Monday, September 24, 2012

තවත් සුපිරි දැවීයාමක් -04- Baby



ඔය දේවල් ඔය විදියට සිද්ධවෙනකොට........................

දවසක්ද මායි අරයයි බුකියෙ චැට් එකේ ඉන්නකොට මට එයාගෙං පැමිණිල්ලක් ආව. එයාගෙ විද්‍යාගාර බඩු වගයක් නැති වෙලා කියල.

ඉතිං අලිය ඒ දවස්වල මෙව්ව එකෙං පොට්ට වෙලා හිටිය නිසාත් අලියටයි එයාටයි ප්‍රැක්ටිකල් තිබ්බෙ දවස් දෙකක නිසාත් අලියගෙ විද්‍යාගාර භාණ්ඩ share කරගන්න තීරණය කරා.

ඉතිං අලිය පාන්දර හතරහමාරට නැගිටගෙන ඔය කියන බඩු ටිකත් අරං ගියා කියමුකො අයිකෙම්.

මගදි කෝල් එකක් එනව එයා එන්නෙ එයාගෙ hometown එකේ ඉඳං කියල.

ඉතිං අලිය ගියෙ මේක එයාට දෙන්නම නෙවෙයි.

අලියට ප්‍රසිද්ධ දේශණයකට යන්න තිබ්බ උදේ නවයට(මං කිව්වෙ... අහං ඉන්න).  අලියට ඉතිං නවය වෙනකං මග බලාගෙන ඉන්න බෑ! අලිය නවය වෙද්දි ශ්‍රවණාගාරගත වෙලා ඉන්න ඕන.

අලිය වටපිට බලද්දි අලියගෙ විශ්වාසවන්ත* යාලුවෙක් ඉන්නව. අපි එයාට කුමාරි කියමු....

"මේ...... කුමාරි.... මට පොඩි උදව්වක් ඕන."

-"පුලුවන් දෙයක් නං කරල දෙන්නං."

"මෙහෙමයි! ඔයාලගෙ ප්‍රැක්ටිකල් group එකේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නව. එයාට මේක දෙන්න පුලුවන්ද?"

-"මම එහෙම කිව්වට එයාව දන්නෙ නෑනෙ?"

අලියට හිතුනෙ මෙන්න මෙහෙම එකක්

'අම්මප ෆෝන් එකේ ෆොටෝ එකක් වත් තිබ්බනං'

අලියට මතක් උනා CCS News Letter එකේ අපේ group photo එක තිබ්බ කියල.

"හ්ම්..... එන්නකො මා එක්ක..."

කෙලිම්ම නැවතුනේ ඉස්තෝප්පුවේ තියන මේසෙ ලඟ. හිතපු විදියටම ආයතනයෙන් අන්තිමටම නිකුත් කරපු ප්‍රකාශණ ටික තියල තිබුන.

ගත්තු ගමං පත්තරේ පෙරලල බලද්දි මෙන්න ඉන්නව කට්ටිය....... (මේස උටු උඩ නැගගෙන. මේ photo එක ගන්න සුපිරි කට්ටක් කෑව.)....

"මේ ඉන්නෙ............."

-"ආ හරි හරි... මතකයි... මං දෙන්නං."

අලිය ආයෙත් එලියට ගියා. ගිහිං කෝල් එකක් ගත්ත

"ඔයාගෙ බඩු ටික මෙන්න මේ වගේ කෙනෙක් ලඟ තියෙන්නෙ. එයාගෙං ඉල්ල ගන්න...."

ඊලඟට අලිය ගිහිං නැවතුනේ දැන්වීම් පුවරුව ලඟ.

ඔය ඉතිං තියන තියන ඒව බල බල හිටිය කියමු............

එක පාරටම.. දකුණු කණ ලඟිං.....

"හායි Good Morning"

"අම්මොහ්!"
අලියව උඩ ගිහිල්ල හතරවෙනි තට්ටුවේ තියන ශ්‍රවණාගාරෙ ජනේලෙක ඔලුව වැදිල ඩිං ගාල බිම පතබෑඋනා.

මෙන්න මෙයා.

අලිය වෙලාව බැලුව.. අටයි හතලිස් පහයි.

"එහෙනං ඔයාගෙ බඩු අරය ලඟ... ඉල්ලගන්න. පරිස්සමිං කරල එන්න <God Bless U!>"

"God Bless U! Thank you vry much!..........#$%$#%$^%$^$^"

එයා විද්‍යාගාරගතඋනා. අලිය ශ්‍රවණාගාරගතඋනා.

ප්‍රථමයෙන් පැමිණසිටි දේශකතුමා සූදානං කරපු සංග්‍රහය භුක්ති වින්ද. ඊලඟට දේශණයට සහභාගී උනා.

ඒබ්‍රහම් ලින්කන් ගේ ජීවිත කතාව............ නිල් මැණික්........ ඇලෙක්සැන්ඩ්‍රයිට්............Cat eye...........ගෙවුඩ Treatment.................. ආදී මැණික් කතා අතර පැය දෙකක් ගෙවිල ගියා.

Alexandrite


හැමෝම දේශණේ ඉවර වෙලා එලියට යද්දි අලියත් අන්තිමටම වගේ ගියා.

පඩිපෙල ලඟිං බහිද්දි පඩිපෙල ලඟ මේසෙ වටේ ඉන්නව ප්‍රැක්ටිකල් කරපු කට්ටිය

අන්න ඉන්නව....

"අද මොකද උනේ"

-"මම අද බීකරයක් බින්ද!"

"ශහ්! අනේ ලොකු කෑල්ල මට?"

-"හා!"

"ඔයාට හෙට ප්‍රැක්ටිකල් නං හෙටත් ඕක තියාගෙන හෙටම දෙන්න. "

-"හා! මම ඔයාට හෙට දෙන්නං!"

"දැං යනවද?"

-"ඔවු!"

"එහෙනං <God Bless You>"

එයා රසායනායතන දොරෙන් පිටඋනා. ඒ ගියෙ ඉස්සරහ ගේට්ටුවෙන්.

අලියත් මෙතන ඉඳල වැඩක් නෑ! හැබැයි අලිය ඉස්සරහ ගේට්ටුවෙන් පැන්නොත්.... කාඩ් ගොඩයි.

අලිය වහාම මිදුල හරහ පැත්තෙ ගේට්ටුවට ගියා . එතනින් එලියට අඩිය තිබ්බ.

එයාගෙ ඇඟේ නොහැපුනා විතරයි.

" Clever!"

-"What?"

"Finally you catched me! you are clever!"

ඉතිං අපි එක එක ඒව කතා කරකර රාජකිරිය හන්දිය වෙනකං ගියා. යන අතරතුර මෙහෙම සාකච්ඡාවක් ඇති උනා!

"Where do you live?"

-"කටාන. Near to Negombo" (එයාගෙ ක්‍රමේටනම් කටාන = අලිය ගැට ගහපු තැන!)

"ඔයාට මෙහෙ එන්න කොච්චර වෙලා යනවද?"

-"මීගමුවෙං පිටකොටුවට පැය එකහමාරයි. කටානෙං මීගමුවට විනාඩි හතලිස් පහක් විතර "

"ගොඩක් වෙලා යනවනෙ!"

-"හ්ම්! Nothing to do!"

"Don't you come by train?"

මේ වෙද්දි අපි හිටියෙ ම්.... රාජගිරිය හන්දියට මීටර් විසි පහක් විතර ලඟ!

"I am not familiar with train! that's why I don't use it! "

මේකට දුන්න ප්‍රතිචාරයට අලිය එකපාරටම උඩගියා! ගිහිං උඩ තිබ්බ අධිබල විදුලි රැහැනක ඔලුව හැප්පුනා. හැප්පිලා එයා ලඟට ඩිං ගාල වැටුන! යන්තං පියවි සිහියට එද්දි කණ කීං කීං ගාමින් පැවතුනා!

එයාගෙ ප්‍රතිචාරය මෙහෙමයි!





"You Are Like a Baby! If You Have Not Done Something You Have To Do It!"



යන්තං සිහි එලවගන්නකොට එකසිය හැත්ත හය බස් එකක් අපේ පස්සෙන් ඇවිල්ල හෝල්ට් එකේ නැවැත්තුව!

"මම මේකෙ යනව God Bless you!"

-"පරිස්සමිං යන්න <God Bless You!>"


නැවත හමුවෙමු!

8 comments:

  1. අනේ ඔහේ පව් අලියෝ.. කොල්ලෝ ඔහොමත් චාටර් වෙනවද?
    චැහ්!

    ReplyDelete
    Replies
    1. මොන දෙයියොදත් බටකොල කෑවලුනෙ හලෝ! :) පැමිණියාට තුති! :)

      Delete
  2. එලි නංගිටත් ඔන්න ඔය පැත්ත බලන්ඩ එන්ඩ හිතුනා. එතකොට ෆිට් 1කේ ආසනේක ඉඳගෙන එහෙම ඊළඟ දැවී යාම ලයිව් බලන්ඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. කැමතිනං එන්න! මේ දවස් වල අයදුම් පත් භාරගැනේ! පහුවන විට ( මම කිව්වෙ මේ අවුරුද්ද තුලම!) ගණං වැඩි විය හැක! :)

      Delete
  3. අලි සීන් නෙහ් :D :D :D :D :D

    ReplyDelete
  4. "God Bless U! Thank you vry much!..........#$%$#%$^%$^$^"// ඔය #$%$#%$^%$^$^ කෑල්ලෙන් අදහස් වෙන්නෙ කිස් එකක් ද?

    ReplyDelete
    Replies
    1. අනේ අලිය එච්චර වාසනාවන්ත නෑ! :) වෙන මොනාද වැල්වටාරං වගයක්! මට දැං එ්ව මතක නෑ! :D

      Delete