Tuesday, January 14, 2014

අලිසීන් - මානවවාදියා


පසුගිය දින කීපය වැඩ අධික විය. විශේෂයෙන්ම මේ දිනවල සූදානම් වෙමින් පවතින ChemEx 3 ප්‍රදර්ශණය නිසා මෙය ලිවීම සෑහෙන්න ප්‍රමාණයකින් අතපසු විය. සමාවන්න.

මෙතෙක් අලියා දක්වන ලද්දේ අලියා ජීව රසායන විද්‍යාව හදාරන්නට පටන් ගත් අයුරු ය. නමුත් මේ අවස්ථාවේදී එය මදක් පසෙක තබා අලිසීන් එකක් ලිවීමට කැමැත්තෙමි.

ඔබට බඩගින්නේ සිටියදී කෙනෙකුට උදව් කල හැකියි.
ඔබට පිපාසයෙන් සිටියදී කෙනෙකුය උදව් කල හැකියි.
නමුත්




ඔබට වැසිකිලි යාමට අවශ්‍යව සිටියදී කෙනෙකුට උදවු කරගත හැකිද?


මේ වන විට අලියාට තුන්වන වසර ආරම්භ උනා පමණක් විය.

අලියාට එදා දේශණය උදේ අටට ආරම්භ විය. අලුත්ම විෂයක් වූ බැවින් අලියා ද බොහෝ උනන්දුවෙන් සහභාගී විය. දේශණය ද රසවත් විය.

කෙසේ වෙතත් දේශණය අවසාන වීමට පැය බාගයක් පමණ තිබියදී අලියාගේ බඩ ට්‍රීං ට්‍රීං ගාන්නට පටන් ගති. එසේ සිදු වූයේ මන්දැයි නොදනිමි.

දේශණය අවසාන වූ වහාම අලියා රසායනායතනයේ වැසිකිලිය වෙත ඇදුනේ ආලෝකයට මදක් කිට්ටු වේගයකිනි. ඉතා අවාසනාවන්ත අයුරින් එම වැසිකිලිය ඉදිරියේ ඇනකොණ්ඩෙකු මෙන් ඉතා දිගු පෝලිමක් විය. විශේෂයෙන්ම දෙවන වසර හා තෙවන වසර සිසුන්ට දේශණ එකම වෙලාවක අවසාන වූයෙන් තත්වය තවත් බරපතල විය.



නව ගොඩනැගිල්ල තැනීම සඳහා අනෙක් වැසිකිලිය කඩා දමා තිබූයෙන් තට්ටු තුනක් පහලට බැස තවත් ටික දුරක් එහායින් වූ අනුපූරක ගොඩනැගිල්ලට (Supplementary Campus) යාමට සිදු විය.

මේ වන විට බෝම්බය පිපිරීමට යන්තම් තත්පර ගානක් ඉතිරි ව තිබිණි.

අලියා අදාල ගොඩනැගිල්ලේ ගේට්ටුවෙන් ඇතුල් වනවාත් සමගම යමෙකු විසින් අලියා නවත්වන ලදී.

"අයියෙ......."

අලියා හැරී බැලූ කල්හි අලියාට කතා කල දෙවන වසර ශිෂ්‍යාව හඳුනාගත හැකි විය.

-"අයියෙ මට හරි වැඩේනෙ."

"මොකද්ද නංගිය කේස් එක?"

-"අයියෙ <මගෙ තත්වය මෙහෙමයි>"....... (ටොයිං!)

"ඉතිං"

-"ඉතිං අයියෙ <මම දැං මෙහෙමයි.>".........(ඩෝං)

මෙලෙස පටන් ගෙන ප්‍රශ්ණය පැහැදිලි ව විස්තර කරන ලදී

එම මහත්මියගේ පෞද්ගලිග ප්‍රශ්ණයක් බැවින් මෙහි සඳහන් නොකලේ වී නමුදු මෙය බරපතල ගැටලුවක් විය. මෙවැනි ගැටලුවක් විසඳීම ගැන අලියාට කිසිඳු පුහුණුවක් නොවීය. කෙසේ වෙතත් අලියා හැකි තරමින් එය විසඳීමට උත්සහ කලේය.

මේ තත්ව යටතේ රසායනායතනයේ ආචාර්ය වරියක් ගේට්ටුවෙන් ඇතුලු විය.

-"ඔයා පොඩ්ඩක් අර මැඩම්ගෙං ඕක අහන්න බලන්න" අලියා එම ශීෂ්‍යාව , කාරුණික තැනැත්තියක් වූ එම ආචාර්ය වරිය වෙත යොමු කලේය.

ශීෂ්‍යාව හා ආචාර්යවරිය සමග ඇති වූ සාකච්ඡාවෙන් පසු ශීෂ්‍යාව අලියා වෙත පැමිණියාය.

"මැඩම් මොකද කිව්වෙ?"

දෙන ලද උපදෙස් ලුහුඬින් දක්වන ලදී

"එහෙනං නංගි මේක මගෙ Number එක මොනාහරි ඕන උනොත් කතා කරන්න" අලියාගේ නොම්මරය ද දෙන ලදී

"එහෙනං අයියෙ මම ගිහිං එන්නං"

ඇය නික්ම යනතුරු අලියා බලා සිටියේය. ඇය නොපෙනී ගිය කල්හි අලියා අනුපූරක ගොඩනැගිල්ලේ දොර අසලට ඇදුනි.

දොර දිහා බලාගෙන අලියා විනාඩි දෙකක්ම කල්පනා කලේය. අලියාට තිබුනේ එකම ප්‍රශ්ණයකි.

"ඇයි යකෝ මං මෙතෙන්ට ආවෙ?"



අවසානයේ අලියාට සියල්ල මතක් විය.






.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මළා, මට පත සයිස් බක්ක කරක් තිබ්බ නේද?"

කෙසේ වෙතත් අලියාට අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණ දීමට නොවූ බව කිවයුතුය!





16 comments:

  1. ඒකෙ නම් අලියා අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දිල නැහැලුනෙ..ඒක නිසා හොදයි..

    ReplyDelete
    Replies
    1. හැබැයි ප්‍රස්නෙ නං දරුණුයි..... එ් හින්ද තාම කියන්න අමාරුයි!

      Delete
  2. කෙල්ලක් ඉස්සරහා කක්ක බරත් අමතක වෙලා එහෙනං අලියට..

    ReplyDelete
    Replies
    1. මම කක්ක බර නොතකා මානව වර්ගයාට සේවය කලෙමි! :D

      Delete
  3. හිකිස්...))) අමතක වෙනවා කියලා මෙහෙමත් අනේ මන්දා..!!!!

    ReplyDelete
    Replies
    1. ඔ්ක ඉතිං මෙහෙමයි! සමහර එ්ව තියනව format කරත් අමතක වෙන්නෑ! :( :D

      Delete
  4. යකො යස්ස කතාවක්නෙව කෙල්ලක් දැක්කාම ඒකත් අමතක වෙලා... හෆොය් මේ වගේ තනියෙක්... තව මොන මොනා වෙයිද මංද

    ReplyDelete
    Replies
    1. මටත් තාම හිතාගන්න බෑ මොනා වෙයිද කියල... බලමුකො
      පැමිණියාට තුති! :)

      Delete
  5. කෙල්ලෙක් දැක්කම එකත් අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ළමය, බක්ක කර නොතකා මානව වර්ගයාට සේවය කලා! :D

      Delete
  6. Replies
    1. එ් එ්ක හරි වැරදි වැටහීමක්! :D

      Delete
  7. මේ ආපු තුන්වෙනි පාර අළුත් මොකුත් දැම්මානං නරකද

    ReplyDelete
  8. අයියෝ අලියො... මං බැලුව අච්චර බක්ක කරක් තියාගෙන නංගි ටීචර් එක්ක කතා කරලා ආපහු එනකම්ම හිටියෙ කොහොමද කියලා... බලනකොට කරන්න ආව වැඩෙත් අමතක වෙලානෙ...

    ශානුත් එක්ක මාත් එකඟයි... ඇඹල අලියා...! :D

    ReplyDelete
  9. එහෙම තමා මානව වර්ගයාට සේවය කරනකොට! .............. :D :D :D

    ReplyDelete