Wednesday, August 22, 2012

අලි සීන්- තවත් සුපිරි දැවීයාමක්!

ප්‍රථමයෙන් කට්ටිය ෂමාවෙන්ට ඕන වැඩිය එන්න එහෙම උනේ නැතුවට. විබාග, සංගීත සන්දර්ශණ, දේශන............ දන්නැද්ද ඉතිං.

ඔය තත්ව යටතේ අලියට ඉතිං තව තව දේවල් සිඩ්ඩ උනා. මුනුපොතේ එහෙම ඉන්න අය මගෙ බිත්තිය එහෙම දැක්කනං හිතාගන්න පුලුවං ඇති.

මේ දවස්වල වෙන මොන එකත් වගේ ඔක්කොම කතා පටං ගන්නෙ මෙන්න මෙතනිං තමා.

prof. P P G L Siriwardhana Auditorium- I Chem C


 මෙහි පෙනීසිටින කිසිවකු මෙම කතාවට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න!!!


සිටගෙන සිටින්නේ ආචාර්ය ඇල්කෙමියා මහතා වන අතර හිඳ සිටින්නේ මහාචාර්ය K A S පතිරණ මහතාය.


සාමානයයෙං දෙවෙනි lecture එකට පස්සෙ පැයක විතර විවේකයක් ලැබෙනව.

අලිය සාමාන්‍යයෙන් ඉඳගන්නෙ auditorium  එකේ පලමුවෙනි ම බංකුවේ. ඔය ඉන්ටවල් එකට කැන්ටිමට ගිහිං කාලබීල ඇවිත් පිටිපස්සෙම බංකු වලට වෙලා කා හරි එක්ක කයියක් ගගහ ඉඳල එකහමාර වෙද්දි ඉස්සරහ බංකුවට එනව.



මම හිතන්නෙ මැයි මාසෙ.... දවසක.... එහෙම එනකොට. කවුද මන්ද හීනි හඬකිං අලියට කතා කරා.

අලියත් එයා ලඟට ගියා. කොන්ඩෙ දිග... උස... චුට්ටක් කලු... ලස්සන කෙළිපොඩ්ඩක්.

"මොනවද කෙරෙන්න ඕන."

-"අනේ මට මෙන්න මේක හදන හැටි කියල දෙනවද?"

"බලමු......" අලියත් ලංවෙලා බැලුව. සරල radiochemistry ගානක්.

දන්න සෙල්ලං දාල අලිය මේ ගාන හදල දුන්න. ඒ එක්කම අලිය එයා එක්ක කතාවට වැටුන.

"ඔයා ඉන්නෙ කොහෙද?"

-"මගෙ ගෙවල් තියෙන්නෙ <මද්‍යම පලාතේ නගරයකි> , මම දැං ඉන්නෙ <කොළඹ තුල ප්‍රදේශයකි>"

"ඔයාගෙ අම්ම තාත්ත මොකද කරන්නෙ?"

-"අපේ අම්ම <යම් රජයේ රැකියාවකි.> දැං එයා retire වෙලා ඉන්නෙ. තාත්ත <business>"

"ඔයා FB ඉන්නවද?"

-"ඔවු. මගෙ නම <මොකක් හරි කියමුකො> මට <x> කියන්න....."

තවදුරටත් ඔය ආකාරයෙන් සංවාදය ගලාගෙන ගියා.



***********************************
මේ අතර අපට බාහිර වැඩක කීපයක් සෙට් උනා.

එකක් තමයි උදේට අල්ලපු වත්තෙ තියන වඩිහිටි නිවාසෙ බලන්න යන එකයි.. හවසට ස්වාමීන් වහන්සෙ නමක් වඩම්මවල බණක් අහන්න ලෑස්ති කරන එකයි.

මේ දෙවෙනි එක කරන්න නං බණට කලිං දවසෙ Adamentane house එකේ හෝල් එකක පුටු ටික සම්පූර්ණයෙන්ම වෙන හෝල් එකකට ඇදල දාල අර හෝල් එක අතුගාල කරල තියන්න ඕන.

කලිං දා තිබ්බ කුප්පිය ඉවර උනාට පස්සෙ සියලු බැචා වරු සෙට් වෙලා පැය බාගෙට පුටු ටික ඇදල දැම්ම.

ඇදල ඉවර වෙලා අලිය ගියා පුටු ටික ගබඩා කරපු හෝල් එකට. ඉතිං කට්ටිව වාඩිවෙලා එහෙම ඉන්නෝ. ... අලිය හෝල් එක වටේටම ඇහැ යැව්ව.

අලියගෙ ඇහැ ගියා බිත්තිය අයිනේ පේලියට තියපු පුටු පේලියක කෙලවර පුටු තුනේ වාඩි වෙලා හිටිය තුන්දෙනෙක් දිහාවට!

අන්න එයා ඉන්නව.

අලිය එතෙන්ට ඇදුනා.

"කොහොමද?"

-"හොඳයි!"

ඊලඟට කතාව විවිධ මාතෘකා දිගේ ඇදිල ගියා.

අලියට කාරණයක් අහන්න හිතුන.

"ඔයාට මෙහෙ හොඳම යාලුවෙක් ඉන්නවද?"

එකපාරටම එයා පුදුම වෙලා වගේ අලිය දිහා බැලුව.

-"ඇයි ඔයා එහෙම අහන්නෙ?"

අලියට නිකමට හිතුන මම වැරදි ප්‍රශ්ණයක් ද ඇහුවෙ කියල.

"නෑ නෑ මම නිකමට ඇහුවෙ"

ආයෙත් කතාව ඇදිල ගියා!

ටිකකිං ගෑනු ළමට නැගිට්ට. 

"මම යන්න ඕන! ගිහිල්ල එන්නං! bye"

කියල එයා යන්න ගියා. අලිය එයාට යන්න දීල අලිය වහාම දොර ඇරගෙන පඩිපෙල ලඟට ගියා. ගිහිං පඩිපෙලේ හිටිය එයාට කතා කරා.

"මට ඔයාට කියන්න දෙයක් තියනව......."

-"ඔවු, කියන්න"

"මට ඕන ඔයාගෙ යාලුවෙක් වෙන්න විතරයි. වෙන මොනවත් එපා!"

-"I Know that... It's ok!!"

"එහෙනං ගිහිං එන්න. bye"

*****************
ඊලඟ කෑල්ල තවත් චාටර්..........................

16 comments:

  1. පොඩි එකාට මොනවද මොනවද වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී බලාපොරොත්තු වන්න...... මම හිතන්නෙ අද හවසට වගේ!

      Delete
  2. //ප්‍රථමයෙන් කට්ටිය ෂමාවෙන්ට ඕන වැඩිය එන්න එහෙම උනේ නැතුවට//

    වැඩිය එන්න උනේ නැතුවට?? වැඩිය නෙමේ කොහොමවත්ම ආවද කියලා හා කියමු බලන්න :ඩි
    ජස්ට් කිඩින්...ඇති යන්තම් මෙහෙම හරි ආවා

    ReplyDelete
    Replies
    1. එ්කනං එහෙම තමයි ඉතිං....... දන්නැද්ද! :( :D

      Delete
  3. දැන් radiochemistry පරික්ෂණ ichem එකෙත් කරනවද? මගෙත් ආසම සබ්ජෙක්ට් එක. ජනප්‍රිය කරන්න පුළුවන් නම් හොදයි. නමුත් වියදම් අධිකයි.

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම නෙවෙයි...... අපේ සිලබස් වෙනස් වෙලා... ඉස්සර අයට තිබ්බෙ Analytical chem. දැං එ්ක අයිං කරල Radio දාල..........

      Delete
  4. අර ගෑනු ළමයට අලි තනියා ලයින්,,,, කියාගන්න ගටක්‌ නෑ.
    හික් හික් පුරුෂ ශක්තිය අරගෙන , අහන්න,, හික් හික්.

    ReplyDelete
    Replies
    1. හයියෝ............ මේ පුරුෂ ශක්තිය වැඩිවෙලා උතුරා ගලායනව........ :( :(

      Delete
  5. අලියා සෑහෙන කාලෙකින් නෙහ්.. එල එල.. :)

    ඕක කියලා දානවා මනුස්පයෝ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ඉත්තූතියි! :)

    හරි හරි ලියමු! :)

    same ම වේවා!

    ReplyDelete
  7. මල්ලි සැහෙන දවසකින් ඇවිත්....

    හිතේ තියෙන දේ කියන්න මල්ලි එයාට..

    ReplyDelete
    Replies
    1. පරක්කු වැඩියි අක්කියො!

      Delete
  8. මටත් ඕනේ ඔයාගේ යාළුවෙක් වෙන්න විතරයි......හිහිහ්.......

    ReplyDelete
    Replies
    1. ගොඩක් තුති! අලි සිතට සාදරයෙන් පිලිගනිමි! :)

      Delete
  9. ඈ..... මෙච්චර කල් තනිකඩ කමේ ආදීනව කිය කිය ඉදපු අලියට මල්සරා විදලාද???

    ReplyDelete
    Replies
    1. රැඳී සිටින්න අප සමගම .............................. :D

      Delete