Sunday, March 24, 2013

අලිසීන් - සමීකරණ



සමාවෙන්න ඉතිං වැඩ ටිකක්(?) වැඩි උනා!

අලිය ඉතිං ඒ ලෙවල් කියල එකක් කරානෙ!

ඔන්න පලවෙනි පාර කරා.
සී එකයි එස් දෙකයි...........

ඕකෙං මක්කරන්නද? ඉතිං ඔන්න දෙවෙනි පාරකුත් කරා.

මුලිම්ම අලිය බයෝ වලට ගිය ක්ලාස් එක මාරු කරා. ඊලඟට මිගමුවෙ මහජන පුස්තකාලෙට ගොහිල්ල අද්‍යන අංසෙ සාමාජිකත්වෙත් ගත්ත.

පන්ති තියන දවස්වල උදේට පන්ති යනෝ! දවල්ට පුස්තකාලෙ යනෝ! හවසට ගෙදර එනෝ.

පන්ති නැති දවස් වල උදේට පුස්තකාලෙට යනෝ හවසට ගෙදර එනෝ.

ඔයකාලෙ ගොඩ්ෆ්‍රි සර්ගෙ පන්තියට එනව කෙල්ලෙක්. අර වර්ශා නංගි කියනෝ වගේ ..... කුමට මෙලොව ඉපදුනිදෝ සිදංගිය ටයිප් එක්කෙනෙක්. පොඩි ලස්සනකුත් නැතුව නෙවෙයි ඉතිං. ප්‍රධාන වශයෙන්ම රෙදි වලට වියදං කරන්න එච්චර කැමැත්තක් නෑ!

සාමාන්‍යයෙන් ගානක් හදන්න ඕන උනාම කවුරුත් කරන්නෙ මොකක් හරි සමීකරණයක් හොයාන ඒකට ආදේශ කරන එක.

ගොඩ්ෆ්‍රි සර් දීපු උපදෙස තමයි සමීකරණ පස්සෙ යන්නෙ නැතුව ප්‍රථම මූලධර්ම වලිං ගණං හදන්න කියන එක!

ඉතිං මෙකී නොකී ඔක්කොම ඒව කරැයි කියමුකො.

ඔන්න ඉතිං ප්‍රතිඵලය කියල එකක් ආව

මළකෙලියයි.

සී එක බී එක වෙලා! එච්චරයි! අනිත්ව එස්.

මේ මොන මගුලක් ද කියල හිත හිත අලිය ගියා පන්තියට. ගියාම ගොඩ්ෆ්‍රි සර් ඉස්සරහ ඉන්නව. කෙල්ල ඉස්සරහම බංකුවේ ඉඳං ඉන්නව. අනිත් අයත් අදාල තැං වල ඉන්නව.

ඉතිං ගොඩ්ෆ්‍රි සර් ලඟට ආව

"කොමද ප්‍රතිඵල"

"චාටර් සර්!"

(රහසින්) "ෆේල් ද?"

"නෑ සර්!"

එක පාරටම මිහිරි හඩිං කටකැඩිච්ච කතාවක් කියනව ඇහුන! මොකද්ද කිව්වෙ කියලනං මතක නෑ!

අලිය ඒකට ප්‍රතිචාර දැක්වුවෙ මෙහෙමයි!

"අපිට කෙළ උනාම නංගිලාට ඉතිං ආතල් නෙ!"

සර්: "ආ මොකද මේ කේන්ති ගිහිං"

අලියා: "නෑ කේන්ති ගියෙ නෑ සර්!"

සර්: "එහෙනං!"

අලියා: "ආයෙ කරල වැඩක් නෑ කියල හිතෙනව සර්!"

සර් "අර මොකෝ?"

අලියා "නෑ එන පාරත් ඔය වගේ එකක් ආවොත්......................" කියන්න ගිය එක ඉවර කරන්න උනේ නෑ!

 "අයිසෙ තමුසෙ සමීකරණ පප්පෙක්නෙ ඕයි! 

මිනිහො! සමීකරණයක් පිලිගන්නෙ පලවෙනි එකට දාල දෙවෙනි එකට දාල ඔහොම ඔහොම n වෙනි එකටත් දාල n වලටත් හරිගියාම විතරයි!



අනිත් එක තමයි අයිසෙ ලද දෙයිං සතටු වෙන්න ඕනනෙ!

දැං අර අද උදේ දෙන්නෙක් ආව! දැක්කනෙ! උන්දෙන්නට එස් දෙකයි! ඒකත් දෙන්නට දෙකයි.

ඉතිං තමුසෙ මේ පාරත් කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද?
"


අවසානයේ අලියා තුංවෙනි පාරත් කරන්න තීරණය කල අතර අඩියක් උඩට පැන ගැනීමට සමත් විය.

ගොඩ්ෆ්‍රි සර් ඉහත පරිදි වචන පාවිච්චි කරන්නේ හුදෙක්ම ෆන් එකට බව කරුණාවෙන් සලකන්න.

ගිය සතියේ හා කලින් සතියේ රසායනාගාරය, රසායනායතනයට යන පාර සහ Supplementary බිල්ඩිම නොහොත් වයිට් හවුසිය යන ස්ථාන වලදී සිදු වූ සින් ............, 

සුපිරි දැවී යාම හා අලියා තනි වූ අයුරු සම්බන්ධ කර සමීකරණයක් තැනීමට යාමේදී අැතිවූ..............

අතිප්‍රබල පාචනය තත්වයක් හේතුවෙන් washroom එකට වී සිටියදී ඉහත අලිසීනය මතක් විය! 


පැමිණි හැමෝටම තුති.


author does not mean to hurt or insult anyone by mentioning above paragraph!

15 comments:

  1. පියල්ගේ වචන විස්වාසයට ගන්න මලයෝ

    ReplyDelete
  2. ඕකනෙ අපි දැන්මම දෙවෙනි පාරට ලෑස්ති වෙන්නෙ. ටොයින්

    ReplyDelete
    Replies
    1. පලවෙනි එකට ට්‍රයි කරල ඊලඟට දෙවෙනි එකට ට්‍රයි කරන්න! හැබැයි දෙවෙනි එකට ට්‍රයි කරන්න ගන්න පලවෙනි එක එනකං බලං ඉන්න එපා!

      Delete
  3. B- එකක් කියන්නෙ හොද ප්‍රථිපලයක්. කෙල්ලන් කොල්ලන්ගේ සිත් වලට ඇතුළු වීම රිසල්ට් අඩු වීමට කෙළින්ම බලපාන හේතුවක්. නොකරත් බෑ කරලත් බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! :)
      එ්කනං එහෙම තමයි! අැත්තම කියනවනං මම එයා ගැන හිතුවෙ නෑ! :)

      Delete
  4. අනේ මන්දා අලියො ඔහේට උපදෙස් දෙන්න මට නම් තේරෙන්නෙ නෑ...)))ඒක හින්දා කට පියා ගෙන යන එක හොදයි..(ප.ලි_මට නොමිලේ ඇඩ් එකක් දමා දීම ගැන බලවත් සන්තෝසය.ඒ කෙල්ලට ද බලවත් ඉස්තුතිය පල කර සිටිමි..))

    ReplyDelete
    Replies
    1. අනේ අැයි එහෙම කියන්නෙ?
      ලින්ක් කිරීමට බැරි වීම ගැන බලවත් ශෝකය! ඔබ එසේ කී බව අැයට දැනගැනීමට සැලැස්විය නොහැකි බව ද මහත් අප්සට් එකෙන් දැනුම් දෙමි! :( හැබැයි ඔයාගෙ එ් කවි පන්තිය හෙව්ව හම්බඋනේ නෑ නෙ!
      anyway අැවිත් ගියාට තුති! :)

      Delete
  5. හිකිස්‌....,,,, Supplementary බිල්ඩිම වයිට් හවුසියද? මාත් ඉතින් තුන් පාරක් කොලා නේ... ඉස්සෙල්ලම පාර පිකිස්‌ ඩවුන්!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි!
      එහෙමද?! කෝම හරි ගොඩ ගියානෙ! :)

      Delete
  6. අනේ මන්ද මං මොනව කියන්නද කියල....

    ReplyDelete
  7. කියන ඔ්න දෙයක් භාරගන්නවා! :)

    ReplyDelete
  8. මගෙත් පළවෙනි දෙවෙනි වතා 2ම Bio - C අනිත් දෙක S.. ඒ පාර අතෑරලා දැම්මා... හික්ස්

    ReplyDelete
  9. ඔබතුමාටත් එසේම වේවා! :)

    ReplyDelete