Thursday, February 14, 2013

අලිසීන්- කෙමිකල් අාතල්!

ප්‍රථමයෙන් සමාවෙන්න ඔ්න, පහුගිය දවස් වල මොකුත් ලිවුවෙ නැතුවට.

ඉන්න ඉන්න ගමං කෙමිකල් කතන්දර ටිකක් මතක් උනා.

පලවෙනි එක...

ලඟදි තිබ්බ රසායන විද්‍යා අායතනයේ සිසුන් විසින් පවත්වනු ලබන Aura Talent Show එක

ඉතිං අලියට අාරාධනාවක් හම්බ උනා Drama එකකට ඉන්න කියල. අලියත් ඉතිං එහෙම වෙලාවට බෑ කියන්නෙ නෑ.

Drama එක මෙහෙමයි.

වෙද ගෙදර වෙද මහත්තය වෙදගෙර ගෝලයන්ට බාර දීල බැහැරක් යනව.

එ් අතරෙ වෙද ගෙදරට එන මිනිස්සුන්ට ගෝලයො බේත් කරන්න Try කරනව,

ඉතිං කකුල් දෙකෙං එන ලෙඩා කකුල් හතරෙං යනව.

අලියට තිබ්බෙත් අන්න එ් වගේ අවාසනාවන්ත චරිතයක්.

කොන්දට හරකෙක් අැනල.

මේකට ප්‍රතිකාර කරද්දිත් අවාසනාවන්ත සිදුවීමක් වෙනව.

එ්ක තව ටිකකිං කියන්නං.

නාට්ටියේ රචකය එ් අවාසනාවන්ත සිදුවීම මෙන්නෙ මෙහෙම විස්තරයක් කරනව...

"මේකට අපි මෙහෙමයි කරන්නෙ මල්ලි. ඔයා ඉඳගන්න තැනට පිටිපස්සෙං භාජනේක පොටෑසියම් ක්ලෝරේට් ටිකක් තියනව. එ්කට සීනි ටිකක් mix කරල තියෙන්නෙ. ඊට පස්සෙ මෙන්න මේ වගේ සල්ෆියුරික් අැසිඩ් ටිකක් දානව..........."

එකමාරටම මික්ස්චර් එක දුං දාගෙන අැවිලෙන්න ගත්ත.

"බයවෙන්නෙපා මල්ලි ඔයාට මොකුත් වෙන්නෙ නෑ........."

නාට්ටියේදි උනේ මෙහෙමයි

ශිහාන් වෙද මහතා* (බැහැරක ගිය වෙද මහතාගේ තාත්තලු) : "මෙන්න මේ වෙනිවැල් ගැට ටික ඔය තුවාලෙට තියල බැන්දනං!"

පිටපසින් ඉහත කී ප්‍රතික්‍රියාව සිදු කරනු ලැබේ..........

"අම්මෝ... පස්ස ගිනිගන්නව........ දුවපං දුවපං ......"

දෙයියංගෙ පිහිටෙං සරමට නං ගිනි අැවිලිලා තිබ්බෙ නෑ!


 දැඩි පාඨක ප්‍රතිචාර මත ලැජ්ජ බය පසෙක තබා අදාල පින්තූරය පලකරන ලදී! අලියාගේ පිට දෙසද හොඳින් බලන්නට අැරයුම් කරමි!

කැමතිනං මෙතෙන්ටත් ගිහිං බලන්නකො

දෙවෙනි කතාව.........

ලැබ් එකේ තියනව අම්ල භශ්ම දර්ශක කියල ජාතියක්. මේව අාම්ලික මාධ්‍ය වලදි (ඇසිඩ් තියන තැන්) එක පාටකුයි භාශ්මික මාධ්‍ය වලදි තව පාටකුයි (අම්ල වල අනිත් පැත්ත, උදාහරණ විදියට හුණු.) පෙන්නන්න පුලුවන් ජාතියක්

එහෙම දේවල් තියෙන්නෙ ලැබ් එකේ විතරක් නෙවෙයි. ඔයාගෙ ගෙදර කුස්සියෙත් තියනව.

ගන්න කහකුඩු ටිකක්. (චූට්ටක්.... අැඟිලි තුඩු දෙකට අහුවෙන්න.) . අරං වතුර කෝප්ප කාලක විතර දිය කරන්න. දිය උනාට පස්සෙ ඔ්කට රෙදි සෝදන කඩු ටිකක් දාල බලන්න.මම නං දැම්මෙ Diva රෙදි හෝදන කුඩු.

ඉතිං අලියට උනේ මෙහෙම එකක්.

කලිං දා ප්‍රැක්ටිකල් එකට ගිය අලිය පහුවදා ගෙදර ආව. අැවිල්ල රෙදි සෝදන එව්වයින් ටිකක් වතුර බේසමේ දිය කරා. දිය කරල ලැබ් කෝට් එක එ්කට දාල ටිකක් තියෙන්න අැරිය.

ටික වෙලාවකිං අපේ අම්ම එනව.

"මොනාද කෝට් එකේ ගාගෙන තියෙන්නෙ... හේදුවට යන්නෙත් නෑ .......#@$#@$#%$"

ඉතිං අලියත් ගිහිං බැලුව.

අලී....... රෝසපාට පැල්ලමක්.

වෙන දෙයක් වෙද්දෙං කියල අලිය ඔ්ක හෝදල වැලේ වැනුව.

හවස් වෙලා ගෙට ගනිද්දි පැල්ලම නෑ..........

අලියට පස්සෙයි මීටර් උනේ....

"ලැබ් එකේ ෆිනොප්තලින් ටිකක් අැඟේ හැලුන නේ........"




ෆිනොප්තලින් කියන්නෙත් අම්ල භශ්ම දර්ශකයක්. භාශ්මික මාධ්‍ය වලදි රෝසපාටයි. අාම්ලික මාධ්‍ය වලදි පාටක් නෑ.

ගොහිල්ල එන්නංකො.

ඔබ බලාපොරොත්තුවෙන් සිටි ක්ලෝනය මේ දවස්වල ලියාගෙන යනව... :)


19 comments:

  1. අගෙයි මිත්‍රයා.. අපිත් ඉස්කෝලේ ගිය කාලේ ඔය පිනෝප්තලින් සෙල්ලම කළා කෙල්ලන්ට ඕව විදිනවා.. අනේ උන් බයේ අඹරි ඇඹරි ඉන්නේ .. ඒත් ටික වෙලාවකින් නැතිව යනවා... අදයි මේ ඉසව්ව නෙත ගැටුනේ.. එන්නං දිගටම
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඉස්කිලෙ ගත්තු අාතල් කීපයකුත් ලිව්ව පරණ බ්ලොග් එක තියන කාලෙ! පස්කාලීනව තව තව එ්ව කියන්නම්! :)

      අැවිත් ගියාට තුති! :)

      Delete
  2. මොකෝ ඇත්තට ලියන් නැත්තේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැඩ වැඩිවීමත් ක්ලෝනය ලියන්න උත්සහ කිරීමත් නිසා!

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  3. අලියත් අතන හිටියයි අදුනන්නෑ නොවැ.

    ReplyDelete
  4. ම්????????????????????????

    සරං දෙකක් අැඳං අැති! එකක් දම් අනික කහ! :D ටිකක් අගට වෙන්න!

    ReplyDelete
  5. අඳුරගන්න ලේසි උනා නමත් එක්ක බැලුවම :) සරම ගිනි ගන්න එකක්නම් දැක්කේ නෑ

    ReplyDelete
  6. අවාසනාවට කතාවෙ හොඳම හරිය පින්තූරයට වැටී නැත! :(
    හැබැයි මම ඉන්නවට පස්සෙ washing bottle එකෙං නිවනව පේන්නෙ අදාල ගින්න! :D

    ReplyDelete
  7. ෆොටෝස් ටික බලන්න ගිහින් ඔලුවත් රිදෙනව.බලනව බලනව ඉවර වෙන්නෑ.මොන මගුලක්ද මං බලන එක නැවැත්තුව!

    පුදුමයි තමන්ට බ්ලොග් එකක් තියේ කියල මතක් වුණා මේ අලියට..))

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ළමය! මගුලක් නෙවේ! ටැලෙන්ට් ෂෝ එකක්! තියන photo ටිකනං බලන්න අමාරු බව මාත් පිලිගන්නව! :)

      අැත්තටම තව ටිකක් පරක්කු වෙලා ලියන්න හිතුවෙ! ඔයා කිව්ව තමං හැදෙන්න කතාවෙන් තමයි මම ටිකක් ඉක්මන් උනේ! :)

      Delete
    2. ඒ කියන්නෙ මටත් යමක් කමක් කරන්ඩ පුළුවන් ඈ...)))

      නරකද අලිතුමා ඉන්න පොටෝ එකක් මේකෙ දැම්ම නං!

      Delete
    3. දැඩි පාඨක ප්‍රතිචාර මත ලැජ්ජ බය පසෙක තබා අදාල පින්තූරය පලකරන ලදී!

      Delete
    4. හෆ්ෆෙ මේකා අලියෙක් ම තමයි.අර කොන්ද උඩ නැගගෙනද කොන්දට ප්‍රතිකාර කළේ...)))

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. නාට්ටියේ බුද්ධිමය හිමිකරු විසින් පැහැදිලි පිලිතුරක් ලබා දී අැත! :D

      Delete
  8. attatama haraka anala tibune kondata newe. itin aliyage kondata nagala tamai api beheth kare.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව සගිත් අයියා! :)

      Delete