Wednesday, August 14, 2013

අලිසීන් - ගමන් මග 04


අලියාගේ නවතම ආතලය මනෝවිද්‍යාව බවට පත් වූ බව පසුගිය ලිපියේ සඳහන් කරන ලදී. අලියා මීගමුවේ සිටියදී මද කාලයකින් අලියාට රසායනික ජීවවිද්‍යාව අමතක ම වී ගිය අතර අලියා මනෝ විද්‍යාව ගැන කියවිමට පටන් ගති.

අලුත් පාසලට ආ විගසම අලියා වැටුනේ අට වසර B පන්තියටය.  අලියා අලුත් පන්තයට පැමිණියේ දෙදාස් තුනේ අග භාගයේදීය.

මීලඟ වසරේ පන්තිය මාරු වූ අතර අලුතින් වැටුනු නවය C පන්තියේදී චින්තක මහතා හමු විය. භෞතික ශරීරයෙන් මොහු අලියාට සෑහෙන්නම වෙනස් වූ අතර අප දෙදෙනාම සාකච්ඡා කරන්න කැමති වූ, කියවන්නට කැමති වූ ආදී දෑ සෑහෙන්න දුරට සමාන වූ බව කාලය සමග අපට වැටහී ගියේය. මෙහි ප්‍රතිඵලය ලෙස අලියා සහ චින්තක හොඳම යාලුවන් බවට පත් විය.

චින්තක පුස්තකාල සමාජකයෙකු වූ අතර මේ පරිසරයට ටිකක් අලුත් වූ අලියා එසේ නොවීය. පුස්තකාලයෙන් වරකට පොත් දෙකක් ලබා ගැනීමේ හැකියාව ඔහු සතු විය. චින්තක මේ දෙකෙන් එකක් මා සහ අනෙක ඔහු සඳහා ගෙන ආ බව අලියා ඉතා කෘතඤපූර්වකව සිහිපත් කරයි.

මේ ආකාරයෙන් වසර කීපයක් ගත විය.

අලියාට අවසානයේ මනෝ වෛද්‍යවරයෙකු වන්නට සිත් විය. මෙසේ වූයේ එවකට කියවූ පොත් පත්, පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන් වල බලපෑම නිසා වූ බව පසුව අවබෝධ විය. මින් රාත්‍රී කාලයේ විකාහය වූ එක් වැඩසටහනක් එවකට ඉතා ඉහල තත්වයෙන් යුක්ත වූ බව අලි මතයයි. එවැනිම ඉරිදා උදේට විකාශය වූ වැඩසටහනක් ද වූ අතර එය එවක සිටම මෙලෝ ප්‍රමිතියක් නැතුව ඉදිරිපත් විය. එයට ආරාධනා ලැබූ සම්පත් දායකයන් කියා ගන්නා කට්ටිය අතර ව්‍යාජ වෘත්තිකයන් ද විය.




කෙසේ වුවත් ඉහත හැඟීමෙන් කටයුතු කල අලියා දෙදාස් හයේදී සාපෙට මුහුණ දී දෙදාස් හතේදී උපෙ කරන්න පටන් ගති. අලියා භෞතික විද්‍යාව ද ඇතුලුව ජීව විද්‍යාව හැදෑරීමට පටන් ගත් අතර චින්තක ගණිතය හැදෑරීමට ද පටන් ගති.

ඔය කතන්දරය වෙනස් වන්නේ සාපෙ කාලයේ ඇරඹී තිබී උපේ කාලයේ දි උපරිම තීව්‍රතාවයෙන් ක්‍රියාත්මක වූ අක්කලා ගේ සීන් නිසා ය.

අලියාගේ පරණ බ්ලොග් අඩවියේ මෙය ලියා තිබූ අතර දැන් එය විනාශ වී ගොසින් ය. එහි සිටි අයට අමතරව අලුත් සහෘදයන් ද මෙහි සිටින බැවින් කතාව කෙටියෙන් ම දක්වමි.

අලියා උපේ කාලයේදී අලියා දැන සිටි අක්කලා කීප දෙනෙක්ට පණ සේ සැලකූ අතර ඒ අය අලියාගේ ම අක්කලා ලෙස අලියා විසින් සලකන ලදී. අලියාගේ සමීපතමයන් මේ ගැන විවිධ පැහැදිලි කිරීම් කරති. ඒවා නිවැරදිද යන්න අනේ අලිය නං දන්නේ නැත. මේ කී සම්බන්ධතාවයන් ද ඇති වී, පැවතෙමින් තිබිනි. නමුත් හදිස්සියේම ඉහත කණ්ඩායමෙන් දෙදෙනෙක් අලියා සමග සබඳතා අත්හිටුවීම නිසා තත්වය සංකීර්ණ විය. එපමණක් නොව එම සිදුවීමෙන් පසු අක්කලාගේ කණ්ඩායමේ අනිත් සියලුම සාමාජිකයන් පාහේ අලියාගෙන් ඉවත් විය.

මේ සිදුවීමේ උච්චතම අවස්ථාව පහත පරිදි සිදු විය.

දෙදාස් අටේ ජූලි මාසයේ  දවසක් වූ එදා 2009 batch එකට වාර විභාගය පැවැත්වූ අතර එයට පසු 2008 batch එකේ සිසුන්(ඉහත කණඩායමේ හතරපස් දෙනෙක් ද ඇතුලුව) පාසල හැර යාමේ පාටිය විය.

අලියා විභාගය අවසාන කර එලියට ආවා පමණි. කොරිඩෝරයේ ඉහත කණ්ඩායමේ මුලින්ම වෙන් වූ දෙදෙනා විය. දෙදෙනා එකිනෙකාගේ යාලුවන් වූ අතර එකම විශය ධාරාවක් ඉගෙනගත් කට්ටිය විය.

අලියා මේ දෙදෙනා නොදැක්කා සේ දෙදෙනා පසු කර යන්නට උත්සහ කලේය.

"මල්ලි............. <අලිය>..................?"
අලියා නොඇසුනා සේ යාමට තැත් කලේ ය.

"ඔයා කතා කලේ නැත්තං අපි ප්‍රින්සිපල් ගාවට යනව........."

එහෙම ගියා කියා උන්ට අලියා ට එරෙහිව කල හැකි මගුලක් නොතිබුනේ වී නමුදු අලියා නතර විය. තවද අලියාගේ සහායට කවින්ද ද මෙම ස්ථානයට පැමිණි බව කිවයතුය.

මීලඟට අලියාට ඉහත දෙදෙනාගේ දිගු මළදානය බෙදිල්ලකට සවන් දීමට සිදු වූ අතර "මෙයාව හුරතල් කරන්න ගියායිං තමා මෙහෙම වෙන්නෙ......." ආදී වචන පුනරුච්චාරණය විය.




අලියා වෙනුවෙන් කවින්ද කතා කිරීමට තැත් කල අතර අලියා ඔන්න ඔය කියන දෙයක් කිව්වාවෙ මට්ටමින් අසා සිටියේය.

ඉහත මළකෙලිය අවසන් වන විට එකහමාර වී තිබූ අතර අලියා පාසලෙන් පිටත් වී ඉවත් වූ අතර ඉහත ස්ථානයේ සිට ගේට්ටුව දක්වා ගමනේදී අලියා කල්පනා කරමින් ගමන් ගත්තේය.

අලියා මිනිස් වාසයේ සිටියයුතු අයෙකු නොවන බව අලියාට හැඟී ගියේය. වෙදකම යනු ඉතා තදින් සමාජය සමග බැඳීම් ඇති කරගත යුතු තත්වයක් බව පෙනී ගියේය. එබැවින් ඒ කල්පනාව අලියා අත හැර දමන ලදී.

ඒක එහෙම නෙවෙයි නං අලිය මොකෙක් විය යුතුද යන්න අලියාට කල්පනා විය.

අලියා විසින් වසර කීපයකට පෙර අමතක කර දමන ලද මතකයන් අලියා විසින් සිහියට නගා ගන්නා ලදී.

අලියා ආපසු හැරුණි.

සිතා සිටි පරිදිම අලියාගේ ජීවවිද්‍යා ගුරුවරයා විදයාගාරය තුල සිටියේය. අලියා එතුමාට කිට්ටු විය.

"සර්?"

-"ඔවු <අලිය>"

"සර් බයෝකෙමිස්ට්‍රි වගේ එකක් කෙලිම්ම කරන්න බැරිද university එකේදි?"

-"ඒක මෙහෙමයි <අලිය> මුලිම්ම බයෝ සයන්ස් කරන්න ඕන. Special එක කරද්දි බයෝකෙමිස්ට්‍රි තෝරගන්න පුලුවං තව සබ්ජෙක්ට් දෙකක් එක්ක."

අමුවෙන් ජීවවිද්‍යාව ඉගෙනීමට වඩා කට මිරිස් ගලේ උලාගැනීම කොතරම් අගනේ දැයි සිතමින් අලියා ගෙදර ගියේය.





කෙසේ වෙතත් ඉහත සිද්ධියෙන් පසු දිනක අලියා විද්‍යාගාරයේ සිටියදී ශාන්ත සර් අලියාට කතා කලේය.

"ආං කොලඹ විශ්වවිද්‍යාලෙ Molecular Biology Course එකක් තියනව, Z Score එක ටිකක් වැඩියි, මෙඩිසින් තරං නං නෑ" .....................

අලිය ඉතිං කොච්චර ට්‍රයි කරත් යන්න උනේ නෑ නොවැ.

අලියා ඉහත තුවාල පිටින් ඉස්කෝල අටකට ගේම දුන් අයුරු ලබන සතියේ.................................

2 comments:

  1. මනෝ විද්‍යාව කියන්නෙ නම් මමත් ඉගෙන ගන්න කැමති පැත්තක්. හැබැයි රැකියාවක් ඉලක්ක කරල නෙමේ, ආසාවට.

    ReplyDelete