Monday, July 29, 2013

අලිසීන් - ගමන් මග 03

මෙකල අලියාට මහත් ගැටලවක් උද්ගතවී තිබුණි.

එකම කෙල්ල නිරත්තරයෙන් පන්තියේ එක වීම නොවේ.
ඉහත කී කෙල්ල කෙල්ලෙක් වීම ද නොවේ.

උෂ්ණය වැදුනු වෙනත් කෙල්ලන් අපේ පාක්ෂිකයන්ගෙන් ගේම ඉල්ලීමයි.

මීට පෙර වාරයේ දී අලියා පන්තියේ දා හත වී සිටි අතර අනුයාත වාරයේදී විසි තුන වී සිටියේය.  ගෙදර අයගෙන් ද පාසලේ දී නම් විරුද්ධ පාක්ෂිකයන්ගෙන්ද කචල් උග්‍ර විය.

කතන්දරය නව මගකට යොමු කරවන ලද්දෙ පක්ෂ දෙක අතර වූ අති ප්‍රබල වලියකි.

වලිය ආරම්භ වූයේ කුමන කරුණක් අරභයා දැයි අමතකය. කෙසේ වුවද අතපය හො අවිආයුධ බාවිතා නොවූ මේ වලිය අවසානයේ දී ප්‍රමුඛ පෙලේ සටන්කරුවකු වූ අලියාගේ විඥ්ඥානය හිල් වී පෙනේරයක් මෙන් වී තිබුනු බව කිවයුතුය.

විඥ්ඥානික තුවාල සුව වූ කල්හි අලියාට මෙබඳු සිතිවිල්ලක් පහල විය.

"මූට හැමදාම එක වෙන්න පුලුවන්නං මට බැරි මොකෑ"

ඉහත අදහස පාක්ෂිකයන් කීපදෙනෙක් ට ඉදිරිපත් කරන ලදී.

එවකට අලියාගේ ලඟම යාලුවෙක් වූ මොළයෙන් පමණක් විශාල වූ බෙන්ජමින් මහතා සිය අදහස් දක්වමින්...

"මචං ... අතිං පයිං ගැහවොත් හිරගෙදර... ඔලුවෙං ගැහුවොත් රජ ගෙදර"

කෙසේ වෙතත් එතුමා වලියට සක්‍රිය දායකත්වයක් නොදැක්විය.

ඒ අනුව සීතල යුද්ධය වහාම දියත් කරන ලදී. 

පිනන්න යන දවස හැර අනිත් සෑම දිනයකම සියලු පෙලපොත් ඝිරාකරණය (Ghiravize) සඳහා යොදා ගන්නා ලදී . මේ සඳහා කොළ ද ගෝනි ගානක් වැය විය.




දිනක් අලියා the X Files බලමින් සිටියදී ස්නායු පද්ධතිය නම් පද්ධතියක් ගැන අවධානය යොමුවිය. වැඩිදුර කරුණු සොයා බැල අලියා මෙය වඩා හොදින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ජීව රසායනික තත්ව හඳුනා ගත්තේය.

මේ අනුව ක්‍රියාත්මක වූ අලියා, ඉහත කී පෙලපොත් ඝිරාකරණයට අමතරව, පෝෂණය ගන වැඩිවැඩියෙන් උනන්දු විය.

මේ අනුව දිනකට වැල්දොඩම් කොල සිලිකවරයක් පමණ අලියාගේ ආහාර මාර්ගය හරහා ගමන් ගත් අතර අමු එලවලු වැඩි වශයෙන් ආහාරයට ගැණුනි. කෙසෙල් ඇවරි විනාඩිය දෙක වැනි කෙටි කාල තුලදී උපරිම සීග්‍රතාවයෙන් කෙසෙල් ලෙලි බවට පත් විය.

කෙසේ හෝ මේ අයුරින් සන්නාහසන්නද්ධ වූ අලියා, මීලඟ වාරවිබාගයට ගොස් හිඳගති.


නිවාඩුකාලය ද ගතකල අලියා එය අවසාන වී ඉස්කෝලෙ ගියේය.



අර කරපු ඔක්කොම අපරාදේය. වහින්න තිබූ වැස්සත් වලක්වමින් පලවෙනියා වෙනස් වී නොතිබුණු අතර අලියා විසිතුනේ සිට පස්වෙනියා දක්වා පමණක් ඉහල නැග තිබිණි.



..................................................................................................................

දෙදාස් තුනේ දී සිදුවූ මෙහි දැක්වීමට (දැනට) අකමැති අතිශය තීරණාත්මක සිදුවීමක් හා ඉහත දැක්වූ පරිදි පක්ශ අතර වලි නිසා අලියා පස්යාලෙන් කටානට මාරු වූ අතර මීගමුවේ සාන්ත පීතරයට ඇතුලු විය. ඉතිරි කාලයේ දී අලියාට රසායනික ජීව විද්‍යාව තරමක් දුරට අමතක වී ගිය අතර එවකට සුපිරි ආතල් එකක් වෙමින් පැවති මනෝවිද්‍යාව අලියාගේ ද ආතලය බවට පත් විය.

 අලියා මේ විද්‍යාවට සම්බන්ධ යම් (ජනයා අතර ජනප්‍රිය, නමුත් ජනයා විසින් බොහෝ සේ වරදවා වටහා ගන්නා ලද) විද්‍යාවක් භාවිතා කිරීමට දැන එම වයසේ එකම එකා වීමටද ඉඩ තිබූ බව කිව යුතුය.
 


අලියා දියත් කල යුද්ධය අලියාගේ නික්මයාමෙන් පසු ඉතිරිව සිටි අය ජයග්‍රහණය කල බව කාලාත්‍රයේ පසුයාමයේදී සැළවිය.

නැවත හමුවෙමු


8 comments:

  1. විසි ගණන් වල ඉදන් පහට ආවා කියන්නේ සෙල්ලන්ද . ඒ මදෑ

    ReplyDelete
    Replies
    1. උන්න හැටියට නං අැති. හැබැයි ඉතිං වලිය පැරදීම ගැන නං අප්සට්ය.

      Delete
  2. Replies
    1. ලියා දැක්වූවාට වඩා අලි වලියකි :D

      Delete
  3. අලියාට සුබ පතමි!

    ReplyDelete
  4. Replies
    1. නරක නං නෑ........ හොඳත් නෑ :(

      Delete