Friday, June 21, 2013

අලිසීන්- ගමන් මග - 01

මේ කතන්දරය කිව යුතු හොඳම අවස්ථාව මේ යැයි සිතමි. මේ වන විට මවිසින් විඳිමින් (හා තරමක් විඳවමින් ) සිටින්නේ අදින් වසර හතර පහක සිට බලාපොරොත්තුවෙන් සිටි කාලයකි.

මේ යුගයේ නිතර කතා කරන මාතෘකා අතර ජෛව රසායනය,  අණුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය යන විද්‍යා අංශයන් ප්‍රධාන වේ.

පසුගිය වසරේදී රසායන විද්‍යා ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට සහභාගී වූ මට මම ඉහත කී විද්‍යාංශයන්ට ඇති විශේෂ කැමැත්ත කුමක්දැයි නැගූ ප්‍රශ්ණයට පිලිතුරු දීමට නොහැකි උවද පසුව නිවී සැනසිල්ලේ සිටියදී පිලිතුර ගොඩ නැගීමට ගත් උත්සාහය කාලතරණ යන්ත්‍රයක් බවට පත්  වී මා කාලය හරහා අතීතයට ගෙන යාමට සමත් විය.

පලමු කරුණ නම් අලියා යනු ගණිතයට එතරම් ප්‍රියමනාප කමක් නැති තැනැත්තෙකු වීමය.

ඉතුරු ටික අතීත හේතු ය.

මම පොත් කියවීමට බෙහෙවින් ප්‍රිය කරමි.  විශේෂයෙන් විද්‍යා අංශ වල පොත් පත්.

අචාර්ය ඒබ්‍රහම් කෝවුර් ගේ දෙවියෝ සහ භූතයෝ  මගේ අතට  අසු වුනේ තුන වසරේදී ය. මෙහි ඇති කරුණු වලට එකඟ වීම හෝ නෝවීම කෙසේ වෙතත් මේ පොත කියවීමෙන් සෑහෙන විනෝදයක් ලදිමි. කිවයුත්තක් ඇත. මේ පොතෙහි ඇතැම් කරණු එවකට තරරම් ගත නොහැකි විය. දැන් නං අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැටහේ.

මූලිකවම ජෛව රසායනික කරණු ඉගෙන ගත්තේ මේ පොත් පත් ඇසුරිණි.

මේ හැරණු විට රූපවාහිණී නාලිකාවක විකාශය වූ විද්‍යා වැඩසටහනක් බලාගෙන බිත්තර කටු සහ විනාකිරි වලින් කාබන් ඩයොක්සයිඩ් නිපදවීමට එවකට සාර්ථක උත්සාහයක් ගෙන තිබුනත් ඔක්සිජන් නිපදවීමට ගත් සියලු තැත් අසාර්ථක විය. පොටෑසියම් පර්මැංගනේට් හෙවත් කොන්ඩිස් නම් ද්‍රව්‍යයක් රත් කිරීමෙන් ඉහත කටයුත්ත එකම එක වරක් පමණක් කර තිබුණි.

රූපවාහිනියේ දුටු දේ මතක තියාගෙන ඉහත ඒවා කල නමුදු ඉහත ද්‍රවය වලින් කොපමණ ප්‍රමාණ අවශ්‍ය වීද ද නිපදවීද නැත්නම් වැය වීද යන්න ගැන මට අවබෝධයක් නොවූ අතර ඒවා සෙවීමට ද තැත් නොකලෙමි.

වසර දෙදාස් එකේ දි අපි වරකාපොල - මාහේනට සමු දී පස්යාලට පැමිණියෙමු. එයට සමාන්තරව තුල්හිරිය කණිෂ්ට විද්‍යාලයට සමු දී වේයංගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලු වීමි.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා පරණ බැටරි වල අන්තර්ගත ද්‍රවය භාවිතයෙන් ඔක්සිජන් නිපදවීමට ගත් උත්සාහය දෙදාස් එකේදී සාර්ථක විය.

ප්‍රථමයෙන් ජානය නම් වචනය හඳුන්වා දුන්නේ බණ්ඩාරනායක මැදි විදුහලේ ගුරුවරයෙකු වූ ඩඩ්ලි පෙරේරා මහතාය.

එතුමා උගන්වන ලද්දේ තාක්ශණික කුසලතා නම් විෂය යටතේ උද්‍යාන අලංකරණය වැනි යමකි. ජාන මගින් විවිධ ගස්වල හා මල් වල ලක්ශණ යාමනය වන අයුරු ගැන එතුමාගේ පලමු පාඩමේදී පැය එකහමාරක් පමණ තිස්සේ කල විස්තරය මම කට ඇරගෙන අසා සිටියෙමි.

එතුමා උස තැනැත්තෙකු විය. පුටුවේ වාඩි වන සෑම අවස්ථාවකම කකුලක් පිට කකුලක් දමා වාඩි විය.

ඉහත කාලපරිජේද දෙක අවසානයේ විවේක කාලය ලබා දෙන ලදී. මින් පසු කාලපරිඡේදයේ නියමව තිබුනේ දෙමළ ය.

දිනේශ් නම්වූ තරුණ දෙමළ ගුරවරයා පන්තියට පැමිණි කල්හි මා කරකවා අත හැරියාක් මෙන් විය....

මම ලඟ සිටි කෙනාගේ (මතක ඇති පරිදි රුක්ෂාන්, නොහොත් මැක්කා) කණට ලං වීමි..

"මෙයා ඩඩ්ලි සර්ගෙ පුතෙක් ද දන්නෑ නේ.....?"

- "ඇයි එහෙම ඇහුවෙ?"

"මෙයා ඇරපු අතක් නෑ ඩඩ්ලි සර් වගේමනෙ"

- "හැබෑම නේන්නං, ඒ වගේමනෙ"

දිනේශ් මහතා ද උස තැනැත්තෙකු වූ අතර පුටවේ වාඩි වූ සෑම විටකම ඩඩ්ලි සර් පරිද්දෙන්ම කකුලක් පිට කකුලක් දමා ගත්තේය.

දිනේශ් සර් ඩඩ්ලි සර් ගේ කවුරුවත් ද යන්න දැනගැනීමට මවිසින් උත්සහ නොදැරූ අතර අහම්බෙන් වත් දැනගැනීමට ද නොහැකි විය.

අල්ලපු ගෙදර පූසා ක්ලෝනීකරණය කල අයුරු බලාපොරොත්තු වන්න.

පසුගිය දිනවල වැඩ අධික විය. විභාගය අවසාන වනවාත් සමගම practical පටන් ගති. සමාවන්න.

style එක මදක් වෙනස් කලෙමි. ඒ ගැන අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි.






6 comments:

  1. අලියා ඇල් කෙමිස්ට් ගේ ගෝලයෙක් ද?

    ReplyDelete
    Replies
    1. කියන්නෙ පියල් සර් ගෙ ද? සර් ගෙ සහ මැඩම්ගෙ ගෝලයෙක්

      Delete
  2. ඒක තමයි. අලි ලිපියක් දැක්කේ බොහෝ කලකට පසු....

    ReplyDelete
    Replies
    1. විවිධ වර්ගයේ විභාග සහ ප්‍රායෝගික පරීක්ෂණ කර මත පතිත විය... සමා වන්න

      Delete
  3. මේ ඉස්ටයිල් එකට මම කැමති වෙන බව සතුටින් දන්වමි.... දිගටම ලියන තුරු බලා සිටිනා බවද දන්වමි...........

    ප.ලි_
    මමද කටේ කිරි සුවද යන්නට පෙර දෙවියෝ සහ භූතයෝ කියෙව්වෙක්මි...)))) අලි අය්යාද එසේ බව දැනගන්ට ලැබීම සතුටකි!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, එසේ නම් එම style එක දිගටම භාවිතා කරනු ලබේ.... සතියකට පාරක් විතර ලිවීමට හැකි වනු අැත!

      නංගිත් එහෙම බව දැනගන්නට ලැබීම අලි අයියාටද සතටට කරුණකි. :)

      Delete