Friday, October 11, 2013

අලිසීන් - ගමන් මග 05


වසන්තය නික්ම ගිය පසු තවත් වසන්තයක් බලාපොරොත්තුවෙන් ලියමි.

අලියා ගේ අක්කලා ටික අලියා හැරයාමට පටන් ගත්තේ 2008 ජනවාරියේ පමණ සිට ය. මෙය සිදු වන්නට ඇත්තේ අලියා කී යම් කිසිවක් තේරුම් ගත නොහැකිව වලිගය පාගගැනීම නිසා බව උපකල්පනය කරනු ලැබේ.



කෙසේ හෝ මෙකල අලියා ජීවත් වූයේ කෙසේදැයි දන්නේ අලියා ම පමණි. ඌ මාස හයක් විතර යනකම්ම කෑවේ කඳුලුයි බතුයි පමණි.

පසුගිය වසරේදී යුරේනි මහත්මිය සිහිගැන්වූ පරිදි

"අයියෝ අලියා ඔයා අඬන්න ගත්ත වෙලාවෙදි මටයි ප්‍රදීපාටයි* කර කියාගන්න දෙයක් නැති වුනා" (* යුරේනිගේ ලඟම හිතවතියක් වන අපේ පන්තියේම ළමයෙකි)

කෙසේ වුවද අලියා මාස තුනකටත් පමණ පසු මෙලෙස විඳවමින් සිටියේය.

දිනක් අලියාගේ පාසලේ ජීවවිද්‍යා ගුරුවරයා වූ ශාන්ත මහතා විවේක කාලයේදි පන්තියට පැමිණ කෙලින්ම අලියාට කතා කලේය.


"මේ <අලියා>  තරඟයක් තියනව, මේක ලේසි පහසු එකක් නෙවෙයි. මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලෙං තියන්නෙ, එයාලගෙ Agriculture management faculty එකට අවුරදු හැටක් <ද පණහක් ද මතක නැත> කියල තමයි මේක සංවිධානය කරල තියෙන්නෙ <අලිය> මේකට යනවද?  "

අලියා මෙවැනි අවස්ථා ප්‍රීතියෙන් භාරගන්නා අයෙකු වුවත් ඌ සිටින්නේ සුදුසු තත්වයක නොවන බව අලියාට වැටහී තිබුණි.

"සර් මගෙ Knowledge එක නං සෑහෙන්න Damage වෙලා තියෙන්නෙ......................"

"<අලිය> මේව පොඩි පොඩි දේවල්. මම දන්න කෙනෙක් හිටිය එයාගෙ ගෙදර මිනිස්සු ඔක්කොම සුනාමියට අහු උනා. මළගෙදර ආපු නෑයො ටික ගෙදර යන ගමං බස් එක බෝම්බෙකට අහු උනා. මේව පොඩි කේස් <අලිය>"

"සර් කියනවමනං ඉතිං එන්නං......."

"එහෙනං ඉතිං මේකෙ නම ලියල අත්සන් කරන්න."

අලියා ද කී පරිදි නම ලියා අත්සන් කලේය.

****************

නියමිත දිනයේදී ගුරුවරු දෙදෙනෙක් ද සමග අපගේ කණ්ඩායම උදේ හතහමාරට පමණ පාසලෙන් පිට විය. කණ්ඩායම අලියා,විද්‍යා හා ගණිත අංශ වල සිසුන් දෙදෙනෙක් සහ සිසුවියන් දෙදෙනෙක් දෙදෙනෙකුගෙන් යුක්ත  විය.

ගේට්ටුවෙන් පිට වූ කල්හි කණ්ඩායම සමග සිටි ගුරුමහත්මියක් යම් පත්‍රිකාවක් අලියා අතට භාරදුන්නාය. නිකමට මෙන් එය කියවූ අලියා උඩ විසිවී ගොස් ඕසෝන් ස්ථරයේ ඔලුව හැපී බිම පතිත විය.

1.<අලියාගේ සම්පූර්ණ නම> - නායක
2.*********************
3.++++++++++++++++++++++++
4.########################

ආදී වශයෙනි.

අලියාගේ කණ්ඩායම කෙලින්ම මීගමුව බස් නැවතම්පලේ නවතා තිබූ මීගමව ගම්පහ බසයට ගොඩ වී හතරපස් පොලකින් ඈඳිගත්හ. කණ්ඩායම ද ඇතුලු මගීන් රැගත් බස්රථය ගම්පහ බලා ඇදුනි.

මෙසේ යද්දී අලියාට මෙවන් සිතිවිල්ලක් පහල විය.

"අඩේ pyridoxine කියන්නෙ විටමින් B12 නේද බං"

එසේ සිතුනු නමුදු සිතිවිල්ලේ යම් නොගැලපීමක් ඇති බව අලියාට දැනුනි. මදක් කල්පනා කල අලියාට නිවැරදි පිලිතුර මතක් විය.

"නෑනෙ බං Pyridoxine කියන්නෙ විටමින් B6"

මෙලෙස ගමේම වූ දෑ කල්පනා කරමින් යද්දී බස්රිය ගම්පහ ට සැපත් විය. මීලඟට පිරිස කිරිඳිවැල බස්රියට රිංගාගති. 

නුවර පාර හමුවන මංසන්ධියේදි බැසගත් කණ්ඩායම ඊට මදක් නුදුරින් වූ යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයට සැපත් විය.

සංවිධායකයන් විසින් කණ්ඩායම එම විදයාලයේ ශ්‍රවණාගාරය වෙත ගෙන යන ලදී.

උත්සවය ආරම්භ කිරීමෙන් අනතුරුව පැමිණ සිටි සියලු දෙනාට තනි තනිව පිලිතුරු ලිවිය යුතු ප්‍රශ්ණ පත්තරයක් ලබා දෙන ලදී. තරඟයට ඇතුලු වීම සඳහා එම ප්‍රශ්ණපත්‍රයට ඉහල ලකුණු ලබා ගත යුතු විය.

ඉහත ප්‍රශ්ණපත්‍රයට පිලිතුරු සැපයීමෙන් පසු එම ප්‍රශ්ණ පත්‍ර සංවිධායකවරුන් විසින් එකතු කරගන්නා ලදී. ඉන්පසු සංග්‍රහය සහ තවත් විවිධ දේශණ ආදියට සහභාගී විය හැකි විය.

ඉහත සියල්ල අවසානයේදී පැමිණ සිටි පාසල් අටක කණ්ඩායම් අතරින් අපේ පාසල ද ඇතුලු පාසල් හතරක් තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින බව නිවේදනය කරන ලදී.

මේ අනුව අලියාගේ කණ්ඩායම හා තවත් කණ්ඩායමක් සූදානම් කර තිබූ පන්ති කාමරයකට කැඳවාගෙන යන ලදී. කණ්ඩායම් දෙක දෙපැත්තේ වූ අසුන් වල වාඩි වූ පසු කණ්ඩායම් සාමාජිකයන් හඳුන්වාදීමෙන් අනතුරුව තරඟය ආරම්භ විය.

තරඟ නීති මෙපරිදි විය.

1. එක් කණ්ඩායමක සාමාජිකයෙකුට ප්‍රශ්ණය යොම කෙරේ- පිලිතුරු දුන්නොත් ලකුණු 10යි.
2. පිලිතුරු නොදුන්නොත් එම කණ්ඩායමේ වෙනත් සාමාජිකයෙකුට පිලිතුරු දිය හැක. නිවැරදි පිලිතුරකට ලකුණු 5යි.
3. එම සාමාජිකයාද පිලිතුරු නොදුන්නොත් අනෙක් කණ්ඩායමේ ඕනෑම අයෙකුට පිලිතුරු දිය හැකියි. නිවැරදි පිලිතුරට පිලිතුර දෙන කණ්ඩායමට ලකුණු 5යි.

කණ්ඩායම් නායකයා වූ අලියාට පලමු ප්‍රශ්ණය යොමු කරන ලදී.

"හරිතාගාර ආචරණයට ප්‍රධාන වශයෙන් දායක වන වායුව කුමක් ද?"

අලියා: "කාබන් ඩයොක්සයිඩ්."

තරඟය මේ අයුරින් ගලා ගියේය.

තරඟය අවසාන වන විට අලියාගේ කණ්ඩායමේ තුන්දෙනෙක් තම ප්‍රශ්ණයට නිවැරදි පිලිතුරු දී තිබුණි. අනෙක් දෙදෙනාගේ පිලිතුරු ද අලියා විසින් ලබා දී තිබුණි. අනෙක් පිලේ දෙදෙනෙක් තම ප්‍රශ්ණයට එක එල්ලයේ ම නිවැරදි පිලිතුර දී තිබුණු අතර ඉතුරු තුනටත් අලියා ම පිලිතුරු දී තිබුණි.

මේ අනුව මේ වටයේ ජය.......... අපටය.



මීලගට මෙම වටයේ ජයග්‍රාහකයන් අතර තරඟය පැවැත්විණි. අපගේ වටයට සමාන්තරව අනෙක් වටය ජයග්‍රහණය කර තිබුණේ කඳාන De Mazenod විද්‍යාලයයි.

තරඟය සඳහා කණ්ඩායම් දෙකම ප්‍රධාන ශාලාවේ වේදිකාවට කැඳවා අසුන්ගන්වන ලදී. වේදිකාව පහල මහත් ජනකායක් විය. අලියාගේ උදරය සීතල වන්නට පටන් ගත්තේ මේ අවස්ථාවේ ය.



පෙර පරිදිම කණ්ඩායම් සාමාජිකයන් හඳුනා ගැනීමෙන් පසු තරඟය ආරම්භ විය.

ප්‍රථම පැණය අනෙක් පිලේ නායකයාට යොමු කරන ලද අතර ඔහු නිවැරදි පිලිතුර ලබා දුනි. අලියාගේ කණ්ඩායමේ ප්‍රථම පැණයට ද අලියා නිවැරදිව පිලිතුරු දුන් බව අලියාට යන්තමට වගේ මතකය.

අලියාව විශ්වාස කිරීමට අලියා බල නොකරයි. නමුත් මෙසේ ද සිදුවිය.

තරඟය මෙලෙස ගලාගෙන යද්දී අලියාගේ කණ්ඩායමේ තෙවැනි සාමාජිකාවට ඇයට හිමි පැණය යොමු විය.

"විටමින් B6 හි අඩංගු රසායනිකය කුමක්ද?"

එම මහත්මිය එයට පිලිතුරු දීමට අසමත් වූ අතර නිවැරදි පිලිතුර අලියා විසින් ලබා දෙන ලදී.

මේ අයුරින් අවසන් වූ තරඟයේ ප්‍රථිපල කෘතහස්ථ රියැලිටි ෂෝ නිවේදකයෙකු වූ නිවේදක තුමා විසින් පහත පරිදි දැනුම් දෙන ලදී.

"කඳාන De Mazenod විද්‍යාලය.  ලබාගත් ලකුණු සංඛ්‍යාව 90යි............. මේ අනුව මීගමුව <අලියාගේ> විද්‍යාලය ජයග්‍රහණය කරනවා................


(අලියාගේ බොක්ක සෙල්සියස් අංශක 98.4 ට රත්වී ඇත. පපුවෙන් පිටිකොටන්නාක් මෙන් ශබ්දයක් ඇසේ). 






.................... තව ලකුණ කීපයක් තිබුණානම්.............. 





එම විද්‍යාලය ලබාගත් ලකුණු සංඛ්‍යාව 90යි"

ඉහත තරඟයේදී ද අලියාගේ කණ්ඩායමේ ප්‍රශ්ණ දෙකකට හා අනිත් කණ්ඩායමේ දෙකකට ද කොහෙද අලියා ම පිලිතුරු දී තිබුණි.

ඉහත සම සම ප්‍රථිපලය නිසා කණ්ඩායම් දෙකේම නායකයන් දෙපලට ප්‍රශ්ණ තුන බැගින් ඉදිරිපත් විය.

කණ්ඩායම් දෙකටම යොමුකල............

පලමු ප්‍රශ්ණ දෙකට නායකයන් දෙදෙනාම නිවැරදිව පිලිතුරු දුනි.

දෙවන ප්‍රශ්ණ දෙක ද එපරිදි විය.

තුන්වන ප්‍රශ්ණයට අනෙක් පිලේ නායකයා නිවැරදිව පිලිතුරු දුන් අතර අලියාට යොමුකල ප්‍රශ්ණය නිසා අලියා අවාසනාවන්ත අයුරින් පත්තු වී ගියේය.

මෙම ස්ථානයේ තවත් මද වෙලාවක් ගත කල කණ්ඩායම් සාමාජිකයන් එවකට එම පිඨයේ පීඨාධිපති මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අතින් තම තමන්ගේ සහතික ලබාගෙන, අවසානයේදී එම විද්‍යාලයෙන් පිට වීමු.

අලියා නිවසට එන විට හවස හය පසු වී තිබුණි. සාමාන්‍යයෙන් අලියා මෙවැනි සීන් ගෙදරට දැනුම් නොදෙයි.

යම් වර්ජනයක් හේතුවෙන් මීලඟ දින දෙක දිවයිනේ පාසල් වලට නිවාඩු දී තිබුණු අතර ඊලඟ දවසේ පාසලේ නව 12 වසරට එන සිසුන් පිලිගැනීමේ උත්සවය විය. මේ උත්සවයේදී විදුහල්පතිතුමා අදහස් දක්වමින්...........

"විශේෂයෙන්ම කියන්න ඕන. පසුගිය අඟහරුවාදා යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේදී පැවැත්වුණු දැනුම මිණුම තරඟයට සහභාගී වූ අපේ දරුදැරියන්.. දිස්ත්‍රිකයේ පාසල් 8ක් අතරින් දෙවන ස්ථානය හිමි කරගත්තා...."

වටේ සිටි අය අත්පුඩි ගසද්දී කාටවත් නොපෙපෙන පිටුපසක චින්තක මහතා සමග ඉඳ සිටි අලියා කිසිවෙකුටත් නොපෙනෙන පරිදි ම සියල්ලන්ටම හිස නමා ආචාර කලේය.



කෙසේ වෙතත් මෙය අලියාගේ ජයග්‍රහණයක් නොව එම කණ්ඩායමේ ජයග්‍රහණයක් බව ද, ශාන්ත සර් ගේ ක්‍රියාකාරීත්වය නොවුනානම් එවැනි ජයග්‍රහණයක් හිනෙකින්වත් නොලැබෙන බව ද අලියා ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි.

ඉහත සිදුවීමට සම්බන්ධ වෙනත් පාර්ශව මෙය දුටුවොත් කරුණාකර ඔබගේ අදහස් දක්වන මෙන් ඉල්ලමි.

කලින් post එකේ ඉස්කෝල අටක් ගැන කියා තිබුනි. එය වැරදීමකි. එය හයක් ලෙස නිවැරදි විය යුතුය.

නැවත හමුවෙමු.

16 comments:

  1. අලියා අලී වැඩ්ඩෙක්නේ..... ජයෙන් ජය අලි මලේ...

    ReplyDelete
    Replies
    1. මම ඉතිං මහලොකු වැඩ්ඩෙක් නෙවෙයි .. but .. සුභපැතුමට ගොඩක් ස්තූතියි

      Delete
  2. කණ්ඩායමට ම සුබ පැතුම් අලියෝ!

    ReplyDelete
    Replies
    1. කණ්ඩායම වෙනුවෙන් ගොඩක් තුති

      Delete
  3. ඔන්න මගෙනුත් සුබ පැතුම් ඇහ්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කි

      Delete
  4. අලි සීන් බලන්න මාත් ආවා

    මගෙනුත් අලි සෙටාර් එකට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි

      ගොඩක් ස්තූතියි :)

      Delete
  5. අමුතු බ්ලොගක්...
    සුපිරි අදහස්..
    වෙනස් වැඩක්..
    අද ඉඳං අලි සීන් නැතුව මමත් එනවා ඔන්න

    ReplyDelete
  6. අමුතු? සුපිරි? වෙනස්? ............ ඔබතුමාට එහෙම හිතෙනවනං ඉතිං වෙන්නත් අැති! :) ගොඩක් ස්තූතියි.. සාදරයෙන් පිලිගනිමු! :) :) :)

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා....?
      ඔන්න ඕවට එහෙම එනවා නෙවෙයි හරිද අලියෝ....
      අලියා කියලා බලන්නේ නෑ...කෙලිනවා නැට්ට කැඩෙන්න...හලිද අලියෝ......?

      Delete
    2. ම්...... රෙස්පෙක්ට් අැතුව කතා කලත් නැට්ටට කෙලවෙන සීන් එකක්නෙ! :O

      අඩෝ මේ..... Thank you අඩෝ අරි! සාදරයෙං පිලිගන්නව ඩෝ! :D :D :D

      Delete
  7. අපරා‍දෙ අර ප්‍රශ්නයටත් උත්තර දුන්නානං ගොඩ

    ReplyDelete
    Replies
    1. ඔතන ඔයිට වඩා කැත සීන් එකක් උනා... මම එකකට උත්තරයක් දුන්න. එ්ක වැරදුනා. අනිත් අයගෙං අහපු ප්‍රශ්ණෙට එයාලටත් උත්තර දෙන්න බැරි උනා. බලද්දි එ්කට උත්තරේ කලිං ප්‍රශ්ණෙට මම දීපු උත්තරේ! :(

      Delete
    2. හරිම රසවත් කතා තියෙනවා වගේ, බලමු කියවලා. තරඟ කියන්නෙ ඔහොමමයි. ඒ අතින් දක්ෂයි දිස්ත්‍රික්කෙන්ම දෙක කියන්නෙ. හොඳ බ්ලොග් එකක් !

      Delete
    3. ගොඩක් ස්තූතියි! :) සාදරයෙන් පිලිගනිමි! :) :) :) :) :)

      Delete