Monday, September 17, 2012

තවත් සුපිරි දැවීයාමක්- 03- ලිපිනයේ අභිරහස

ෂමාවෙන්න ඕන. වැඩ ටිකක් අධික උනා.

අර මං මොකද්ද එකක් කියකිය හිටියනෙ. ඔය සිද්ධි මාලාවෙ තවත් වැදගත් පියවරක් මෙහෙමයි.


අපට ඉතිං ප්‍රැක්ටිකල් තියනව නොවැ. ඉතිං batch එකම group හතරකට බෙදල එක එක කට්ටියට එක එක දවස්වල තමා තිබ්බෙ. අලිය හිටියෙ එක group එකක අරය හිටියෙ වෙන එකක. ඉතිං අලිය පලවෙනි දවසෙ ඕව කරල (යන්තං පණකෙන්ද බේරගෙන :D) ආවයි කියමුකො.

ඉතිං දවස් දෙක තුනකට පස්සෙ රාත්‍රී කාලයේ සුපුරුදු පරිදි බුකියට ලොග් උනා. ඉතිං අලිය බුකියෙ කට්ටිය එක්ක කෙප්ප කෙබර ඇදබබා හිටිය.

ටිකකිං අරය ලොග්වෙලා ඉන්න බවට විවිද සංඥා පහල වෙන්න ගත්ත.

ඉතිං අලියත් :) කියල ටයිප් කරල යැව්ව.

ඉතිං සුපුරුදු සංවාද පටංගත්ත. මොනා ගැනද? ප්‍රැක්ටිකල් ගැන! (මං කිව්වෙ කෙමිස්ට්‍රි පැක්ටිකල්... බයෝ එහෙම නෙවෙයි!)


x: "අනේ මට අනුමාපන ගැන මොනවත් මතක නෑනෙ."

අලියා: "පොඩ්ඩක් ඉන්න බලන්න. මට ඔහොම වීඩියෝ එකකුයි පලවෙනි පැක්ටිකල් තුනෙයි විස්තර තියන ඊමේල් එකක් ආව! ඔයාගෙ ඊමේල් address එක දෙන්න පුලුවන්නං මම එවන්නං."




x:" <මොකක්හරි>@gmail.com"

ම්................. මේක දැක්කම නිකං අලියගෙ බඩ ට්‍රීං ට්‍රීං ගාන්න ගත්ත. මේකෙ පලවෙනි අකුරු දෙක එයාගෙ නමට තියන අකුරු වගේ පේනව.  ඉතුරු ටිකත් නිකං කාගෙ හරි නමක් වගේ පේන්නෙ. (@වලට මෙහා).එතකොට ඒ කාගෙ නමද?

ඕක පැත්තකිං තියල අනිත් දේවල් කියාගෙන කියාගෙන ගිහිං .... ප්‍රැක්ටිකල් එක ගැන කියන්න තියන ඔක්කොම කියල ඉවර උනා.

අන්තිමට අලිය මෙන්න මෙහෙම එකක් ඇහුව

"මේ ඔයාගෙ address එක තියනවනෙ මේකෙ තේරුම මොකද්ද හලෝ?"

ඊලඟට එයා ඒ ගැන පැහැදිලි විස්තරයක් කරා. ඕක කොල්ලෙක්ගෙ නමක් නෙවෙයි. එයාගෙ ජීවන දර්ශණය සම්බන්ධ කාරණයක්. ආචාර්ය කොවුර් ගෙ ලිපිනලේඛන අනුව මෙගා මට්ටමේ වැඩකරුවෙකි.(මා කල ගවේශණ- පරිඡේදය 2 කියවන්න). 

අන්තිමට මෙහෙම එකකුත් කිව්ව. කියල යන්න ගියා.

"ඔයා කරදර වෙන්න එපා මගෙ boyගෙ නම එහෙම නෙවෙයි."

මළා

මේක කිව්ව විදියට නිකං ඇඟ සීතල වෙලා ගියා. නිකං හිතෙන්නෙම අලියට හෙට කුඩපාර ලැබෙනව වගේ.

"නෑ මම එහෙම අැහුව නෙවෙයි. මම දැනගන්න අැහුවෙ."

"I didn't make any proposal"

"I even didn't"

වෙන දෙයක් හෙට බලාගමුකො කියල ඉතිං මම නිදාගත්ත.

********************************

ඉතිං පහුවදා ඉතිං මියෙම්වා රැකෙම්වා කියල අලිය ගියා රසායනායතනයට! අලිය ඔතෙන්ට යද්දි උදේ අටහමාරට විතර ඇති.

ගිහිල්ල බලද්දි ඉතිං අපේ කට්ටිය හත් අට දෙනෙක් විතර ඉන්නව අරව මේව කරකර. අනිත් කට්ටිය ලැබ් එකේ වෙන්න පුලුවනි. ඉතිං අලිය එලියෙ බංකුවකට වෙලා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට...........................................

ඔන්න එනව......................................

එයා............................................................

නෑ නෑ ශිහාන් අයිය! එයා තමා අපේ ශිෂ්‍ය සංගමේ සභාපති.

"මල්ලි මේ සිසිර සර්ගෙ පොඩි වැඩක් තියනව, ඔයාට පුලුවන්ද තව කෙනෙක් එක්ක එන්න. අපි නවය හමාරට විතර තමයි යන්න ඉන්නෙ."

- "හරි අයියෙ තව කෙනෙක් හිටිය මම එයා එක්ක එන්නං" කියල අලිය වහාම පුස්තකාලෙ වෙත පියෑඹුව!

යද්දි ඔන්න අපේ කොල්ලෙක් ඉන්නෝ! (+ කොල්ලගෙ කෙල්ල)

අලිය ගිහිං කෙල්ල ඉන්න පැත්තෙං නෙවෙයි අනිත් පැත්තෙං කොල්ලගෙ කණ ගාවට ලංඋනා.

"මචං වැලිවේගම සර්ගෙ වැඩක් තියනව. පොඩ්ඩක් එලියට යන්න වෙනව එන්න පුලුවන්ද?"

මිනිහත් බෑ නොකිය මිදුලට ආව. එද්දි එලියෙ ඉන්නව ශිහාන් අයියයි වැලිවේගම ස'රුයි (ආචාර්ය සිසිර වැලිවේගම මහතා) තව කෙනෙකුයි.

සිසිර සර්: " මොනාහරි උනොත් කතා කරන්න.එහෙනං මේක තියාගන්න. (ශිහාන් අයියාට මොණරෙක් දෙමින්) මේගොල්ලන්ට ලන්ච් එහෙම අරං දෙන්න "

ඊලඟට ශිහාන් අයිය අලට මෙතන යන සින් එක විස්තර කරා.

"මෙහෙමයි මල්ලි අපි දැං සක්ය එකටයි රොටරි එකටයි යන්නෙ.ඔයාල යන්න<ඔය දෙකෙං එකකට. මොකද්ද කියල මතක නෑ> .අපි දෙන්නෙ (ශිහාන් අයිය + එතන හිටිය අනිත් කෙනා) ගිහිල්ල මේ කොල ටික බෙදල දාන්න ඕන. දොලහට විතර අපිට එන්න පුලුවන් වෙයි."

ඔන්න අපි එලිය නවත්තල තිබ්බ ත්‍රීවිල් එකට නැග්ග.

ත්‍රීවිල් එක රූං ගාල නුගේගොඩ බලා ඉගිල්ලුනා. ගිහිල්ල අර බස් නවත්තන තැනට පොඩ්ඩක් එහායිං නතර උනා.පල්ලියක් තියෙන්නෙ..... එතන ඉස්සරහ. මම නං ඔය නගරෙ එච්චර දන්නෙ නෑ.

"දැං මල්ලි උඩට ගිහිල්ල ඔය ටික බෙදල එන්න. අපි දොලහට විතර මෙතෙන්ට එනව!"

ඉතිං අලියයි අනිත් එක්කෙනයි ගිහිල්ල බෑවුමක් දිගේ...... මට මතක නෑ මොකද්ද ආයතනයේ නම කියල. ගිහිල්ල ආයතනෙට යන පටු පාර දෙපැත්තෙ හිටගත්ත.

ටික වෙලාවකිං විවිධ ආකාරයේ කෙල්ලො කොල්ලො එකා දෙන්න යන්න ගත්තම අපි ඒ අයට කොල බෙදාගෙන බෙදාගෙන ගියා.

ඔය විදියට ටික වෙලාවක් ගතඋනා. එකපාරටම වෙනසක් උනා.

එක පාරටම එකා දෙන්නගෙං ඇරඹුන ප්‍රවාහය..... කොල්ලො කෙල්ලො සියගානක් බවට පත් උනා. ඒ එක්කම අපි ලඟ තිබ්බ අත්පත්‍රිකා සිය ගාන මුල් ගානෙන් සියට පහක් විතර බවට පත් උනා.

ටික වෙලාවකින් ආයෙත් ප්‍රවාහය බින්දුවට බැස්ස.

තව පැය බාගෙකිං විතර පාරෙ ගිය එක්කෙනා දෙන්නට දීල අපි ලඟ තිබ්බ කොල ගාන ඉවර කරගන්න පුලුවන් උනා.

ඊලඟට අලිය කලේ කෝල් එකක් ගත්ත එක

"ශිහාන් අයියෙ අපේ කොල ටික ඉවරයි...."

-"ආ හරි මල්ලි එහෙනං දැං පල්ලිය ලඟට එන්න." අනිත් අන්තයෙන් උත්තර දුන්න.

ඉතිං අලියයි යාලුවයි පාර දිගේ අපි බෙදපු කොල මතිම්ම ඇවිල්ල මහ පාර පැනල ත්‍රීවිල් එකට ගොඩ උනා.

ඉතිං විවිධ සාකච්ඡා එහෙම සිදුවෙමින් ත්‍රීවිල් එක සුදුසු කෑම කටහක් හොයාගෙන යන්න ගත්ත.

ටිකකිං අලියට ෆෝන් එක එලියට ගන්න ඕන උනා. අලිය එයාගෙ සාක්කුවට අතදැම්ම.

මළලසේකර! පර්ස් එක නෑ

"ශිහාන් අයියෙ මගෙ පර්ස් එක නෑනෙ."

-"ආ එහෙනං හරි. මේ පැත්තෙං කොලේ ගන්න ගමං අනිත් පැත්තෙං ගන්න ඇති."

ටිකකිං අලිය අනිත් සාක්කුයට අත දැම්ම. ඒකෙත් නෑ.

ඊලඟට....

බැලුව බෑග් එකේ........................

අප්පච්චියේ............................

පර්ස් එක බෑග් එකේ.

"ආ හරි හරි අයියෙ shape"

-"ආ හරිද තියනවද?"

"අයියෙ shape"

-"එහෙනං කමක් නෑ"

ත්‍රීවිල් එක ගිහිල්ල මොකද්ද කෑම කඩයක් ලඟ නතර උනා. ඊට පස්සෙ අපි ඇතුලට ගියා. හැමෝගෙම ඒකමතික තීරණයෙන් මොන රයිස් ද මන්ද පාර්සල් හතරයි කුකුල කෝල මෙගා බෝතලේකුයි ගත්ත.

ඊලඟ විනාඩි විස්ස තුල ගත්තු කෑමපාර්සල් වල අන්තර්ගතය කුකුල කෝල ද්‍රවයත් සමග අපේ ආමාශය තුලට ඇතුලු උනා.

******************************

අපි රසායනායතනයට එනකොට එක හමාර විතර ඇති. මෙගා බෝතලය වායුගෝලීය වාතයෙන් විතරක් පිරී තිබුන. ආමාශ හතර අධි ප්‍රෝටීනමය ආහාර වලිං පිරිල තිබුන.

ප්‍රධාන දොරෙන් ඇතුලට ගිය අලියට එතන තිබ්බ රාක්ක දිහා බැලුවම තේරුනේ ප්‍රැක්ටිකල් කරන් අයට තාම ඒව ඉවර වෙලා නැති බවයි. වෙන දෙයක් වෙනකං අලිය පුස්තකාලෙට වෙලා පොතක් බලාන හිටිය.

ටික වෙලාවකිං පඩිපෙල දිගේ ලැබ් කෝට් ඇඳගත්ත එකා දෙන්න එනව පෙනුන. ටික වෙලාවකටි පුස්තකාල දොර ඉස්සරහ area එක ප්‍රැක්ටිකල් ලමයින්ගෙන් පිරුනත්..... x හිටියෙ නෑ

වට පිට බලනකොට යුරේනි ඉන්නව. අලිය එයා ලඟට කිට්ටු උනා.

"මේ අද මොකද උනේ?"

-"මොකුත් නෑ හලෝ ප්‍රැක්ටිකල් එක කරා"

"අරය හිටියද?"

-"ඔවු උඩ ඉන්නව දැක්ක"

"මේ මට ඊයෙ රෑ හරි සීන් එකනෙ උනේ . මගෙ අතිං වචනයක් වැරදුනානෙ."

-"නෑ! ඉතිං මොකද කරන්නෙ?"

"මම පොඩ්ඩක් පුස්තකාලෙ අස්සට යනෝ. අරය ආවොත් ජනේලෙං අත වනන්න කියන්නකො"

කියල අලිය පුස්තකාල දොර ලඟට ගියා විතරයි.........

අලි ජීවිත මාරාන්තිකම අවස්ථාවක් අභිමුවට පැමිණුනා.

එයා පඩිපෙල දිගේ බැහැගෙන බැහැගෙන ආ. ඇවිල්ල පඩිපෙල ලඟ තිබ්බ මේසෙ ගාව නතර උනා.

අලිය වහාම රබර් ඇහැ දාල බැලුව එයාගෙ සෙරෙප්පු දෙක!

සෙරෙප්පු නං ෆ්ලැට්! එව්වයින් වැදුනොත් හිල් වෙන එකක් නං නෑ.



ඉතිං අලිය එයා ලඟට ගියා. ගිහිල්ල එයාට කතා කරන්න තැත් කරා.

අලියගෙ කකුල් දෙක ගිටාර් ගහනව. අපිට ඒ සද්දෙ මැඩගෙන.................................

"මේ .....අපි කියල දීපුව ඔයාට ප්‍රයෝජනවත් උනාද?"

මම හිතුවෙ ඩෝං ගාල සද්දයක් ඇහෙයි කියල හැබැයි එහෙම උනේ නෑ.

-"ආ ඔවු ගොඩක් ප්‍රයෝජනවත් උනා. thanks a lot"

"ඔයාට කියන්න දෙයක් තියනව........."

-"කියන්න......."

"i am sorry if i told you something wrong yesterday!"

-"!It's ok! don't mind it!"

"එහෙනං මම ගිහිං එන්නං! <God Bless You>"

-"God Bless You!!!"

ඊලඟට අලිය ගියෙ යුරේනි ගාවට

"මොකද උනේ?"

-"ශේප් ශේප්! මම දැං යනව..... පස්සෙ හමවෙමු! තෙරුවන් සරණයි............"

අලිය රසායනායතනයෙන් පිටඋනා....
**************************************

ඊලඟ කෑල්ල- තවත් සුපිරි දැවීයාමක් 04 - Baby -  තවත් චාටර්..... කියන්නෙ පට්ටපල් චාටර්!

5 comments: