Tuesday, January 14, 2014
අලිසීන් - මානවවාදියා
පසුගිය දින කීපය වැඩ අධික විය. විශේෂයෙන්ම මේ දිනවල සූදානම් වෙමින් පවතින ChemEx 3 ප්‍රදර්ශණය නිසා මෙය ලිවීම සෑහෙන්න ප්‍රමාණයකින් අතපසු විය. සමාවන්න.
මෙතෙක් අලියා දක්වන ලද්දේ අලියා ජීව රසායන විද්‍යාව හදාරන්නට පටන් ගත් අයුරු ය. නමුත් මේ අවස්ථාවේදී එය මදක් පසෙක තබා අලිසීන් එකක් ලිවීමට කැමැත්තෙමි.
ඔබට බඩගින්නේ සිටියදී කෙනෙකුට උදව් කල හැකියි.
ඔබට පිපාසයෙන් සිටියදී කෙනෙකුය උදව් කල හැකියි.
නමුත්
ඔබට වැසිකිලි යාමට අවශ්‍යව සිටියදී කෙනෙකුට උදවු කරගත හැකිද?
මේ වන විට අලියාට තුන්වන වසර ආරම්භ උනා පමණක් විය.
අලියාට එදා දේශණය උදේ අටට ආරම්භ විය. අලුත්ම විෂයක් වූ බැවින් අලියා ද බොහෝ උනන්දුවෙන් සහභාගී විය. දේශණය ද රසවත් විය.
කෙසේ වෙතත් දේශණය අවසාන වීමට පැය බාගයක් පමණ තිබියදී අලියාගේ බඩ ට්‍රීං ට්‍රීං ගාන්නට පටන් ගති. එසේ සිදු වූයේ මන්දැයි නොදනිමි.
දේශණය අවසාන වූ වහාම අලියා රසායනායතනයේ වැසිකිලිය වෙත ඇදුනේ ආලෝකයට මදක් කිට්ටු වේගයකිනි. ඉතා අවාසනාවන්ත අයුරින් එම වැසිකිලිය ඉදිරියේ ඇනකොණ්ඩෙකු මෙන් ඉතා දිගු පෝලිමක් විය. විශේෂයෙන්ම දෙවන වසර හා තෙවන වසර සිසුන්ට දේශණ එකම වෙලාවක අවසාන වූයෙන් තත්වය තවත් බරපතල විය.
නව ගොඩනැගිල්ල තැනීම සඳහා අනෙක් වැසිකිලිය කඩා දමා තිබූයෙන් තට්ටු තුනක් පහලට බැස තවත් ටික දුරක් එහායින් වූ අනුපූරක ගොඩනැගිල්ලට (Supplementary Campus) යාමට සිදු විය.
මේ වන විට බෝම්බය පිපිරීමට යන්තම් තත්පර ගානක් ඉතිරි ව තිබිණි.
අලියා අදාල ගොඩනැගිල්ලේ ගේට්ටුවෙන් ඇතුල් වනවාත් සමගම යමෙකු විසින් අලියා නවත්වන ලදී.
"අයියෙ......."
අලියා හැරී බැලූ කල්හි අලියාට කතා කල දෙවන වසර ශිෂ්‍යාව හඳුනාගත හැකි විය.
-"අයියෙ මට හරි වැඩේනෙ."
"මොකද්ද නංගිය කේස් එක?"
-"අයියෙ <මගෙ තත්වය මෙහෙමයි>"....... (ටොයිං!)
"ඉතිං"
-"ඉතිං අයියෙ <මම දැං මෙහෙමයි.>".........(ඩෝං)
මෙලෙස පටන් ගෙන ප්‍රශ්ණය පැහැදිලි ව විස්තර කරන ලදී
එම මහත්මියගේ පෞද්ගලිග ප්‍රශ්ණයක් බැවින් මෙහි සඳහන් නොකලේ වී නමුදු මෙය බරපතල ගැටලුවක් විය. මෙවැනි ගැටලුවක් විසඳීම ගැන අලියාට කිසිඳු පුහුණුවක් නොවීය. කෙසේ වෙතත් අලියා හැකි තරමින් එය විසඳීමට උත්සහ කලේය.
මේ තත්ව යටතේ රසායනායතනයේ ආචාර්ය වරියක් ගේට්ටුවෙන් ඇතුලු විය.
-"ඔයා පොඩ්ඩක් අර මැඩම්ගෙං ඕක අහන්න බලන්න" අලියා එම ශීෂ්‍යාව , කාරුණික තැනැත්තියක් වූ එම ආචාර්ය වරිය වෙත යොමු කලේය.
ශීෂ්‍යාව හා ආචාර්යවරිය සමග ඇති වූ සාකච්ඡාවෙන් පසු ශීෂ්‍යාව අලියා වෙත පැමිණියාය.
"මැඩම් මොකද කිව්වෙ?"
දෙන ලද උපදෙස් ලුහුඬින් දක්වන ලදී
"එහෙනං නංගි මේක මගෙ Number එක මොනාහරි ඕන උනොත් කතා කරන්න" අලියාගේ නොම්මරය ද දෙන ලදී
"එහෙනං අයියෙ මම ගිහිං එන්නං"
ඇය නික්ම යනතුරු අලියා බලා සිටියේය. ඇය නොපෙනී ගිය කල්හි අලියා අනුපූරක ගොඩනැගිල්ලේ දොර අසලට ඇදුනි.
දොර දිහා බලාගෙන අලියා විනාඩි දෙකක්ම කල්පනා කලේය. අලියාට තිබුනේ එකම ප්‍රශ්ණයකි.
"ඇයි යකෝ මං මෙතෙන්ට ආවෙ?"
අවසානයේ අලියාට සියල්ල මතක් විය.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"මළා, මට පත සයිස් බක්ක කරක් තිබ්බ නේද?"
කෙසේ වෙතත් අලියාට අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණ දීමට නොවූ බව කිවයුතුය!
Friday, October 11, 2013
අලිසීන් - ගමන් මග 05
වසන්තය නික්ම ගිය පසු තවත් වසන්තයක් බලාපොරොත්තුවෙන් ලියමි.
අලියා ගේ අක්කලා ටික අලියා හැරයාමට පටන් ගත්තේ 2008 ජනවාරියේ පමණ සිට ය. මෙය සිදු වන්නට ඇත්තේ අලියා කී යම් කිසිවක් තේරුම් ගත නොහැකිව වලිගය පාගගැනීම නිසා බව උපකල්පනය කරනු ලැබේ.

කෙසේ හෝ මෙකල අලියා ජීවත් වූයේ කෙසේදැයි දන්නේ අලියා ම පමණි. ඌ මාස හයක් විතර යනකම්ම කෑවේ කඳුලුයි බතුයි පමණි.
පසුගිය වසරේදී යුරේනි මහත්මිය සිහිගැන්වූ පරිදි
"අයියෝ අලියා ඔයා අඬන්න ගත්ත වෙලාවෙදි මටයි ප්රදීපාටයි* කර කියාගන්න දෙයක් නැති වුනා" (* යුරේනිගේ ලඟම හිතවතියක් වන අපේ පන්තියේම ළමයෙකි)
කෙසේ වුවද අලියා මාස තුනකටත් පමණ පසු මෙලෙස විඳවමින් සිටියේය.
දිනක් අලියාගේ පාසලේ ජීවවිද්‍යා ගුරුවරයා වූ ශාන්ත මහතා විවේක කාලයේදි පන්තියට පැමිණ කෙලින්ම අලියාට කතා කලේය.
"මේ <අලියා> තරඟයක් තියනව, මේක ලේසි පහසු එකක් නෙවෙයි. මේක පේරාදෙණිය විශ්වවිද්යාලෙං තියන්නෙ, එයාලගෙ Agriculture management faculty එකට අවුරදු හැටක් <ද පණහක් ද මතක නැත> කියල තමයි මේක සංවිධානය කරල තියෙන්නෙ <අලිය> මේකට යනවද? "
අලියා මෙවැනි අවස්ථා ප්‍රීතියෙන් භාරගන්නා අයෙකු වුවත් ඌ සිටින්නේ සුදුසු තත්වයක නොවන බව අලියාට වැටහී තිබුණි.
"සර් මගෙ Knowledge එක නං සෑහෙන්න Damage වෙලා තියෙන්නෙ......................"
"<අලිය> මේව පොඩි පොඩි දේවල්. මම දන්න කෙනෙක් හිටිය එයාගෙ ගෙදර මිනිස්සු ඔක්කොම සුනාමියට අහු උනා. මළගෙදර ආපු නෑයො ටික ගෙදර යන ගමං බස් එක බෝම්බෙකට අහු උනා. මේව පොඩි කේස් <අලිය>"
"සර් කියනවමනං ඉතිං එන්නං......."
"එහෙනං ඉතිං මේකෙ නම ලියල අත්සන් කරන්න."
අලියා ද කී පරිදි නම ලියා අත්සන් කලේය.
****************
නියමිත දිනයේදී ගුරුවරු දෙදෙනෙක් ද සමග අපගේ කණ්ඩායම උදේ හතහමාරට පමණ පාසලෙන් පිට විය. කණ්ඩායම අලියා,විද්‍යා හා ගණිත අංශ වල සිසුන් දෙදෙනෙක් සහ සිසුවියන් දෙදෙනෙක් දෙදෙනෙකුගෙන් යුක්ත විය.
ගේට්ටුවෙන් පිට වූ කල්හි කණ්ඩායම සමග සිටි ගුරුමහත්මියක් යම් පත්‍රිකාවක් අලියා අතට භාරදුන්නාය. නිකමට මෙන් එය කියවූ අලියා උඩ විසිවී ගොස් ඕසෝන් ස්ථරයේ ඔලුව හැපී බිම පතිත විය.
1.<අලියාගේ සම්පූර්ණ නම> - නායක
2.*********************
3.++++++++++++++++++++++++
4.########################
ආදී වශයෙනි.
අලියාගේ කණ්ඩායම කෙලින්ම මීගමුව බස් නැවතම්පලේ නවතා තිබූ මීගමව ගම්පහ බසයට ගොඩ වී හතරපස් පොලකින් ඈඳිගත්හ. කණ්ඩායම ද ඇතුලු මගීන් රැගත් බස්රථය ගම්පහ බලා ඇදුනි.
මෙසේ යද්දී අලියාට මෙවන් සිතිවිල්ලක් පහල විය.
"අඩේ pyridoxine කියන්නෙ විටමින් B12 නේද බං"
එසේ සිතුනු නමුදු සිතිවිල්ලේ යම් නොගැලපීමක් ඇති බව අලියාට දැනුනි. මදක් කල්පනා කල අලියාට නිවැරදි පිලිතුර මතක් විය.
"නෑනෙ බං Pyridoxine කියන්නෙ විටමින් B6"
මෙලෙස ගමේම වූ දෑ කල්පනා කරමින් යද්දී බස්රිය ගම්පහ ට සැපත් විය. මීලඟට පිරිස කිරිඳිවැල බස්රියට රිංගාගති.
නුවර පාර හමුවන මංසන්ධියේදි බැසගත් කණ්ඩායම ඊට මදක් නුදුරින් වූ යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයට සැපත් විය.
සංවිධායකයන් විසින් කණ්ඩායම එම විදයාලයේ ශ්‍රවණාගාරය වෙත ගෙන යන ලදී.
උත්සවය ආරම්භ කිරීමෙන් අනතුරුව පැමිණ සිටි සියලු දෙනාට තනි තනිව පිලිතුරු ලිවිය යුතු ප්‍රශ්ණ පත්තරයක් ලබා දෙන ලදී. තරඟයට ඇතුලු වීම සඳහා එම ප්‍රශ්ණපත්‍රයට ඉහල ලකුණු ලබා ගත යුතු විය.
ඉහත ප්‍රශ්ණපත්‍රයට පිලිතුරු සැපයීමෙන් පසු එම ප්‍රශ්ණ පත්‍ර සංවිධායකවරුන් විසින් එකතු කරගන්නා ලදී. ඉන්පසු සංග්‍රහය සහ තවත් විවිධ දේශණ ආදියට සහභාගී විය හැකි විය.
ඉහත සියල්ල අවසානයේදී පැමිණ සිටි පාසල් අටක කණ්ඩායම් අතරින් අපේ පාසල ද ඇතුලු පාසල් හතරක් තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින බව නිවේදනය කරන ලදී.
මේ අනුව අලියාගේ කණ්ඩායම හා තවත් කණ්ඩායමක් සූදානම් කර තිබූ පන්ති කාමරයකට කැඳවාගෙන යන ලදී. කණ්ඩායම් දෙක දෙපැත්තේ වූ අසුන් වල වාඩි වූ පසු කණ්ඩායම් සාමාජිකයන් හඳුන්වාදීමෙන් අනතුරුව තරඟය ආරම්භ විය.
තරඟ නීති මෙපරිදි විය.
1. එක් කණ්ඩායමක සාමාජිකයෙකුට ප්‍රශ්ණය යොම කෙරේ- පිලිතුරු දුන්නොත් ලකුණු 10යි.
2. පිලිතුරු නොදුන්නොත් එම කණ්ඩායමේ වෙනත් සාමාජිකයෙකුට පිලිතුරු දිය හැක. නිවැරදි පිලිතුරකට ලකුණු 5යි.
3. එම සාමාජිකයාද පිලිතුරු නොදුන්නොත් අනෙක් කණ්ඩායමේ ඕනෑම අයෙකුට පිලිතුරු දිය හැකියි. නිවැරදි පිලිතුරට පිලිතුර දෙන කණ්ඩායමට ලකුණු 5යි.
කණ්ඩායම් නායකයා වූ අලියාට පලමු ප්‍රශ්ණය යොමු කරන ලදී.
"හරිතාගාර ආචරණයට ප්‍රධාන වශයෙන් දායක වන වායුව කුමක් ද?"
අලියා: "කාබන් ඩයොක්සයිඩ්."
තරඟය මේ අයුරින් ගලා ගියේය.
තරඟය අවසාන වන විට අලියාගේ කණ්ඩායමේ තුන්දෙනෙක් තම ප්‍රශ්ණයට නිවැරදි පිලිතුරු දී තිබුණි. අනෙක් දෙදෙනාගේ පිලිතුරු ද අලියා විසින් ලබා දී තිබුණි. අනෙක් පිලේ දෙදෙනෙක් තම ප්‍රශ්ණයට එක එල්ලයේ ම නිවැරදි පිලිතුර දී තිබුණු අතර ඉතුරු තුනටත් අලියා ම පිලිතුරු දී තිබුණි.
මේ අනුව මේ වටයේ ජය.......... අපටය.

මීලගට මෙම වටයේ ජයග්‍රාහකයන් අතර තරඟය පැවැත්විණි. අපගේ වටයට සමාන්තරව අනෙක් වටය ජයග්‍රහණය කර තිබුණේ කඳාන De Mazenod විද්‍යාලයයි.
තරඟය සඳහා කණ්ඩායම් දෙකම ප්‍රධාන ශාලාවේ වේදිකාවට කැඳවා අසුන්ගන්වන ලදී. වේදිකාව පහල මහත් ජනකායක් විය. අලියාගේ උදරය සීතල වන්නට පටන් ගත්තේ මේ අවස්ථාවේ ය.

පෙර පරිදිම කණ්ඩායම් සාමාජිකයන් හඳුනා ගැනීමෙන් පසු තරඟය ආරම්භ විය.
ප්‍රථම පැණය අනෙක් පිලේ නායකයාට යොමු කරන ලද අතර ඔහු නිවැරදි පිලිතුර ලබා දුනි. අලියාගේ කණ්ඩායමේ ප්‍රථම පැණයට ද අලියා නිවැරදිව පිලිතුරු දුන් බව අලියාට යන්තමට වගේ මතකය.
අලියාව විශ්වාස කිරීමට අලියා බල නොකරයි. නමුත් මෙසේ ද සිදුවිය.
තරඟය මෙලෙස ගලාගෙන යද්දී අලියාගේ කණ්ඩායමේ තෙවැනි සාමාජිකාවට ඇයට හිමි පැණය යොමු විය.
"විටමින් B6 හි අඩංගු රසායනිකය කුමක්ද?"
එම මහත්මිය එයට පිලිතුරු දීමට අසමත් වූ අතර නිවැරදි පිලිතුර අලියා විසින් ලබා දෙන ලදී.
මේ අයුරින් අවසන් වූ තරඟයේ ප්‍රථිපල කෘතහස්ථ රියැලිටි ෂෝ නිවේදකයෙකු වූ නිවේදක තුමා විසින් පහත පරිදි දැනුම් දෙන ලදී.
"කඳාන De Mazenod විද්‍යාලය. ලබාගත් ලකුණු සංඛ්‍යාව 90යි............. මේ අනුව මීගමුව <අලියාගේ> විද්‍යාලය ජයග්‍රහණය කරනවා................
(අලියාගේ බොක්ක සෙල්සියස් අංශක 98.4 ට රත්වී ඇත. පපුවෙන් පිටිකොටන්නාක් මෙන් ශබ්දයක් ඇසේ).
.................... තව ලකුණ කීපයක් තිබුණානම්..............
එම විද්‍යාලය ලබාගත් ලකුණු සංඛ්‍යාව 90යි"
ඉහත තරඟයේදී ද අලියාගේ කණ්ඩායමේ ප්‍රශ්ණ දෙකකට හා අනිත් කණ්ඩායමේ දෙකකට ද කොහෙද අලියා ම පිලිතුරු දී තිබුණි.
ඉහත සම සම ප්‍රථිපලය නිසා කණ්ඩායම් දෙකේම නායකයන් දෙපලට ප්‍රශ්ණ තුන බැගින් ඉදිරිපත් විය.
කණ්ඩායම් දෙකටම යොමුකල............
පලමු ප්‍රශ්ණ දෙකට නායකයන් දෙදෙනාම නිවැරදිව පිලිතුරු දුනි.
දෙවන ප්‍රශ්ණ දෙක ද එපරිදි විය.
තුන්වන ප්‍රශ්ණයට අනෙක් පිලේ නායකයා නිවැරදිව පිලිතුරු දුන් අතර අලියාට යොමුකල ප්‍රශ්ණය නිසා අලියා අවාසනාවන්ත අයුරින් පත්තු වී ගියේය.
මෙම ස්ථානයේ තවත් මද වෙලාවක් ගත කල කණ්ඩායම් සාමාජිකයන් එවකට එම පිඨයේ පීඨාධිපති මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අතින් තම තමන්ගේ සහතික ලබාගෙන, අවසානයේදී එම විද්‍යාලයෙන් පිට වීමු.
අලියා නිවසට එන විට හවස හය පසු වී තිබුණි. සාමාන්‍යයෙන් අලියා මෙවැනි සීන් ගෙදරට දැනුම් නොදෙයි.
යම් වර්ජනයක් හේතුවෙන් මීලඟ දින දෙක දිවයිනේ පාසල් වලට නිවාඩු දී තිබුණු අතර ඊලඟ දවසේ පාසලේ නව 12 වසරට එන සිසුන් පිලිගැනීමේ උත්සවය විය. මේ උත්සවයේදී විදුහල්පතිතුමා අදහස් දක්වමින්...........
"විශේෂයෙන්ම කියන්න ඕන. පසුගිය අඟහරුවාදා යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේදී පැවැත්වුණු දැනුම මිණුම තරඟයට සහභාගී වූ අපේ දරුදැරියන්.. දිස්ත්‍රිකයේ පාසල් 8ක් අතරින් දෙවන ස්ථානය හිමි කරගත්තා...."
වටේ සිටි අය අත්පුඩි ගසද්දී කාටවත් නොපෙපෙන පිටුපසක චින්තක මහතා සමග ඉඳ සිටි අලියා කිසිවෙකුටත් නොපෙනෙන පරිදි ම සියල්ලන්ටම හිස නමා ආචාර කලේය.

කෙසේ වෙතත් මෙය අලියාගේ ජයග්‍රහණයක් නොව එම කණ්ඩායමේ ජයග්‍රහණයක් බව ද, ශාන්ත සර් ගේ ක්‍රියාකාරීත්වය නොවුනානම් එවැනි ජයග්‍රහණයක් හිනෙකින්වත් නොලැබෙන බව ද අලියා ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි.
ඉහත සිදුවීමට සම්බන්ධ වෙනත් පාර්ශව මෙය දුටුවොත් කරුණාකර ඔබගේ අදහස් දක්වන මෙන් ඉල්ලමි.
කලින් post එකේ ඉස්කෝල අටක් ගැන කියා තිබුනි. එය වැරදීමකි. එය හයක් ලෙස නිවැරදි විය යුතුය.
නැවත හමුවෙමු.
Wednesday, August 14, 2013
අලිසීන් - ගමන් මග 04
අලියාගේ නවතම ආතලය මනෝවිද්‍යාව බවට පත් වූ බව පසුගිය ලිපියේ සඳහන් කරන ලදී. අලියා මීගමුවේ සිටියදී මද කාලයකින් අලියාට රසායනික ජීවවිද්‍යාව අමතක ම වී ගිය අතර අලියා මනෝ විද්‍යාව ගැන කියවිමට පටන් ගති.
අලුත් පාසලට ආ විගසම අලියා වැටුනේ අට වසර B පන්තියටය. අලියා අලුත් පන්තයට පැමිණියේ දෙදාස් තුනේ අග භාගයේදීය.
මීලඟ වසරේ පන්තිය මාරු වූ අතර අලුතින් වැටුනු නවය C පන්තියේදී චින්තක මහතා හමු විය. භෞතික ශරීරයෙන් මොහු අලියාට සෑහෙන්නම වෙනස් වූ අතර අප දෙදෙනාම සාකච්ඡා කරන්න කැමති වූ, කියවන්නට කැමති වූ ආදී දෑ සෑහෙන්න දුරට සමාන වූ බව කාලය සමග අපට වැටහී ගියේය. මෙහි ප්‍රතිඵලය ලෙස අලියා සහ චින්තක හොඳම යාලුවන් බවට පත් විය.
චින්තක පුස්තකාල සමාජකයෙකු වූ අතර මේ පරිසරයට ටිකක් අලුත් වූ අලියා එසේ නොවීය. පුස්තකාලයෙන් වරකට පොත් දෙකක් ලබා ගැනීමේ හැකියාව ඔහු සතු විය. චින්තක මේ දෙකෙන් එකක් මා සහ අනෙක ඔහු සඳහා ගෙන ආ බව අලියා ඉතා කෘතඤපූර්වකව සිහිපත් කරයි.
මේ ආකාරයෙන් වසර කීපයක් ගත විය.
අලියාට අවසානයේ මනෝ වෛද්‍යවරයෙකු වන්නට සිත් විය. මෙසේ වූයේ එවකට කියවූ පොත් පත්, පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන් වල බලපෑම නිසා වූ බව පසුව අවබෝධ විය. මින් රාත්‍රී කාලයේ විකාහය වූ එක් වැඩසටහනක් එවකට ඉතා ඉහල තත්වයෙන් යුක්ත වූ බව අලි මතයයි. එවැනිම ඉරිදා උදේට විකාශය වූ වැඩසටහනක් ද වූ අතර එය එවක සිටම මෙලෝ ප්‍රමිතියක් නැතුව ඉදිරිපත් විය. එයට ආරාධනා ලැබූ සම්පත් දායකයන් කියා ගන්නා කට්ටිය අතර ව්‍යාජ වෘත්තිකයන් ද විය.

කෙසේ වුවත් ඉහත හැඟීමෙන් කටයුතු කල අලියා දෙදාස් හයේදී සාපෙට මුහුණ දී දෙදාස් හතේදී උපෙ කරන්න පටන් ගති. අලියා භෞතික විද්‍යාව ද ඇතුලුව ජීව විද්‍යාව හැදෑරීමට පටන් ගත් අතර චින්තක ගණිතය හැදෑරීමට ද පටන් ගති.
ඔය කතන්දරය වෙනස් වන්නේ සාපෙ කාලයේ ඇරඹී තිබී උපේ කාලයේ දි උපරිම තීව්රතාවයෙන් ක්‍රියාත්මක වූ අක්කලා ගේ සීන් නිසා ය.
අලියාගේ පරණ බ්ලොග් අඩවියේ මෙය ලියා තිබූ අතර දැන් එය විනාශ වී ගොසින් ය. එහි සිටි අයට අමතරව අලුත් සහෘදයන් ද මෙහි සිටින බැවින් කතාව කෙටියෙන් ම දක්වමි.
අලියා උපේ කාලයේදී අලියා දැන සිටි අක්කලා කීප දෙනෙක්ට පණ සේ සැලකූ අතර ඒ අය අලියාගේ ම අක්කලා ලෙස අලියා විසින් සලකන ලදී. අලියාගේ සමීපතමයන් මේ ගැන විවිධ පැහැදිලි කිරීම් කරති. ඒවා නිවැරදිද යන්න අනේ අලිය නං දන්නේ නැත. මේ කී සම්බන්ධතාවයන් ද ඇති වී, පැවතෙමින් තිබිනි. නමුත් හදිස්සියේම ඉහත කණ්ඩායමෙන් දෙදෙනෙක් අලියා සමග සබඳතා අත්හිටුවීම නිසා තත්වය සංකීර්ණ විය. එපමණක් නොව එම සිදුවීමෙන් පසු අක්කලාගේ කණ්ඩායමේ අනිත් සියලුම සාමාජිකයන් පාහේ අලියාගෙන් ඉවත් විය.
මේ සිදුවීමේ උච්චතම අවස්ථාව පහත පරිදි සිදු විය.
දෙදාස් අටේ ජූලි මාසයේ දවසක් වූ එදා 2009 batch එකට වාර විභාගය පැවැත්වූ අතර එයට පසු 2008 batch එකේ සිසුන්(ඉහත කණඩායමේ හතරපස් දෙනෙක් ද ඇතුලුව) පාසල හැර යාමේ පාටිය විය.
අලියා විභාගය අවසාන කර එලියට ආවා පමණි. කොරිඩෝරයේ ඉහත කණ්ඩායමේ මුලින්ම වෙන් වූ දෙදෙනා විය. දෙදෙනා එකිනෙකාගේ යාලුවන් වූ අතර එකම විශය ධාරාවක් ඉගෙනගත් කට්ටිය විය.
අලියා මේ දෙදෙනා නොදැක්කා සේ දෙදෙනා පසු කර යන්නට උත්සහ කලේය.
"මල්ලි............. <අලිය>..................?"
අලියා නොඇසුනා සේ යාමට තැත් කලේ ය.
"ඔයා කතා කලේ නැත්තං අපි ප්‍රින්සිපල් ගාවට යනව........."
එහෙම ගියා කියා උන්ට අලියා ට එරෙහිව කල හැකි මගුලක් නොතිබුනේ වී නමුදු අලියා නතර විය. තවද අලියාගේ සහායට කවින්ද ද මෙම ස්ථානයට පැමිණි බව කිවයතුය.
මීලඟට අලියාට ඉහත දෙදෙනාගේ දිගු මළදානය බෙදිල්ලකට සවන් දීමට සිදු වූ අතර "මෙයාව හුරතල් කරන්න ගියායිං තමා මෙහෙම වෙන්නෙ......." ආදී වචන පුනරුච්චාරණය විය.
අලියා වෙනුවෙන් කවින්ද කතා කිරීමට තැත් කල අතර අලියා ඔන්න ඔය කියන දෙයක් කිව්වාවෙ මට්ටමින් අසා සිටියේය.
ඉහත මළකෙලිය අවසන් වන විට එකහමාර වී තිබූ අතර අලියා පාසලෙන් පිටත් වී ඉවත් වූ අතර ඉහත ස්ථානයේ සිට ගේට්ටුව දක්වා ගමනේදී අලියා කල්පනා කරමින් ගමන් ගත්තේය.
අලියා මිනිස් වාසයේ සිටියයුතු අයෙකු නොවන බව අලියාට හැඟී ගියේය. වෙදකම යනු ඉතා තදින් සමාජය සමග බැඳීම් ඇති කරගත යුතු තත්වයක් බව පෙනී ගියේය. එබැවින් ඒ කල්පනාව අලියා අත හැර දමන ලදී.
ඒක එහෙම නෙවෙයි නං අලිය මොකෙක් විය යුතුද යන්න අලියාට කල්පනා විය.
අලියා විසින් වසර කීපයකට පෙර අමතක කර දමන ලද මතකයන් අලියා විසින් සිහියට නගා ගන්නා ලදී.
අලියා ආපසු හැරුණි.
සිතා සිටි පරිදිම අලියාගේ ජීවවිද්‍යා ගුරුවරයා විදයාගාරය තුල සිටියේය. අලියා එතුමාට කිට්ටු විය.
"සර්?"
-"ඔවු <අලිය>"
"සර් බයෝකෙමිස්ට්‍රි වගේ එකක් කෙලිම්ම කරන්න බැරිද university එකේදි?"
-"ඒක මෙහෙමයි <අලිය> මුලිම්ම බයෝ සයන්ස් කරන්න ඕන. Special එක කරද්දි බයෝකෙමිස්ට්‍රි තෝරගන්න පුලුවං තව සබ්ජෙක්ට් දෙකක් එක්ක."
අමුවෙන් ජීවවිද්‍යාව ඉගෙනීමට වඩා කට මිරිස් ගලේ උලාගැනීම කොතරම් අගනේ දැයි සිතමින් අලියා ගෙදර ගියේය.
කෙසේ වෙතත් ඉහත සිද්ධියෙන් පසු දිනක අලියා විද්‍යාගාරයේ සිටියදී ශාන්ත සර් අලියාට කතා කලේය.
"ආං කොලඹ විශ්වවිද්‍යාලෙ Molecular Biology Course එකක් තියනව, Z Score එක ටිකක් වැඩියි, මෙඩිසින් තරං නං නෑ" .....................
අලිය ඉතිං කොච්චර ට්‍රයි කරත් යන්න උනේ නෑ නොවැ.
අලියා ඉහත තුවාල පිටින් ඉස්කෝල අටකට ගේම දුන් අයුරු ලබන සතියේ.................................

Monday, July 29, 2013
අලිසීන් - ගමන් මග 03
මෙකල අලියාට මහත් ගැටලවක් උද්ගතවී තිබුණි.
එකම කෙල්ල නිරත්තරයෙන් පන්තියේ එක වීම නොවේ.
ඉහත කී කෙල්ල කෙල්ලෙක් වීම ද නොවේ.
උෂ්ණය වැදුනු වෙනත් කෙල්ලන් අපේ පාක්ෂිකයන්ගෙන් ගේම ඉල්ලීමයි.
මීට පෙර වාරයේ දී අලියා පන්තියේ දා හත වී සිටි අතර අනුයාත වාරයේදී විසි තුන වී සිටියේය. ගෙදර අයගෙන් ද පාසලේ දී නම් විරුද්ධ පාක්ෂිකයන්ගෙන්ද කචල් උග්‍ර විය.
කතන්දරය නව මගකට යොමු කරවන ලද්දෙ පක්ෂ දෙක අතර වූ අති ප්‍රබල වලියකි.
වලිය ආරම්භ වූයේ කුමන කරුණක් අරභයා දැයි අමතකය. කෙසේ වුවද අතපය හො අවිආයුධ බාවිතා නොවූ මේ වලිය අවසානයේ දී ප්රමුඛ පෙලේ සටන්කරුවකු වූ අලියාගේ විඥ්ඥානය හිල් වී පෙනේරයක් මෙන් වී තිබුනු බව කිවයුතුය.
විඥ්ඥානික තුවාල සුව වූ කල්හි අලියාට මෙබඳු සිතිවිල්ලක් පහල විය.
"මූට හැමදාම එක වෙන්න පුලුවන්නං මට බැරි මොකෑ"
ඉහත අදහස පාක්ෂිකයන් කීපදෙනෙක් ට ඉදිරිපත් කරන ලදී.
එවකට අලියාගේ ලඟම යාලුවෙක් වූ මොළයෙන් පමණක් විශාල වූ බෙන්ජමින් මහතා සිය අදහස් දක්වමින්...
"මචං ... අතිං පයිං ගැහවොත් හිරගෙදර... ඔලුවෙං ගැහුවොත් රජ ගෙදර"
කෙසේ වෙතත් එතුමා වලියට සක්‍රිය දායකත්වයක් නොදැක්විය.
ඒ අනුව සීතල යුද්ධය වහාම දියත් කරන ලදී.
පිනන්න යන දවස හැර අනිත් සෑම දිනයකම සියලු පෙලපොත් ඝිරාකරණය (Ghiravize) සඳහා යොදා ගන්නා ලදී . මේ සඳහා කොළ ද ගෝනි ගානක් වැය විය.
දිනක් අලියා the X Files බලමින් සිටියදී ස්නායු පද්ධතිය නම් පද්ධතියක් ගැන අවධානය යොමුවිය. වැඩිදුර කරුණු සොයා බැල අලියා මෙය වඩා හොදින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ජීව රසායනික තත්ව හඳුනා ගත්තේය.
මේ අනුව ක්‍රියාත්මක වූ අලියා, ඉහත කී පෙලපොත් ඝිරාකරණයට අමතරව, පෝෂණය ගන වැඩිවැඩියෙන් උනන්දු විය.
මේ අනුව දිනකට වැල්දොඩම් කොල සිලිකවරයක් පමණ අලියාගේ ආහාර මාර්ගය හරහා ගමන් ගත් අතර අමු එලවලු වැඩි වශයෙන් ආහාරයට ගැණුනි. කෙසෙල් ඇවරි විනාඩිය දෙක වැනි කෙටි කාල තුලදී උපරිම සීග්රතාවයෙන් කෙසෙල් ලෙලි බවට පත් විය.
කෙසේ හෝ මේ අයුරින් සන්නාහසන්නද්ධ වූ අලියා, මීලඟ වාරවිබාගයට ගොස් හිඳගති.
නිවාඩුකාලය ද ගතකල අලියා එය අවසාන වී ඉස්කෝලෙ ගියේය.

අර කරපු ඔක්කොම අපරාදේය. වහින්න තිබූ වැස්සත් වලක්වමින් පලවෙනියා වෙනස් වී නොතිබුණු අතර අලියා විසිතුනේ සිට පස්වෙනියා දක්වා පමණක් ඉහල නැග තිබිණි.
..................................................................................................................
දෙදාස් තුනේ දී සිදුවූ මෙහි දැක්වීමට (දැනට) අකමැති අතිශය තීරණාත්මක සිදුවීමක් හා ඉහත දැක්වූ පරිදි පක්ශ අතර වලි නිසා අලියා පස්යාලෙන් කටානට මාරු වූ අතර මීගමුවේ සාන්ත පීතරයට ඇතුලු විය. ඉතිරි කාලයේ දී අලියාට රසායනික ජීව විද්‍යාව තරමක් දුරට අමතක වී ගිය අතර එවකට සුපිරි ආතල් එකක් වෙමින් පැවති මනෝවිද්‍යාව අලියාගේ ද ආතලය බවට පත් විය.
අලියා මේ විද්‍යාවට සම්බන්ධ යම් (ජනයා අතර ජනප්‍රිය, නමුත් ජනයා විසින් බොහෝ සේ වරදවා වටහා ගන්නා ලද) විද්‍යාවක් භාවිතා කිරීමට දැන එම වයසේ එකම එකා වීමටද ඉඩ තිබූ බව කිව යුතුය.
අලියා දියත් කල යුද්ධය අලියාගේ නික්මයාමෙන් පසු ඉතිරිව සිටි අය ජයග්‍රහණය කල බව කාලාත්‍රයේ පසුයාමයේදී සැළවිය.
නැවත හමුවෙමු

Wednesday, June 26, 2013
අලිසීන් - ගමන් මග 02
පස්යාලේ සිටියදී අප නිවස අවට තිබුනේ නිවෙස් කීපයකි. මතක පරිදි හතරකි
මින් එක නිවසක සිටි ඇන්ටි සහ අංකල් ආසන්න නගර වල වූ පාසල් වල ගුරවරු වූහ. ඒ ඇන්ටි එවකට ඉගන්වුවේ උසස් පෙල ජීව විද්‍යාවයි. මේ යුවලට පොඩි බට්ටන් දෙදෙනෙකු ද සිටි අතර එම නිවසේ පූසෙක් ද විය.
පූසා අලියා සමග විශේෂ හිතවත්කමක් හෝ තරහක් බයක් නොවීය
අලියා පහ වසරේ සිටින කාලයේ සිට ම එකල ජනප්‍රිය ළමා පත්තරයක් මිලදී ගැනීමට පුරුදු ව සිටියේය. ඇත්තෙන්ම මෙලෙස කිරීමට උපදෙස් දෙන ලද්දේ පහවසරේ දී ඉගැන්වූ රෝහණ සර් ය.
ජෛව විවිධත්ව දිනයක් සඳහා මෙහි පලකල ප්‍රශ්ණ සහ උත්තර වගයක් අහම්බයෙන් නෙත ගැටුනි. කියවාගෙන යන අතරේ එහි වූ ප්‍රශ්ණ දෙක තුනක් අලියාගේ අවධානයට ලක් විය.
ප්‍රශ්ණ තුනම මතක නැත, එකක අසා තිබුනේ DNA වල සංඝටක මොනවාද යනුවෙනි. පොස්ෆේට් ඛාණ්ඩය, පෙන්ටොස් සීනි ඛාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්ම යන පිලිතුර ද සනිටුහන් කර ගතිමි.
දෙකයි හතලිස් පහට ගෙදර පැමිණ නාගෙන කෑම කා නිදාගත් පසු, හවස හතරට ඇහැරුණු වහාම ගියේ අල්ලපු ගෙදර ටීචර් ඇන්ටිගේ ගෙදර ය. කෙලින්ම නිවසට ගොස් ඇන්ටී හමු වූ අලියා (දෙන දෙයක් කා අනතුරුව) කෙලින්ම කාරණයට බැස්සේය....
"ඇන්ටි මට DNA ගැන තියන පොතක් දෙකක් දෙන්න පුලුවන්ද?"
- "ංඈ???????"
"DNA ගැන තියන පොතක් දෙකක් දෙන්න පුලුවන්ද?"
- "දෙන්නං... මං ප්‍රශ්ණයක් අහන්නද?"
"මොකද්ද ඇන්ටි?"
-"DNA කියන එකේ තේරුම මොකද්ද?"
"Deoxyribo Nucleic Acid"
-"හරියට හරි... එහෙනං පොඩ්ඩක් ඉන්න..."
කාමරයට ගිහ ඇය එලියට ආවේ පොත් දෙකක් ඇතුවය.
"මේක බලන්නකො? පස්සෙ වෙලාවක ගෙනත් දෙන්න.."
ගෙදර ගෙනා සැනින් පොත් ටික විසිතිස් වතාවක් පට්ට ගසන ලදී. එහි වූ පොස්ෆේට් ඛාණ්ඩ, නයිට්‍රජනීය භෂ්ම ඛාණ්ඩ, Ribose හා Deoxyribose ඇතුලු විවිධ අණු ගණනාවක ව්‍යුහ ගෙදර වූ අඩක් ලියා අවසාන කර තිබූ පොත් පත් වලට පිටපත් විය.
තවද මෙය ලියන අවස්ථාවට සති දෙකයි දවස් තුනකට පෙර ඉගෙනගත් ග්ලයිකොලිසිය, තව දවස් හතරකින් උගන්වතියි සිතිය හැකි ක්රෙබ්ස් චක්‍රය ආදී ප්‍රතික්‍රියා ද එලෙසම පිටපත් කරගන්නා ලදී.
මේ පිටපත් කල ව්‍යුහ හා ප්‍රතික්‍රියා ලියූ පොත් පිටු බලාගෙන අලියා කල්පනා කලේ එකම එක කරුණකි.
"දැං මං කොහොමද මේ සංයෝග හදන්නෙ?"
මේ දිනවල තමත් වැදගත් වැඩක් සිදුවිය, එනම් The X Files හාThe Incredible Hulk විකාශය වීමට පටන් ගැනීමයි.
The Incredible Hulk හි සිටින වෛද්‍යවරයා ගැමා විකිරණ වලට නිරාවරණය වේ. එබැවින් සිදුවන DNA විකෘතිය නිසා මොහුගේ පුෂ්පය විකසිත වන සෑම අවස්ථාවකම කොළපාට යෝධයෙක් බවට පත් වේ.
"Genetics වලිං මේ වගේ එකෙක්ව හදාගත්තොත් ඌට කියල මගෙං ගේම ඉල්ලන උංව අල්ට්රාෆ්ලැට් කරෑකි නේ..." අලියාට සිතුනි.
දිනක් අලියා කුස්සියේ දොරකඩ ෆුල් ෆන් එකේ සිටියදී ගේ පැත්තට අමුත්තෙක් එන බව පෙනුනි. නිවී සැනසිල්ලේ පැමිණි තැනැත්තා අලියාට ආමන්ත්‍රණය කලේය...
අලියාද පැමිණි තැනැත්තා සමග කතාවට වැටුනි.
-"ඤාව්"
පැමිණි තැනැත්තාට කෝපි කොලයක් උඩ තැබූ කුඩා කුකුල් මස් කෑල්ලකින් සංග්‍රහ කරන ලදී. ඒ මහතා සංග්‍රහය භුක්ති විඳින අතරේ අලියාට මෙබඳු අදහසක් පහල විය.
"මූව Clone කරන්න ට්‍රයි කරොත් නරකද?"
අලියා කියවා තිබූ තරමින් කෙස් වල DNA තිබේ. අපරාධ ස්ථාන වලින් ලබා ගන්නා කෙස්, ලේ හා තව ඔය මොනමොනාහරි වල ඇති DNA වලින් එම ද්‍රව්‍ය අයිති තැනැත්තා පිලිබඳ අදහසක් ලබාගත හැකිය. විශේෂයෙන්ම, සැක කරණු ලබන කෙනෙකුගෙන් ලබාගත් DNA සමග සැසඳීමට හැකිය.
(විද්‍යාගාර පරීක්ෂණ වලින් පහත පරිදි රටාවක් ලැබේ. මෙය DNA අැඟිලි සලකුණ ලෙස හඳන්වන අතර කිසිම පුද්ගලයන් දෙදෙනෙකුට මෙය සමාන නොවේ. ඉහත රූපය පරිදි වැඩකාරයා S4 බව පෙනේ.
පින්තූරය මෙතැනින් ය : http://chsweb.lr.k12.nj.us/mstanley/outlines/fingerprint/fingerprint.htm )
අමුත්තාගේ කෙස් වෙනුවට තිබුනේ මයිල් බැවින් කතුරක් ගෙන විත් අමුත්තාට නොරිදෙන සේ අමුත්තාගේ වලිගයෙන් මයිල් ගස් කීපයක් කපා ගන්නා ලදී.
අමුත්තා ද "මොකද්ද යකෝ මූ මට කරන්න හදන්නෙ" වැනි හැඟීමකින් බලා සිටිමින් අලියාගේ පර්යේෂණයට සෑහෙන්න උපකාර කල බව සඳහන් කල යුතුය.
කෙස් වල DNA තිබුනාට එය ඇත්තේ කෙස් ගසේ මුල වූ සජීවී සෛල වල බව අලියාගේ මීටරයට හසු වී නොතිබුණි.
මුලින්ම අලියාගේ බල්බ් කටු ප්ලාස්කුව උණුවතුර බෝතලේ වූ වතුරෙන් සෝදා ජීවාණුහරණය කරන ලදී
ඊලඟට කපාගත් මයිල්ගස් එය තුලට දමා ඇල් වතුර ටිකක් දමන ලදී.
මීලඟට මාධ්‍යට පෝෂක සපයන ලදී. ප්‍රෝටීන ලබා දීමට කුකුල් මස් හොඳි තේ හැන්දක් හා විටමින් ලබා දීමට පොඩි කරගත් ගස් ලබු කෑල්ලක් වශයෙනි.
පූසා ක්ලෝනීකරණය වනතුරු ප්ලාස්කුව කුස්සියේ මේසය උඩ රඳවා තිබූ අතර පහුවදා පාසල් ගොස් එනවිට ප්ලාස්කුව අතුරුදන් වී තිබුණි. සමහර විට පූසා කෙසේ වෙතත් වාතයේ වූ බැක්ටීරියා හා දිලීර හොඳින් ම Clone වූ බව දැන් මට වැටහේ.
විභාග සඳහා කල අති සාර්ථක ජෛවරසායනික අත්හදා බැලීමක් ලබන සතියේ.

"ඤාව්!"

Friday, June 21, 2013
අලිසීන්- ගමන් මග - 01
මේ කතන්දරය කිව යුතු හොඳම අවස්ථාව මේ යැයි සිතමි. මේ වන විට මවිසින් විඳිමින් (හා තරමක් විඳවමින් ) සිටින්නේ අදින් වසර හතර පහක සිට බලාපොරොත්තුවෙන් සිටි කාලයකි.
මේ යුගයේ නිතර කතා කරන මාතෘකා අතර ජෛව රසායනය, අණුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය යන විද්‍යා අංශයන් ප්‍රධාන වේ.
පසුගිය වසරේදී රසායන විද්‍යා ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට සහභාගී වූ මට මම ඉහත කී විද්යාංශයන්ට ඇති විශේෂ කැමැත්ත කුමක්දැයි නැගූ ප්‍රශ්ණයට පිලිතුරු දීමට නොහැකි උවද පසුව නිවී සැනසිල්ලේ සිටියදී පිලිතුර ගොඩ නැගීමට ගත් උත්සාහය කාලතරණ යන්ත්‍රයක් බවට පත් වී මා කාලය හරහා අතීතයට ගෙන යාමට සමත් විය.
පලමු කරුණ නම් අලියා යනු ගණිතයට එතරම් ප්‍රියමනාප කමක් නැති තැනැත්තෙකු වීමය.
ඉතුරු ටික අතීත හේතු ය.
මම පොත් කියවීමට බෙහෙවින් ප්‍රිය කරමි. විශේෂයෙන් විද්‍යා අංශ වල පොත් පත්.
අචාර්ය ඒබ්‍රහම් කෝවුර් ගේ දෙවියෝ සහ භූතයෝ මගේ අතට අසු වුනේ තුන වසරේදී ය. මෙහි ඇති කරුණු වලට එකඟ වීම හෝ නෝවීම කෙසේ වෙතත් මේ පොත කියවීමෙන් සෑහෙන විනෝදයක් ලදිමි. කිවයුත්තක් ඇත. මේ පොතෙහි ඇතැම් කරණු එවකට තරරම් ගත නොහැකි විය. දැන් නං අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැටහේ.
මූලිකවම ජෛව රසායනික කරණු ඉගෙන ගත්තේ මේ පොත් පත් ඇසුරිණි.
මේ හැරණු විට රූපවාහිණී නාලිකාවක විකාශය වූ විද්‍යා වැඩසටහනක් බලාගෙන බිත්තර කටු සහ විනාකිරි වලින් කාබන් ඩයොක්සයිඩ් නිපදවීමට එවකට සාර්ථක උත්සාහයක් ගෙන තිබුනත් ඔක්සිජන් නිපදවීමට ගත් සියලු තැත් අසාර්ථක විය. පොටෑසියම් පර්මැංගනේට් හෙවත් කොන්ඩිස් නම් ද්‍රව්‍යයක් රත් කිරීමෙන් ඉහත කටයුත්ත එකම එක වරක් පමණක් කර තිබුණි.
රූපවාහිනියේ දුටු දේ මතක තියාගෙන ඉහත ඒවා කල නමුදු ඉහත ද්‍රවය වලින් කොපමණ ප්‍රමාණ අවශ්‍ය වීද ද නිපදවීද නැත්නම් වැය වීද යන්න ගැන මට අවබෝධයක් නොවූ අතර ඒවා සෙවීමට ද තැත් නොකලෙමි.
වසර දෙදාස් එකේ දි අපි වරකාපොල - මාහේනට සමු දී පස්යාලට පැමිණියෙමු. එයට සමාන්තරව තුල්හිරිය කණිෂ්ට විද්‍යාලයට සමු දී වේයංගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලු වීමි.
හයිඩ්රජන් පෙරොක්සයිඩ් හා පරණ බැටරි වල අන්තර්ගත ද්‍රවය භාවිතයෙන් ඔක්සිජන් නිපදවීමට ගත් උත්සාහය දෙදාස් එකේදී සාර්ථක විය.
ප්‍රථමයෙන් ජානය නම් වචනය හඳුන්වා දුන්නේ බණ්ඩාරනායක මැදි විදුහලේ ගුරුවරයෙකු වූ ඩඩ්ලි පෙරේරා මහතාය.
එතුමා උගන්වන ලද්දේ තාක්ශණික කුසලතා නම් විෂය යටතේ උද්‍යාන අලංකරණය වැනි යමකි. ජාන මගින් විවිධ ගස්වල හා මල් වල ලක්ශණ යාමනය වන අයුරු ගැන එතුමාගේ පලමු පාඩමේදී පැය එකහමාරක් පමණ තිස්සේ කල විස්තරය මම කට ඇරගෙන අසා සිටියෙමි.
එතුමා උස තැනැත්තෙකු විය. පුටුවේ වාඩි වන සෑම අවස්ථාවකම කකුලක් පිට කකුලක් දමා වාඩි විය.
ඉහත කාලපරිජේද දෙක අවසානයේ විවේක කාලය ලබා දෙන ලදී. මින් පසු කාලපරිඡේදයේ නියමව තිබුනේ දෙමළ ය.
දිනේශ් නම්වූ තරුණ දෙමළ ගුරවරයා පන්තියට පැමිණි කල්හි මා කරකවා අත හැරියාක් මෙන් විය....
මම ලඟ සිටි කෙනාගේ (මතක ඇති පරිදි රුක්ෂාන්, නොහොත් මැක්කා) කණට ලං වීමි..
"මෙයා ඩඩ්ලි සර්ගෙ පුතෙක් ද දන්නෑ නේ.....?"
- "ඇයි එහෙම ඇහුවෙ?"
"මෙයා ඇරපු අතක් නෑ ඩඩ්ලි සර් වගේමනෙ"
- "හැබෑම නේන්නං, ඒ වගේමනෙ"
දිනේශ් මහතා ද උස තැනැත්තෙකු වූ අතර පුටවේ වාඩි වූ සෑම විටකම ඩඩ්ලි සර් පරිද්දෙන්ම කකුලක් පිට කකුලක් දමා ගත්තේය.
දිනේශ් සර් ඩඩ්ලි සර් ගේ කවුරුවත් ද යන්න දැනගැනීමට මවිසින් උත්සහ නොදැරූ අතර අහම්බෙන් වත් දැනගැනීමට ද නොහැකි විය.
අල්ලපු ගෙදර පූසා ක්ලෝනීකරණය කල අයුරු බලාපොරොත්තු වන්න.
පසුගිය දිනවල වැඩ අධික විය. විභාගය අවසාන වනවාත් සමගම practical පටන් ගති. සමාවන්න.
style එක මදක් වෙනස් කලෙමි. ඒ ගැන අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි.

Friday, May 10, 2013
ගුරු කතා - ජීවිතේ අරුත!
කට්ටිය ශනීපෙං ඉන්නවනෙ! රයිට්!
අපට සබ්ජෙක්ට් එකක් තියනව Co ordination Chemistry කියල.
ඉතිං අපි අදාල ගුරුවරය එනකං බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට.........................
සිත් අැදගන්නා සුලු උස..... සර් කෙනෙක් අාව... අැවිල්ල ලෙක්චර් එක පටං ගත්ත.
(සියලු දෙබස් පරිවර්ථන වේ!)
"පටං ගන්න කලිං දෙයක් කියන්නං... මොනව හරි දෙයක් නොතේරුනොත් කරුණාකරල එ් වෙලාවෙම අහන්න.. කරුණාකරල තේරුම් ගැනීම අතපසු කරන්න එපා!"
ඊලඟට සර් එයාව හඳුන්වල දුන්න...
Prof. Kapila Senevirathna - University of Kelaniya
වටිනව කියල හිතුන නිසා සර් තැන් තැන් වල කියපු කතා ටිකක් ලියන්න හිතුන.
...................................................
අපි එදා හිටිය hall එකේ ඉඩ කඩ එහෙම ඉතිං ටිකක් අඩුයි. යන්න එන්න එහෙම අමාරුයි. ....
"මෙතන මට යන්න එන්න එහෙම අමාරුයි. සාමාන්‍යයෙං විශ්ව විද්‍යාලෙ එහෙම යන්න එන්න ඉඩ තියනව.. එතකොට මම ළමයි ළගට යනව.. ගිහිල්ල ළමයිංගෙං ප්‍රශ්ණ අහනව..
ඉතිං ළමයි කියනව ළමයි ඉන්නෙ ලොකු පීඩනයකිං කියල.."
අපිත් ඉතිං කට අැරං අහන් ඉන්නව...............
"ළමයි එහෙම කියනකොට මට හරි සතටුයි....."
අපි උඩ විසිවෙලා හිටිය........ පීඩනෙං හිටියම සතුටුයි?????????????????
සර් කතාව ඉතුරු ටිකත් කිව්ව.............
"අැයි මම එහෙම කියන්නෙ? ජීවිතේ කියන්නෙ පීඩනය හැසිරවීම තමයි! (Life is all about handling pressure!)"
ඔය කතාවෙ වටිනකම අලියට එකපාර තේරුනේ නෑ. තේරුනේ දවසක්ද ප්‍රැක්ටිකල් එකක් එන්ටර් කරන්න ගියාම. අායෙ ඉතිං පැල් බැඳගෙන කලයුතු වැඩක්. අඩුම ගානෙ දවස් හතරක් වත් යයි.(එවකට! දැං නං ටිකක් බුරුල්!)
පැය හතරක් එක දිකට ප්‍රැක්ටිකල් එක ලියල එපා වෙලා තිබ්බෙ.
එක පාරටම හීනෙං වගේ අැහිච්ච හඬක් නිසා අැඟට අමුතු පණක් අාව. ඊලඟ පැය තලදි වැඩේ කරල ඉවර උනා.
හීනෙං අැහිච්ච හඬ කිව්වෙ මේකයි............
Life is all about handling pressure!
.......................
තව කතා ටිකක් තියනව ... පස්සෙ කියන්නං! :)

Subscribe to:
Posts (Atom)