Saturday, August 25, 2012

තවත් සුපිරි දැවීයාමක් 2


Caution: If you can read this.. please don't be scared. I have taken every action to hide your identity! The aim of this post is just sharing this story with my friends and not to harm/hurt anyone.

***************************

පහුවදා lecture එකක් තිබ්බ. ඒක පටං ගන්න තිබ්බෙ උදේ දහයට. අලිය රසායන ආයතනයට එනකොට නවය හමාරට විතර ඇති.

අවිල්ල අලිය පුරුදු පරිදි Auditorium එකේ පලවෙනි බංකුවට සෙට් උනා. එහෙම ඉඳං පොතක් එලියට ඇදගෙන බලන්න ගත්ත. බල බල ඉන්නකොට අලියගෙ හොඳම යාලුවෙක් වන Atom Ant තුමා ඇවිල්ල මං ලඟංම වාඩි උනා.
සංගීත විශාරද Atom Ant- සිටගෙන සිටින්නේ එතුමාය.


ඉතිං අලියයි ඈන්ට් තුමයි ආගිය ඒව කතා කර කර හිටිය.

මේ අතරෙ තුන්වැන්න ඇවිල්ල අපට පිටිපස්සෙ පේලියෙං වාඩිඋනා. .. එයාට යුරේනි කියමුකො. අවුරුදු ගානක් තිස්සෙ මාව දැනං හිටිය කෙනෙක්. දැං මාත් එක්කම රසායන ආයතනයේ ඉගෙන ගන්නව!

එයත් කතාවට එකතු උනා. කතාව විවිධ පාරවල් දිගේ ඇදිල ගියා.

කතාවෙ උණුසුම් ම අවස්ථාවට එලඹුනා. කතා කරකර හිටියෙ ඒ වෙලාවෙ Auditorium එකේ හිටිය අක්ක කෙනෙක් ගැන.........

යුරේනි: "<අලියා> අර කලිං කරගත්ත එක එහෙම ආයෙ කරගන්න එපා......"

අලියා: "නෑ නෑ එහෙම වෙන්නෙ නෑ බය වෙන්නෙපා. එහෙම උනත් ඔයාට අඳෝනා අහං ඉන්න වෙන්නෙ නෑ."

ඒ එක්කම සිව්වැන්න ඇවිල්ල එයාට ආවේණික pot එකෙං වාඩිඋනා. X

අලියා:"Good Morning! ඔයා මාව accept කරේ නෑනෙ අනේ"

එයා:"Good Morning.. මම ඊයෙ රෑ accept කරා"

ආයෙත් අර කලිං කතා පටං ගත්ත

යුරේනි: "මොකද්ද <අලිය> ඒ උනේ"

අලියා: "උනේ ද? Ready to listen to the new story!"

යුරේනි: "හයියෝ..............................!"

***************************

ආයෙ දවසක මෙන්න මෙහෙම උනා.

එදා මොකක් හරි ලෙක්චර් එකක් කැන්සල් වෙලා අපට මොකද්දෝ ලොකු නිදහසක් ලැබුන. ඉතිං අලියයි යුරේනියි අරයයි රසායන ආයතන මිදුනෙ බංකුවකට වෙලා කතාවකට සෙට් උනා. අපි අරමුණක් නැතුව රටේම තියන කෙප්ප කෙබර ඇද බබා හිටිය!

ටික වෙලාවකිං එයා නැගිටල ... යන්න අවසර පැතුව

"පරිස්සමිං ගිහිං එන්න <God Bless U>"

එයා යන දිහා මමයි යුරේනියි සෑහෙන වෙලාවක් බලාගෙන හිටිය.

යුරේනි කතා කරන්න පටන් ගත්ත!

"<අලිය> ඔයා ඇයි ඒ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍girl ගැන එච්චර හිතන්නෙ?"

-"නෑ මම එහෙම හිතුව නෙවෙයි. මට එයා එක්ක එහෙම ගණුදෙනුවක් නෑ. මම කියල තියනවනෙ ලවු කරන්න marry කරන්නෑ කියල! ඒව serious. විහිලුවට කිව්ව කතා නෙවෙයි."

"ඉතිං <අලිය> ඇයි ඔයා එහෙම ඉන්න හදන්නෙ?"

-"එකක් තමා ඔය ජීවිතේ කරදරයි. අනිත් දේ තමයි මම මගේ ජානමය දේවල් ගැන එච්චර සතුටු නෑ."

"ඉතිං <අලිය> ඇයි එහෙම කියන්නෙ! සමහර මිනිස්සුන්ට රටේ නැති ලෙඩ! සමහරු ඉපදෙද්දි අතපයවල් නෑ..... ඉතිං <අලිය> ඔයාට ඒ මුකුත් නෑ. ඔයා ඔයා ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා!"

"ඔයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ."

"<අලිය> මට බයයි. මොකද ඔයා අක්කලගෙ කේස් වලදිත් ගොඩක් වැටුන. හැබැයි ඔයා ඒ අක්කලගෙ කොල්ලො ගැන දැනගෙන හිටිය."

"බය වෙන්නෙපා මම දැං ඒවට හුරුවෙලා තියෙන්නෙ."

ඒ එක්කම එයාගෙ phone එක ring උනා. එයා call එක ගත්ත

"<අලිය> <කොල්ල> ඇවිල්ල ඉන්නෙ! මම යන්නං"

-"පරිස්සමිං යන්න එහෙනං.. තෙරුවන් සරණයි!"

"යන්න කලිං දෙයක් කියන්නං කවදාවත් තමං ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා!"

අලිය රසායන ආයතන මිදුලෙ බංකුවක් උඩ තනිඋනා!

(පින්තූරය බා ගත්තේ අප බැචෙක් වන පාරමී තුමාගේ Album එකකින්ය.)

10 comments:

  1. පව්!!!!!!!!! :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ඇත්ත තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න හොද නෑ.ඒ වගේම අධිතක්සේරුවෙන් සිතන්න හොදත් නෑ

    ReplyDelete
    Replies
    1. සාමානයයෙන් මම ජීවත් වෙන්නෙ
      1 මම කිසි දෙයක් දන්නෑ
      2 මම දන්න කිසිදෙයක් හරිද වැරදිද කියල මං වත් දන්නෑ
      කියන තැනයි!

      Delete
  3. මොකක්ද කියන්නේ... කොහොමද කියන්නේ...

    ReplyDelete
  4. අනේ මන්දා.. සමහර තැන් තේරුනා මදි වගේ

    ReplyDelete
    Replies
    1. කරුණාකර එම තැන් මොනවාද යන්න පවසන්න! පැමිණියාට තුති! :)

      Delete
  5. ටියුබ් ලයිට් :(

    ReplyDelete
    Replies
    1. ඔ්කට කලිං බ්ලොග් එකේ තිබ්බ කලිං කතා ටික අවශ්‍යය! එයට කෙළවී අැති බැවින් .......!

      Delete