Tuesday, June 5, 2012

අලිසීන්- කේක් පෝලිමේ විප්ලවය



කට්ටිය ඉතිං ෂමාවෙන්න ඕන වැඩිය ලියන්න කියන්න බැරි වෙච්ච එක ගැන. කොහොම හරි කට්ටිය හොඳිං ඉන්නවනෙ!


මෙන්න මෙහෙම දෙයක් සිද්ද වෙලා තියනව.... පුලු පුලුවන් විදියට අපි අපේ මේ සහෘදයටත් සපෝට් එක දෙමු!

**************************************

පහුගිය නත්තල් කාලෙ සිද්දවෙච්ච සීන් එකක්. කාලෙ කියන්නෙ ඉතිං හරියටම දෙසැම්බර් විසි හතර.

දෙයියනේ කියල බ්ලොග් එකක් බලබල ඉන්න ගමං අපේ අම්ම ලඟට ආව.

"පුතා පොඩ්ඩක් මීගමුවට ගිහිල්ල පොඩි වැඩක් කරං එන්නකො?"

"ඕ! මොකද්ද? "

"ටවුන් එකේ තියනව <මොකද්ද කෙල්ලෙක්ගෙ නමක්> බේකරිය කියල එකක්. ඒකෙං බටර් කේක් කිලෝ දෙකයි fruit කේක් එකයි........................................"

ඉතිං අලියත් ෂර්ට් එකක් කලිසමක් දාගෙන ලොකු බෑග් දෙකකුත් අරං ඉතිං ගියා කියමුකො මීගමු ටවුමට.

ගිහිල්ල ඉතිං අදාල පෝලිම හොයාගත්ත.

මළ කෙලියයි දශම පහයි.

බේකරිය ඉස්සරහ කේක් පෝලිම නිකං ඇනකොන්ඩ වගේ.

අලිය ඔහොම්ම ටිකක් ඉස්සරහට ගියා කියමුකො. ගියාම තව පෝලිමක් තියනව. ඒක නිකං ඇනකොන්ඩගෙං දහයෙං නවයක් වගේ.

අලියත් බැලුව ඉතිං ඇනකොන්ඩට වඩා ඇනකොන්ඩගෙ 9/10 හොඳානෙ කියල ඒ පෝලිමට පිටිපස්සෙං ජොයින්ට් උනා.

ඉතිං කාලය ගතවෙනව......... පෝලිම 1cm/h වගේ ඉතා ඉහල ප්‍රවේගයකිං ඉස්සරහට යනව.....අව්වට තෙමෙනව...... පාරෙ යන මිනිස්සු කෝචොක් කරං යනව........

"ගෙදර කේක් එකක් දාගන්න බැරි හැටි" :D

මේ තත්ව යටතේ තව වැදගත් සිදුවීමක් වෙන්න ගත්ත.

පිටිපස්සෙං ටිකක් වයසක පහේ ගෑනු කෙනෙක් පෝලිමට ජොයින්ට් උනා. ඒ වෙලාවෙ ඉඳං එකම සද්දයයි.

"මොනාද අනේ ඔය පෝලිං පනින්නෙ. අපි මේ කොච්චර වෙලා ඉඳංද ඉන්නෙ...................................."

"මොනාද අනේ කරන්නෙ................ පෝලිම කෙලිං තියාගන්නකො........................."

"මොනාද අනේ අර කට්ටියට පෝලිමේ ඉන්න කියන්නකො. එයාල අරං යනව අපි පෝලිමේ ඉන්න ඕන."

ආදී වශයෙන්.

ඔහොම පෝලිම ඉස්සරහට ඇදෙද්දි ටිකක් මහත ඩයල් එකක් කේක් කඩේ දොර ගාව ඉඳං කේක් දෙන එක්කෙනා එක්ක කතා කරකර ඉන්නව.

අර උන්දට ආයෙත් ෆ්ලවර්ජම්ප් උනා.

"මේ ඔයා පෝලිමේ ඉඳල ඇවිල්ල කේක් ගන්නකො. අපි පැය ගානක් මෙතන හිටියනෙ"

ඊලඟට තත්වය අලුත්ම මුහුණුවරක් ගත්ත. දැං කතා කරන්න ගත්තෙ අර ඩයල් එක...........

"අම්මේ........ පොඩ්ඩක් අහන්න........ මම ආවෙ කේක් ගන්න නෙවෙයි...... මගෙං ඔයාලට කේක් ගන්න කිසිම බාදාවක් නෑ" කියල තව ටිකක් අතන හිටිය කෙනා එක්ක කතා කරකර හිටිය.

ටිකකිං ආයෙ කතා කරා.

"ඔයා පෝලිමේ හිටියට වඩක් නෑ අම්මෙ කේක් ඉවරයි. කේක් ලොරිය දැං පෑලියගොඩ එන්නෙ!" කියාගෙන එයා යන්න ගියා.

පස්සෙ ඉතිං අලියගෙ වාරෙ ආවම අලියත් කේක් අරං ගියා. fruit කේක් ඉවර වෙලා තිබ්බෙ. බටර් කේක් කිලෝ දෙකක් අරං අලිය යන්න ගියා.

ගෙදර ගිහිල්ල , නාකියාගෙන, දවල්ට කාල ටිකක් නිදාගන්න ගියා

නිදාගෙන ඉන්නකොට තමා මේ සීන් එක මතක් උනේ

"සිරාවට අර ඇන්ටිට ඊට පස්සෙ මොකද අප්ප උනේ ????" :D

ගිහිල්ල එන්නංකො

36 comments:

  1. mage welaawa kaawa thhuuuu nodakin aliya :(

    ReplyDelete
    Replies
    1. මොකටද වෙලාව කාගෙන කියෙව්වේ? ඒ මදිවට කොමෙන්ට් කරේ? පිස්සුද නැත්තන් හැටිද?

      Delete
    2. හොඳ ප්‍රශ්ණයක්!

      Delete
  2. අෆෝ මේ අලි අයියාටත් හැම ඕපදූපෙම ඕනේ. ඒ ඇන්ටි සතුටෙන් විසිර යන්ඩ ඇති අනේ..........

    අෆරාදෙ අෆ්ෆා. උදේ වෙනුවට ටිකක් හවස් වෙලා බ්ලොග් චාරිකාව ආව නං ක්‍රෙඩිට් කීයක් හරි ඉතුරු කර ගන්ඩ තිබුණා.

    ReplyDelete
  3. ෂුවර් එකටම අර බුවා වෙන්න ඇති කේක් දාන්නේ.. ඒකනේ ලොරිය එන තැන හිටන් කිව්වේ.

    ReplyDelete
    Replies
    1. පස්සෙ හැබැයි කවුරු හරි කියනව අහගෙන මිනිහ එතන වැඩ කරන කෙනෙක් කියලත්..............

      Delete
  4. ඔය වාසනා බේකර්ස්නේ. කිරිබත්ගොඩ කඩේ දාපු අලුත හවස 5 විතර මිනිස්සු එතන පොර කකා හිටියේ. දැන් නම් උණුසුම අඩුයි. :D

    ReplyDelete
    Replies
    1. අන්න එ්ක තමා බේකරිය!

      කරක් වලට තියන ඉල්ලුම අප්ප! :D

      Delete
  5. මොකද්ද අලියෝ මේ.. ලියන මගුලක් ඉවර වෙන්න ලියපංකෝ

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කේක් කන්ඩ මෙච්චර කට්ටක් කන්ඩ ඕනෙද අප්පා. බටර් කේක් නම් මගේ ෆෙවරිට්. ම්.......ම්!!!

    ReplyDelete
    Replies
    1. කට්ට කෑමෙන් කේක් ලැබේ! :D

      Delete
  8. වාසනා බේකර්ස් එකේ ඔය කාල වලට ඔහොම තමා...
    අනේ අම්මපා අලියටත් තියන ප්‍රශ්න.....:P
    ටිකක් වෙලා ඉදලා ඒ ඇන්ටිට මොකද උනේ කියලා බලන් ඇවිත් අපිටත් කිව්වා නම් හරිනේ.... ;)

    ReplyDelete
    Replies
    1. එ්කත් එහෙමයි එහෙනං!

      මං හිතන්නෙ අරය කතා කරාට පස්සෙ අැන්ටි උර්ධවපාතනය වෙන්නැති! :D

      Delete
  9. කොයි පෝලිමෙත් ඔහොම තමයි..මරා ගන්නව..! ඇන්ටි කෙනෙක් හිටියොත් ඉතිං ජොලිම තමා.. ඉවසීම අන්තිමයි...!

    ReplyDelete
    Replies
    1. සිරාවට! බස් එකේ කෝච්චියේ පොලේ කඩපිලේ හන්දියේ පෝලිමේ...... හැමතැනම! :D

      Delete
  10. ආයෙ අහන්ඩ ඩෙයක් නෑ වාසනා බේකකස්...^_^

    ReplyDelete
    Replies
    1. ම්.... සෑහෙන ජනප්‍රිය බේ‍කරියක්නෙ!

      Delete
  11. කෙල්ලගේ නම වාසනා නේද?

    ReplyDelete
    Replies
    1. අඤ්ඤ හරි!
      වාසනා රටේම නටපු කෙල්ලෙක් වගේ

      Delete
  12. දැන් නම් වාසනාගෙ තත්වය හොදටම බාලයි....

    ReplyDelete
  13. බලන්න ගියාම වාසනා බේකර්ස් හැමතැනම නේ....

    ReplyDelete
    Replies
    1. එ්ක තමා මාත් මේ බැලුවෙ!

      Delete
  14. වාසනා..වාසනාවන්....

    ReplyDelete
    Replies
    1. වාසනා වාසනාවන් පෝලිම අවාසනාවන්! :D

      Delete
  15. මේවත් අර මාතර බත් කඩ වගේනේ.... :-))))


    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාතර බත්කඩ කියන්නෙ වෙන වෙනම එ්කක නෙ! මේක ජාලයක්! :D

      Delete
  16. උඹ ඇන්ටි කෙනෙකුටවත් පෝලිමක ඉන්න දෙන්නෙ නෑ කියල කතාවක් යනව ඇත්තද??? ඔය එහෙම සීන් එකක කොටහක් නේද????
    (කල් ගිහින් කමෙන් කලේ අනිත් උන් මේවා දන ගන්නවට..)

    ReplyDelete
    Replies
    1. අැන්ටිල අලියට පෝලිමේ ඉන්න දෙන්නෑ කියල කතාවක් ගිහිං නෑනෙ! එහෙනං අවුලක් නෑ!

      Delete
  17. හපොයි.. තාම අලි කකුල් දෙක රිදෙනව ඇති! නිකංද අප්පා ඇනකොන්ඩ වගේ කිව්වම පෝළිම..
    මේ ඒක නෙවෙයි ඔයත් නිකං කෙල්ලෙක්ට අන්තයිනේ ඕපදූප හොයන්න ගියාම...D

    ReplyDelete
    Replies
    1. දං නං නෝමල්! මාස හයකට විතර පස්සෙනෙ!

      සාමානයයෙං අලිය අවට වෙන බොහෝ දේ ගැන අලිය අවධියෙං! :D

      මෙතනනං මම කල්පනා කරේ අර අැන්ටි අසාදාරණේට විරුද්දව කතා කරකර ඉඳල කටපියාගත්තම! :D
      කෙල්ලෙක් ට අන්තයි කිව්වෙ මේ කතාව ගැනනෙ???? :)

      Delete
  18. //"ගෙදර කේක් එකක් දාගන්න බැරි හැටි" :D//

    ඇත්තනෙ කතාව.... :)))

    ReplyDelete