Thursday, April 3, 2014

අලිසීන් - ගමන් මග 6



ප්‍රථමයෙන් සමාව ඉල්ලිය යුතුය. මාසයක් පමණ විභාගය තිබූ බැවින් වැඩිය මේ පැත්තේ පැමිණීමට නොහැකි විට. මේ තත්ව යටතේ අපි ගැන සොයා බැලූ අටම්පහුර මහතා , සයුරි මහත්මිය හා අනිත් කොන මහතා ට විශේෂ ස්තූතිය පිරිනමමි!

ගමන් මග ගැන අවසාන වතාවේ කතා කරන ලද්දේ තරඟයේ කතාව ය.

මේ කාරණයෙන් මාස හයහතකට පමණ පසු උපෙ ට ඉඳගතිමු. ජීවවිද්‍යාවට සී එකයි අනිත් දෙකට එස් දෙකක් ගෙන යන්තං ගොඩ යාගත හැකි විය.

මේ ප්‍රථිපලය සත පහක වැඩක් ඇති එකක් නොවූයෙන් දෙවෙනි වතාවක ද විභාගය කිරීමට ද සිදුවිය. කලින් ප්‍රතිඵලයට වඩා ලොකු වෙනසක් නොවුයෙන් වෙන දෙයක් වෙද්දෙං කියා තුන්වෙනි වතාව ද විභාගයට මුහුණ දෙන ලදී.

මේ වන විට ජෛව රසායන ක්ෂේත්‍රයට හේත්තු වීමට ඇති හැකියාව ඉතා අවම බව පෙනී ගිය බැවින් අලියා කවුරුත් එල්ලෙන වැල වූ තොරතුරු තාක්ෂණය දෙසට මදක් නැඹුරු විය. අලියා තුන්වෙනි පාර උපෙ කරන අතරේ ම ඉදිරියට වෙන දේකට සූදානම් වනු වස් Java ද ඉගෙනීමට පටන් ගති.

දිනක් කුමක්දෝ වෙබ් අඩවියක් බලමින් සිටි අලියාට එහි ඇල්කෙමියා නමින් යොදා තීබූ කමෙන්ට් එකක් නෙත ගැටුනි. ඒ ඔස්සේ සොයා බැලූ අලියා එම මහතාගේ බ්ලොග් අඩවියට පිවිසුණී.

ඒ මහතා තම බ්ලොග් අඩවියේ ලියා තිබූ උසස් අධ්‍යාපනය පිලිබඳ ලියකියවිලිවලට අලියාගේ සිත ඉතා තදින් ඇදී ගියේය. තවදුරටත් සොයා බැලූ අලියාට ඇ මහතා සහ රසායනායතනය අතර වූ සම්බන්ධතාවය අනාවරණය විය. අන්තර්ජාලය ඔස්සේ ඇ මහතා සමග කල සාකච්ඡාවකින් අනතුරුව, අලියාගේ රසායන විද්‍යා ගුරුවරයා වූ නිර්මාලි මිස් , විජේනායක සර් ගේ සහ ඒ වන විට එම ආයතනයට සම්බන්ධව සිටි අලියාගේ මිතුරෙකු ගේ උපදෙස් ද පරිදි අලියා එම ආයතනයට සම්බන්ධ විය.

2012 ජනවාරියේ සිට ඊලඟ වසර දක්වා කාලය තරමක ආයාසයෙන් යුතුව ගෙවා දමන ලදී. හේතුව, අදාල වසර සඳහා ජෛවරසායන විද්‍යාව මෙලෝ දෙයක් නොමැති වීම.

කෙසේ වෙතත් මේ කාලය තුලදී අලියාගේ එතෙක් තිබූ තුවාල යම් තරමකට හොඳ කරගත හැකි විය. ප්‍රධාන වශයෙන් අතිජාත යාලුවන් සෙට් එකක් සෙට් වීමත්, මහාචාර්ය දැරණියගලයන්ගෙන් සහ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගෙන් ඉගෙනීමට ලැබීමත් , පණ යනකං ගණං හැදීම නිසා සියලු Software වෙනස් වී තිබීමත්, කලින් පෝස්ට් වල සඳහන් කල X මෙනවියත්, විවිධ event වලදී ලද අති Cinematic අත්දැකීම් ගොඩකුත් නිසා ය.

මීටම සමාන අයුරකින් දෙවන වසර පලමු Semester එක ද ගෙවීමට සිදු විය. නමුත් කාබනික රසායනය, Co-ordination compounds සහ ඝන අවස්ථාවේ රසායනය යන විෂයයන් නිසා වෙහෙස මදක් අඩු වූ බව කිවයුතුය!

ඉහත අවුරුදු දෙකහමාර ගෙවාගත් අලියාට දෙවන වසර Semester 1 හි විභාග අවසන් වනවාත් සමග ම හොඳ කාලය උදා විය. ප්‍රථම වතාවට ජීව රසායන විද්‍යාව හමුවන්නේ මෙතැනදී ය.

මේ විෂයය සඳහා ප්‍රථම දේශණය කරන්නේ ආචාර්ය ඇල්කෙමියා මහතාගේ මැතිණියයි. අවසානයේ ජීවරසායන විද්‍යා දේශණයක් කණවැකීම කාන්තාරයට වැහිපොදක් බඳු විය.

කෙසේ වෙතත් අලියා වඩාත් ම සිත් ගත්තේ පහුවදා උදේ තිබූ මහාචාර්ය වැලිහිඳ මහතාගේ දේශණයයි.

ඒ මහතා ගැන එක් ජ්‍යේශ්ඨ ශිෂ්‍යාවක් මෙසේ කියන්නීය.

"එයා මාරයි මල්ලි! එයා Lecture එක කරද්දි මම ඉන්නෙ කොහෙද වත් දන්නෙ නැතුව එයා කියන එක ම අහගෙන හිටිය"

හරියට අට වෙද්දී ඒ මහතා දේශණ ශාලාවට පැමිණියේය. උපුටා ගත් කොටස් කීපයක් පහත දක්වමි.

Biochemistry is the Science Chemistry that operates inside of you in your life every moment of your life, and if it fails you are dead!

සියල්ලෝම කටවල් ඇරගෙන අසා සිටිති.........

If you set fire to this bundle of paper, you get energy. setting fire, oxidation, identical thing operate inside your body. Only thing is nothing is set fire. if you set fire to a mole of glucose, inside of your body, you will ignite. but only thing is this burning process happens little by little

now you are on the fourth floor, you have a large potential energy there are two ways of going down. one way is down the stairs, you are releasing potential energy little by little, then you will go to ground floor as one piece. Other way is out the window. Same energetics but by this way, you will not go in one piece....



මෙසේ ද කියන ලදී


Glut IV is distributed in your muscle and your adipose tissue. Adipose tissue is the fat tissue. That is located under the skin.... you become a බුම්බ fellow when you have lot of fat. Girls are soft to touch.... Don't touch...... Girls are soft to touch because they have a layer of fat under the skin ...අපේ නෑ! ඒකයි බූතයො වගේ ඉන්නෙ Girls have a layer of fat, එ්කයි අර දොදොල් වගේ


This is why when u are dehydrated you are given ජීවනී or තැඹිලි. කොහෙං හරි ජරා කොත්තුවක් කාල යන්න පටං ගත්තොත් අනිත් පැත්තෙං you loose water. not only water වතුර බිව්වනං හරිනෙ. you loose electrolytes. What are the important electrolytes, Sodium and potassium....



Your buffering system, what is the buffer, a week acid and its salt .Sodium and potassium ගියාම කොහෙද buffers,no salt means buffering capacity is compromised. You have a narrow margin 7.35 to 7.45ඕක පයිනව..... පැන්න ගමං හාන්සියි........

in the evening you feel terrible .... you feel like පොලිසියෙං ගහල වගේ . කොච්චර වතුර බිව්වත් වැඩක් නෑ... තැඹිලි ගෙඩියක් ගහපු ගමං ‍ෆිට් why? Sodium and Potassium



මේ කතා අසමින් ජීව රසායන සාගරයේ කිමිදී සිටියදී පැය එකහමාර ගෙවී යනු නොදැනුනි!



14 comments:

  1. ඔව් ඔව් අර වගේ කතාවක් ඇහුව නං මාත් කට ඇරං අහං ඉන්නව... මොනද මෙලෝ හසරක් තේරෙන්නෙ නෑනෙ...
    ඔය කියල තියෙන ටික අර ත්‍රී ඉඩියට්ස් එකේ අමීර් කාන් වගේ කියවගෙන කියවගෙන ගියා නං පට්ටෙටම තියෙයි නේද කියලත් මේ දැං මට හිතුනනෙ... ඔව්... ඉදගෙන...

    හුග කාලෙකින් ලීව එකත් මංඤං කොර ලියා දැමීම පිලිබද මමාගේ සාතීසය අර මොකද්ද එක පළ කරමි

    ReplyDelete
    Replies
    1. ම් ......... එතකොට මේක මඥ්ඥං කොර ද? ........ :( සමාවන්න!

      Delete
    2. ලෑ අලේ පික්ෂු කොර.....

      Delete
    3. එහෙනං ඉතිං කමක් නැහ්!

      Delete
  2. ජීව රසායන විද්‍යාව කියන එක රවුම් ද හතරැස් ද අලියෝ??? :-)))

    ReplyDelete
    Replies
    1. එ්ක අැත්තටම මෙහෙමයි ....... එ්ක සංකීර්ණ හැඩතල රාශියකිං යුක්තයි......... ම් ..........

      Delete
  3. ජිව රසායන විද්‍යාව වගේ දෙයක් ඉගෙන ගනිද්දී ඉතින් මෙහෙම කතා නැතුව නම් වෙලාව යවා ගන්නවා බොරු..

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියනව වගේ ....... අනේ මන්ද මට නං ෂේප්!

      Delete
  4. බ්ලොග් එකක් තියේ කියල මතක් වෙච්ච එකත් ලොකු දෙයක්.... මං නං ඇත්තටම ආවෙ අර පින්තූරෙ තිබිච්චා බලන්න!!

    ReplyDelete
    Replies
    1. නෑ නංගිය මෙහෙ exam කෝටියයි!

      කද්දි බලාගෙන අෑ! සෝඩියම් පොටෑසියම් මදිවෙයි!

      Delete
  5. he he sook storiya..digatama liyanna...

    ReplyDelete
  6. ලෙක්චර් එකම අහගෙන ඉන්න හිතුන.. මොකක්හරි විදියකින් අපි සෝඩියම් පොටෑසියම් ගත්තොත් විජලනය වෙන වෙලාවක හරිද? මොකද්ද බෆර් එක කියන්නේ? වාහනේ ඉස්සරහ තියන එක නෙවෙයි නේ? පහදන්න..

    ReplyDelete
    Replies
    1. //මොකක්හරි විදියකින් අපි සෝඩියම් පොටෑසියම් ගත්තොත් විජලනය වෙන වෙලාවක හරිද?

      එහෙම බෑ
      සාමාන්‍යයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් 9%යි
      පොටෑසියම් 4%යි (බර අනුව)

      නැත්තං වෙන ප්‍රශ්ණ එනව. උදාහරණයක් විදියට පොටෑසියම් වැඩිවීම හාට් එකට හොඳනෑ

      බෆර් එක කියන්නෙ pH අගය නියතව තියාගන්න පුලුවං ද්‍රව්‍යයක්.
      pH අගය කියන්නෙ මොකක් හරි පද්ධතියක (ජලාශයක්, පස් සාම්පලයක්,..... වගේ ඔ්නම දෙයක්) අාම්ලිකතාව ගැන මිනුමක්

      pH= -log([H+])
      [H+]= පද්ධතියේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය, මෙය වැඩිවනවිට අාම්ලිකතාව වැඩි වේ!

      ලෙක්චර් Download කරගතහැකි ලින්කුවක් මූනුපොතෙන් යොමු කිරීමට කටයුතු කරඅැත!

      Delete