Friday, October 19, 2012

තවත් සුපිරි දැවී යාමක් 6 - දැවී යාම



ඔන්න ඊලඟ සඳුද දවස එලඹුනා. අනේ එදා නං අලිය කොහෙවත් ගියෙ නෑ ගෙදර තමා හිටියෙ!

ඉතිං ඉන්න ගමං උං හිටි ගමං පොතක් බලනව, ඒ දවස් වල මොකුත් exam තිබ්බෙත් නෑ, මකුලු දැල පැත්තෙ ඇවිල්ල යනව. හන්දියට ගිහිං එලෝලු රොටියක් කාල එනව ect ect....

ඉතිං එදත් උදේ වරුවෙ මකුලු දැල පැත්තෙ ඇවිල්ල ගියාම ඉතිං විවිධ ලිස්ට් වල එයාගෙ නම තියනව. සාමානයයෙං එයාගෙ නමේ හැටියට ඕන ලිස්ට් එකක වගේ එයා හොඳට පේන තැනක ඉන්නව.

ඔහොම ඉඳල ඉඳල දවල් දෙකට විතර බුකිය පැත්තෙං ආව!

කවුද එක්ක මලක් කඩ කඩ ඉන්න ගමං චැට් ලිස්ට් එක පැත්තට ඇහැ ගියා!

මළා!

අරය එතන නෑ.

අලිය friend list එකෙත් හෙව්ව එතනත් නෑ!

ඊලඟට profile එකේ address එක අතිං ටයිප් කරල බැලුව................

The page you requested was not found.
You may have clicked an expired link or mistyped the address. Some web addresses are case sensitive.

    Return home
    Go back to the previous page

අලිය ආදි කාලෙ පාවිච්චි කරපු බුකි එකවුන්ට් එකක් තිබ්බ. වෙන බ්‍රවුසරේකිං ඒකට ලොග් උනා. ලොග් වෙලා අර විදියටම අඩ්ඩ්‍රෙස්ස් එක අතිං ටයිප් කරල බැලුව.

මළා! මේ තියෙන්නෙ !

බ්ලොක් කරල තමා!

අලිය වටපිට බලනකොට අලියගෙ මොබයිල් රාජය මේසෙ උඩ වැඩඉන්නව. අලිය ගත්ත ඒක අතට! යැව්ව මසාජ් එක.

"Did u block me or something similar?"

මේක යවල අලිය ටිකක් නිදාගත්ත. නිදාගෙන ඉන්නකං කිසිම අයුරක උත්තරයක් ආවෙ නෑ.

හැබැයි අලිය පහට විතර බුකිය පැත්තෙ යද්දි...................

ලිස්ට් එකේ නෑ, හැබැයි අන්බ්ලොක් වෙලා.

ටිකක් හවස් වෙච්ච වෙලාවෙ අලිය එයාට කෝල් එකක් ගන්න හැදුව. එහෙම කරේ අලිය බැනුං අහන්නත් අවධානමක් තියන බව දැනගෙනමයි. සමහර විට අලියට බැන්නෙ මොනා කියලද කියල අලිය කවදාවත් දැන නොගන්නත් ඉඩ තියනව!

හැබැයි දෙපාරක්ම කෝල් කරත් ෆෝන් එක ඉස්සුවෙ නෑ.

*******************************

කෝම හරි අලිය පහුවදා (අඟහරුවාද) ප්‍රැක්ටිකල් එකට රසායනායතනයට ගියා. ගිහිල්ල අලියගෙ වෙලාව එනකං මිදුලෙ බංකුවක වාඩිවෙලා මැසේජ් එකක් කෙටුව. කොටපු මසේජ් එක මොකද්ද කියල මතක නැති උනත් ඒක මෙන්න මේ විදියෙ එකක්!

Good morning!

I don't know why you blocked me, but i assume what i think is correct and proceed!. I wanted to be a friend of you, i needed nothing more than it. But i loved you unconsiously. And I am sorry about it.

And if you think that communicating with me is inappropriate or dangerous you have rights to avoid me. Therefore i am not angry with you.

Bye! God Bless you!

කොහොම හරි සතියක් පුරාවටම මේ මැසේජ් එකට කිසිම උත්තරයක් ආවෙ නෑ.

හැබැයි ඊලඟ සෙනසුරාද අලිය දේශණ වලට ගියා. කොහොමහරි එයා ඇවිල්ල හිටියෙ නෑ. දේශණේ ඉන්නැද්දි අලියට මැසේජ් එකක් ආව. අලියට ඉන්ටවල් ලැබුන වෙලාවෙ අලිය මේක බැලුව.

එවල තිබුනෙ Google account එකකිං, අදාල ඊමේල් එයාගෙ address එක අඳුරගන්න පුලුවන් උනා.  මේකෙ සඳහන් උනේ අලියව බ්ලොක් කරල තිබ්බෙ අලියගෙ චැට් හිස්ට්‍රිය දැකල මයිල් කෙලිං වෙච්ච එයාගෙ කොල්ල බවයි.

දවස් දෙකකට පස්සෙ, ඒ කියන්නෙ මේ කතාවෙ පලවෙනි පෝස්ට් එක ලියපු දා ලියන්න පැය තුනකට කලිං, අලිය එයාට කෝල් කරා.

අලියා: "හෙලෝ is this <X>"

X: "yes!"

අලියා: " I am <අලිය>"

X:  "hmmmm"

අලිය මුලිං බලාපොරොත්තු උනේ මේක කිව්ව ගමං කෝල් එක කට් වෙයි කියල.
 
අලිය: "I am <අලිය> of IChemC level 1."

X: "yeah I know!"

අලිය: "are you angry with me?"

X:  "no! i am not,
 I have explained you what was happend! someone had told something to my guy. මට හිතාගන්නවත් බෑ ඇයි එයා එහෙම කලේ කියල."

ඊලඟට එයා රසායනායතනයේ වැඩ ගැන අරව මේව අහල කතාව වෙන පැත්තකට ඇදං ගියා. කොහොම හරි අන්තිමට මේ කතාව අවසාන උනේ මෙහෙමයි.

X: "මෙහෙමයි. don't contact me again!"

අලිය: "even at the auditorium?"

X: " yeah! I don't know who told him these things. someone can be from oir batch."

අලිය: "හ්ම්!"

X: "anyway you were a good friend to me. you helped me a lot. thank you!"

ටික වෙලාවක නිහඬතාවයක් පැවතුනා. එහා පැත්තෙං Beep ගාල සද්දයක් ආව.!

................................................................................

අලියාගේ සමීපතමයන් මේ ගැන අක්වන අදහස් මෙහි සටහන් කරමි!

කොලඹ විශ්වවිද්‍යාලයේ D මහත්මිය අදහස් දක්වමින්.................................

"මමනං හිතන්නෙ <අලිය> එයා කියන්නෙ බොරුවක්. බෝයි ඇවිල්ල එකවුන්ට් එක බලනව කියල දන්නවනං කවදාවත් හිස්ට්‍රිය ක්ලියර් නොකර යන්නෙ නෑනෙ. ඔය කතාව කිව්වම එයත් ශේප්, ඔයත් ශේප්."

වැඩිදුර අදහස් දක්වමින්: "මම හිතන්නෙ <අලිය> එයයි ඔයයි ගැලපෙන්නෙ නෑ! අඩුගානෙ ඇඟේ තරමෙන් වත්."

රසායනායතනයේ ශිෂ්‍ය ඇටම් ඈන්ට් මහතා කියා සිටියේ..................................

"අයියෙ ඕක ඔයාමනෙ චොර කරගන්නෙ!  අයිය තමා පොඩ්ඩක් කූල් වෙච්ච ගමං අදාල සින්දු අහල ආයෙ රත් වෙන්නෙ."

යුරේනි මහත්මිය අදහස් දක්වමින්.........................

"අයියෝ අලිය මං ඕක කිව්වනෙ! හැබැයි ඔයා වැටෙන්නැතුව හිටිය එක ගැනනං ගොඩක් සතුටුයි."

මේ සිදුවීම් මාලාවෙන් පසු අලියා ඇයව දැක්කේ එකම එක දවසක් පමණි. ඇය අලියාව දැක අත වනාගෙන ගියාය. අලියා ගෙදර විත් අදාල සින්දු අසමින් සිටියේය.

පහුවදා අලිය රසායනායතනයට යද්දි අරයට අනපේක්ශිත සිදුවීමක් වෙලාලු.

මේ ගැන හිත හිත ශ්‍රවණාගාරයට යද්දි අලිය ඉන්න පේලියේ හෙණ සෙනගක්. ඉතිං අලිය පේලියේ මැද්දට යන්න බංකුව යටිං රිංගුව.

"ක්‍රා.....................ස්!!!!"
අලියාට කලිසමද අහිමිවිය.

.................................................................................................

කොහොමටත් ඇය මේ වන විට සුවෙන් පසුවෙතැයි සිතමි!

කැමතිනං මේ තුනත් අහලම යන්න. සමහර ඒව 100%ක් ගැලපෙන එකක් නෑ............. ඒත් කමක් නෑ.

බලාපොරොත්තුවන්න. අලියාගේ කුලුඳුල් විද්‍යා ප්‍රබන්ධය.

ක්ලෝනය - The Clone!

ගිහිං එන්නං!











20 comments:

  1. අලියා පව්!!!
    දුක වැඩිකමට එක සින්දුවක්වත් ඇහුවේ නෑ. ඇහුවනං ඇඩෙනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩේ වෙච්ච මම (මේ කේස් එක සම්බන්ධයෙන්) අැඬුවෙත් නෑ! :D

      Delete
  2. අලේ මන්දා.

    ReplyDelete
  3. //මම හිතන්නෙ එයයි ඔයයි ගැලපෙන්නෙ නෑ! අඩුගානෙ ඇඟේ තරමෙන් වත්//

    හිහි...ඒකත් එහෙමද

    ReplyDelete
    Replies
    1. එහෙමලු. එයා කෙට්ටු නං තමා............but ප්‍රමාණවත් තරම් උසයි! :D

      Delete
  4. ඒකත් ඉවරයි එහෙනං, ඕවා ඔහොම තමයි අෆ්ෆාආආආආආආආආ

    ReplyDelete
    Replies
    1. ගානක් නෑ! මං බයේ ඉන්නෙ exam අැවිත් මට අත වනයිද කියල! xam එන්න තියන සම්භාවිතාවත් ඉතා අඩුයි! :)

      Delete
  5. බොට කිතුල් බොඩ ටිකක් ඇන්න ආයෙත් දවසක එන්නං

    ReplyDelete
  6. හෙහේ...යකෝ අලි මොලේ හැටි කිවලු..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ළමයිනුත් කියනව මගෙ මොලේ freezer එකේ දාන්න ඔ්න කියල!
      එසේම වේවා!

      Delete
  7. අම්මේ අලිත් නරකම නෑ එහෙනම්...අදමයි ආවේ....නවාතැන් ගත්තාට කමක් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. එ්කනෙ අලි කියන්නෙ! :D පැමිනියාට තුති! කිසිම ප්‍රස්ණයක් නෑ! :)

      Delete
  8. බොල අලියෝ, කෙලින් හිටු. කෙල්ලන්ට වැඩිපුර දෙන්න ගියාම ගෑස් වැඩි වෙනව. කොහොමටත් කෙල්ලෝ ෂුවර් නැහැ. කෙල්ලෝ occupied වීම හෝ unoccupied වීම available වීමට 100% බල නොපායි.

    ReplyDelete
    Replies
    1. ඔ්ක මෙහෙමයි! එ් නං එයාට වෙන කරන්න දෙයක් නැති කම! සමහර විට ඔය කොල්ලෙක් ඉන්නව කියන කතාව බොරු නං මාව මග අරින්නෙ එයාට කතා හැදෙයි ද කියල බයකට වෙන්නත් පුලුවං! එ්කෙ වැරැද්දක් මම නං දකින්නෙ නෑ! සමහරවිට එයාට වෙන කරන්න දෙයක් නැතව අැති! හැබැයි තව අදටවත් එයා මා එක්ක තරහක් නෑ!

      //කෙල්ලෝ occupied වීම හෝ unoccupied වීම available වීමට 100% බල නොපායි

      එහෙමද! :D

      Delete
  9. ඒ ඔච්චර කෙල්ලො නිසා චාටර් වෙන්න එපා අය්යෙ.සමහර කෙල්ලො ඉන්නව පස්සෙන් එනව කියල දැන ගත්තම නිකං බොරුවට ගණන් උස්සනව.ඔයාලා ඒ ටයිප් අය හින්දා නිකං සවුත්තු වෙන්නෝන්නෑනේ.
    මන්දා ඒ ඉතින් මගේ අදහස..!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ම්..... එ් කතාවෙත් අැත්තක් නැත්තෙ නෑ! :)
      අදහස එකතු කරාට තුති! :) :) :)

      Delete
  10. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
  11. හපොයි ..අලින්ට කොහොමත් අපලයිනේ මේ දවස්වල ....සැලෙන්ට එපා ඉතින් :)))

    ReplyDelete