Thursday, February 4, 2016

අලිසීන් - නත්තල් සාදයේ අවතාරය



නොවැලැක්විය හැකි හේතුවක් නිසා කිසිවක් නොලියා සිටීමට සිදු විය.  ඒ සම්බන්ධයෙන් සමාව භාජනයකට දමා තබා ගන්නා ලෙස ඉල්ලා සිටින අතර මෙතෙක් කතා කරමින් සිටි ගමන් මගේ කතන්දරය (අනවරත හෙයින්)  මදකට නවත්වා ලඟදී (ටිකක් කලකට පෙර ඉතිං) සිදුවූ අති භයානක සිද්ධියක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

රසායනායතනය විසින් නත්තල් පාටිය සාමාන්‍යයෙන් දෙසැම්බරයේ පවත්වනු ලැබේ. අලියා කොහොමටත් පාටි වලට යාමේ ප්‍රියතාවයක් නැතත්, ඇටම් ඇන්ටා ඇතුලු කිහිපදෙනෙකුගේ ම දැඩි බලපෑම මත අලියාට එසේ යාමට සිදුවිය.

අලියාගේ නිවසට වඩාත්ම සමීපව විසූ එම රසායනායතන සිසුවකු වන සංගීත විශාරද අරා මහතා සමග අලියා නියමිත දින හතරහමාරට මීගමුව බස් නැවතුමට ලඟා විය. බස් අවශ්‍ය තරම් තිබුනේ වී නමුදු සමස්ථ (ප්‍රායෝගික) ක්‍රියාකාරකම් සම්මානලාඟී (Best Overall Performance Prize (Practical) Winner) JK මහතා මෙම ස්ථානයට පැමිණිය යුතු වූයෙන් අලියා හා අරා ට පැය බාගයක් පමණ බස් නැවතුමේ සිටය යුතු විය. ඒ මහතා පැමිණි වහාම මෙකී සෙට් එක බස් රථයට ගොඩ වී ඉඩ තිබූ තුන් හතරපොලකින් වාඩි වූහ.

පිටකොටුවට ගොස් බසයෙන් බස තිදෙනා මීලඟට කුමක් කල යුතුදැයි කතා කරගත්හ. තිදෙනා අතර ජ්‍යේෂ්ඨතමයා වූ JK මහතා කටහඬ අවධි කලේය.

"මල්ලි දැං අපි මෙහෙමයි කරන්න ඕන අපි දැං ත්‍රීවිල් එකක් අරගෙන යමු. ඔතෙන්ට පයිං යන්න බෑ"

මේ යෝජනාව සම්මත කරගෙන ඉදිරියට ඇදුනු තිදෙනාට ත්‍රීවිල් එකක් හමුවිය.

ත්‍රීරෝද රථයට නැගගත් තිදෙනා යම් ගමනාන්තයකට ගෙන යන ලදී. ඉන් බැසගත් අලියා වටපිට බැලීය. මදක් වටපිට බලද්දී දුටු දැන්වීම් පුවරුව නිසා ඌ තිගැස්සී සිටියේය.

"පොලිස් මූලස්ථානය"

"අයියෝ JK අයියෙ කොහාටද මේ ඇවිත් තියෙන්නෙ?"

JK: "ආ බයවෙන්නෙපා මල්ලි, එතන එහාපැත්තෙ තමා හෝටලේ තියෙන්නෙ" කියා ඒ මහතා පැත්තක් පෙන්වීය. එහි දැන්වීම් පුවරුවේ වූයේ හෝටලයේ නමයි.

තිදෙනා හෝටලයට ඇතුලු වී වටපිට බැලූ කල්හි ගැහැනු ළමෝ දෙදෙනෙක් අප දෙස බලා සිටිනු දැකිය හැකි විය. තිදෙනා ඒ දෙසට ගමන් කලේය.  අප දුටු එක් දැරිවියක් අප දෙසට පැමිණ කතා කලාය

"අයියෙ අර Lift එකෙන් යන්න" කියූ ඇය විදුලි සෝපානයක් පෙන්වූවාය

"නංගි ඔයා IChem එකේ ළමයෙක්ද?" අන්දමන්ද වී සිටි අලියා ඇසීය.

"ඇයි අයියෙ මාව මතක නැද්ද?" කෙල්ල නොරුස්සනා ස්වරයකින් ඇසුවාය. මදක් හිස කැසූ අලියාට යන්තම් පුද්ගලයාව හඳුනාගත හැකි විය.

කෙසේ වෙතත් තිදෙනා වහාම ශාලාව තුලට රිංගා ගෙන සූදානම් කර තිබූ අසුන් වලින් ශබ්ද විකාශක වලට දුරින් ම තිබූ අසුන් තුනක වාඩි විය.

කෙටි කාලයක් තුලදී ශාලාව ළමුන්, ආචාර්ය වරුන් සහ වෙනත් නිලධාරීන්ගෙන් පිරී ගියේය. එකල්හි උත්සවය ආරම්භ විය. විවිධ කථා ආදියෙන් අනතුරුව ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් ආරම්භ විය. එහි පලමුවැන්න වූ කැරොල් ගායනය සඳහා සූදානම් ව සිටි ගැහැණු ළමුන් දසදෙනා වේදිකාවට පිවිසියෝය. එකිණෙහිම ඇටම් ඇන්ටා සිටි තැනින් නැගිට වේදිකාවට ආසන්නම අසුනේ හිඳගත්තේය.

මීලඟට වූ නාට්‍යයෙන් අනතුරුව උත්සවයේ වැදගත්ම අවස්ථාව වන ආහාරය එලඹියේය. අලියා ඇටම් ඇන්ටා සහ තවත් අයෙක් සමග පෝලිමට යමින් සිටියදී එකි අසාමාන්‍ය දසුනක් දැක තිගැස්මට ලක් විය.

එම දසුන නම් රසායනායතනයේ එක් ශිෂ්‍යයාවක් මේ පාටියට පැමිණ සිටි අයුරු ය. මෙය අලියාගේ විශ්මයට හේතු විය. හේතුව මේකය.

රසායනායතනයේ ChemEx 3 ප්‍රදර්ශණය පැවති කාලයේ අලියා එම ප්‍රදර්ශණයේ අණුක ජීව විද්‍යා හා ජෛවතාක්ශණය පිලිබඳ ඒකකයේ වැඩ කලේය. අලියා ට වූ රාජකාරිය වූයේ සෛල වලින් DNA නිස්සාරණය කර පෙන්වීමය. මෙය අප විසින් හුදෙක් ම ප්‍රදර්ශණ කටයුත්ත සඳහා නිවසේදීත් කර බැලිය හැකි ප්‍රාථමික ක්‍රමවේදයක් භාවිතයෙන් කරන ලදී.


DNA නිස්සාරණය කිරීම සඳහා සෛල වල සෛල පටල හා න්‍යෂ්ඨී පටල Detergent යොදා ඉවත් කල යුතුය. සෛල නිස්සාරකය හා Detergent දැමීමට බඳුන් දෙකක් සොයා එය අතේ තබාගෙන වෙනත් වැඩක නිරත වී සිටි අලියාට ස්වයංක්‍රීයවම ඉදිරිපත් වී එම බඳුන් සෝදා Label කර දෙන ලද්දේ මේ තරුණිය විසිනි. එය ඒ දෙදෙනාගේ ප්‍රථම හමු වීමයි. (@ "මලක් වුනේ ඇයි නුඹ මට" අසමින්).



කාලාත්‍රයේ පසුයාමයේදී ඒ මහත්මිය නිවැරදි ගැන්සියට සෙට් විය. ඉන් පසු ඒ මහත්මිය කිසිඳු පොදු වැඩකට සහය දෙනු දැකිය නොහැකි වූ අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැජර අහංකාර  චරිතයක් බවට පත් විය.

මේ මහත්මිය සාදයේ සිටිනු දුටු අලියා කුඩයක් ගෙන නොගෙන ඒම ගැන ඌටම දොස් තබා ගත්තේය.

කෙසේ නමුදු අලියා මදි නොකියන්නම බෙදා ගත්තේය. ඉන්පසු අලියා, ඇන්ටා හා අනෙකා සමග ශාලාවේ මුල්ලකම වූ මේසයකට ගොස් වාඩි වී වැඩේ දෙන්නට පටන් ගත්හ.

රසායනික ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් සලකා බැලිය යුතු පරාමිතීන් දෙකක් ගැන කීමට කැමැත්තෙමි.

1. තාපඝතික පරාමිති (Thermodynamic parameters)
2. චාලක පරාමිති (Kinetic parameters)

මෙහි තාපඝතික පරාමිති වලින් එම ප්‍රතික්‍රියාවේ දිශාව හා ලැබෙන ඵලයේ ස්ථාවර බව (Stability) යනාදිය ගැන අවබෝධය ලැබිය හැකිය. උදාහරණයක් ලෙස යකඩයක් මලකඩ කන්නේ යකඩ තාපඝතිකව අස්ථාවර නිසාය. යකඩ අඩංගු සංයෝග වලින් යකඩ ලබාගන්නට ශක්තිය වැය කලයුත්තේ එම සංයෝග තාපඝතිකව ස්ථාවර නිසා ය.

චාලක පරාමිති යනු ප්‍රතික්‍රියාවේ වේගය පිලිබඳ මිනුමකි. එලෙස සක්‍රිය ප්‍රතික්‍රියා වේගයෙන් සිදු වන අතර විලෝමය ද සත්‍ය වේ.

මේ ටික කියන ලද්දේ පහත කරුණ පැහැදිලි කිරීමට ය.

ආහාර ගැනීමේ දී ඇටම් ඇන්ටා චාලක වශයෙන් සක්‍රීය dial එකකි. ඌ දවසක්දා විනාඩි දෙකට රෝල්ස් පහක් කෑවේ කැන්ටින් කරුවාව භීතියට පත් කරමිනි!

අලියා නමින් ම පැහැදිලි වන පරිදි තාපඝතිකව ස්ථාවර අයෙකි. කිසිඳු ගැටලුවකින් තොරව ඌට බත් පිඟානක් හෝ මුට්ටියක් හෝ කොච්චරක් හෝ කෑ හැක. වරක් අලියා පාටියකට යාම නිසා එහි සංවිධායකයන්ට දාහත්දාහක පාඩුවක් සිදු විය.

අලියා සැනසිල්ලේ ආහාරය ගනිමින් සිටියදී ඒ භයානක සිදු වීම සිදු විය.

යම් දෙනෙනෙකු හෝ තුන්දෙනෙකු පැමිණ අලියා සිටි මේසයේ හිස් අසුන්වල වාඩි වන අයුරු අලියාට යන්තම් දැනුණි. ඒ සමගම ඇන්ටා හා අලියා සමග සිටි අනෙකා මේසයෙන් නැගිට යන්නට ගියෝය. අලියා හිස ඔසවා බැලූ කල්හි අලියාගේ දෙපතුලින් පටන්ගෙන හිස දක්වාම විදුලිසරයක් ගමන් කලාක් වැනි විය.

අලියා ඉදිරියේ වූ අසුන් දෙකක ආගන්තුකයන් දෙදෙනෙකු විය. එක් අයෙකු එතරම් පැහැදිලිව පෙනුනේ නැත.

ඒ සමග මළමිනියක් සේ සුදුමැලි වූ ඉතා උස පුද්ගලයෙකු විය. තොල් ද ලේ රතු පැහැ වූ එම තැනැත්තිය ඔලුවේ ද සර්පයෙක් දවටාගෙන සිටින්නාක් මෙන් දිස් විය.

මෙය දැක සංත්‍රාසයට පත් අලියා දිව්ව දිවිල්ලට කෙලිම්ම නැවතුනේ වැසිකිලියේය.

වැසිකිලියේදී අලියාට රසායනායතනයේ ජ්‍යේශ්ඨතම ගුරු සහායක(Teaching assistant) වූ D මහතා හමුවේ

D: ආ "<අලිය>! කොහොමද කෑවද?"

අලියා: "කෑවනං තමයි සර්..........." (හති අරිමින්)

D: "<අලිය> මොකද මේ මොනාට හරි බය වෙලා ද?"

අලියා: සර් දන්නෑ සර්... මම කකා ඉන්නකොට එක පාරටම දිග..................... එකෙක් ඇදි ඇදි ආව!


D:" අහර කුක්කෙක් වෙන්නැති <අලිය>"


අලියා:"නෑ නෑ හොල්මනක්! කටෙං ලේ බේරෙනව! ඔලුව වටෙත් සර්පයෙක් ඔතාගෙන හිටියෙ"

D:"නෑ! හරි සීන් එකයිනෙ?"

අලියා: "සර් මං පොඩ්ඩක් ඇන්ට ඉන්න හරියෙං ඉන්නං "

D:"හරි හරි <අලිය> පරිස්සමිං ඉන්න එහෙනං"

බර සැහැල්ලු කරගත් අලියා නැවත ශාලාව තුලට ගමන් කලේය. ඌ ඇන්ටා සොයා යන්නේ විද්‍යාගාර තාක්ශණ ඩිප්ලෝමාධාරියෙකු වූ D2 මහතා හමුවේ.

D2: "අප්පටසිරි <අලිය> කොහොමද කෑවද?"

අලියා: "ඔයා දන්නෑනෙ බං මට මාර සීන් එකනෙ උනේ"

D2: "ඇයි මොකද උනේ?"

අලියා: "කකා ඉන්නකොට වැම්පයර් කෙනෙක් ඇවිල්ල ඉස්සරහිං වාඩිඋනා"

D2: "මොකක්?"

අලියා: "ඔවු යකෝ කටෙං ලේ බේරෙනව. සර්පය ඔලුව වටේ. මම කෑම එකත් දාල දිව්වෙ"

D2: "නෑ?"

අලියා: "ඔවු බං! මට දුක කෑම එක ගැන අනිත් ඔක්කොටම වඩා! හොටෙල් කාරයො මේක බලු කපුටෙක්ට හරි දායි නේද?"

D2: "ගනං ගන්නෙපා <අලිය> ඕක සතෙකුට හරි දායි!"

අලියා: "හ්ම් එහෙනං කමක් නෑ. මම පොඩ්ඩක් අරහෙට ගිහිං එන්නංකො."

එතනින් ඉවතට යන අලියාට ඊලඟට හමුවන්නේ ශිහාන් මහතාය. ඒ මහතා ද ආහාර ගෙන නොසිටි බැවින් අලියා හුදෙක් බඩගින්න යාම සඳහා බත් පොඩ්ඩක් බෙදා ගෙන ඒ මහතා සමගම කෑවේය.

ගෙදර යන අතරේ ද අලියා කල්පනා කලේ අනිත් හැමදේටම වඩා ඌ අතින් වූ ආහාර නාස්තිය ගැනය.

අලියා බස් එකේ සිටියදී ජාඇල හරියේදී පමණ ඉතා තදින් වසින්නට විය.

JK:"අලිය වහිනවනෙ! දැං කොහෝමද මිගමුවෙ ඉඳං යන්නෙ?"

අලියා: "බලමු, අරා ලඟත් කුඩයක් නෑ මගෙ හිතේ!"

කෙසේ වෙතත් මීගමුව පමණ වන විට වැස්ස නැති විය. මීගමුවෙන් කටානට යන අතරේ අරා හඬ අවදි කලේය

අරා: "<අහංකාරවතී> ඇවිල්ල හිටිය නේ?" (ඉහත කී මෙලෝ වැඩකට එන්නැති තැනැත්තිය)

අලියා: "හ්ම්! ඒක තමා වැස්සෙ."

අරා: "කෑල්ල වෙලා නේ?"

අලියා: "මන්ද බං! මං දිහා බලල හිනා උනා. මං අහක බලාගත්ත"

අරා: "එහෙමද?"

අලියා නිවසට ඇරලවීමෙන් පසු ජනශුන්‍ය ප්‍රදේශයක් පසු කල යුතු අරාට හොල්මන් කතාව නොකියා සිටීමට අලියා ප්‍රවේසම් විය.

අලියා නිදාගන්නා අතරේ ද පසුතැවිලි වූයේ ආහාර නාස්තිය ගැන ය. කෙසේ වෙතත් එලිවෙන යාමයේ මෙබඳු සිතුවිල්ලක් පහල විය

"ඉතිං අලියෝ උඹ නාස්ති කරල තියන ඒවෑ හැටියට ඔය කෑම එක මොකද්ද?"

එකිනෙහි අලියා සුවපත් විය!

කාලාත්‍රයේ පසුයාමයේදී හොල්මන වූ කලී
මේකප් එකක් වරද්දාගත්
රසායනායතනයේ ශිෂ්‍යාවක වූද
අහංකාරවතී මහත්මියගේ ගැන්සියේ නායිකාව වූද
X මහත්මිය බව කොහෙන්න මන්ද දැනගන්න ලැබුනි!
සර්පයෙකු ලෙස දැක තිබුනේ ඒ මහත්මිය කොණ්ඩයට කර තිබූ මොකද්දෝ අපරාධයකි!

රසායන විද්‍යා ආයතනයේ ගැටුමකින් අලියා තුවාල ලබයි වගේ news එකක් කොහදි හරි දැක්කොත් කලබල නොවන්න.

අලියා නොවෙමි! තනි අලියා වෙමි.
එහෙයින් කොටං හා කරඬු වලට වග නොකියමි! මූණටම කතා කරමි

කල්ප කාලාන්තරයකින් හමුවෙමු!

12 comments:

  1. මදැයි මෙයාට ලියන්න හිතිච්ච එකත්.. මං හිතුව නොලිය ඉද්දි සින්ගල් ජීවිතේ ඩබල් වෙලා කියලා..))

    1. අනවරත කියද්දි ත යන්න දන්තජ. මහප්‍රාණ නෙමේ..)))
    2. අනික් එව්වා හදන්න නොයමි. එච්චරට වියාකරණ වැරදි යැ...))
    3. ප්‍රථම හමුවීමේ දී විරහ ගීතයක් අැසීම පිළිබඳ ව සාතිශය සංවේගය...))
    4. මා කිසිදාක කිසි විටෙක මේකප් නොකිරීම පිළිබඳ වත්, මඟුල් දාටවත් මේකප් නොකර ඉන්නට බලාපොරොත්තු වීම ගැනත් වඩාත් ම සන්තෝෂයට පත් වූයේ අද දවසේ ය..))
    5. කල්ප කාලාන්තරයකින් නොව ළඟදී ම ලියනු ඇතැයි උදක් ම බලපොරොත්තු වෙමි..))

    ReplyDelete
    Replies
    1. 1 නිවැරදි කරන ලදී- ස්තූතියි
      2 අැත්තටම මම ඔ්ක ගැන බය නොවුන නෙවෙයි. ... එ් උනාට එ්වත් හදන්න පුලු පුලුවන් වෙලාවට. වැරදි තියාගෙන ඉස්සරහට යන්න බෑ! අායෙත් ස්තූතියි
      3.නෑ නෑ ළමයා, ප්‍රථම හමුව මතක් කරගෙන ලියන ගමං එකක් අැහුව! එ්කත් කම්මැලි කමට. පස්සෙයි මීටර් උනේ විරහ ගීතයක් කියල.
      4 අනුමත කරමි.
      5 ට්‍රයි කරල බලන්නං, බැරි වෙන එකක් නෑ

      Delete
  2. අම්මෝ අලියො... උඹ බේරුණ එක ම මදැයි අර කෑම එක යකාට පලච්චාවෙ කියල...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකිය දන්නෑ ඩ්‍රැකී! දැං institute එක අස්සෙ තනියෙන් ඉන්න වෙලාවක මේකිව මූනට මුලිච්චි උනාම හැදෙන චූ බරේ සයිස් එක දන්නෙ මං ම විතරයි :D

      Delete
  3. තනිය නොලියන එක නං හෙන පාඩුවක් බං.
    මේ වගේ පට්ට පට පට සට සට ස්ටැයිල් එකක් ආාය ලොවෙත් නෑ

    අර දැරඅවි අරේම කඩං බිදං දීවට මක වත් කීවෙ නැතෙයි පස්සෙං පහු හම්බෙච්ච වෙලාවක
    හැක්..

    මේ දිගටම ලියකො කොහම්මල.
    ඇයි යකෝ

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි style එක ගැන දීපු comment එකට. මේ blog එකේම මුලදි දාපු post බැලුවනං එ්වයෙ style එක මෙලෝ රහක් නෑ කියල තේරෙනව අැති :)

    //මේ දිගටම ලියකො කොහම්මල. ට්
    ට්‍රයි කරමින් පවතී :)

    //අර දැරඅවි අරේම කඩං බිදං දීවට මක වත් කීවෙ නැතෙයි පස්සෙං පහු හම්බෙච්ච වෙලාවක

    එ් ගැන්සියයි මමයි ඉන්නෙ එච්චර හිත හොඳකින් නෙවෙයි. අැත්තටම මමයි එ් ළමයිනුයි කොහෙදි හරි දැක්කම කරන්නෙ මම මගෙ මූණයි උං උංගෙ මූනුයි ගස්ලබු වගේ කරගෙන මොකුත් දැක්කෙ නෑ වගේ යන එක. එ් නිසා එ් ගැන කමෙන්ට් එකක් ලැබුනෙත් නෑ. ලැබුනත් එ්ක කංකලු කමෙන්ට් එකක් වෙන්නත් අමාරුයි.

    ReplyDelete
  5. අලී මල්ලී මොනා මොනා හරි ලියහං වේලාව තියෙන විදිහට

    ReplyDelete
    Replies
    1. තනි අලියා (@ C.Nethsinghe Library-IChemC)February 7, 2016 at 12:48 AM

      බැරිවෙන එකක් නෑ :) අඩුගානෙ සතියකට එකක් හරි. එ්ක නෙවෙයි ඔයාට මේ සිදුවීම ගැන කියන්න යමක් අැත්තෙම නැද්ද? :P :P

      Delete
  6. අලි මචං ඇයි බොල මේ බ්ලොගය දිගට ම ලියන්නැත්තේ.....

    ReplyDelete
  7. අලියාගේ කෙල්ලන්ගේ අපලයට රසායන ප්‍රතික්‍රියාවක් හරි සිද්ධ වේවා..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා :D මොකද සද්දයක් නැත්තෙ?

      Delete