Tuesday, May 20, 2014

අලිසීන් - ගමන් මග 07 (බොන අයට විශේෂයි)



මේ වූ කලී මහාචාර්ය වැලිහිඳයන්ගේ දේශණ මාලාවේ තවත් දවසකි. බොන අයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙතියි බලාපොරොත්තු වෙමි.

පොඩි පොඩි කරුණු ටිකක් දැන සිටීම වැදගත් වේ

Gluconeogenesis - යනු දිගු කාලයක් ආහාර නොගත් තත්ව යටතේ හෝ මාරාන්තික උපවාස තත්ව යටතේ රුධිරයේ ග්ලූකොස් තිබිය යුතු මට්ටමේ පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවකි. මෙය සිදුවීම සඳහා NAD නම් රසායනිකයක් වැය වන අතර එය NADH බවට පත් වේ

ඊලඟට ඇල්කොහොල් පරිවෘතිය - පටිගත කරගත් ගුරුතුමා ගේ පාඩමේ පරිදි විස්තර කිරීමට උත්සහ කරමි.

"What happens when you goto a party and drink

Boys take විස්කි or arrack or ගල් අරක්කූ or පොල් අරක්කු.

Girls take wine since it is alcohol,ethanol.

how is this metabolized?? ethanol how is this metabolized

Those who drink alcohol will complain of a headache in the morning! Specially when it is not a very good drink!  why?

හැන්දෑවට දෙකක් දාගත්තම උදේට හිසේ ඇම්මක්!

you must have heard people saying 

ඝල් අරක්කු බිව්වම සෙම නෑ කියවයවනෙ?
අහල තියනවද?
ගල් අරක්කු බිව්වම සෙම නෑ ඔලුවෙ කැක්කුං නෑ හරිෂෝක්
"

ඕකට පිලිතුර මෙහෙමය. ඔය ඒවා පැසවන ලද එ්වාය. මේනිසා එහි ඇල්කොහොල් වලට අමතරව  එහෙ වෙනත් ද්‍රව්‍ය ඇත. සියලු අතුරු ආබාධ ඇති වන්නේ මේවා නිසාය.

ගුරුවරයා කියන පරිදි ගල් අරක්කු යනු යම් වර්ණකයක් සමග එතනොල් ය. මේ නිසා අතුරු ආබාධ අඩු ලු! අනේ අලිය නං දන්නේ නැත.


"Don't laugh. i Know a very good වෙද මහත්තය in වෙන්නප්පුව.
In a party he has all the whiskeys,konyak, arrack, and another one and

thats Home distilled කසිප්පු

Superb කසිප්පු

famous වෙද මහත්තය. and he takes කසිප්පු
  "

මේ කොයි එක බිව්වත් අක්මාවේදී මේවා විෂහරණය කරනු ලැබේ. කරන්නේ මෙසේය.

අක්මාවේ දී  එතනොල් ඇල්කොහොල් ඩීහයිඩ්‍රජනේස් එන්සෛමය මගින් ඇසිටැල්ඩිහයිඩ් බවට පත් වේ. මෙය ඇල්ඩිහයිඩ් ඩීහයිඩ්‍රජනේස් මගින් සිට්රික් අම්ලය බවට පත් වී වෙනත් ප්‍රයෝජනවත් ප්‍රතික්‍රියා සඳහා යවනු ලැබේ.

ඉහත ප්‍රතික්‍රියා දෙකටම NAD වැය වී NADH බවට පත් වේ

"You may have read in papers, people dead following consumption of කසිප්පු, Why?"


"මීතයිල් ඇල්කොහොල්" (පිලිතුර දෙන ලද්දේ අලියාය)

"Yes..Because bad distillation you get methyl alcohol,

if distillation is so bad it becomes critical.  then only people die

why do people die because it is methyl alcohol  same enzymes metabolize methyl alcohol

එතකොට මීතයිල්  ඇල්කොහොල් අැසිටැල්ඩිහයිඩ් වෙනුවට Formaldehyde වෙනව

මොනවද formaldehyde?

එම්බාම්

Formaldehyde එම්බාම් කරන්න ගන්නවනෙ

so cheap මලාට පස්සෙ එම්බාම් කරන්න ඕන නෑ
"


"Interestingly when people are brought to the hospital

Doctors know this is methanol!

Then?"

"එතනොල්" (අවාසනාවන්ත අයුරින් පිලිතුර දුන්නේ අලියාය)

"How do you know?" (එක්වරම පසුබිමින් බරපතල හිනා හඬක් ඇසේ)

එන්සෛමය මෙතනොල් වලට වඩා එතනොල් වලට වැඩියෙන් බැඳේ. එබැවින් එතනොල් දුන් විට මෙතනෝල් ක්‍රමයෙන් දේහයෙන් ඉවත්වේ.

මීලඟට ඉහත එතනොල් කතාව Gluconeogenesis කතාවට සම්බන්ධ කරන ලදී

අධික ඇල්කොහොල් භාවිතය නිසා Gluconeogenesis ඇනහිටී. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ ආහාර නොගෙන බොන විටය

" This usually happens
with people who have broken love affairs


එතකොට හිතේ අමාරුවට මුං කන්නෙ නෑ බොනව

(අලියා දෙසට හැරී)
මහ මෝඩයො!
නේද?
තව කොච්චර ඉන්නවද?

.........

people who broken love affair end up in hospitals due to hypoglycemic coma
මුං බොනව කන්නෙ නෑ ඉස්පිරිතාලෙ

දැනගත්ත ගමං මොකද කරන්නෙ
INTRAVENOUS INFUSION OF DEXTROSE



හෙණ ගහපුව වගේ නැගිටිනව! බුහ් ගාල
නැගිටිනකොට ගෑනුළමයගෙ නමත් කියාගෙන නැගිටින්නෙ"


වැඩි සීග්‍රතාවයකින් ඇල්කොහොල් පරිවෘතිය සිදුවීම නිසා වැඩි වැඩියෙන් NADH සැදේ. එවිට ප්‍රතික්‍රියා Gluconeogenesis වලට විරුද්ධ පැත්තට ක්‍රියාත්මක වේ

"හිතේ අමාරුවට කන්නෙත් නෑ, Gluconeogenesisසුත් නෑ, Glucose level comes down, and coma"


අලියා ලඟ ඇති පටිගත කල පාඩම අවසානය මින් ඉදිරියට ඇසෙන අයුරින් ලිවීමට තැත් කරමි!



(දිගු ඝෝෂාවක් ඇසේ)

-"<අලිය > අයියෙ බූට් එක කෑව නේ"

+"<අලිය> අයියෙ අර කාලෙ ගියා නේ"

+"ඒක තමා කේස් එක"

-"අයියත් අඩිය ගැහුව නේ, බඩු මාට්ටු නේ"

+"කටිම්ම මාට්ටු"


යමෙක් තදින් සිනාසෙනු ඇසේ. ඊලඟට අප්පුඩි තුනක් ඇසේ

"There is an interesting question,

I am not going to show you who asked
obviously a boy

එයා අහනව ගොඩක් කාල ගොඩක් බිව්වම හොඳද කියල

Drinking a lot is not good

හැම තිස්සෙම බොන ගමං මොනවහරි කන්න ඕන. එ් නිසා තමා බොන වෙලාවට බයිට් ගන්නෙ

ඒකත් කියන්න ඕන,
There are certain bytes that act as blotting papers
 
පොල් රොටි for example,
කොච්චර බිව්වත් දැනෙන්නෑ!


......................
Anyway taking liquor in whatever form is not good,

මොකද එක එක්කෙනාගෙ අක්මාවවල් වෙනස්

Some people drink from morning to evening nothing happens.
අනිත් උං නිකං හිටියත් සිරෝසිස් හැදෙනව

Chille is another killer, මිරිස්

Taking liquor in whatever form is not good, eating a lot is not an excuse

"
ලබන සතියේ ChemEx 3 ආතල් බලාපොරොත්තු වන්න!

16 comments:

  1. අනේ මන්ද බං අලියා ග්‍රීක් වගේ මට නං.... ඒ වුණාට උඹ ඒව ගණන් ගන්න එපා. ලියපං දිගටම

    ReplyDelete
    Replies
    1. අපේ ළමයිනුත් ඔහොමම කිව්ව! :D

      Delete
  2. This usually happens
    with people who have broken love affairs/// මෙක නං පොල්ලෙං ගැහුව වගේ තේරුණා ඔව් ඉදගෙන...
    එතකොට මිනිස්සු බොන්නෙ ලව් ඉලව් වෙච්චාම විදරද අප්ප...
    අනේ මංද අන්දෝ සංසාරයක් තේරුන්නෙ නෑ නෙ අර ටික අඇරෙන්න

    ReplyDelete
    Replies
    1. ඔතන කියල නෑනෙ මෙහෙම උනාම විතරයි කියල. and මෙතන කතා කරන්නෙ කන්නැතුව බොන එක ගැන.

      නොතේරිච්ච ටික ගැන නං සමාව :(

      හැබැයි තේරෙන්න ඔ්න ටික තේරිලා තියනව! අඩුගානෙ නොකා බොන එක හොඳනෑ කියල තේරුනා නං අැති!

      Delete
  3. //ඉහත ප්‍රතික්‍රියා දෙකටම NAD වැය වී NADH බවට පත් වේ// බැණල ද මන්දා :-D

    ReplyDelete
    Replies
    1. අනේ මං මොකටද ඔයාට බනින්නෙ! :D

      Delete
  4. මටනම් මතක ශර්ලොක් හෝම්ස් එම්බාම් කරන්න ගන්න ඒවා බිවුවා කියලා විතරයි..

    ReplyDelete
    Replies
    1. අැහ්? මොකද්ද කතාව? මොකද්ද පොත?

      Delete
  5. දැන් අසන්නන්ගේ වාරේ..

    1. ඒ කියන්නේ බොන ගමන් කන්න හොඳ බයිට් මොනවාද? ඔය කියන විදියට පලතුරු කන එක නං සෞඛ්‍යට හිතකර බව පෙනෙන මුත් ඇපල් වගේ දේවල් බ්ලොටිං පේපර් වගේ වන බව අත්දැකීමෙන් දනිමි.

    2. දැන් බිව්වය කියමුකෝ, බීලා වතුර බීපුවාම ඇල්කොහොල් තනුක වෙන්නේ නෑ නේ. එතකොට කොහොමද වෙරි අඩුවෙන්නේ වතුර බීපුවාම?

    3. හරි, ඔය නොකා බිබී යන වැඩේ ඉක්මනට වෙරි වෙන්නේ ඔයා ඔය කියන ග්ලුකෝස් ද මොකද්ද සිද්ධිය නිසා ද?

    4. කිරි බීලා ටිකක් වෙලාවකින් බිව්වාම හොඳට බොන්නත් පුළුවන්, ඔලුවේ කැක්කුම් මුකුත් ඇත්තෙත් නෑ. ඒ මොකද?

    ReplyDelete
    Replies
    1. මේ අවස්ථාවේදී දියහැකි පරිදි උත්තර දෙමි, වඩා නිරාවද්‍ය පිලිතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න!

      1. කොහොමටත් බයිට් එකට කන දේවල් (මස් මාලු ect ) ශේප්ය

      2. i වෙන් නෑ ම කියන්න අමාරුය. මොකද ඔය වතුරටික අවශෝෂණය වෙන්නෙත් අැඟටමයි. එතකොට රුධිරවාහිනිය තුල අැල්කොහොල් මෞලභාගය අඩු වේ. (අැල්කොහොල් මෞල ගාන නියතයි, වතුර වැඩිවෙනව. එතකොට)

      ii ජලයේ දිය වී මුත්‍රා හා දහඩිය මගින් ඉවත් වීම.

      3. මෙහි දක්වා අැති සංසිද්ධිය වෙරිවීම නොවේ. වෙරි වීම යනු ප්‍රධාන වශයෙන් අැල්කොහොල් අනුමස්තිශ්නයට අැතුලු වීමෙන් එහි ක්‍රියාකාරීත්වය අඩාල වීමයි. කෙසේ වෙතත් සොයා බැලීමට උත්සහ කරමි.

      4. හරියටම කියන්න දන්නේ නැත. හැබැයි මෙසේ වන බව සිතියහැකියි.

      කිරි වල නිදහස් අැමයිනෝ අම්ල හා නිදහස් මේද අම්ල තිබීම බලාපොරොත්තු විය හැකියි. ජලීය මාද්‍යයකදී මේවා අයනීකරනය වී, පානයේ අඩංගු ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් එම ද්‍රව්‍ය අදාල අතුරු අාබාද අැති කරන ප්‍රතික්‍රියා වලට දායක නොවන ද්‍රවය බවට පත් විය හැක.

      නැත්තම් එම ද්‍රව්‍ය, කිරි වල අැති විවිධ දේවල් වලට අධිශෝෂණය විය හැක.

      වඩා නිරාවද්‍ය පිලිතුරක් ලබා දීමට කටයුුතු කරමි! :)

      එදා මෙදා තුර මේ බ්ලොගයට ලැබුණු ටොප් ම කමෙන්ටුව වන මෙය දැම්මාට හදපිරි ප්‍රණාමය!

      Delete
    2. දන්නා සබ්ජෙක්ට් එකකට ආවාම කොහොමද කර ඇරලා මාරු වෙන්නේ?

      Delete
    3. නොතේරේ!
      හැබැයි සියල්ල දත්තෝ නැත.

      Delete
  6. මට මතකයි කවුරු හරි ලැබ් ඇසිස්ටන් කෙනෙක් මැරුණා එතනෝල් කියලා හිතාගෙන වැරදිලා මෙතනොල් බීලා.

    ReplyDelete
  7. මට නම් නිකන් කැරකිල්ල වගේ..තේරෙනව හොරයි ඇහ්... :-)

    ReplyDelete