතිං backup කරල එහෙම තියාගනන!

      Delete